මේ මුස්ලිම් අන්තවාදී ගැටළුවට අප මුහුණ දිය යුත්තේ කෙසේද යන කාරණය හා සම්බන්ධවය. සමස්ථ මුස්ලිම් ප්‍රජාව අන්තවාදීන් නොවන බව ඕනෑම අයකු අවිවාදිතවම පිළිගන්නා බව නිසැකය. අන්තවාදීන්ට වුවමනා මුස්ලිම් අන්තවාදී පිරිස වැඩි කර ගැනුමට හා අන්තවාදී නොවුනත් අන්තවාදයද අවැසියයි සිතන සාමාන්‍යය මුස්ලිම් මිනිසුන් තනවා ගැනීමට යැයි තේරුම් ගැනීමට ඔවුනගේ සිත කියවිය හැකි ඉන්ද්‍රීය ඥානයක් අවැසි නැත.
එසේ නම් අප එයට මුහුණ දිය යුත්තේ එම වුවමනාවන් පරාජය කිරීමෙන් නොවේද? මුස්ලිම් මිනිසුන් සිංහලයින්ගෙන් ඈත් කරවීම එම අන්තවාදී න්ගේ ප්‍රධාන වුවමනාව බව අප තේරුම් ගත යුතුය. මෙවැනිම වුවමනාවක් දෙමළ ජනයා සම්බන්ධව ප්‍රභාකරන්ට වූ බව අපි ඕනාවටත් වඩා දනිමු. එය එසේ සිදු වීම මුස්ලිම් අන්තවාදින් ලබන ජයකි. සිංහලයින් පමණක් නොව අන්තවාදීන් නොවන හැම මිනිසෙකුම ලබන පරාජයකි. එනිසා අන්තවාදීන්ට එරෙහිව කටයුතු කිරීමට අප සැම පෙළගැසිය යුත්තේ සාමාන්‍යය මුස්ලිම් ජාතිකයාගේ අගයන්වලට ගරු කරමින් ඔවුනගේ සිත පාරමින් ඔවුන්ද අන්තවාදයත් ඕනෑය යන මතයයකට තල්ලූ නොකරමින් බව අප අවධාරණය කළ යුතුය.
එලෙස බැදීමකින් සම්පූර්ණයෙන් වෙන්වී ගිය කළ එදා සුද්දා අපට උගන්වා ගිය සහ නැවතත් තලු මරමින් ඉහත කී නඩයද වමාරන "උඹලා බහු ජාතික , බහු ආගමික, බහු සංස්කෘතික රටක්ය" යන කෙප්පය නැවත වරක් වර ගන්වා අප හිස මත පළන්දවනු නියතය. එනිසා රට ජාතිය වෙනුවෙන් කියා ගනිමින් මුස්ලිම් අන්තවාදී වුවමනාවන් ඉටු කර දෙන බටහිර සංචාර වලදී සංසේචනය වී මෙහි පමිණි පසු උපත ලද බෞද්ධ යයි කියා ගන්නා සංවිධාන අනුගමනය කරන පියවරයන්ද මුස්ලිම් අන්තවාදී වුවමනාවන් පිනවමින් අවසානයේ එම සංසේචනයට ශුක්‍රාණු දායාද කළ බටහිරයන්ට වුවමනා බහු ජාතික අනාගමික රාජ්‍යය බිහි කරවා දෙන්නක් බව දැන හැඳින ගැනීමට ද අප සමත් විය යුතුය. රටේ ඇණ කොටා ගැනීමක් වු විට එයින් ජය ලබන්නේ මුස්ලිම් අන්තවාදී වුවමනාවන් බව සියළු දෙනාම තේරුම ගෙන කරටයුතු කරනු වටී.
විමලසේන