Monday, August 15, 2016

ත්‍රස්තයින්ගෙන් ලිංගිකව බැට කෑ මල් කැකුළකගේ කඳුළු කතාව




හෝටල් ගානේ අපිව එක්ක ගිහින් සල්ලි වලට වික්කා, සමහරු එක්ක ඉන්න බෑ කීවම අපිට උණුවතුර වක්කරා


මගේ නංගිවත් උන් දූෂණය කළා
ත්‍රස්තයින්ගෙන් බැට කෑ මල් කැකුළකගේ කඳුළු කතාව

ලොවටම පිළිලයක් වී ඇති ISIS ත්‍රස්තයින් පිළිබඳව මේ වන විට ලොව ප්‍රධාන රටවල් රාශියක්ම ආවධානය යොමි කරමින් සිටිනවා. ඔවුන් සහමුලින්ම විනාශ කර දමන්නැයි කියමින් ISIS ත්‍රස්තයින්ගෙන් බැටකන බොහෝ පිරිසක් විදී බැස උත්ඝෝෂණ කරන්නටද වුණා.
කොපමණ මර්ධනයන් සිදුකළත් මොවුන්ගේ ක්‍රියාකාරකම් වැඩිවනවා මිස එහි අවසානයක් තමවත් පෙනෙන තෙක් මානයක නැති බවයි වීදි බැස සහනයක් පතන පිරිස් පවසන්නේ. අන්තර්ජාතික සංවිධානවල පවා දැඩි දෝෂදර්ශනයන්ට පාත්‍ර වූ මොවුන් පිළිබඳව රාජ්‍ය නොවන සංවිධානයකට තොරතුරු හෙළිකල තරුණියකගේ සෝචනීය පුවතක් පිළිබඳව මේ වන විට කතාබහක් ඇති වී තිබෙනවා.

චෙච්නියාවේ ජීවත් වූ ඇය හා ඇයගේ නැගණිය ඇතුළු තිදෙනෙකු ලිංගික වහලුන් ලෙස යොදවාගෙන ඔවුන්ට කෘර වදහිංසා පැමිණවීම සම්බන්ධයෙනුයි ඇය මෙලෙස තොරතුරු හෙළිකර ඇත්තේ. හෝටල් වලට ඔවුන්ව රැගෙන ගොස් ඉහළ මිළගණන් යටතේ ධනවත් පුද්ගලයන් වෙත භාර දී ඒ තුළින් මුදල් සොයාගැනීම මෙම ත්‍රස්තයින් වැඩිවශයෙන් සිදුකරණු ලබන බවට ඇය පවසා තිබෙනවා.


හෝටල් වලදී පමණක් නොව ඔවුන් ලිංගික වහලුන් ලෙස තබාගන්නා පිරිස්ද දිනපතා සිය අසරණකමින් ප්‍රයෝජන ගත් බවත් සිය නැගණිය පවා හිත් පිත් නැති ආකාරයෙන් ඔවුන් දූෂණය කළ බවටත් ඇය පවසා ඇත්තේ හැඬු කඳුලිනුයි.


යම් අවස්ථාවලදී තරුණියන් පොළිමේ සිටවා ඔවුන්ට මිල නියම කරන බවත් ඔවුන්හට විරුද්ධ වන මෙන්ම අකමැත්තෙන් යහන්ගතවන තරුණියන් හට උණුවතුර ශරීරයට හැලීමට පවා මොවුන් කටයුතු කරන බවයි පැවසෙන්නේ. විකෘති මානසිකත්වයෙන් යුතු ඇතැම් ඇය මෙම තරුණියක් මිළදීගෙන ඔවුන් සමඟ එකට වාසය කිරීමේදී දැඩි වද හිංසා වලට ලක්කර බවටත් ඇය පවසනවා.



කෙසේ නමුත් මේ වන විට තරුණියන් පිරිස ISIS මෙලෙච්ඡයින්ගෙන් මුදවාගෙන ඔවුන්ගේ පවුලවලට භාරදීමට එරට බලධාරීන් කටයුතු තිබෙනවා. මුස්ලිම් වෙසින් ත්‍රස්ථකම් කරන ව්‍යාජ ලෙස ඉස්ලාම් අාගමේ නමට මුවා වී කරනා දහසකුත් අපරාධවලින් ඒකකි මේ. ත්‍රස්ථයන්ගේ ගොදුරට ලක්වූ එම අහිංසක මුස්ලිම් තරුණියන් පවසන්නේ කෙලෙස හෝ මෙම අමනුෂ්‍යයින් වැනි ISIS ත්‍රස්තයින් මෙලොවින් තුරන් කළ යුතු බවයි.


No comments:

Post a Comment