Tuesday, October 28, 2014

වැඩකට නැති අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ඵලක් නැති විධායක ජනාධිපති






ලෝකයේ අනෙක් රටවල ජනාධිපතිවරණය පවත්වන දිනය තීරණය කරන උත්තරීතර ලියවිල්ල අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. තවත් අැතැම් රටවල මැතිවරණ කොමසාරිස් නැතිනම් විධායකය ඒසේත් නැතිනම් ව්‍යවස්ථාදායකය මැතිවරණය පවත්වන දිනය තීරණය කරයි. 

ලෝකයේ බලවත්ම විධායකය සිටින ශ්‍රීලංකාවේ මැතිවරණය තීරණය කරන්නේ අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ මැතිවරණ කොමසාරිස් හෝ ජනාධිපති හෝ නොවෙයි. මැතිවරණ පමණක් නොව රාජ්‍ය වැදගත් තීන්දු තීරණ කර්තව්‍යයන් පවා තීරණය කරන්නේ කිසිම ජනතා පදනමක් නැති ප්‍රෝඩාකාරීජේ‍්‍යා්තිෂ්‍යවේදීන් වීම හාස්‍යයට කරුනකි.....

Wednesday, October 15, 2014

ෆේස්බුක් තහනම්

ෆේස්බුක් තහනම්




ඒළෙඹෙන ජනාධිපතිවරණයට ඒජාපය විසින් සමාජ ජාලා ඔස්සේ සිදුකරමින් යන ප්‍රචාරණ කටයුතු නිසා දැඩි අාණ්ඩු විරෝධි මතයක් මතුවීම හා ඒජාපයෙ බලය තරුණයන් අතර ව්‍යාප්ත වීම සම්බධයෙන් ඒජනිප අාණ්ඩුය දැඩි කනස්සල්ලකින් පසුවෙයි. තුන්වන වරටත් ජනපතිකම පිළිබද සිහින දකින මහින්ද රාජපක්ෂ මහතා ජාතිවාදි ගැටලු මතුවූ කාලයේ නොකළ ක්‍රියාමාර්ගයකින් ඒජාපයේ උත්සහයන් මඩින්න කටයුතු කිරීමට සූදානම් බවට නිළ නොවන විශ්වාසදායි අාරංචි මාර්ග පෙන්වා දෙයි. ඒජාපය ප්‍රබල වශයෙන් මුහුණුපොත භාවිතා කරන්නන් අතර ජනමතයක් ගොඩ නගාගැනීමට සමත්ව තිබෙන නිසා බලයෙන් වියරුවූ මහින්ද රාජපක්ෂ මහතා මුහුණුපොත ශ්‍රීලංකාවේ තහනම් කිරීමට අදහස් කර අැතිබවට අණාවරණය වී තිබේ. ඒසේ නොවන්නට සිය සිහිනය හුදුසිහියක් වනු අැතැයි ඒතුමාට ප්‍රත්‍යක්ෂ වී තිබේ.