Wednesday, August 20, 2014

ශ්‍රී ලංකාවේ දිවිනසාගැනීම්......

සියදිවි නසා ගැනීමේ අවධානම




ශ්‍රිලංකාව තවමත් ලෝකයේ සියදිවි ගැනීම අතින් සිටින්නේ ඉහළ තැනකය. ඒහෙත් මේ වනවිට දිවි නසා ගැනීම් වල කිසියම් අඩුවක් දක්නට අැත. 1995වසරේදි 8500ක් පමණ දිවිනසාගෙන තිබූ අතර 2012වන විට ඒ සංඛ්‍යාව 3500 දක්වා අඩුවී තිබේ. ඒනමුත් ක්‍රමක්‍රමයෙන් සියදිවිනසාගැනීමට උත්සහ දරන්නන්ගේ සංඛ්‍යාව විශාල වර්ධනයක් පෙන්නුම් කරයි. විෂ පානය කර මිය යෑමට පෙර ෙවෙද්‍ය ප්‍රතිකාර මගින් සුවය ලබන්නන්ද අනෙක් ක්‍රමවලින් දිවි නසාගන්නට උත්සහ කරනවිට වලක්වනු ලැබීම් සිදුවන අවස්ථා වැඩිවීම හේතුවෙන් දිවි නසාගැනීම් පහත වැටී අැත. ශ්‍රී ලංකාවේ දිනකට 11 දෙනෙක් පමණ සියදිවි නසාගන්නා බවත් සියදිවි නසාගැනීමට දිනකට හතලිහකටත් වැඩිප්‍රමාණයක් උත්සහ කරන බවත් පොලිස් වාර්ථා වල සදහන් වේ. සියදිවි හානි කර ගැනීම රටකට දෙකකට බලපාන ප්‍රශ්නයක් නොව පොදුවේ ගෝලීය ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. සියදිවි නසා ගැනීම වැළැක්වීමේ අන්තර්ජාතික දිනය ලෙස සැප්තැම්බර්10 වැනිදා නම් කර අැත්තේද ඒනිසාය. ශ්‍රීලංකාවේ සියදිවි නසාගන්නන්ගෙන් හතරෙන් තුනක්ම පිරිමීන් වීමත් වයස 14-45 අතර පුද්ගලයන් මෙම කටයුත්තට පෙළෙඹන බවත් සංඛ්‍යාලේකණ වලින් අනාවරණය වේ. 

"සිය දිවි නසාගැනීම යනු කෙනෙකු තව කෙනෙකු කෙරෙහි අැති විය හැකි අාක්‍රමනශ්‍රීලී සිතුවිල්ලක් තමා වෙත යොමු කරගැනීමයි"             
                                                සිග්මන් පේ‍රයිඩ්
"සාමාජිකයෙකු සමාජයට අනුකූල නොවීම නිසා සිය දිවි නසාගැනීම් අැති වෙයි"
                                                ඵමිල් ඩුර්කයිම්
"සිය දිවි නසාගන්නා පුද්ගලයා තුල ඔහුටම ඵරෙහිව අැති වන මරණ අාශය දිවි නසා ගැනීමෙ මානසික තත්වය නිර්මාණය කරයි"
                                                මෙනින්ජර්
"ළමයින් තුල දෙමාපිය සෙනෙහස අඩු වීම නිසා සිය දිවි නසාගැනිම අැති වෙයි"

"විෂාදිය නම් අවපීඩන මානසික තත්වය සිය දිවි නසාගැනීමට හේතුවෙයි"
                                                මහාචාර්ය පද්මසිරි සිල්වා

සිය දිවි නසාගැනීම යනු තම කැමැත්තෙන්ම තමාගෙ ප්‍රණය නැති කර ගැනීමයි.
අධ්‍යනයක් මගින් සිය දිවි නසාගැනීමට ප්‍රධාන හේතු 06 ක් හදුනාගෙන අැත ඵනම්
·              පෙම් සබදතා බිද වැටීම
·              ක්ෂණික තරහ
·              අසනීප බව
·              ණය ගැතිභාවය
·              විරැකියාව
·              ඥාතීන් වෙතින් අපහරනයට ලක්වීම.

සිය දිවි නසා ගැනීම සාමාන්‍ය දෙයක් නොවේ. ඒය ඒක් අතකින් නීති විරෝධී වනවා සේම සදාචාර විරෝධි මානව විරෝධි පහත් ක්‍රියාවකි. සියදිවිනසා ගැනීම නිවටයන්ගේ අවසාන තින්දුව වේ. ඒම නිවටකම ඒක්කෝ ස්ව නිවටකමකි නැතිනම් අාත්මාර්තකාමීන් විසින් උරුම කර දෙන ලද නිවටකමකි. සිය දිවි නසා ගැනීම සංකීර්ණ ගැටලුවලට තිබෙන ඒකම හා සරලම විසදුම නොවේ. විසදුමක් නැති ප්‍රශ්නයක් ගැටලුවක් ලෝකයේ අැත්තේ නැත. සෑම ගැටලුවකටම ප්‍රශ්නයකටම ඉවසීම නිවරදි විසදුම වේ.

සියදිවිනසා ගැනීම යනු ලෝකයටම කරන අසාධාරණයකි. ඒක් පුද්ගලයෙකු බිහිකරන්න අැතිදැඩි කරන්න මාපියන් විදින දුක්කරදර අනේකවිධයි. ඒසේ ඔවුන් දුක් විදිමිනු ළමයා හදන්නේ යම් දිනක දරුවා මහලු මවට හා පියාට උපකාර කරයි යන අහිංසක බලාපොරොත්තුව අැතිවයි. ඒසේ තිබියදීත් දරුවෙකු සිය තරුණ වියේදී සියදිවි නසාගන්නේ නම් මාපියන්ට කරන ද්‍රෝහිකමකි ඒය. දෙමාපියන්ට කරන ද්‍රෝහි කමට වඩා බරපතල වෙනත් ද්‍රෝහි කමක් මේ ලෝකයේ නැත. යම් හෙයකින් සියදිවි නසාගන්නා දරුපවුල්කාරයෙකු නම් බිරිදගේ අයිතීන් උල්ලංඝණය වී මානව හිමිකම් උල්ලංඝනයක් වශයෙන්ද දරුවන්ගේ මූලික අයිතින් උල්ලංඝණය වීමක් වශයෙන්ද ළමා හිංසනයක් වශයෙන්ද පියාගේ සියදිවි නසා ගැනීම අර්ථකතනය කිරීම නිවැරදිය. තම අත්ගත් බිරිදත් තමාට දාව උපන් දරුමල්ලන් අතරමං කර ඔවුන්ගේ අයිතීන් සපුරා නොදී වගකීමෙන් පියා ගැලවී පලායාම ලෝක පාපයකි. මෙය පියා මෙන්ම මවටද අදාලය. මව විසින්ද දරුවන් වෙත සැමියා වෙත ඉටුකළ යුතු යුතුකම් හා වගකීම් තිබේ ඒය පැහැර හැර සියදිවි නසා ගැනීම පහත් නීච ක්‍රියාවකි. අැතැම්හු තමන් සියදිවි නසාගන්නවා සමගම දරුවන්ද ඝාතනය කරති. ඒය දහස් ගුණයකින් බරපතල නීච ක්‍රියාවකි. මහත් අපරාධයකි.


සියදිවි නසා ගිනීම ඔහුගේ පවුලට පමණක් නොව ජාතියටම කරන ද්‍රෝහිකමක් හා අසාධාරණයකි. සෑම පුද්ගලයෙකුම ජීවත් වීමට රජයෙන් දෙනු ලැබූ නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය සේවය අැතුලු අනෙකුත් සේවාවන් අාදිය සමාජය ප්‍රදානය කළේ සෑම පුද්ගලයෙකුම තමා භුක්ති විදි  අයිතිය වෙනුවෙන් වගකිමක්ද පවරා දෙමිනි. අයිතීන් භුක්ති විදි සියලු දෙනා වගකීම් ඉටුකළ යුතුය. අවුරුදු දහහතර පසු වූවෙකු යනු සමාජ දේපළවලින් විශාල ප්‍රමාණයක් භුක්ති වින්ද අයෙකි. ඒසේ තිබියදීත් තම වගකීම් ඉටු නොකර සියදිවි නසාගෙන තනිවම සැනසීම සොයනවා නම් ඒය සමාජවිරෝධි ක්‍රියාවක් නොවන්නේද?  නියතවශයෙන්ම ඒය සමාජවිරෝධි මහා පාපකර්මයකි. සියදිවි නසාගන්නවා යනු තමා ප්‍රශ්නවලින් මිදුනා නොවේ තවත් සියයක් පුද්ගලයෝ ප්‍රශ්නයට අැද දැමීමකි. පියෙකු සියදිවි නසා ගත්තේ නම් අඹුදරුවෝ වලපල්ලට වැටෙන අතර සමාජයට ඉටුවිය යුතු වැඩ කොටසත් ඔහුගේ භූමිකාවත් හිස් වන්නේය. ඒය සපුරන තුරු සමාජයේද ව්‍යාකූලතාවයන් අැතිවේ. දිවිනසාගැනීමෙන් පසු පවුලේ ඥාතීන්ට වන මානසිකමය පීඩනය සමාජයට මුහුණදීමට නොහැකි වීම ගම්මුන්ට සිදුවන අපහසුතා අාරක්ෂක අංශ වලට සිදුවන අපහසුතා වශයෙන් ප්‍රශ්න වැලක්ම මතුවේ.


සියදිවිනසා ගැනීම පිටුපසින් අැදහිලි හා විශවාසයන් වල යම් බලපෑමක් තිබේ. යම් අයෙකු ඉරණම් සංකල්පය පිළිපදින්නේද ඒවන් අය සියදිවිනසා ගැනීම නොකරන්නේ තමාට අැතිවූ කරදරය අසහනය විපත ප්‍රශ්නය ගැටලුවක් නොව මාගේ ඉරණම වන්නේය  යනුවෙන් සිතමින් ඉවසාදරාගන්නා නිසාය. අැතැමුන් සියදිවිනසා ගන්නේ ජීවිතයේ කලකිරීම අසතුට අතෘප්තිය සැනසුම නැතිවීම යන හේතූන් නිසාය. මහා ධනවතුන් පවා සැනසීමක් නැතිවීම නිසා සියදිවි නසාගත් සිද්ධීන් අපමණ තිබේ. සැනසුම අැත්තේ මිල මුදල මත නොව වර්ධනය කරගත් අාධ්‍යාත්මය සිතුවිලි අාකල්ප තුළය. අාධ්‍යාත්මය සිතුවිලි අාකල්ප හැඩගැස්වීම ධනාත්මකව පවත්වාගැනීමෙන් සියදිව නසා ගැනීමට පෙළඹීම පහවන්නේය. යම් අයෙකුට මානසිකත්වය හා අාකල්ප ඍනාත්මක වන්නේද ඔහු සියදිවි නසාගැනීමට පෙළෙඹෙන්නේය. ඒම නිසා සැනසුම කොතනද යන්න සොයා යාම සෑම අයෙකුටම පැවරුණු වගකීමකි. සැනසුම යනු තාවකාලික තෘප්තියක් නොව සදාකාලික සහනයයි. ඒය අත්පත් කරගත් අයට නියත ජය ලැබෙන්නේය. යහපතක් සිදුවූවිට සතුටු වීමද දුකක් අැතිවූ විට ඒයත් යහපතකි යැයි සිතා ඉවසීමද සිදුවන්නේ නම් සියදිවි නසාගැනීම පාලනය කළ හැකිය.




ශ්‍රීලංකාවේ සියදිවි නසාගැනීම පිටුපස දේශපාලනික ඍජු බලපෑමක් තිබේ. නිදහසින් පසු බලයට පත්වූ සෑම අාණ්ඩුවකම තීන්දු තීරණ ප්‍රතිපත්ති හේතුවෙන් ගොවීන් දහස් සංඛ්‍යාවක් ජීවත්වීමට වඩා මරණය උතුම් කොට සලකා දිවිනසාගත්හ. ඒ සෑම මරණයක් වෙනුවෙන්ම අාණ්ඩුව වගකිව යුතුය. දරුපවුලට කෑමටබීමට සොච්චමක් සොයාගත නොහැකිව පවුලපිටින් වසබී නැසී යෑම් ගණනාවක්වම වාර්ථා විය. රටේ අාර්ථිකයේ ප්‍රදාන කොටසු කරු ගොවියා වස පානයට පෙළෙඹෙන්න අදූරදර්ශි ඔලමොට්ටල දේශපාලන තීරණ නිසාය. ඊටත් ඒහා පවතින අාර්ථික ක්‍රමයේ ශාපය දහස් ගණන් ජීවිත වලට හේතුවිය. ඒ සමගින් ලෝකයේම අාශ්ෂර්යය අපි දිනුවෙමු. වසරක් දෙකක් නොව දශක ගණනාවක් අපි සියදිවි නසාගැනීමේ ශූරතාවය දිනුවෙමු. තවදුරත් අපේ ගමන යන්නට පවතින දේශපාලන හස්තය ශක්තිමත් කරමු. සුභ අනාගතයක් ලැබීමේ දිනය වැඩි අෑතක නැත. අපට හෙටක් වසකුප්පියේ පිහිටයි. 



No comments:

Post a Comment