Monday, March 13, 2017

සයිටම් නාඩගම

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිළධාරියාව සේවය කළ සමීර රේනුක සේනාරත්න මහතාට ෙමාලඹේ චන්ද්‍රිකා මාවතේදී වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල විය. ඒ පෙබරවාරි 06 රාත්‍රී 8.15ට පමණ ඔහු රාජකාරිය නිම කොට නිවස බලා යමින් සිටියදීය. ප්‍රහාරවලින් දිවිගලවා ගත් වෛද්‍යවරයා වහාම රෝහල්ගත කෙරුණී. සිද්ධිය වාර්තා වූ මොහොත සිට පොලිසිය ද ක්‍රියාත්මක වුණි. එම ස්තානයට මුලින්ම පැමිණි ගිලන්රථ රියදුරාගෙන් පොලිසිය සටහනක් ලබා ගත්තේය. ප්‍රහාරවලින් කම්පනයට පත්ව සිටි වෛද්‍ය සමීරගෙන්ද පොලිසිය සටහන් ලබා ගත්තේය. සී.සී.ටී.වී රූප රාමු නිරීක්ෂණය කළේය. පොලිසියේ ඉලක්කය වෙඩික්කරුවන් කොටු කර ගැනීමයි. හිස් ආවරණ පැළඳ යතුරු පැදියකින් පැමිණ සිටි තුවක්කුකරුවන් දෙදෙනා සොයා ප්‍රදේශය පුරා පොලිසිය මෙහෙයුම් දියත් කළේය. ඒ වෙද්දිත් තුවක්කුරුවන් නිරුපද්‍රිතව පොලිසියේ ග්‍රහණයට හසු නොවී පළා ගොස් තිබුණි.
මෙම වෙඩි තැබීමේ සිද්ධීය වාර්තා වූ මොහොත සිට එය රඟපෑමක් විය හැකි දැයි කසුකුසුවක් රට පුරා ක්ෂණයකින් පැතිර ගියේය. නමුත් එය සයිටම් විරෝධීන්ගේ සාහසික ක්‍රියාවක් විය හැකි බව සිතන්නට සාධාරණ හේතු ගණනාවක්ම ඒ වෙද්දිත් නිර්මාණය වී තිබුණි. ඒ අතර ප්‍රධානවම සමීර සේනාරත්න වෛද්‍යවරයාට මරණ තර්ජන එල්ල කරමින් දුරකතන ඇමතුම් සහ ලිපි ගණනාවක් ලැබුණි. ඒ සම්බන්ධයෙන් ඔහු පොලිසියට පැමිණිල්ලක් කරමින් පොලිස් ආරක්ෂාව ඉල්ලීය. එහෙත් පොලිස් ආරක්ෂාව නොලැබිණි. තවත් පිරිසක් පැවසුවේ මේ සයිටම් ආයතනයට එරෙහිව ගොඩනැගුණු ජනමතය අනුකම් ලබා කණපිට පෙරළා දෑමීමට කළ රඟ දැක්වීමක් බවයි. ජනතාවගේ විග්‍රහය හා විචාරකයන්ගේ අදහස් කෙසේ වෙතත් පොලිසියේ රාජකාරිය සත්‍ය අනාවරණය කිරීමයි.
වෙඩි ප්‍රහාරය එල්ල වී මොහොතකින් එම ස්තානයට පැමිණි රජයේ රසපරීක්ෂක කණ්ඩායම සියලු සටහන් වාර්තා කරගත්තේය. වෛද්‍යවරයා ගමන්ගත් මෝටර් රියේ ඉදිරිපස වීදුරුව හරහා වෙඩි ප්‍රහාර දෙකක් සහ නියමු ආසනය ආසන්න වීදුරුවෙන් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී තිබුණි. වෛද්‍යවරයා පවසන පරිදි ඔහු දිවිගලවා ගත්තේ ආසයේ දකුණු පසට ඇලවීමෙනි. මොටර් රිය ද පාරෙන් ඉවතට පැන තිබුණි. වෙඩික්කරුවන් භාවිත කර තිබුණේ මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයකි. වෙඩි තැබූ ස්තානයේම උණ්ඩ දෙකක් ද සොයා ගැනුනි. රසපරීක්ෂකවරු ඇඟිලි සලකුණුද සටහන් කරගත්හ.
රසපරීක්ෂකවරුන්ගේ නිරීක්ෂණය අනුව වෙඩි ප්‍රහාර සිදුවන අවස්ථාවේ රියදුරා රියදුරු ආසනයේ සිට නැත. රියදුරා වාහනය තුළ සිටියේ නම් රසපරීක්ෂකවරු මොටර් රියේ දොර විවෘත කරන විට වෙඩි ප්‍රහාරයෙන් බිඳුන වීදුරු කැලී වැටීමට ද නොහැකිය. ප්‍රහාරයෙන් පසු රියදුරා වාහනයෙන් පිටවන විට දොර විවෘත කිරීමේදි හා වැසීමේ ද එම කෑලි වැටී තිබිය යුතුය. එමෙන්ම වෛද්‍යවරයාගේ ශරීරයේද වීදුරු කෑලි තිබිය යුතුය. එමෙන්ම රියදුරා වෙඩි ප්‍රහාරයෙන් බේරීමට දකුණු පසට ඇලවුණි නම් වාහනය පාරෙන් ඉවතට පැණීමට තරම් වේගයක් ලැබිය නොහැකිය. මීට අමතරව ගිලන්රථ රියදුරා දුන් කටඋත්තර හා වෛද්‍යවරයා දුන් කට උත්තර අතර පරස්පරාතාවක් ද තිබුණි.
පොලිසිය, රසපරීක්ෂක කණ්ඩායම සහ ගිලන් සේවාව සිය වගකීම නිසිපරිදි ඉටුකළත් ඔවුන් තුළ මෙසේ සැකයක් තිබුණි. මෙය වෙඩි තැබීමක් නොව සැලසුම් සහගත නිර්මාණාත්මක රංගනයක් විය හැකිය. නමුත් ඒ බව සාක්ෂි සහිතව සනාථ කිරීමෙන් තොරව කිසිවක් පැවසිය නොහැකිය. මෙම සැකය තහවුරු කර ගැනීමට සිද්ධීය සිදුවූ පරිදිම වාහනය තුළ ඩමියක් තබා අත්හදා බැලීමක් සිදු කළහ. වෛද්‍යවරයාගේ මෝටර් රියට වෙඩි ප්‍රහාර එල්ල වී තිබූ අයුරින්ම ඩමියට වෙඩි තබා කළ අත්හදා බැලීමෙන් පසු නිගමනයකට එළඹීමට හැකි විය. වෛද්‍යවරයා රියදුරු ආසනයේ සිටියේ නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයාගේ ශරීරයට වෙඩි ප්‍රහාර එල්ල විය යුතුය.
වහාම තුවක්කුරුවන් අල්ලා ගැනීමේ මෙහෙයුම් තීව්‍ර කෙරුණි. පොලිස් කණ්ඩායම් තුනක් මෙහෙයුම් ආරම්භ කළහ. වැඩුදුර පරීක්ෂණ සඳහා වෛද්‍යවරයා පැලඳ සිටි ඇඳුම් පොලිස් බාරයට ගැනුනි. මේ අතරවාරයේ වෛද්‍ය සමීර සේනාරත්න විදෙස්ගත වීම සැකයට තවත් හේතුවක් විය. පොලිසිය සඳහන් කළේ අවශ්‍ය වුවහොත් ජාත්‍යන්තර පොලිසියේ සහයෙන් වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්නා බවයි. පොලිසියේ දැඩි මෙහෙයුමෙන් පසු ඇඹිලිපටියේ පදිංචි සිද්ධියට සම්බන්ධ තුවක්කුරුවෙක් කොටුවුණි. ඔහු සතුව තිබී මිලි මීටර් 9 වර්ගයේ බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලයක් හා උණ්ඩ 2ක්, 3.8 වර්ගයේ රිවෝල්වරයක්, උණ්ඩ 3ක් ද අපරාධය සඳහා භාවිත කළ බවට සැක කරන යතුරු පැදියක් ද පොලිසියට අත්අඩංගුවට ගත හැකි විය.
තුවක්කුකරුවා තමා වෙඩි තැබූ බව පවසමින් අත්අඩංගුවට පත්වීමට කළ උත්සහයෙන් පසු පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇත. එම ප්‍රශ්න කිරීමෙන් පසු වෙඩි තැබීම රඟදැක්වීමක් බව අණාවරණය කරගැනීමට පොලිසියට හැකිවිය. අත්ඩංගුවට පත්වූ පුද්ගලයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් පසුව කඩුවෙල මන්ත්‍රීවරයෙක් දුන් ලක්ෂ පහක කොන්ත්‍රාක්තුවකට මේ වෙඩි තැබීම සිදු කළ බව පැවසීය. නමුත් ඔහුගේ ප්‍රකාශයන් පවා එකිනෙකට පරස්පර විය. අවසානයේදී අත්අඩංගුවට පත්වූ පුද්ගලයා පවා කර ඇත්තේ තවත් රඟපෑමක් බව පොලිසියට පැහැදිලි. ඔහු ඉන් උත්සහ කර ඇත්තේ වෙඩි තැබීම රඟපෑමක් නොවන බව පෙන්වීමටය. ඇත්තෙන්ම අත්අඩංගුවට පත්වූ පුද්ලයා වෙඩි තැබීමේ ස්තානයේ පවා සිට නැත.
පොලිසිය කළ විමසුම්වලින් අනාවරණය වූයේ වෙඩි තැබීමේ මෙහෙයුමේ මහමොලකරු කඩුවෙලා නාගරික මන්ත්‍රීවරයෙකි. ඔහු සමීර සේනාරත්න වෛද්‍යවරයාගේ සමීපතම හිතවතෙකි. දෙදෙනා අතර වෙඩි තැබීමේ සිදුවීමට පෙර හා පසු දීර්ඝ දුරකතන සංවාද සිදු වී ඇත. වෛද්‍යවරයා තමාට පොලිස් ආරක්ෂාව ලබා ගැනීම සඳහා මන්ත්‍රීවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇත. ඒ සඳහා මන්ත්‍රීවරයා දුන් සැලසුම මරණ තර්ජන ඇති බව ඔප්පු කර පෙන්වීමයි. ගමේ භාෂාවෙන් කියතොත් මන්ත්‍රීවරයාගේ සැලසුම අතේ පත්තු විය.  කෙසේ වෙතත් මේවන විට අදාල ප්‍රාදේශීය මන්ත්‍රීවරයා සහ සැබෑ වෙඩික්කරු සොයා මෙහෙයුම් දියත් කර තිබේ. පෙර අත්අඩංගුවට පත්වූ තැනැත්තා පවා සිද්ධියට සම්බන්ධ මන්ත්‍රීවරයාගේ හිතවත්ම ආධාරකරුවෙකි. එම ප්‍රාදේශීය මන්ත්‍රීවරයා සහ සැබෑ වෙඩික්කරුවන් තවමත් සොයාගැනීමට හැකිව නැත. පොලිසිය විමර්ශන කටයුතු දැඩි කොට තිබේ. වෛද්‍යවරයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කොට තිබේ. පොලිසිය නොමඟ යැවීමේ වරදට ඉදිරියේදී වෛද්‍යවරයා අත්අඩංගුවට ගත හැකිය.
මේ වෙද්දි සමීර සේනාරත්න වෛද්‍යවරයා සයිටම් පෞද්ගලික වෛද්‍ය පීඨයේ සියලු තනතුරුවලින් ඉවත් කිරීමට එහි සභාපති නෙවිල් ප්‍රනාන්දු මහතා කටයුතු කර තිබේ. මේ සිදූවීම් මාලාව අතරතුරදීම සමීර සේනාරත්න මහතා වෛද්‍යවරයෙක් නොවන බවට අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කරුණු අනාවරණය කළේය. සමීර සේනාරත්න නැමැත්තා වෛද්‍ය අධ්‍යාපනය ලබනු පිණිස ප්‍රථමයෙන් රුසියාවේ රොස්ටොව් වෛද්‍ය පීඨයට ඇතුළු වී ඇත. ඉන් අසාර්තක වීම හේතුවෙන් වසර කිහිපයකින් පසු නිශ්නිනොවොගොර්ද් හි වෛද්‍ය පීඨයට බැඳී ඇත. එහිදී ද් කිහිපවරක්ම විභාග අසමත් වී ඇත. සමීර මහතා රුසියාවේදී වෛද්‍ය අධ්‍යනය නිම කළ බවට කිසිඳු ලිකිත තොරතුරක් නැතැයි ද පැවැසේ. නව වරක්ම විභාග අසමත්වූ සමීර සේනාරත්න මහතා 2008 වසරේ මෙරටට පැමිණෙන අතර ඔහු වෛද්‍යවරයෙක් ලෙස වෛද්‍ය සභාවේ පවා ලියාපදිංචි වී නැත. එමෙන්ම කිසිම ස්තානයක වෛද්‍යවරයක් ලෙස සේවය කොට නැති බවත් සඳහන් වේ. ඒ අනුව සමීර සේනාරත්න මහතා වෛද්‍යවරයෙක් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිට ඇති බවට තොරතුර හෙළි වී තිබේ.
සයිටම් නාටකයේ නවතම ත්‍රාසජනක ජවනිකාවක් තිරගත වූයේ සමීර සේනාරත්න නැමැති වෛද්‍යවරයාගේ එල්ල වූ අභිරහස් වෙඩි ප්‍රහාර මාලාවෙන් පසුවයි. නාටකයේ නිෂ්පාදකවරයා මෙන්ම ප්‍රධාන නලුවා ලෙස සමීර සේනාරත්න රඟපාද්දි සහයක නලුවන් දෙපලක් වෙඩික්කරුවන් ලෙස සිය රංගයනයෙන් දායකත්වය සැපයූහ. නාටකයේ අධ්‍යක්ෂකවරයා හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයක් වීම මෙහි ඇති විශේෂත්වය විය. නමුත් සයිටම් ආයතනයට නීතිමය අවසරය ලැබෙද්දි තිරගත වූ මෙම ජවනිකාවේ දුර්වල රංගන විලාශය නිසා “අපේම නයි අපිවම කයි නැත්තම් අතට ගත්ත දේ කන්න පින නෑකියන්නේ මේකට තමා”  යැයි සයිටම් සිසු සිසුවියන්ට නිසැකිවම සිතන්නට ඇති. නෙවිල් ප්‍රනාන්දු මහතාටත් අවසානයේදී පැවසීමට සිදු වූයේ 09වරක් විභාගය අසමත් වූ සමීර සේනාරත්න මේ රඟපෑමෙන්වත් සමත් වෙන්න බැරි වුණා යනුවෙනි.


සකීෆ් සාම් තන්වීරි.

No comments:

Post a Comment