Tuesday, August 16, 2016

අන්තවාදය හමුවේ යුතුකම





මේ මුස්ලිම් අන්තවාදී ගැටළුවට අප මුහුණ දිය යුත්තේ කෙසේද යන කාරණය හා සම්බන්ධවය. සමස්ථ මුස්ලිම් ප්‍රජාව අන්තවාදීන් නොවන බව ඕනෑම අයකු අවිවාදිතවම පිළිගන්නා බව නිසැකය. අන්තවාදීන්ට වුවමනා මුස්ලිම් අන්තවාදී පිරිස වැඩි කර ගැනුමට හා අන්තවාදී නොවුනත් අන්තවාදයද අවැසියයි සිතන සාමාන්‍යය මුස්ලිම් මිනිසුන් තනවා ගැනීමට යැයි තේරුම් ගැනීමට ඔවුනගේ සිත කියවිය හැකි ඉන්ද්‍රීය ඥානයක් අවැසි නැත. 

එසේ නම් අප එයට මුහුණ දිය යුත්තේ එම වුවමනාවන් පරාජය කිරීමෙන් නොවේද? මුස්ලිම් මිනිසුන් සිංහලයින්ගෙන් ඈත් කරවීම එම අන්තවාදී න්ගේ ප්‍රධාන වුවමනාව බව අප තේරුම් ගත යුතුය. මෙවැනිම වුවමනාවක් දෙමළ ජනයා සම්බන්ධව ප්‍රභාකරන්ට වූ බව අපි ඕනාවටත් වඩා දනිමු. එය එසේ සිදු වීම මුස්ලිම් අන්තවාදින් ලබන ජයකි. සිංහලයින් පමණක් නොව අන්තවාදීන් නොවන හැම මිනිසෙකුම ලබන පරාජයකි. එනිසා අන්තවාදීන්ට එරෙහිව කටයුතු කිරීමට අප සැම පෙළගැසිය යුත්තේ සාමාන්‍යය මුස්ලිම් ජාතිකයාගේ අගයන්වලට ගරු කරමින් ඔවුනගේ සිත පාරමින් ඔවුන්ද අන්තවාදයත් ඕනෑය යන මතයයකට තල්ලූ නොකරමින් බව අප අවධාරණය කළ යුතුය. 

එලෙස බැදීමකින් සම්පූර්ණයෙන් වෙන්වී ගිය කළ එදා සුද්දා අපට උගන්වා ගිය සහ නැවතත් තලු මරමින් ඉහත කී නඩයද වමාරන "උඹලා බහු ජාතික , බහු ආගමික, බහු සංස්කෘතික රටක්ය" යන කෙප්පය නැවත වරක් වර ගන්වා අප හිස මත පළන්දවනු නියතය. එනිසා රට ජාතිය වෙනුවෙන් කියා ගනිමින් මුස්ලිම් අන්තවාදී වුවමනාවන් ඉටු කර දෙන බටහිර සංචාර වලදී සංසේචනය වී මෙහි පමිණි පසු උපත ලද බෞද්ධ යයි කියා ගන්නා සංවිධාන අනුගමනය කරන පියවරයන්ද මුස්ලිම් අන්තවාදී වුවමනාවන් පිනවමින් අවසානයේ එම සංසේචනයට ශුක්‍රාණු දායාද කළ බටහිරයන්ට වුවමනා බහු ජාතික අනාගමික රාජ්‍යය බිහි කරවා දෙන්නක් බව දැන හැඳින ගැනීමට ද අප සමත් විය යුතුය. රටේ ඇණ කොටා ගැනීමක් වු විට එයින් ජය ලබන්නේ මුස්ලිම් අන්තවාදී වුවමනාවන් බව සියළු දෙනාම තේරුම ගෙන කරටයුතු කරනු වටී.


විමලසේන

Monday, August 15, 2016

ත්‍රස්තයින්ගෙන් ලිංගිකව බැට කෑ මල් කැකුළකගේ කඳුළු කතාව




හෝටල් ගානේ අපිව එක්ක ගිහින් සල්ලි වලට වික්කා, සමහරු එක්ක ඉන්න බෑ කීවම අපිට උණුවතුර වක්කරා


මගේ නංගිවත් උන් දූෂණය කළා
ත්‍රස්තයින්ගෙන් බැට කෑ මල් කැකුළකගේ කඳුළු කතාව

ලොවටම පිළිලයක් වී ඇති ISIS ත්‍රස්තයින් පිළිබඳව මේ වන විට ලොව ප්‍රධාන රටවල් රාශියක්ම ආවධානය යොමි කරමින් සිටිනවා. ඔවුන් සහමුලින්ම විනාශ කර දමන්නැයි කියමින් ISIS ත්‍රස්තයින්ගෙන් බැටකන බොහෝ පිරිසක් විදී බැස උත්ඝෝෂණ කරන්නටද වුණා.
කොපමණ මර්ධනයන් සිදුකළත් මොවුන්ගේ ක්‍රියාකාරකම් වැඩිවනවා මිස එහි අවසානයක් තමවත් පෙනෙන තෙක් මානයක නැති බවයි වීදි බැස සහනයක් පතන පිරිස් පවසන්නේ. අන්තර්ජාතික සංවිධානවල පවා දැඩි දෝෂදර්ශනයන්ට පාත්‍ර වූ මොවුන් පිළිබඳව රාජ්‍ය නොවන සංවිධානයකට තොරතුරු හෙළිකල තරුණියකගේ සෝචනීය පුවතක් පිළිබඳව මේ වන විට කතාබහක් ඇති වී තිබෙනවා.

චෙච්නියාවේ ජීවත් වූ ඇය හා ඇයගේ නැගණිය ඇතුළු තිදෙනෙකු ලිංගික වහලුන් ලෙස යොදවාගෙන ඔවුන්ට කෘර වදහිංසා පැමිණවීම සම්බන්ධයෙනුයි ඇය මෙලෙස තොරතුරු හෙළිකර ඇත්තේ. හෝටල් වලට ඔවුන්ව රැගෙන ගොස් ඉහළ මිළගණන් යටතේ ධනවත් පුද්ගලයන් වෙත භාර දී ඒ තුළින් මුදල් සොයාගැනීම මෙම ත්‍රස්තයින් වැඩිවශයෙන් සිදුකරණු ලබන බවට ඇය පවසා තිබෙනවා.


හෝටල් වලදී පමණක් නොව ඔවුන් ලිංගික වහලුන් ලෙස තබාගන්නා පිරිස්ද දිනපතා සිය අසරණකමින් ප්‍රයෝජන ගත් බවත් සිය නැගණිය පවා හිත් පිත් නැති ආකාරයෙන් ඔවුන් දූෂණය කළ බවටත් ඇය පවසා ඇත්තේ හැඬු කඳුලිනුයි.


යම් අවස්ථාවලදී තරුණියන් පොළිමේ සිටවා ඔවුන්ට මිල නියම කරන බවත් ඔවුන්හට විරුද්ධ වන මෙන්ම අකමැත්තෙන් යහන්ගතවන තරුණියන් හට උණුවතුර ශරීරයට හැලීමට පවා මොවුන් කටයුතු කරන බවයි පැවසෙන්නේ. විකෘති මානසිකත්වයෙන් යුතු ඇතැම් ඇය මෙම තරුණියක් මිළදීගෙන ඔවුන් සමඟ එකට වාසය කිරීමේදී දැඩි වද හිංසා වලට ලක්කර බවටත් ඇය පවසනවා.



කෙසේ නමුත් මේ වන විට තරුණියන් පිරිස ISIS මෙලෙච්ඡයින්ගෙන් මුදවාගෙන ඔවුන්ගේ පවුලවලට භාරදීමට එරට බලධාරීන් කටයුතු තිබෙනවා. මුස්ලිම් වෙසින් ත්‍රස්ථකම් කරන ව්‍යාජ ලෙස ඉස්ලාම් අාගමේ නමට මුවා වී කරනා දහසකුත් අපරාධවලින් ඒකකි මේ. ත්‍රස්ථයන්ගේ ගොදුරට ලක්වූ එම අහිංසක මුස්ලිම් තරුණියන් පවසන්නේ කෙලෙස හෝ මෙම අමනුෂ්‍යයින් වැනි ISIS ත්‍රස්තයින් මෙලොවින් තුරන් කළ යුතු බවයි.


Sunday, August 7, 2016

ප්‍රිස්මා සෝමාලියාවට පාන් දැම්මා වගේ.

ප්‍රිස්මා සෝමාලියාවට පාන් දැම්මා වගේ.

 ඇපල් අයිෆෝන් සඳහා පමණක් නිකුත්වූ ප්‍රිස්මා ඇප් එක බොහෝදෙනා අතරෆේස්බුක් වැනි සමාජජාල වෙබ් අඩවිතුල ජනප්‍රියවුනා. මෙය මගින් අපගේ ඡායාරූප ඉක්මනින් සහ පහසුවෙන් සිතුවමක් ලෙසට හරවගන්න පුලුවන්.

කාලෙන් කාලෙට එන රැල්ල අතරේ පසුගිය දවස් ටිකේ අන්තර්ජාලය පුරා ම කතා වුණේ පොකෙමොන් ගෝ සහ ප්‍රිස්මා ගැන යි. පොකෙමොන් ගෝ කියන්නේ AR හෙවත් වර්ධිත සත්‍යතාවයෙන් යුත් නවතම ආකාරයේ ක්‍රීඩාවක්. ඒත් මෙය තවම ආසියානු රටවලට ලබා දී නැත.මේ ප්‍රිස්මා කියන්නේ නැණවත් දුරකතන සඳහා වූ ඡායාරූප සංස්කරණ යෙදුමක්. මෙය ඇලෙක්සි මොයිසීන්කොව් නම් මෘදුකාංග සංවර්ධකයා අතින් ජුනි මාසයේදී ඇපල් iOS දුරකතන සඳහා නොමිලේ මුදා හැරි යෙදුමක්. මෙහි ඇති ඡායාරූප පෙරහන් සහ කෘත්‍රීම බුද්ධියෙන් යුක්තව ඡායාරූපවලට ස්වයංක්‍රීයව යොදන ඉහළ වෙනස්කම් නිසා බොහෝ දෙනෙක්ගේ සිත් ඇද බැඳ ගත්තා. විශේෂයෙන් iOS භාවිත කරන්නන් පමණක් මෙය වැඩිපුර භාවිත කරමින් සමාජ ජාල වෙබ් අඩවි හරහා තම ඡායාරූප බෙදාගත් නිසා “සෝමාලියාවට පාන් දැම්මා වගේ” යන නූතන කටවහරෙහි කියමන මතින් “ඇපල්වලට අලුත් ඇප් එකක් ආවා වගේ” කියලා කතාවකුත් ගොඩනැගුණා. මේ යෙදුම නිකුත් කර සතියක් යන්නටත් පෙර එය මිලියන 7.5ක බාගත කිරීම් සංඛ්‍යාවක් සහ මිලියන 1කට වැඩි සක්‍රීය පරිශීලක සංඛ්‍යාවක් ඇපල් හරහා පමණක් එය ලබා ගත්තා. එය රුසියාව සහ අවට රටවල ඇප් ස්ටෝර් එකෙහි ඉහළින් ම තිබෙන යෙදුමක් බවට ද පත් වුණා. මෙය ලැබූ ඉහළ ප්‍රතිචාර නිසා සහ විවිධාකාරයේ පිරිස නොමඟ යවන යෙදුම් ඇන්ඩ්‍රොයිඩ් ප්ලේ ස්ටෝර් එකේ බිහි වුණු නිසා සංවර්ධකයා විසින් ජූලි 19 වැනිදා ඇන්ඩ්‍රොයිඩ් සඳහා බීටා වෙළුමකුත් 24දා සිට අවසාන වෙළුමකුත් දැන් ගූගල් ප්ලේ වෙත නිකුත් කොට තිබෙනවා.
අනෙකුත් ඡායරූප පෙරහන් යොදන යෙදුම්වල සිදුවන්නේ අදාළ ඡායාරූපය ලබා දුන්නාට පසු ඒ පෙරහන කිසිදු වැඩිදුර සකස් කිරීමකින් තොරව ඒ මතුපිට ස්ථරයෙහි යෙදීමෙනුයි. එහෙත් ප්‍රිස්මා ඊට වඩා බුද්ධිමත් නමුත් එයට එය තනිව කරගන්නට බැහැ. ඉතින් ඔබ ඡායාරූපය ලබා දුන් වහා යෙදුම විසින් එය ඔවුන්ගේ සර්වර් වෙත උඩුගත කරනවා. අනතුරුව එහිදී ස්ථරමය-ක්‍රියා දාමයක් අතුරෙන් ඡායාරූපය සකස් කිරීමෙන් අවසානයේ නැවත දුරකතනයට බාගත කරගෙනයි ඔබට පෙන්වන්නේ. බොහෝ අවස්ථාවලදී ඡායාරූපයකට පෙරහනක් එක් කළ පසු ඔබට බලාගෙන ඉන්නට සිදුවන්නේ මේ නිසා යි. මේ ක්‍රියාවලිය සර්වර් හරහා කර ගැනීම නිසා පොරොත්තු කාලය වැඩි වුණත්, එමඟින් ඔබේ දුරකතනයේ ප්‍රොසෙසර සහ රැම් ධාරිතාවන් අඩුවෙන් භාවිත කරන අතරතුර ඒවා අඩු දුරකතනයක වුණත් යෙදුම ධාවනය වන්නට තරම් නිම් වළලු පුළුල් කොට ගන්නවා.
අද ලංකාවේ මෙන්ම බොලිවුඩයේ ව්‍යාප්ත වී ඇති සෙල්ෆිවල අලුත්ම දේ තමයි මේ "ප්‍රිස්මා" ඇප් එක. ඇපල් දුරකථන භාවිතා කරන අය සඳහා ලබාදෙන මෙම "ප්‍රිස්මා" වලින් බොහෝ අය තමන්ගේ ඡායාරූප සංස්කරණය කර ෆේස්බුක් සහ ට්විටර් වගේ සමාජ ජාලා ගිණුම්වලට එකතු කරනු ලබනවා. එවැනි "ප්‍රිස්මා" පුරුද්දක් ඇති බොලිවුඩ් නළු නිළියන් කිහිප දෙනෙක් ලෙස ආලියා බාත්, වරුන් ධවාන් සහ අර්ජුන් කපූර් යන අය.


ප්‍රිස්මා ඇප් මෘදුකාංගය iOS වලට හඳුන්වා දෙනු ලැබුවේ මීට සති 5කට පෙරතුව වුවත්, එය, රටවල් 40කට වැඩි ප්‍රමාණයක වැඩියෙන්ම බාගත කරගනු ලැබූ ඇප් මෘදුකාංගය බවට පත්ව තිබේ. මේ වන විට එය ලොව පුරා මිලයන 7.5 වරක් බාගත කරගෙන ඇත. ප්‍රිස්මා කිව්වොත් දැන් නොදන්න කෙනෙක් නැති තරම්. ඒ තරමට ප්‍රිස්මා app එක ලෝ පුරා අතිශය ජනප්‍රියත්වයට පත්වුණා. විවිධ අයුරින් ඡයාරූප නිර්මාණය කරගත හැකි මෙම app එක ඉතා විශිෂ්ඨ එකක් බවයි මෙය පරිශීලනය කළ බොහෝ දෙනා ප්‍ර‍කාශ කළේ. කෙසේ වෙතත් ප්‍රිස්මා පරිශීලකයන්ට තවත් සුභ ආරංචියක් මේ වනවිට විදෙස් මාධ්‍ය තුළ කතා බහට ලක්වනවා. ඒ ඡයාරූප වලට පමණක් සීමා වූ මෙම app එක වීඩියෝ සඳහා ද මේ වන විට අත්හදා බැලෙමින් පවතින බවයි.

ප්‍රස්මා මෘදුකාංගය මුලින්ම හදුන්වා දුන්නේ රුසියානු මෘදුකාංග අායතනයකි. ඒහි නිර්මාතෘවරයා අැලක්සි මොයිසින්කෝය. දැනට මෙෙ මෘදුකාංගයේ ෆිල්ටර් 33කට සීමා වන අතර ඉදිරියේදි තවත් ෆිල්ටර් හදුන්වාදීමටද බලාපොරොත්තු වෙයි.


යාපනේ දමිළ සහෝදරයාට කැළණියේ සිංහල සහෝදරයාගෙන් පිළිතුරක්

දයාබර යධාර්ථන් මිතුරා වෙතටයි….





පසුගියදා යාපනය සරසවිය තුළ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විවිධ මත මේ වන විට සමාජ ගත වෙමින් පවතී. මෙම ගැටුම සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ විද්‍යාර්ථීයෙකු විසින් තම අදහස් ලිපියකට ගොනු කරමින් සිංහල විශ්වවිද්‍යාල ප‍්‍රජාව වෙත යොමු කර තිබේ. මේ එම අදහසට පිළිතුර වෙනුවෙන් ලියැවෙන ලිපියයි.

දයාබර යධාර්ථන් මිතුර,

ඔබ ලියූ ලිපිය මා කියවූ අතර එය කියවීමෙන් පසු මෙම ලිපිය ලීවීම වෙනුවෙන් මා සූදානම් කරවූවා යැයි කිවහොත් මා නිවැරදියි. පසුගිය සතියේ යාපනය විශ්වවිද්‍යාලයේ ඇති වූ සිද්ධිය පිළිබඳව මා තවමත් හරි හැටි අවබෝධයකින් පසුනොවෙමි. සිදුවූවෙය් කුමක්ද හෝ ඊට වගකිව යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව හෝ මා හට අල්ප මාත‍්‍රයක හෝ දැනීමක් නොමැත. නමුත් මේවන විට දකුණේ පුවත්පත් හා විද්‍යුත් මාධ්‍යයන් උතුරේ මෙන්ම එම සිදුවීම පිළිබඳව පුරෝකථනය කොට වැරදිකරුවන්ට ද`ඩුවම් දීමටද නියමිත බව ඔබටත් ආරංචි වන්නට ඇති බව මාගේ හැගීමයි.

දයාබර යධාර්ථන් වසර 30 යුද්ධය මුලූමහත් ශ්‍රී ලංකාවටම ජාතියක්, ආගමක්, කුලයක් නොබලාම බැට දුන් බව ඔබත් මමත් හොඳින් දන්නා කරුණකි. මේ යුද්ධය නිසාවෙන් ඔබටත් මටත් රටටත් අහිමි වූ දේ මිල කළ නොහැකි බවද ඔබත් මාත් දන්නා කරණකි. ඔබත් මාත් රටත් හරි හැටි නොදන්නා කරුණ නම් මෙවන් වූ යුද්ධයක් ඇති වූයේ කෙසේද යන කරුණයි. අද ඇති වී තිබෙන තත්ත්වයද මීට සමාන බව දැන් ඔබට වැටහෙනවා ඇතැයි කියා මට හිතෙනවා. අප මරාගන්නේ කුමටද? ඇත්තටම හේතුවක් තිබෙනවාද? එසේත් නැතිනම් අප අන්‍යයන් වෙනුවෙන් පාවිච්චි වනවාද? අප පිළිතුරු සෙවිය යුත්තේ මෙයටයි.


ඒ වෙනුවෙන් මා ඉතිහාසය මදක් මතක් කරන්නනම්. මා සිතන ආකාරයට ඉංගී‍්‍රසි ජාතීන් විසින් 1815දී අප රට මුලූමනින්ම යටත් කර ගැනීමෙන් පසු අප රට තුළ ඔවුන්ගේ පාලනය ගෙන යාමේ පහසුව වෙනුවෙන් ඔවුන් විවිධ ආණ්ඩුක‍්‍රමයන් මෙරටට හඳුන්වා දුන්නා පමණක් නොව එමගින් අපගේ චිත්ත සන්තානයන් පවා පාලනය කිරීමට ඔවුන් උත්සාහ ගත්තා. එහි කූඨ ප‍්‍රාප්තිය ලෙස ව්‍යවස්ථාධායක හා විධායක සභාවන් වෙනුවෙන් සාමාජිකයන් පත් කිරීම ජාතිමූල පදනම මත සිදුවුණා. එහි ප‍්‍රතිඵලය වූයේ එතෙක් සාමකාමීව ගැටලූ විසඳාගත් අප සැම ජාතීන් වශයෙන් සිතා අප ගැටලූ විසඳා ගැනීමට එකිනෙකාගේ ජාතිය තුළ ගොඩ වැඩි කරගැනීමේ සටනක් සිදු කළා. එමගින් අප අතර එකිනෙකා වෙනුවෙනු තිබූ විශ්වාසය, ආදරය, ගෞරව වෙනුවට සැකය, වෛරය හා කුහකත්වය වර්ධනය වූවා. බටහිර ජාතීන්ට අවශ්‍ය වූවේද එයයි. අප ජාතීන් වශයෙන් භේද භින්න කර ඔවුන්ට එරෙහිව රටක් ලෙස අරගල කිරීමේ අවස්ථාව නැති කර දැමීමයි. එය ඔවුන් ඉතා සාර්ථක අන්දමින් සිදු පමණක් නොව සිංහළ, දෙමළ හා මුස්ලිම් යන සියලූ ජාතීන් ඊට කිසිඳු භේදයකින් තොරව හසු වීමද සිදුවිය . (මෙම ක‍්‍රමය දේශපාලන විද්‍යාවට අනුව බෙදා වෙන් කර පාලනය කිරීමේ උපක‍්‍රමය Divide and Rule Concept ලෙස දැක්වේ).මා මිතුර, එකළ සුද්දන්ගේ ගැට වලට හසු වූ අප සියලූ දෙන ඉන් කිසිඳු පාඩමක් ඉගෙන ගෙන නොමැති බවක් අද මෙම සිදුවන සිදුවීම් වලින් මනාව පෙනෙන්නට තිබේ


1948 දී සුද්දන් අප රට අතහැර ගියද ඔවුන් අප චිත්ත සන්තානයේ පැල කළ සැකය බිය අවිශ්වාස අප සිත් තුළ එලෙසින්ම තබා යෑමට කටයුතු කළෝය. ඒ ඔවුන්ට පසු මෙරට භාර ගැනීමට සැරසෙන ඔවුන්ගේ අනුගාමිකයන්ට කිසිඳු බාධාවකින් තොරව අපව හැසිරවීමට අවශ්‍ය ඉඩ කඩ සළසා දීමටයි. 50ට 50 ඉල්ලීම, සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම වැනි තත්ත්වයන් උදා වන්නේ එහි ප‍්‍රතිඵල ලෙස යැයි කීවොත් මා නිවැරදියි යැයි මට සිතේ. එවැනි තත්ත්වයන් තුළින් සිදුවූයේ අප ජාතීන් තුළ තව තවත් අවිශ්වාසය වර්ධනය වීමයි. එය පුපුරා යන්නේ 1983 අප රට ම්ලේච්ඡයන්ගේ පාරාදීසයක් බවට ලොව හංවඩු ගැසූ කළු ජූලියත් සම`ගය. මෙයද දේශපාලන න්‍යාය පත‍්‍රයක ප‍්‍රතිඵලයක් මත සිදු වූ සිද්ධි දාමයක් බවට අදට හෙළි වී හමාරය. නමුත් ඉන් ඇති කළ විනාශය මිල කළ හැකිද? විනාශ වූ ජීවිත මිල කළ හැකිද? ඉන් අනතුරුව වසර 30 පුරා දිව ගිය යුද්ධය අමතක කළ හැකිද? නැත. සිතීමට ඇත්තේ එක් දෙයයි ඒ අප එදා පාවිච්චි වූයේ කා වෙනුවෙන් ද යන්නයි. අප පාවිච්චි වූයේ අප ජාතීන් වෙනුවෙන් ද? අපේ සහෝදරයින් වෙනුවෙන් ද? නැත අප පාවිච්චි වූයේ අප ආදරණීයයන් වෙනුවෙන් නොව අප පාවිච්චි වූයේ දේශපේ‍්‍රමීන් යැයි කියාගන්නා ඊනියා දේශපාලකයන් හා ඔවුන් වෙනුවෙන් දර දිය අදින ආයුධ වෙළෙන්දන් වෙනුවෙන් බවයි.

මා ප්‍රිය මිතුර, අද තත්ත්වය ද එදා තරම්ම වෙනසක් නැත. පාලකයන්ගේ මුහුණු හා නම් පමණක් වෙනස් වී ඇත. නමුත් ක්‍රියා කිරීම එදාටත් වඩා අන්තය. එකෙක් නැති වූ බලය නැවත ලබා ගැනීමට අප අතර විරසක ඇති කිරීමට මාන බලද්දී තවකෙක් අමාරුවෙන් ලබා ගත් බලය ආරක්ෂා කර ගැනීමට අපව බිඳවීමට උත්සාහ දරයි. මෙයයි දේශපාලන කී‍්‍රඩාව අප එහි ඉත්තන් පමණකි. අප වැනි වූ ඉත්තන් ඉතා වේගයෙන් එහා මෙහා කිරීමට ඔවුන් දනියි. ඊට විවිධ සිද්ධි නිර්මාණය කරයි. පෝස්ටර්, පිළිම කැඞීම, කලූ තෙල් ගැසීම්, ජල පවිත‍්‍රකාරක සිද්ධිය මේ සියල්ල ඔවුන්ගේ න්‍යාය පත‍්‍ර වල කොටස්ය. ඊට ඔබත් මමත් ඇතුලූ සමස්ථ සමාජය හසු වී හමාරය. එහි ප‍්‍රතිඵලය පසුගියදා ඇති වූ ගැටුමය.

ගැටුම් තිබෙන තැන මීලග මැතිවරණයට ඔවුන්ට විකීණීමට දෙයක් ඇත. පසුගිය අවුරුදු තිහ පුරා ඔවුන් සිදු කළේ එයයි. එය ඉදිරියට ද කිරීමට ඔවුන් නොපැකිළව කටයුතු කරනු ඇත. සිද්ධි මවනු ඇත. දමිළ සමාජය හා සිංහළ සමාජය මින් බේරා ගැනීමේ වගකීම ඇත්තේ ඔබ හා මා දෑත් තුළය. ඔවුන්ට නිවැරදි මග පෙන්විය යුත්තේ අපය. ඒ අන් කවර හේතුවක් නිසාවත් නොව අප මෙරට ඉහළම අධ්‍යාපනය ලබන එම සමාජයන් සම`ගම හැදී වැඩුණු  එකම කොට්ඨාශය අප වන නිසාවෙනි. එහෙයින් තව දුරටත් අපව වෙන් කිරීමට ඔවුන්ට ඉඩ නොදීමේ වගකීමද පැවරී ඇත්තේ අපටමය. එබැවින් පාලනාධිකාරය ප‍්‍රශ්න විසඳනතුරු නොසිට ශිෂ්‍යයන් ලෙස අවබෝධයෙන් කටයුතු කර ප‍්‍රශ්න වලට විසඳුම් සොයා ගත යුතුය. එවිට ඔවුන්ට සිද්ධි මැවීමට හැකියාවක් නොලැබෙනු ඇත.

මා ප්‍රිය මිතුර මාගේ ලිපිය අවසන් කරන්නට මත්තේන් මා සවන වැකුණ ගාථාවකින් ලිපිය අවසන් කරන්නට මා කැමතියි. මේ ගාථාව කොසඹෑ නුවර කළහා කරපු භික්ෂූන් වහන්සේ පිරිසක් අමතා බුදු රජාණන් වහන්සේ දේශනා කළ ගාථාවකි

පරේචන විජානන්ති – මයමෙත්ත යමාමසේ
යේච තත්ථ විජානත්තී – තතෝ සම්මන්ති මේධගා

මෙහි තේරුම නම් මෙලෙස කෝළහළ කරන්න ගියහොත් විනාශ වන්නේ අපමය යන්න කෝළාහළ කරන උදවිය නොදන්නෝය. නමුත් කෝළහළ වලින් වැනසෙන්නේ අපමය යන්න ඔවුන්ට අවබෝධ වනවා නම් ඒ තුළින්ම කෝළහළය සන්සිඳෙන්නේය යන්නයි.

මා ප්‍රිය මිතුර අප අනුන්ට සිනහවක් වූ වාර අනන්තය වසර තිහ පුරා සිදුවූයේ ද එයයි. අප අනුනන්ට සිනහවක් නොවී අප එකිනෙකාට ආදරයෙන් සිනහ වෙමු, ප්‍රේමයෙන් වැළඳ ගමු. ඒ දවස වැඩි ඈතකට නොගෙන යාමට අප දෙදෙනා වග බලා ගනිමු.

ඔබට තෙරුවන් සරණයි!

මෙයට,
ඔබේ නොදුටු මිතුරා,
අයේෂ් මධුශංඛ

උපුටගත්තේ ගල්කටසෙන් වෙඩියක් කමිනි

මිනී මැරුමක සාක්ෂිය ගිරවෙක්ගෙන්.

මිනී මැරුමක සාක්ෂිය ගිරවෙක්ගෙන්.

ඝාතන නඩුවක් සඳහා සාක්ෂියක් වශයෙන් 'කතා කරන' ගිරවකු යොදා ගැනීම පිළිබඳ ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්ත රජයේ නීතිවේදීන්ගේ අවධානය යොමු වී තිබේ.
සිය ස්වාමිපුරුෂයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හතළිස් අට හැවිරිදි ග්ලෙනා ඩුරම්ට එරෙහිව නඩු පවරා තිබේ.
ඝාතනය සිදු වී ඇත්තේ ඔවුන් දෙපල විසින් හදා වඩා ගනු ලැබූ සුරතල් ගිරවා ඉදිරිපිටදී.
අඹුසැමි යුවලගේ වාදය කණ වැකුණු 'බඩ්' නමැති අළු ගිරවා තමන්ට ඇසීමට ලැබුණු අවසන් වදන් කීපය නැවත නැවතත් හඬ නගන බව මරණයට පත් පුද්ගලයාගේ ඥාතීහු විශ්වාස කරති.
කෙසේ වෙතත් ඉහත කී ගිරවා සාක්ෂියක් වශයෙන් යොදා ගත හැකි දැයි යන්න පැහැදිලි නොමැති බව රජයේ ප්‍රාදේශීය නීතිවේදියෙක් පැවසීය.
සිය සැමියාට පස් වරක් වෙඩි තබා ඇති බවට ග්ලෙනා ඩුරම්ට චෝදනා එල්ල වී තිබේ. ඉන් අනතුරුව වෙඩි තබා ගෙන සිය දිවි හානි කර ගැනීමට ඇය ගත් උත්සාහය ව්‍යවර්ථ වී ඇත.
'බඩ්' නමැති ගිරවාගේ වර්තමාන හිමිකාරිය වන මිය ගිය පුද්ගලයාගේ පෙර බිරිඳගේ විශ්වාසය වී ඇත්තේ ඝාතනය සිදු වූ රාත්‍රියේ සිදු වූ සංවාදයේ අවසන් වචන කීපය වන 'මරන්න එපා' යන්න ගිරවා හඬ නගන බවයි.
මරණයට පත් පුද්ගලයාගේ දෙමව්පියෝද එම අදහස අනුමත කරති.

උපුටා ගත්තේ බීබීසියෙනි.

Thursday, August 4, 2016

කොළඹ හතට හෙන හත වදියි.


කොළඹ හත යනු ඉහළ පැලැන්තිකයන්ගේ වාස භූමියයි. කොළඹ හත හෙවත් කුරුඳුවත්ත ප්‍රභූ පැලැන්තිය ජීවත්වන නිහඬ භූමියකි. නමුත් අද හෙට එම ප්‍රභූ පැලැන්තිය මහපාරට පැමිණීමට සැරසෙති. ඒ කොළඹ නගරයේ හදවත බඳු රොස්මිඩ් පෙදෙස, බාන්ස් පෙදෙස, කේම්බ්‍රිච් පෙදෙස, වොඩ් පෙදෙස, ටොරින්ටන් චතුරස්‍රය ආදි ස්ථානවල ජීවත් වන ජනතාවගේ මානව හැඟීම්වලට අනුගත නොවන සංවර්ධනය විසින් ජනිත කළ අනපේක්ෂිත ගැටලුවකි. එනම් ඒ ප්‍රදේශයේ සාමාන්‍ය නිවාස අතර ඉදිකෙරෙන දැවැන්ත ගොඩනැගිලි, නිවාස සංකීර්ණ හා තවත් නොයෙක් ඉඳිකිරීම් නිසා එහි මෙතෙක් දශක ගණනාවක් ජීවත්වූ සාම්ප්‍රදායික නිවාස හිමිකරුවන්ගේ ජීවතය බාධාවක් වී ඇත.

ඩබ්ලියු. ඒ. සිල්වාගේ ලක්ෂ්මි හෙවත් නොනැසෙන රැජිණ නම් වූ නවකතාවේ කුරුඳුවත්ත සසඳන්නේ ලන්දේසි හා ඉංගී‍්‍රසි යුගවල කුරුඳුවත්ත හා සමඟ ය. කාලයාගේ ඇවෑමෙන් කුරුඳුවත්ත ධන කුවේරයන්ගේ ප්‍රාසාද ඉදිවූ ප්‍රදේශය විය. 1922 දී ඩබ්ලියු. ඒ. සිල්වා දුටු කුරුඳුවත්ත මෑතක් වන තුරුම ඒ හැටි වෙනසක් වී තිබුණේ නැත. කොළඹ නගරය වුවද එහි අතිවිශාල තට්ටු ගෙවල් නැත. එහි ඇත්තේ ඉහළ ගෘහ නිර්මාණ තාක්ෂණයෙන් නිමවූ ඉංග්‍රීසි පන්නයේ නිවාස පමණි. වාතය ශබ්දය දූෂණය වී නැත. තදබයක් ඇත්තේ නැත. නිඬ පරිසරයකි. එහෙත් ඔහු එදා දුටු තුරඟ තරග පිටිය නම් අද එහි නැත. ඔහු දුටු මනහර පරිසරය ද නැත. ධන කුවේරයන්ගේ ප්‍රසාද නැත. ඒ වෙනුවට ඇත්තේ සුවිශල් ගොඩනැගිලිය. අහස උසට නැගෙන තට්ටු නිවාසය. මෙලෙස පෞරාණික වටිනාකමක් සහිත පැරැණි නිවාස මෙන්ම ඒ ප්‍රදේශයට ආවේණික පාරිසරික සාධක නසාගෙන මතුවන සංවර්ධනය තමන්ට ඉවසාගත නොහැකි බව කුරුඳුවත්ත ජනතාව මැසිවිලි නගති. සිය නිවාස අවට දැවැන්ත ඉඳිකිරීම් සිදුවෙද්දි පැරැණි නිවාස වලට විවිධ අලාභහානි සිදුවන බවත් තම එදිනෙදා ජීවිතයට එය බාධාවක් බවත් නිවැසියෝ චෝදනා කරති. ඔවුහු ඒ සම්බන්ධව බස්නාහිර පළාත් සංවර්ධන ඇමාත්‍යවරයාට පැමිණිල්ලක් ද කර තිබේ. ඒ සම්බන්ධව අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අදහස් දක්වමින් කියා සිටියේ.

කුරුඳුවත්ත ප්‍රදේශය උද්‍යාන නගර සංකල්පය යටතේ තමයි තිබුණේ. ඒත් දැන් ඒ තිබුණ නගර සැලැසුම බිඳවැටිලා කියලා චෝදනා කරනවා. ඒ ප්‍රදේශයේ ඉදිවන විශාල ගොඩනැගිලි, තට්ටු නිවාස හා මාර්ග තදබදය නිසා සාම්ප්‍රධායික පදිංචිකරුවන්ගේ නිවාසවලටත් ඔවුන්ගේ ජීවිතවලටත් කලබලයක් ඇතිවෙලා කියලා මට පැමිණිල්ලක් කළා. කලින් තිබුණ නීති පද්ධතිය 2007දී ඉවත් කරලා තමයි වාණිජ කටයුතුවලට අවසර දීලා තියෙන්නේ. අපි සංවර්ධන කටයුතුවලදී අපේ උරුමයන් ආරක්ෂා කරගන්නත් වගබලා ගන්න ඕනේ.

කුරුඳුවත්ත ප්‍රදේශයේ ඉඳිවන තට්ටු නිවාස පද්දති හා අනෙකුත් ගොඩනැගිලි හේතුවෙන් සිය පරිසරයට මෙන්ම කෞතුක වටිනාකමක් ඇති පැරැණි ගොඩනැගිලිවලටද හානි සිදුව ඇති බව එහි ජනතාව පවසති. මහල් පද්ධති ඉඳිකිරීමෙන් පැරැණි නිවාසවල බිත්ති ඉරිතලා හානි සිදුව ඇති අතර බොහෝ නිවාස අබලන්ව ඇති බවද ප්‍රදේශවාසීන් චෝදනා කරති. හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා විසූ වොඩ් පෙදෙස නිවසටද එවැනි හානියක් සිදුව ඇත. තම ප්‍රදේශයේ සිදුවෙමින් පවතින අවිධිමත් සංවර්ධන පිළිබඳව අදහස් දක්වන නම් හෙලි කිරීමට අකැමැති වොඩ් පෙදෙසේ පදිංචි ගෘහනිර්මාණ ශිල්පිනියක් ඉතා කණගාටුවෙන් මෙවන් අදහසක් ඉදිරිපත් කළාය.

මේ සිදුවන දේවල්වලින් හුගක් ප්‍රශ්න තියෙනවා. පොළව ගුරුගුරුගාලා වයිබ්රේට් වෙනවා. 1980 ගණන් වල නම් පර්චර්ස් 20කට වඩා අඩුවෙන් මේ ප්‍රදේශයේ කඩන්න තහනම්. දැන් මෙහෙ ඉඩම් පොඩි පොඩි කෑලිවලට කඩනවා. මේ විදිහට කරන්න හදන සංවර්ධනයෙන් ගස්, වතු සේරම විනාශ වෙලා යනවා. පරිසරයේ තියෙන පෙනුම නැති වෙලා යනවා. මෙහෙ ඉදිවෙන තට්ටු ගොඩනැගිලි නිසා අපේ පෞද්ගලිකත්වෙට හානියක්. කැමැති කැමැති අයට උස ගොඩනැගිලි ඉඳිකරන්න අවසර දෙන්න බෑ. මෙතැන්ට ගේන්න හදනවා තට්ටු හතලිහේ ගොඩනැගිල්ලක්. ඒක පොළවට දරාගන්නත් බැරිවෙයි. මේ සංවර්ධන කටයුතු හැම තැනම කරන්න බෑ. ඒවාට වෙනම ප්‍රදේශ තෝරගන්න ඕනෙ. යම්කිසි ප්‍රමිතිකරනයක් තියෙන්න ඕනෙ. අපි දියුණු වෙන ගමන් අපේ හොඳ දේවලුත් අපි ආරක්ෂා කරන්න දැනගන්න ඕනෙ.

තම නිවස අසල ඉදිව ඇති උස් ගොඩනැගිල්ල හා අවට ප්‍රදේශයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් නම් හෙළිකිරීම අකැමැති නොරිස් කැනල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු චෝදනා මුඛයෙන් මෙසේ කතා කළේය. මෙතෙන කොංක්‍රීට්  ජාලයක් වෙලා. අපිට ඉන්න හම්බෙන් නෑ. මේක විශාල ප්‍රශ්නයක්. මෙතෙන දැන් හයිරයිස් බිල්ඩිම් (උස් ගොඩනැගිලි) ගණනාවක් එනවා. ලබන මාසෙ ග්‍රගරීස් පාරේ තට්ටු හතලිස් ගාණක බිල්ඩිමක් හැදෙනවා. මේකෙන් පරිසරයට ලොකු හානියක්. නමුත් මේවට පාරිසරික වාර්තාත් දීලා තියෙනවා. ඉස්සර මෙහෙ තට්ටු දෙකේ ගෙයකට තිබ්බ දෙවනි ගේ තමයි මගේ ගේ. ඒත් දැන් මෙහෙ පොඩිම ගේ අපේ ගෙවල්. මේ වෙනස නිසා පාරවල් ලොකු කරන්න වෙනවා. ලොකු වාහන තදබදයක් ඇතිවෙනවා. වැසිකිළි අපවහන පද්ධති පුලුල් කරන්න වෙනවා. වොඩ් පෙදෙසේ හතර පස්පොලක මේ විදිහට එපාර්මන්ට් හදනවා. 1980 දී මේ කුරුදුවත්ත පොළොන්නරුව වගේ‍. ඇලක් ගලාගෙන ගියා. කොක්කු එනවා මාලු අල්ලන්න. හැම තැනම තණකොල වැවිලා තිබුණා. කඳුවැටි වගේ තිබුණා. යතා කාලේදි සංවර්ධනය කියලා කොංක්‍රීට් පුරවලා දැම්මා. ඔක්කොම නැති වෙලා ගියා. දැන් හදන්නේ අපිවත් මෙහෙන් පන්නලා දාන්න. මෙහෙ හිටපු හුඟක් මිනිස්සු ගෙවල් විකුණලා දාල යන්න ගියා.

කොළඹ හත ප්‍රදේශයේ සිදුවෙමින් පවතින සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් වගකිව යුතු තැනැත්තා වන නාගරික සංවර්ධන අධිකාරයේ සභාපති ජගත් මුණසිංහ මහතාගෙන් අප මේ සම්බන්ධයෙන් විමසුවෙමු. ඕනෑම නගරයක් විකාශනය වෙනවා. ඉස්සර කොළඹ නගරය තිබ්බෙ කොටුවේ විතරයි. දැන් තියන කොළඹ හත වගේ ඉස්සර නිවාස තිබ්බෙ පංචිකාවත්ත, ග්‍රේන්ඩ්පාස්, මෝදර වගේ ප්‍රදේශවල. නමුත් නගරය විකාශනය වෙද්දි ඒවා සංවර්ධන භාවිතාවන්ට ගන්න වුණා. එතකොට ඒ ප්‍රදේශ වාසස්තානයට නුසුදුසු නිසා වෙනත් ප්‍රදේශවලට ජනතාව ගියා. දැන් කොළඹ හතත් නේවාසික තත්වයෙන් බැහර වෙලා වාණිජ ප්‍රදේශයක් වෙලා තියෙනවා. නගරය විකාශනය වෙද්දි මේ දේවල් සිද්ධ වෙනවා. මේ දේවල්වලින් අපි මිදෙන්න උත්සහ කිරීම රටේ ආර්තිකයට කරන ලොකු පාඩුවක්.

නාගරික සංවර්ධන අධිකාරය කරන්නේ නගර සැලසුම් කිරීම. 1980 සැලැස්මක් හැදුවා. ඒක 2008 යාවත්කාලින කළා. ඒ සැලැස්ම අපි මහජනතාවට ඉදිරිපත් කරළා දින හැටක් තිස්සේ ඔවුන්ගේ අදහස් විරෝධතා හා නිරීක්ෂණ ඉල්ලුවා. පත්තරවල අපි දැන්වීම් පළකළා. ඉන්පසුව ඒ වාර්තාව අනුව තමයි අපි සැලසුම ඇමතිවරයා හරහා ගැසට් කරලා නීතියක් හැදුවේ. ඒ සැලැස්මට අනුව වොඩ් පෙදෙසේ කොටසක් මිශ්‍ර සංවර්ධන කටයුතුවලට යන්න පුලුවන්. ඕනෙ උසකට ගොඩනැගිලි හදන්න පුලුවන්. ඉතිං කවුරු හරි ගොඩනැගිල්ලක් හදන්න අවසර ඉල්ලද්දි අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. හේතුව නීතියක් තියෙනවා. අපි අනෙකුත් සාධකත් සළකා බලලයි අවසර දෙන්නෙ. ඒකට සමාන්තරව අපි මාර්ග තදබදයට විසුදුම, ජල සැපයුම, මලපහ අපවහනය, සඳහා කොළොම්බු මෙට්රෝපෝලියන් ව්‍යාපෘති ඇතුලු තවත් ව්‍යාපෘති කරනවා. ඒකේ පුංචි ප්‍රමාදයක් තිබුණත් දිගටම සිදුවෙමින් තියෙනවා. මේ දේවල් අපි කරන්නේ සංවර්ධනයට ඔරොත්තු දෙන්න. ඇත්තටම ප්‍රදේශවාසීන්ට අපහසුතාවයක් තියෙනවා. අපේ මේ ව්‍යාපෘතිය අවුරුදු තුනයි. අවුරුදු තුන ඇතුළත මේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබෙයි. අපි විශේෂ නේවාසික කලාපයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒවායේ අපි තිබ්බ පෞරාණික පරිසරය සුරකිනවා. එහෙ කිසිම වෙනසක් කරන්න අවසර දෙන්නෙ නෑ.

මේ සංවර්ධන ගැටලුව කොළඹ ප්‍රධානම පුරවැසියන් හා පාලනධිකාරය අතර දෙපැත්තට දෝලනය වෙමින් තිබෙ. දෙපිරිස අතුරින් ඉස්මතුවන පාර්ශවය කවුදැයි කිව නොහැකිය. නමුත් සංවර්ධනය කටයුතු සිදුකිරීමේදි මෙවන් ප්‍රායෝගික ගැටලු මතුවිය හැකිය. එහෙත් එම ගැටලු සඳහා තිරසාර විසඳුමක් අවැසිය. එයට සංවර්ධනය වූ රටවල් පූර්වාදර්ශ කර ගත හැකිය. මේ ගැටලුව සඳහා අවසාන වශයෙන් ගන්නා විසඳුම කෙසේවේදයි කොළඹ හත ජනතාව පමණක් නොව මෙරට සෑම පුදගලයෙකුගේ අවධානය යොමු වී තිබේ.





සකීෆ් සාම් තන්වීරි.

Tuesday, August 2, 2016

මිනීමරු රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගනු.

මිනීමරු රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගනු.



පට්නි රාසික් නම් මානව හිමිකම් ආරක්ෂකයා පැහැරගෙන ගොස් ඝාතනය කර, වසර හයක් ඉක්ම යමින් ඇත. 2010 පෙබරවාරි 11 වනදා පොලොන්නරැවේදී පට්නි රාසික් අතුරැදහන් කළ අතර පසුව ඔහුගේ මළ සිරුර 2011 ජූලි 28 දා වාලච්චේන, ඕටමාවඩි ප්‍රදේශයේ අඩක් නිමැවූ නිවසක පොළව යට වළ දමා තිබී සොයා ගැනුනි. මානව හිමිකම් ආරක්ෂකයකු වූ පට්නි රාසික්(55), පුත්තලම දිස්ත්‍රික්කය මූලික කරගත් ප්‍රජා භාරකාර අරමුදල නම් රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානියකු ලෙස ක්‍රියාකාරී විය.(රාසික් අතුරැදහන් කිරීමෙන් පසු, රිෂාඩ් ඇමතිවරයාගේ මැදිහත් වීමෙන්, රාජ්‍ය නොවන ලේකම් කාර්යාලය විසින් මෙම සංවිධානයේ පාලනය පවරා ගත් අතර හමුදා මේජර්වරයෙක් යටතේ මෙය පාලනය වූ බව එවකට වාර්තා විය.) එසේම මානව හිමිකම් සහ සංවර්ධනය සදහා වන ආසියානු පදනමේ ද (FORUM-ASIA) (www.forum-asia.org) රාසික්, ප්‍රභල ක්‍රියාකාරිකයෙක් ද විය.
කෙසේ නමුත් රාසික් ඝාතනය කර වසර 6ක් ඉක්ම යමින් තිබියදී ද පට්නි රාසික් ඝාතනය කළ ඝාතකයින් සොයා ගැනීමට තවමත් නොහැකි වී තිබේ. ඒ පිළිබදව තවමත් අධිකරණය තුල නඩුවක් සුපුරැදු පරිදි කල් දමමින්, කල් දමමින් ඉදිරියට ඇදෙයි.

රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා සම්බන්ධ බව,
‘‘අපි කවුරැත් රිෂාඩ් ඇමතිතුමා තමයි මේකට පිටුපස්සේ ඉන්නේ කියලා කියන්න ඉස්සරහම එතුමා මාධ්‍ය සාකච්ඡාවක් දාලා කිව්වා, ‘‘මම නෙවෙයි මේකෙ පිටි පස්සේ ඉන්නෙ කියලා‘‘ ඒක නිසාම අපේ ජනතාවට වැඩි සැකයක් ඇති උනේ ඇයි මේක එයාට දාගන්න ඕන කියලා.‘‘ යනුවෙන් රාසික් ගේ අවසන් කටයුතු නිම වී පැවති රැස්වීමේදී(August 3, 2011) පුත්තලම නගර සභාවේ, සභාපති,කේ.ඒ.බායිස් පැවසූවේ ය. එපමණක් ද නොවේ රාසික් ගේ අවමගුල් දිනයේදී රිෂාඩ් අමැතිවරයාත් ඔහුට සම්බන්ධ පුද්ගලයන් ගැනත් රැස්ව සිටි ජනතාව සිය ප්‍රභල විරෝධයක් පෑවේ ප්‍රසිද්ධියේම ඔවුන්ගේ නම් ප්‍රකාශ කරමින්ය. නමුත් කවමත් රිෂාඩ් බදියුඩීන් නම් ඇමතිවරයා රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙක් ය. පට්නි රාසික් නම් මානව හිමිකම් ක්‍රියාකාරිකයා ඝාතනය කර වසර 4ක් යන මොහොතේත් සියලු තැන්හි ඔහු හොදින් සැරිසරන්නේ ය.
ආරක්ෂක ලේකම්වරයා සහ රිෂාඩ් ඇමතිවරයා
‘‘ඒ ගොල්ලෝ ඔක්කොම ටෙලිෆෝන් වලින් මෙයා තමයි කියලා කියලත්, ඊට පස්සේ පොලීසිය අපිට කිව්වා ‘අපිට අතගහන්න බෑ’ ලොකු තැන්වලින් මේක නතර කරන්න කියලා කියලා තියනවා කියලා’ ඒ ගොල්ලෝ ඒකට පැටලෙන්න කැමති නැ කියලා. නමුත් පුත්තලං ජනතාව ඔකකෝටම දන්නේ රිෂාඩ් අැමතිතුමා, ආරක්ෂක ලේකම්තුමාට කියලා මේක නතර කලා කියලා තමයි පුත්තලම් ජනතාව සේරමලා දන්නේ.‘‘ යැයි එයටම සහභාගී වූ ගම් වැසියෙක් ප්‍රකාශ කලේත් එදිනමය.



සම්පූර්ණ සිදුවීම.

මීට අවුරුදු හයකට පෙර එනම් 2010 මාර්තු 11 වනදා පැහැර ගෙන ගොස්, අතුරුදන් කරන ලද පට්ටානි රාසික් මහතාගේ සිරුර ජූලි 28 දින මඩකලපුව ඔට්ටමාවඩ්ඩි ප්‍රදේශයේ කහවත්ත නම් ගමේ ඉදි කරමින් තිබෙන නිවසක් ඇතුළේ වළදා තිබියදී කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ගොඩ ගෙන තිබේ.
අපරාධ කොට්ඨාසය මගින් රාසික් මහතාගේ මෘත දේහය ගොඩ ගෙන ඇත්තේ ඔහුගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සබ්දීන් නව්ෂාඩ් සහ ස්මයිල් මොහොමඩ් මුස්ඩීන් යන සැකකරුවන්ගෙන් අනාවරණය කර ගත් තොරතුරු මතය. නව්ෂාඩ් කිලිනොච්ච්ි ප්‍රදේශයේ සැඟවී සිටියදී අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව ඔහු විසින් කළ ප්‍රකාශයකට අනුව මුස්ඩීන් අත්අඩංගුවට ගෙන ඇත. රාසික් මහතාගේ සිරුර වළ දමා තිබී ඇත්තේ මුස්ඩීන්ගේ මාමා කෙනෙකු කියන පුද්ගලයෙකුට අයත් අඩක් නිම කළ නිවසක් තුළය.
ජූලි 28 වන දින ගොඩගත් රාසික් මහතාගේ සිරුර මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තබන ලදි. පසුව අගෝස්තු 02 දා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා රාසික් මහතාගේ සිරුර එදිනම සවස නිවසට භාර දී ඇත.
මුස්ලිම් ආගමේ චාරිත්‍ර අනුව, රාසික් මහතාගේ සිරුර අගෝස්තු 03 වනදා මිහිදන් කරන ලදි. පුත්තලම සමීරගම ග්‍රාම සේවා කොට්ඨාසයේ හිටපු ග්‍රාම නිලධාරියකු මෙන්ම එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරියකු ලෙස ද රාසික් මහතා සේවය කොට ඇත.
රාසික් මහතා 2010 මාර්තු 11 වන දා පැහැර ගෙන යන තෙක්, ඔහු පුත්තලම් දිස්ත්‍රික්කයේ ප්‍රජා භාරකාර අරමුදල් (සී. ටී. එෆ්.) ආයතනයේ කළමනාකරු වශයෙන් කටයුතු කර ඇත. රාසික් මහතා දරුවන් සය දෙනෙකුගේ පියෙකි. ඔහුට පිරිමි දරුවන් දෙදෙනෙක් සහ ගැහැණු දරුවන් සතර දෙනෙක් සිටිති.
සමීරගමේ ලොකු පොඩි කවුරුත් රාසික් මහතා ආදරයෙන් හැඳින්වූයේ ජී. එස්. කියාය. රාසික් මහතා පැහැර ගෙන ගොස් මරා දැමීම සම්බන්ධ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන නව්ෂාඩ් කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බද්යුද්දීන්ගේ ලේකම්වරයෙකි. රාසික් මහතා අතුරුදන් කළ 2010 මාර්තු 11 වන දා පාන්දර 05 ට පමණ තව දෙදෙනෙකු සහ රියැදුරු සමඟ ප්‍රජා භාරකාර ආයතනයට අයත් වෑන් රථයෙන් පොළොන්නරු බලා ගොස් ඇත.
ඔහු පොළොන්නරු බලා ගොස් ඇත්තේ, එදින එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක තිබූ රැස්වීමකට සහභාගි වීම සඳහාය. ඔහු තම බිරිඳගෙන් සහ දරුවන්ගෙන් සමුගෙන පොළොන්නරුව බලා ගියේ නැවත නොඑන්නට බව, රාසික් මහතා ගොදුරු කර ගන්නට බලා සිටි නව්ෂාඩ්ලා හැර වෙන කවුරු හෝ දැන සිටියේ නැත. ඒ බව දැන ගන්නට තරම් ජගතෙක් මේ මිහිපිට ද නැත.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවේ පැවති රැස්වීම සවස 2 ට පමණ අවසන් වී ඇත. පසුව රාසික් මහතා පොළොන්නරු කදුරුවෙල මුස්ලිම් පල්ලිය අසලදී වෑන් රථයෙන් බැස ගෙන ඇත.
රාසික් මහතා එදින සවස 03 ට පමණ පල්ලියට ගොස් නැවත තවත් පුද්ගයෙකු සමග එළියට පැමිණ තිබේ.
රාසික් මහතා ඔහුගේ හිතවතෙකු යැයි පැවසූ කෙනෙකු සමග වාලච්චේන ප්‍රදේශයට ගොස් ඇති බව පොළොන්නරු කොට්ඨාසය බාර ජ්‍යෙAෂAඨ පොලිස් අධිකාරී එම්. සිරිල් ප්‍රානන්දු මහතා විසින් රාසික්ගේ පුත්‍රයා වන ආර්. පිස්කාන් මහතා වෙත 2010 ඔක්තෝබර් 25 දා එවන ලද ලිපියේ සඳහන් කර ඇත.
රාසික් මහතාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ සහ ඥාතීන් විසින් 2010 පෙබරවාරි 12 වන දින මුන්දලම පොලිසියේ සී. ආර්. බී. 02 33/175 යන පැමිණලි අංකය යටතේද 2010 පෙබරවාරි 14 වන දා පොළොන්නරු පොලිසියේ එම්. ඕ. අයි. බී. 322/328 දරන පැමිණිලි අංකය යටතේද 2010 පෙබරවාරි 15 වන දා පුත්තලම පොලිසියේ සී. අයි. බී. 389/187 දරණ පැමිණිලි අංකය යටතේද පැමිණිලි කොට තිබේ.
රාසික් මහතාගේ බිරිඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පැමිණිලි අංක එච්. ආර්. සී. /3170/10 යටතේ 2010/4/15 වන දින පැමිණිල්ලක්ද කර ඇත.
මීට අමතරව ප්‍රජා භාරකාර ආයතනය මගින් 2010 මාර්තු 14 වන දා පොළොන්නරු පොලිසියේ එම්. ඕ. අයි. සී. 113/313 දරන අංකය යටතේ ද පැමිණිල්ලක් කර තිබේ.
රාසික් මහතා අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සැකපිට නව්ෂාඩ් මුන්දලම පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට සොයද්දී, ඔහුගේ සොහොයුරෙකු වන සහාබ්දීන් ලක්මාන් නමැති අය සැකකරුට අපේක්ෂිත ඇපයක් ඉල්ලා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට (41114/10/ඡ දරන අංකය යටතේ) ඇප ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කරන ලදි. එම ඉල්ලුම් පත්‍රය මගින් නව්ෂාඩ් දේශපාලන සම්බන්ධතා කදිමට මෙසේ අනාවරණය කොට තිබේ.
දේශපාලන වශයෙන් තමන් වන්නි දිස්ත්‍රික්කයේ ජනතාව අතර කරපු සේවාවද තමන්ව සහාය කරගෙන සේවය කරපු කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රිසාඩ් බද්යුදීන් මහතාගේ සේවාවන්ට හා අනාගත දේශපාලනයට බාධාවීම හා කීර්ති නාමයට හානි සිදුවීම හැකි බවය.
රාසික් මහතා පැහැර ගෙන ගිය අවස්ථාවේ ඔහු ළඟ තිබූ ජංගම දුරකථනයෙන් (අංකය 0714242607) රාසික් මහතාගේ ඥාතියෙකුට 2010 මාර්තු 23 දා කථා කොට ඔහු නිදහස් කරන්නට කෝටි 02 ක කප්පම් මුදලක් ඉල්ලා ඇත.
පසුව එම දුරකථන අංකයෙන්ම කථා කර, කොළඹ ගුණසිංහපුර මුස්ලිම් පල්ලියට එන්න යැයි කියා එහි තබා ඇති කළු බෑග් එකක් ගන්නැයිදන්වා ඇත. එම බෑග් එකේ රාසික් මහතාගේ ඇස් කන්නාඩි දෙක, රියැදුරු බලපත්‍රය සහ ඔරලෝසුව ඇතුළු ලියවිලි කීපයක් තිබී ඇති අතර පසුව එම ලියවිලි ඔහුගේ ඥාතීන් විසින් පොළොන්නරු පොලිසියට බාර දී තිබේ.
රාසික් මහතා දුරකථන සිම් කාඩ් 03ක් පාවිච්චි කොට ඇති අතර අධිකරණ නියෝගයක් මත එම සිම් කාඩ් අයත් මොබිටෙල් සහ එයාටෙල් ආයතනවලින් ලබාගත් වාර්තා පරීක්ෂා කරද්දී, ඔහු අතුරුදන් වූ දිනයේ රාසික් මහතාගේ දුරකථනයට වැඩිපුරම ඇමතුම් ලබාගෙන ඇත්තේ 0714406793 අංකයෙන් බව තහවුරු විය. එම දුරකථනයේ සිම් අංකය 352880100917420 වන අතර හැඳුනුම්පත් අංකය 632721412 ඪ ලෙස හඳුනාගෙන තිබිණි. එම දුරකථන අංකයේ හිමිකරු වන්නේ අංක 414 ම/නාගවිල්ලුව, පුත්තලම පොලිස් වසමේ පදිංචි සහාබ්දීන් නව්ෂාඩ් බවට පොලිස් විමර්ශන මගින් තහවුරු කරගෙන තිබුණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නඩුවක් නඩු අංක: බී. ආර්. 177/10/පී යටතේ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇත.
නව්ෂාඩ්ට එරෙහිව පැමිණිලි සහ තහවුරු කළ හැකි සාක්ෂි තිබියදීත් ඔහු අත්අඩංගුවට නොගන්නේ බද්යුදීන් අමාත්‍යවරයා ගේ බලපෑම නිසා යැයි පුත්තලමේ ජනතාව පවසති.
අතුරුදන් වූ තම ස්වාමි පුරුෂයා සොයා දෙන්නැයි රාසික් මහතාගේ බිරිඳ වන නූර්මිනාර් රාසික් මහත්මිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත 2010 මාර්තු 23 දාතමින් ලිඛිත ඉල්ලීමක් කොට ඇත.
පුත්තලම ප්‍රජා භාරකාර අරමුදලේ මුදල් රාසික් විසින් සොරකම් කර ඇතැයි යන චෝදනාව එල්ල කොට ආරක්ෂක අමාත්‍යාංශය මගින් එම රාජ්‍ය නොවන සංවිධානයේ පරිපාලනය තමන් වෙත පවරා ගන්නට කටයුතු කළ අතර දැන් එහි පාලක මණ්ඩලය පත්කොට තිබෙන්නේද ආරක්ෂක අමාත්‍යාංශයෙනි.
ප්‍රජා භාරකාර අරමුදලේ මුදල් සහ දේපල සොරකම් කර ගෙන රාසික් පැනගොස් ඇතැයි ඔහු පැහැර ගත් අය ප්‍රචාරයක් ගෙන ගියේය.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැර ගත් පිරිස ඔහුට එරෙහිව මේ වැනිම ආකාරයෙන් ප්‍රචාරයක් ගෙන යන ලදි.
රාසික් මහතාගේ චරිතය විනාශ කිරීමට සැලසුම් සහගතව ප්‍රචාරය ගෙන ගිය සහ එම චෝදනාවම එල්ල කොට ප්‍රජා භාරකාර ආයතනය පවරා ගත් ආරක්ෂක අමාත්‍යාංශයද ඔහු පැහැර ගෙන ගොස් රඳවා ගෙන පසුව මරා දැමීමට වක්‍රාකාරයෙන් හෝ වගකිව යුතු නොවේද?


රාසික් මහතා අතුරුදන් වූ දිනයේ පොළොන්නරු කදුරුවෙල පල්ලියේදී නව්ෂාඩ්ට ඔහු මුණ ගැසී ඇත. බළලා මල්ලෙන් එළියට පනින්නාක් මෙන් අපේක්ෂිත ඇපයක් ලබා ගැනීමට නව්ෂාඩ් විසින් ඉදිරිපත් කරන ලද අයදුම් පත්‍රයේ මෙසේ සඳහන් වේ.
එරාවුර් යන ගමන් ආගම සිහි කිරීම සඳහා පොළොන්නරු කදුරුවෙල පල්ලියට ගියා. එහිදී රාසික් මහතා හමු වී සුහදව කථා කළ බව නව්ෂාඩ් පිළිගෙන ඇත.
ඔහු එදින පොළොන්නරු පල්ලියට ගොස් ඇත්තේ රිසාද් බද්යුදීන්ගේ ලේකම් සහ ඔහුගේ සොහොයුරා වන රියාෆ් බදියුදීන් සහ ඔවුන්ගේ ආරක්ෂකයන් සමගය.
රාසික් මහතාගේ දරුවන්, ඥාතීන් පුත්තලමේ ජනතාව සහ එක් රාජ්‍ය නොවන සංවිධානයක් නොවන්නට ඔහුගේ ඝාතනය කාලයත් සමග සැඟවී යන්නට ඉඩ තිබුණි.
රාසික්ගේ පුත්‍රයා වන ආර්. රිස්කාන් මහතා- අවුරුදු 31 අදහස් දක්වමින් මෙසේ කීය: සී. ටී. එෆ්. සංවිධානය ආරම්භ කරන්නේ 1993 දී. තාත්තා ඇතුළු පස් දෙනෙකුගෙන් තමයි මුලදී පටන් ගත්තේ. මුලතිව්වලින් එක් අයෙකුයි, මන්නාරමෙන් දෙන්නයි, පුත්තලමෙන් සහ යාපනයෙන් එක් අයෙකු බැගින් පත් කර ගෙන තිබුණා. සී. ටී. එෆ්. ආයතනයේ ප්‍රධානියා මන්නාරමේ මිහිමන් මුස්තාපා 2004 වර්ෂයේ තීන්දුවක් ගත්තා අවුරුදු 05න් පහට නායකත්වය මාරු කරන්න. නමුත් එම තීන්දු 2009 ක්‍රියාත්මක වුණේ නැහැ.
සුනාමියෙන් අවතැන් වූ ජනතාවට විශාල සේවයක් සී. ටී. එෆ්. ආයතනයෙන් කළා. පස්සේ මුස්තාපා සමග වැඩ කරන්න බැහැ කියලා තාත්තා සී. ටී. එෆ්. ආයතනයේ මුදල් පුත්තලමේ මුස්ලිම් ජනයා නඟා හිටුවන්න යෙදෙව්ව. මුස්තාපා සහ නව්ෂාඩ් අතර හොඳ සමීප සම්බන්ධකමක් තිබුණා. සී. ටී. එෆ්. ආයතනයේ සේවය කළ යාෂින් සමග නව්ෂාඩ් ප්‍රකාශ කරලා තියෙනවා තාත්තා හමුදා බුද්ධි අංශය ලවා උස්සනවා කියලා. සංවිධානය ඇතුළේ ගොඩක් ප්‍රශ්න තිබිල තියෙනව. සී. ටී. එෆ්. ආයතනයේ කෝටි ගණනක් මුදල්වලට ආයතනයේ අය වගේම ප්‍රදේශයේ දේශපාලනඥයොත් ඇස ගසා හිටියා.

මේවගේ මරා දැමීම්වලට කියන්න තියෙන්නේ පුහුළ් හොරා කරෙන් දැනේ කියලා නෙවෙයි.. පුහුල් හොරා මූනෙන් සහ කියන දේවල් වලින් දැනේ කියලා.. රිෂාඩ්ගේ හැසිරීම හා රිෂාඩ්ට සතුව ඇති අතිවිශාල වත්තකම ඔහුට ලැබුණේ කෙසේද? තම පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී දූරය පුත්තලමට දුන්නේ පුත්තලම් ජනතාව තමන්ට එරෙහිවීම වැළැක්වීමටද? පසුගිය ආණ්ඩුවේ මෙන්ම මෙම ආණ්ඩුවේද මෙවන් මිනීමරු දේශපාලඥයෙකුට ඇමතිදූර දෙන්නේ ඇයි? 
රිෂාඩ් රාෂපක්ෂ පවුලේ අයෙකු නම් ජනතාවගේ හා ආණ්ඩුවේ හැසිරීම මීටත් වඩා වෙනස්ය.


 සැකසුම සකීෆ් සාම් තන්වීරි. රාවය හා විකල්පයෙනි.

Monday, August 1, 2016

ඇසයිලියාට වරදියි.






2014 වසන්ත සමයේ ඇමරිකානු ගායකයන්ගේ ශ්‍රේණිගත කිරීම් වල ඉහළම ස්තානය අත්කරගන්න පුලුවන් වුණේ ඉගි ඇසයිලියාටයි' නමුත් 2015 ගිම්හානය වෙද්දි එම ඔස්ටේ‍රලියානු සම්භවයක් සහිත රැප් ගායිකාව සිය සංචාරයන් සියල්ල අවලංගු කරගන්නටත් සෑම ප්‍රසංගයක්ම අත්හැර දැමීටත් ඇගේ පැවැත්ම වෙනුවෙන් සටන් කරන්නටත් සුදුවිය' කුමක් ද ඇයට සිදුවුණේ? අපි යොමු වන්නේ ඇසයිලියාට වැරදුනු තැන් පිළිබඳවයි'

ඇසයිලියා 2014 වර්ෂයේ හොට් ගායකයන් සිය දෙනා අතර තනි ආධිපත්‍යයක් දැරීය' ඒ ඇගේ හිට්ම සින්දුව වූ ෆැන්සි හා ඈ විසින් රැප් කළ එරීනා ග්රූන්ඞ්ගේ ප්රබ්ලම් ගීතයන් මගිනි. එම වර්ෂයේ මැයි මසදී ශ්‍රේණිගත කිරීම් වල මුල් ස්ථානයන් දෙකම තමා සන්තකයට ගත් පළමු තරුව බවට ඇය ඉතිහාසගත වූවාය' ඇගේ ෆැන්සි ගීතය පළමු තැන ගනිද්දී ප්රබ්ලම් දෙවන තැන අත්කර ගත්තේය' ඇසයිලියා අඛණ්ඩව සති හතක්ම පළමු ස්ථානයේම රැඳෙන්නටත් සමත් වූවාය' එම වසරේ වසන්තයේ ගීතය බවටත් ඇගේ එම ගීත පත්විය'

2014 සැප්තැම්බර් මසදී ඇසයිලියාගේ ඇද වැටීම හා අපකීර්තිය ආරම්භ විය' මෙම රැප්ගායිකාවගේ ලිංගික වීඩියෝ පටයක් Kardashian ඇතුලු වීඩියෝ බෙදා හැරීම් සමාගම් ගණනාවක්ම මිලදී ගෙන තිබුණs' ඒවා මුදාහැර  ඇත්තේ ඇසයිලියාගේ කලින් පෙම්වතා වූ හෙෆෙ වයින් විය හැකිය' ඔහු ඇසයිලියාගේ ගීතයන් හිට්වීමට පෙරම ඇගේ ගීතයන් වල අයිතිය ඉල්ලා නඩු පවරා තිබුණේය'  2015 ජූලි වන තුරුම පැවැති එම නඩු හබය විසඳුමකින් තොරව කල්ගත වෙමින් පැවැති බැවින් ඇසයිලිය කලින් පෙම්වතාට ්‍Honda Accord රථයක වටිනාකමට නොඅඩු මුදලක් ගෙවීමට එකග වූවාය'

ඇසයිලියාගේ ෆැන්සි ගීතය ශ්‍රේණිගත කිරීමවල ඉහළටම නගිද්දි ඇයට එරෙහි කටුක විවේචනයන් එල්ලවීම ද ආරම්භවිය. ඇය රැප් සංස්කෘතිය වැරදි අයුරින් නිරූපණය කරන බවත් සුප්‍රකට ගායිකා නික්කී මිනාජ් ඇතුලු රැප් ප්‍රජාව දොස් පැවරීය' ඒ අතර 2014 දෙසැම්බර් මස ඇසයිලියා Grammy සම්මාන හතරකට නිර්දේශ වී තිබියදී ඇය කර්කෂ විවේචනයෙන් දැඩි ලෙස අපහසුතාවයට පත්කළ ඇසීලියියා බෑංක්ස් ඉගි ඇසයිලියා හබයකට පටලවා වසරක් යන තුරුම එම ආරවුල පැවතිණි' පසුව Grammy සම්මාන නිකුත් කළ පසු හොට් 97 නාලිකාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඇසීලියා බෑංක්ස් පවසා තිබුණේ ඉගි ඇසයිලියා සුදු දරුවන්ට වීරයෙක් වුණත් කල්ලන් ඇය අප්‍රිය කරන බවකි'

පසුව ඉගි ඇසයිලියා ඇසීලියියා බෑංක්ස්ට ඇසීලියායාට හැම පැත්තකින්ම සාර්ථක වන කලු කලාකරුවන් ඉන්නවා, නමුත් උඹ එසේ නොවුණේ උඹේ දුප්පත් ආකල්ප නිසයි' යනුවෙන් ප්‍රහාරාත්මක ප්‍රතිචාරයක් ට්විට් කිරීමෙන් තත්වය නොසන්සුකාරී විය' රැප් ගායක හා  Q-Tip හිපොප් ගායක T.I. දෙදෙනාද බෑංක්ස් වෙනුවෙන් පෙනී සිටිමින් ටිවිට් පණිවුඪ මගින් හිපොප් ඉතිහාසයේ මූලාරම්භය සිහිකරමින් ඇසයිලියාට සෘජුවම ප්‍රතිචාර දැක්වූහ' එමගින් ඇගේ ප්‍රතිරූපය බිදවැටෙන්න ගත්තේය' 




2015 අප්‍රේල් බෑංක්ස් සමග ට්විටර් හබය සිදුවන අතරවාරයේම ඉගි ඇසයිලිය සිය ෆ්රෙස්නෝ, කාලිෆ් වලින් ඇරඹෙන ඇරීනා සංචාරය නැතහොත් පළා යෑමේ සංචාරය ප්‍රකාශයට පත්කළාය' ඇයගේ ප්‍රසංග සංචාරයට තව සතියක් තිබෙද්දී ඇගේ සංචාරයන්  කල්දැමීමට සිදුවිය' ඒ ඇගේ කළමණාකරුවන් හා ඇය අතර සිදුවූ ගැටුමක් හා ඔවුන් සංචාරය ප්‍රවර්ධනය කිරීමට ප්‍රතික්ෂේප කිරීම බවට කටකතා පැතිරිනි' නමුත් මැයි මස වන විට ඇය ඇගේ සංචාරයන් සියල්ල අවලංගු කරමින් රසිකයන්ට පවසා සිටින්නේ ඇගේ දෙවන ඇල්බමය අවසන් කිරීමෙන් පසු නැතවත් ජන වේදිකාවට පැමිණෙන බවයි' නමුත් වෙනත් මූලාශ්‍රවලින් හෙළි වූයේ සංචාරය අවලංගු කිරීම පිටුපස බොහෝ ස්තානයන් වල ටිකට්පත් විකිණිම අඩු වීම හේතු වූ බව සඳහන් විය' ඇතැම් ස්තාන වල විකිණී තිබුණේ ටිකට්පත් 20ක් පමණි'



ඇසයිලියාගේ වෘතීමය ජීවිතය විනාශ වුවද ඇය තම පෞද්ගලික ජීවිතයට සුභ ප්‍රවෘත්තියක් වාර්තා කරමින් ඇගේ පෙම්වතා වූ දැල් පන්දු ක්‍රීඩක නික් යන්ග් සමඟ 2015 ජුනි පළමු වන දින අත්ගත්තාය'

අනතුරුව ඇසයිලියාට හිමිවූ Pittsburgh Pride 2015 ප්‍රසංගයේ ගායන අවස්ථාව අවලංගු කිරීමටත් සිදුවිය' ඇය ප්‍රසිද්ධ වීමට පෙර පළ කර තිබූ ටිවිටයකින් ඇය සමලිංගික බව පෙන්වීමට කණ්ඩායම් ගණනාවක් උත්සහ ගැනීමෙන් පසු එසේ ප්‍රසංගයෙන් ඉවත් වූයේ රසිකයන්ගේ අප්‍රසාදය මධ්‍යයේය' ඇසයිලිය ප්‍රසංගයට දින ගණනාවකට පෙර ටිව්ට් පණවිඩයක "I am a firm believer in equality," මම සමානාත්මතාවය තදින්ම විශ්වාස කරනවා) යනුවෙන් සටහනක් තබා තිබුණා' අවාසනාවකට මම තරුණවියේදී නොකිව යුතු වචන භාවිත කර තිබෙනවා. නමුත් අද එයින් මගේ චරිතය වැරදි ලෙස අර්ථ නිරූපණය කරන්න භාවිත කරනවා යනුවෙන් පරාජිත හැගීමෙන් ඇසයිලියා පවසයි' අවසානයේදී එම ප්‍රසංගයේ අවස්ථාව ඇගේ සංචාරයට ආරධිත අමුත්තා ලෙස කැඳවා තිබූ නික් ජෝනස්ට හිමිවිය'

නැවතත් ඇසයිලියා හා ඈ වගේම වෛරී ටුවිට් පණිවුඩ නිකුත් කරන්නියක් වන බිට්නි ස්පයර්ස් සමයි' ඒ ඔවුන්ගේ "Bad Girls,"  ගීතය අසාර්තක වීමේ හේතුවෙනි. බිට්නි ස්පයර්ස් ටිවිටයකින් ගීතයක් ශ්‍රේණි ගත කිරීම් වල ඉහළටම ගෙන ඒමට ගුවන් විදුලි හා රූපවාහිනි ප්‍රවර්ධනය අවශ්‍ය බව පවසයි' නමුත් ඇසයිලියා එහි වගකීම තනි පුද්ගලයෙක් මත පටවා ටිවිට් පණිවුඩයක් නිකුත් කළ පසු රසිකයන්ගේ අප්‍රසාදය එල්ලවීමට පටන් ගැනුනි' එයට ප්‍රතිචාරයක් දක්වමින් ඇසයිලා "my comment is factual, it applies to any song. I dont have to suck the womans a****** 24/7 to be her friend, do i? bye girls,"   ඇගේ විවේචනය සත්‍ය කරුණු මත පදනම් වන පොදු එකක් බවත් ඈ මිතුරුකම පවත්වා ගැනීමට පහත් වැඩ වල නොනියෙලෙන බවත් පවසමින් ටුවිට් සටහනක් තැබුවාය' මෙලෙස ඇගේ ක්‍රියා කරලාප නිසා ඈ වසර දෙකකට පෙර ලබා ගත් ජනප්‍රියත්වය හා ඉල්ලුම අඩු විය' ඇසයිලියාගේ රසිකයන් අහිමි විය. අනෙකුත් ගායකයන්ගේ උදහසට පත්වූවාය'



ඇසයිලියාගේ වෛරීසහගත හැසිරීම් නිසා ඈට හිමිවීමට තිබූ බොහෝ දෑ අහිමිවිය. නමුත් ඇයට ඒ ගැන එතරම් තැකීමත් නැත' ඇසයිලියාට ඒ සියල්ලට වඩා ආත්මගරුත්වය වැදගත් බව ඇය පවසයි. ඉගි ඇසයිලියාගේ ඉදිරි ගමන තීරණය වන්නේ ඇගේ අනාගත සංගීතයන් වල ගුණාත්මක සැළසුම් මතයි' ඈ තවත් ටිව්ට් පණිවුඩයක් නොබෝ දිනකට පෙර නිකුත් කරමින් ඇය මාස හයක අලුත් වැඩක් අරඹා ඇතැයි නව බලාපොරොත්තුවක් රසිකයා තුළ ඇති කරමින් ඉඟියක් ලබා දී ඇත්තේ තවත් අපූරු යුගයකට පා තැබීමටයි'