Saturday, July 30, 2016

බැංකු අක්කා ගැන දන්න ඔබ මොමා ගැන දන්නෙ මොනවද?


මේ ඉන්න චරිතය ඔබ දන්නෙ නැතුව අැති. ඒත් බැංකු අක්කා කිව්වොත් අනිවා දන්නවා.
හැබෙයි මේ ඉන්න බුවා අනිවා දැනගත යුතු පොරක්. රිෂාඩ් බදුර්දීන් ගස්කපද්දි මුස්ලිමානුවන්ට අැගිල්ල දිගු වුණා. අන්න ඒදා මේ මනුෂ්‍යයා පාරට බැස්සා මුසල්මානුවා කියන්නේ පරිසරයට අාදරය කරන්නෙක්. රිෂාඩ් බලලා අාගම තීරණය කරන්න ඒපා. මාව බලලා මුස්ලිම් මිනිස්සුන්ව තීරණය කරන්න කියලා. ඒදා ඉදන් මාස කිහිපයක් අැතුළත රට පුර පැල ලක්ෂයක් පමණ හිටවන්න සමත් වුණා මේ ෆර්සාන් කියන ඩයල් ඒක. මිනිහාගේ ඊළග වැඩේ තමයි හරිත අගෝස්තුව කියලා අගෝස්තු හත්වෙනි රටපුරා පැල කෝටියක් රෝපණය කිරීම. ඒ වෙනුවෙන් මිනිහා මාස තුනක් විතර බුකියෙත් බස් ගානෙත් ගම්ගානෙත් ගිහිල්ලා වැඩ සංවිධානය කළා. මේ ෆර්සාන් කරන පළවෙනි වැඩේ නම් නෙවෙයි. මතක අැති ගංවතුර දවස් ටික. ඒ දවස්වල මිනිහා කරපු වැඩ ටික දන්න අය හිතෙයි මිනිහාට අැමතිකමක් දෙන්න වටින පොරක් කියලා. ඒකටත් කලින් මිනිහා බැක්ටු ඉස්කූල් කියලා තවත් වැඩක් කළා. ඒ දුප්පත් ළමයින්ට පාසල් යන්න අවශ්‍ය දේවල් සපයන වැඩේ. තනි පොරක්. අැමතිවරු පහක් විතර කරන වැඩ තනියෙන් මහපොළොවේ පය ගහලා කරනවා. මිනිහා ගැන පත්තරවල ටීවියේ ඒහෙමත් ගියා. මිනිහා මේ සියල්ලම කරන්නෙ ලාභ අපේක්ෂාවෙන් නෙවෙයි. රටට තියෙන අාදරයට. 

මිනිහා හරිත අගොස්තු සංකල්පය දිනවන්න ඔබත් දායක වෙන්න.
කෝටි දෙකක් ගස් හිටවනවා හිටවනවාමයි.
කොහොමද ?
එක එක පුරවැසියා ගාවට ගිහිල්ලා හරි,
ගෙන් ගෙට ගිහිල්ලා හරි,
කෝච්චියේ කෑ ගහලා හරි,
බස් එකේ කෑ ගහලා හරි....
අගෝස්තු හත,
කෝටි දෙකම හිටවනවා 

දීපල්ලකො උත්තර
****************
හෙට දවසේ අපේ පොඩි උන් අපෙන් අහාවි....
තාත්තෙ මොනවද පළු කියන්නෙ, හිඹුටු මොන වගේද , මොනවද මාදං කියන්නෙ, මොනවද මසං කියන්නේ කියලා...
එදාට ගූගුල් කරලා තමයි පෙන්වන්න වෙන්නේ අදවත් අපි හිටෙවුවේ නැතිනම්.
හරිත අගෝස්තුව වෙනුවෙන් මුළු ලංකාවෙම පුරවැසියන් අගෝස්තු හත උදේ දහයට පැළයක් හිටවනවා.
අපිත් අපේ යුතුකම කරමු.


දුන්දේ සුවද පවතී ලොව හැමදාම
****************************
මනුශ්‍යත්වයේ උපරිම විදහා පෑම ගහක් හිටවන එක කියලමයි මං හිතන්නේ.
මොකද ගහක් කියන්නේ ලෝකයේ හැමෝ වෙනුවෙන්ම දෙන්න පුළුවන් ලොකු තෑග්ගක්.
ඒ තෑග්ග පට්ට ලාබයි.
වතුර පිරිසිදු කරන විතරක් නෙමෙයි,
පොළොවට වතුර එකතු කරන, ඒ වතුර ආරක්ෂා කරන කුඹුක් ගහක් රුපියල් 25යි.
පොතු, මුල් හැම දෙයක්ම බෙහෙතක් වෙච්චි මාදං ගහක් රුපියල් 25යි.
අපිට නැතුවම බැරි කොහොඹ ගහත් රුපියල් 25 යි.
ලෝකෙට සුවද දෙන සදුන් ගහත් රුපියල් 25 යි.
අපේ ජාතික වෘක්ෂය වෙච්චි නා ගහකුත් රුපියල් 25 කට ගන්න පුළුවන්....
සිගරැට් එකක්වත් ගන්න බෑ රුපියල් 25 ට අද.
හිතන්නවත් බැරුව ඇති පීසා දෙකක සල්ලිවලට දැවැන්ත ගස් සීයක් මේ පොළොවට උරුම කරන්න පුළුවන් කියලා.
දෛනිකව රුපියල් 25 ඒවා කීයක්නම් අපි නිරපරාදේ වියදම් කරනවාද...
ඒ හැම රුපියල් 25 ක්ම ගහක්...
එක මනුස්සයෙක්ට ජීවිතේ පුරාවටම ඔක්ෂිජන් ලබා දෙන්න පුළුවන් ගහක්.
අපි පැළ එකතු කරනවා...රට පුරා හිටවන්න,
එකම දවසේ,
එකම මොහොතේ හිටවන්න.
ඉතින් පැළවලින් දායක වෙන්න.
දන් දෙන්න....
ඔක්සිජන් දන් දෙන්න...
ලෝකෙටම ඔක්සිජන් දන් දෙන්න...
‪#‎GreenAugust‬
‪#‎හරිත_අගෝස්තුව‬



ඇයි හදිස්සියක් මෙච්චර පැළ එක පාර හිටවන්න.
ගහක් හිටවනවා නම් හොදම වෙලාව මීට අවුරුදු විස්සකට විතර කලින්. බැරිවුණා නම් ඊලඝ හොදම අවස්ථාව දැන්.
අපි දැනුවත්වම කරපු වැරදිවලින් එකක්....
හිටවිල්ල නවත්තපු එක.ඉතින් දැං ගොඩාක් පරක්කුයි. බලා ඉන්න වෙලාවක් නෑ.
එන්න එකපාරම හැමෝම එක ගහක් ගානෙ හිටවමු.
අගෝස්තු හත උදේ 10 ට.
‪#‎GreenAugust‬



"මොකෝ බන් ගස් හිටවන්න කියලා මිනිස්සුන්ට වදින්නේ ඔයතරම් "
එහෙම හිතෙයි උඹලට....
කුප්ප වැඩජට නෙමෙයි බන් දෙකට නැවෙන්නේ...
හරියට කෙරුණානම් රටේ අනාගතයම වෙනස් කරන වැඩක් මේක.


"මචං ගහක් හිටවමුද ? " කියලා ඇහුවම.
"කොහෙද බං ඉඩක්...වත්තෙ ඉඩ අගලක්වත් නෑ."
ඒක තමයි උත්තරේ...ඉතිං අපි කොච්චර ආත්මාර්ථකාමීද බලහල්ලකෝ.
හිටවනකොට විතරක් වත්තෙම හිටවන්න හිතනවා. ඇයි බන් අඹ පැළයකට වියදම් කරලා අරගෙන පිට්ටනියක් අයිනෙ භිටෙවුවම මොකෝ බන් වෙන්නේ.
වත්තේ ඉඩ නැතිවුණාට..රටේ ඕනෙ තරම් ඉඩ තියෙණවා හිටවන්න.
තේක්ක, මහෝගනී පුටුවක් උඩ වාඩිවෙලා අපි ගස් කපන්නේ නැතෝ කියලා බෙරිහන් දීලා වැඩක් නෑ.අපි වෙනුවෙන් කැපෙන ගස් වලට හිලවු වෙන්න වත් ගහක් දෙකක් හිටවමු.
එන්න හිටවමු, වත්තෙ විතරක් නෙමෙයි රටේම හිටවමු.
අගෝස්තු හත උදේ දහයට හිටවමු.
‪#‎GreenAugust‬

රටපුරා හිටවන්න පැළ 50 000 ක් විතර ඕනෙ...
කුඹුක්,මිල්ල,වීර,පළු,මාදං,කොහොඹ,කළුවර,කරද,ඇහැළ,මී,ගම්මාළු වගේ පැළ.
ඕනෙ කරන තැන් කියන්නම්.
යවන්න පුළුවන් අය ඉදිරිපත් වෙමු.
එක්කෙනෙක් පැළ25 ක් දුන්නත් ඇති.
ඒ වගේ 2000 ක් නැද්ද මේ බුකියේ.
පැළ 25 කට රුපියල් 625 ක් යාවි රජයේ තවානක නම්....
පිංකමක් කරන්නද හිතාගෙන හිටියෙ ?
පන්සලේ, පල්ලියේ, කෝවිලේ විතරක්ම නෙමෙයි පිං තියෙන්නේ....

එක්කෙනෙක් එකයි....
දෙන්නෙක් දෙකයි....
ඔක්කොම කෝටි දෙකයි...
අගෝස්තු හත්වෙනිදා උදේ දහයට

No comments:

Post a Comment