Monday, August 1, 2016

ඇසයිලියාට වරදියි.






2014 වසන්ත සමයේ ඇමරිකානු ගායකයන්ගේ ශ්‍රේණිගත කිරීම් වල ඉහළම ස්තානය අත්කරගන්න පුලුවන් වුණේ ඉගි ඇසයිලියාටයි' නමුත් 2015 ගිම්හානය වෙද්දි එම ඔස්ටේ‍රලියානු සම්භවයක් සහිත රැප් ගායිකාව සිය සංචාරයන් සියල්ල අවලංගු කරගන්නටත් සෑම ප්‍රසංගයක්ම අත්හැර දැමීටත් ඇගේ පැවැත්ම වෙනුවෙන් සටන් කරන්නටත් සුදුවිය' කුමක් ද ඇයට සිදුවුණේ? අපි යොමු වන්නේ ඇසයිලියාට වැරදුනු තැන් පිළිබඳවයි'

ඇසයිලියා 2014 වර්ෂයේ හොට් ගායකයන් සිය දෙනා අතර තනි ආධිපත්‍යයක් දැරීය' ඒ ඇගේ හිට්ම සින්දුව වූ ෆැන්සි හා ඈ විසින් රැප් කළ එරීනා ග්රූන්ඞ්ගේ ප්රබ්ලම් ගීතයන් මගිනි. එම වර්ෂයේ මැයි මසදී ශ්‍රේණිගත කිරීම් වල මුල් ස්ථානයන් දෙකම තමා සන්තකයට ගත් පළමු තරුව බවට ඇය ඉතිහාසගත වූවාය' ඇගේ ෆැන්සි ගීතය පළමු තැන ගනිද්දී ප්රබ්ලම් දෙවන තැන අත්කර ගත්තේය' ඇසයිලියා අඛණ්ඩව සති හතක්ම පළමු ස්ථානයේම රැඳෙන්නටත් සමත් වූවාය' එම වසරේ වසන්තයේ ගීතය බවටත් ඇගේ එම ගීත පත්විය'

2014 සැප්තැම්බර් මසදී ඇසයිලියාගේ ඇද වැටීම හා අපකීර්තිය ආරම්භ විය' මෙම රැප්ගායිකාවගේ ලිංගික වීඩියෝ පටයක් Kardashian ඇතුලු වීඩියෝ බෙදා හැරීම් සමාගම් ගණනාවක්ම මිලදී ගෙන තිබුණs' ඒවා මුදාහැර  ඇත්තේ ඇසයිලියාගේ කලින් පෙම්වතා වූ හෙෆෙ වයින් විය හැකිය' ඔහු ඇසයිලියාගේ ගීතයන් හිට්වීමට පෙරම ඇගේ ගීතයන් වල අයිතිය ඉල්ලා නඩු පවරා තිබුණේය'  2015 ජූලි වන තුරුම පැවැති එම නඩු හබය විසඳුමකින් තොරව කල්ගත වෙමින් පැවැති බැවින් ඇසයිලිය කලින් පෙම්වතාට ්‍Honda Accord රථයක වටිනාකමට නොඅඩු මුදලක් ගෙවීමට එකග වූවාය'

ඇසයිලියාගේ ෆැන්සි ගීතය ශ්‍රේණිගත කිරීමවල ඉහළටම නගිද්දි ඇයට එරෙහි කටුක විවේචනයන් එල්ලවීම ද ආරම්භවිය. ඇය රැප් සංස්කෘතිය වැරදි අයුරින් නිරූපණය කරන බවත් සුප්‍රකට ගායිකා නික්කී මිනාජ් ඇතුලු රැප් ප්‍රජාව දොස් පැවරීය' ඒ අතර 2014 දෙසැම්බර් මස ඇසයිලියා Grammy සම්මාන හතරකට නිර්දේශ වී තිබියදී ඇය කර්කෂ විවේචනයෙන් දැඩි ලෙස අපහසුතාවයට පත්කළ ඇසීලියියා බෑංක්ස් ඉගි ඇසයිලියා හබයකට පටලවා වසරක් යන තුරුම එම ආරවුල පැවතිණි' පසුව Grammy සම්මාන නිකුත් කළ පසු හොට් 97 නාලිකාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඇසීලියා බෑංක්ස් පවසා තිබුණේ ඉගි ඇසයිලියා සුදු දරුවන්ට වීරයෙක් වුණත් කල්ලන් ඇය අප්‍රිය කරන බවකි'

පසුව ඉගි ඇසයිලියා ඇසීලියියා බෑංක්ස්ට ඇසීලියායාට හැම පැත්තකින්ම සාර්ථක වන කලු කලාකරුවන් ඉන්නවා, නමුත් උඹ එසේ නොවුණේ උඹේ දුප්පත් ආකල්ප නිසයි' යනුවෙන් ප්‍රහාරාත්මක ප්‍රතිචාරයක් ට්විට් කිරීමෙන් තත්වය නොසන්සුකාරී විය' රැප් ගායක හා  Q-Tip හිපොප් ගායක T.I. දෙදෙනාද බෑංක්ස් වෙනුවෙන් පෙනී සිටිමින් ටිවිට් පණිවුඪ මගින් හිපොප් ඉතිහාසයේ මූලාරම්භය සිහිකරමින් ඇසයිලියාට සෘජුවම ප්‍රතිචාර දැක්වූහ' එමගින් ඇගේ ප්‍රතිරූපය බිදවැටෙන්න ගත්තේය' 




2015 අප්‍රේල් බෑංක්ස් සමග ට්විටර් හබය සිදුවන අතරවාරයේම ඉගි ඇසයිලිය සිය ෆ්රෙස්නෝ, කාලිෆ් වලින් ඇරඹෙන ඇරීනා සංචාරය නැතහොත් පළා යෑමේ සංචාරය ප්‍රකාශයට පත්කළාය' ඇයගේ ප්‍රසංග සංචාරයට තව සතියක් තිබෙද්දී ඇගේ සංචාරයන්  කල්දැමීමට සිදුවිය' ඒ ඇගේ කළමණාකරුවන් හා ඇය අතර සිදුවූ ගැටුමක් හා ඔවුන් සංචාරය ප්‍රවර්ධනය කිරීමට ප්‍රතික්ෂේප කිරීම බවට කටකතා පැතිරිනි' නමුත් මැයි මස වන විට ඇය ඇගේ සංචාරයන් සියල්ල අවලංගු කරමින් රසිකයන්ට පවසා සිටින්නේ ඇගේ දෙවන ඇල්බමය අවසන් කිරීමෙන් පසු නැතවත් ජන වේදිකාවට පැමිණෙන බවයි' නමුත් වෙනත් මූලාශ්‍රවලින් හෙළි වූයේ සංචාරය අවලංගු කිරීම පිටුපස බොහෝ ස්තානයන් වල ටිකට්පත් විකිණිම අඩු වීම හේතු වූ බව සඳහන් විය' ඇතැම් ස්තාන වල විකිණී තිබුණේ ටිකට්පත් 20ක් පමණි'



ඇසයිලියාගේ වෘතීමය ජීවිතය විනාශ වුවද ඇය තම පෞද්ගලික ජීවිතයට සුභ ප්‍රවෘත්තියක් වාර්තා කරමින් ඇගේ පෙම්වතා වූ දැල් පන්දු ක්‍රීඩක නික් යන්ග් සමඟ 2015 ජුනි පළමු වන දින අත්ගත්තාය'

අනතුරුව ඇසයිලියාට හිමිවූ Pittsburgh Pride 2015 ප්‍රසංගයේ ගායන අවස්ථාව අවලංගු කිරීමටත් සිදුවිය' ඇය ප්‍රසිද්ධ වීමට පෙර පළ කර තිබූ ටිවිටයකින් ඇය සමලිංගික බව පෙන්වීමට කණ්ඩායම් ගණනාවක් උත්සහ ගැනීමෙන් පසු එසේ ප්‍රසංගයෙන් ඉවත් වූයේ රසිකයන්ගේ අප්‍රසාදය මධ්‍යයේය' ඇසයිලිය ප්‍රසංගයට දින ගණනාවකට පෙර ටිව්ට් පණවිඩයක "I am a firm believer in equality," මම සමානාත්මතාවය තදින්ම විශ්වාස කරනවා) යනුවෙන් සටහනක් තබා තිබුණා' අවාසනාවකට මම තරුණවියේදී නොකිව යුතු වචන භාවිත කර තිබෙනවා. නමුත් අද එයින් මගේ චරිතය වැරදි ලෙස අර්ථ නිරූපණය කරන්න භාවිත කරනවා යනුවෙන් පරාජිත හැගීමෙන් ඇසයිලියා පවසයි' අවසානයේදී එම ප්‍රසංගයේ අවස්ථාව ඇගේ සංචාරයට ආරධිත අමුත්තා ලෙස කැඳවා තිබූ නික් ජෝනස්ට හිමිවිය'

නැවතත් ඇසයිලියා හා ඈ වගේම වෛරී ටුවිට් පණිවුඩ නිකුත් කරන්නියක් වන බිට්නි ස්පයර්ස් සමයි' ඒ ඔවුන්ගේ "Bad Girls,"  ගීතය අසාර්තක වීමේ හේතුවෙනි. බිට්නි ස්පයර්ස් ටිවිටයකින් ගීතයක් ශ්‍රේණි ගත කිරීම් වල ඉහළටම ගෙන ඒමට ගුවන් විදුලි හා රූපවාහිනි ප්‍රවර්ධනය අවශ්‍ය බව පවසයි' නමුත් ඇසයිලියා එහි වගකීම තනි පුද්ගලයෙක් මත පටවා ටිවිට් පණිවුඩයක් නිකුත් කළ පසු රසිකයන්ගේ අප්‍රසාදය එල්ලවීමට පටන් ගැනුනි' එයට ප්‍රතිචාරයක් දක්වමින් ඇසයිලා "my comment is factual, it applies to any song. I dont have to suck the womans a****** 24/7 to be her friend, do i? bye girls,"   ඇගේ විවේචනය සත්‍ය කරුණු මත පදනම් වන පොදු එකක් බවත් ඈ මිතුරුකම පවත්වා ගැනීමට පහත් වැඩ වල නොනියෙලෙන බවත් පවසමින් ටුවිට් සටහනක් තැබුවාය' මෙලෙස ඇගේ ක්‍රියා කරලාප නිසා ඈ වසර දෙකකට පෙර ලබා ගත් ජනප්‍රියත්වය හා ඉල්ලුම අඩු විය' ඇසයිලියාගේ රසිකයන් අහිමි විය. අනෙකුත් ගායකයන්ගේ උදහසට පත්වූවාය'



ඇසයිලියාගේ වෛරීසහගත හැසිරීම් නිසා ඈට හිමිවීමට තිබූ බොහෝ දෑ අහිමිවිය. නමුත් ඇයට ඒ ගැන එතරම් තැකීමත් නැත' ඇසයිලියාට ඒ සියල්ලට වඩා ආත්මගරුත්වය වැදගත් බව ඇය පවසයි. ඉගි ඇසයිලියාගේ ඉදිරි ගමන තීරණය වන්නේ ඇගේ අනාගත සංගීතයන් වල ගුණාත්මක සැළසුම් මතයි' ඈ තවත් ටිව්ට් පණිවුඩයක් නොබෝ දිනකට පෙර නිකුත් කරමින් ඇය මාස හයක අලුත් වැඩක් අරඹා ඇතැයි නව බලාපොරොත්තුවක් රසිකයා තුළ ඇති කරමින් ඉඟියක් ලබා දී ඇත්තේ තවත් අපූරු යුගයකට පා තැබීමටයි'

No comments:

Post a Comment