ගාමන්ට් කෙල්ල මං.
ඉස්කෝලෙන් පස්සේ මං ගොඩාක් වෙලාවට ඇගලුම් කම්හල් නැතිනම් ගාමන්ට් වලට සම්බන්ධ වුනා.mas groupe (Bodyline) වගේ ලංකාවේ තියෙන ගොඩක් තැන්වලට මම ගිහින් තියෙනවා.ඒ තැන් වල ඉන්න අයත් එක්ක කථා කරල වැඩ කරලත් තියෙනවා.ඒවයේ තියෙන්නේ අමුතු වෙනස්ම ජීවිතයක්.ගොඩක්ම ඉන්නේ දුර ඈත පැති වලින් ඇවිත් කම්හල ආසන්නයේම බෝඩ් වෙලා වැඩ කරන අය.සමහරු ඉන්නවා අවුරුදු ගනන් ඉන්න අය.ඒත් ගොඩක් අය ටික කාලයක් ඉන්නවා,මීට වඩා වැඩි පඩියක් දෙන තැනක් හම්බ වුනොත් එතනට යනවා.
හැබැයි ඒ ජීවිතෙත් අමුතු සුන්දරත්වයක් තියෙනවා.හැබැයි එයාලා දැන්වීම් පුවරු වල දාන පඩියවත් ඒ සුන්දරත්වය වත් නෑ.ගොඩක් දෙනා ගාමන්ට් කෙල්ලෝ කියල අමුතු ඇහැකින් බලනවා.ගාමන්ට් යන හැමෝම එහෙම නෑ කියල මතක තියා ගන්න.ගාමන්ට් ජීවිතේ ගැන හිතුන හැටි තමයි මේ.
දවසට පැය අටක් රන් වන් සලු පිලි මැව්ව
සතියට දින හයක් කම් හල තුල දිවි ගෙව්ව
දෙපයට දිරි දෙමින් පවුලක දුක් ගිනි නිව්ව
එඩිතර ඔබ සිතත් වාගෙයි සත් කුලු පව්ව
පැයකට මහන්නට ඕනලු හරියට සීය
සීයට අඩු වුනොත් ඊලග පැය හිර වේය
කවරින් දවස් වල වැඩ කරමින් පෝය
ලැබෙනා සොච්චමින් මාසය ගත වේය
දොළහට කෑ ගසයි බෙල් එක කෑමට යන්න
පැය කාලක්ම පොර කයි බත් එක ගන්න
කාලා දුවන්නේ පැල්ලම් ටික හෝදන්න
දුක් ගිනි තිබේ මහ මෙරකට උහු ලන්න
සුන්දර පෙම් සිහින නිරතුරු හදවතෙහි මැවේ
හදවත සොදුරු මල් මාවත් මතින් දිවේ
සියුමැලි ඇගෙ දෑත මැසිමේ රෝදයට ගෙවේ
ඇය හට හිමි නැතිද සුභ සිහිනයක සුවේ
අන්තිම පේලියෙනි.
No comments:
Post a Comment