Sunday, August 7, 2016

මිනී මැරුමක සාක්ෂිය ගිරවෙක්ගෙන්.

මිනී මැරුමක සාක්ෂිය ගිරවෙක්ගෙන්.

ඝාතන නඩුවක් සඳහා සාක්ෂියක් වශයෙන් 'කතා කරන' ගිරවකු යොදා ගැනීම පිළිබඳ ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්ත රජයේ නීතිවේදීන්ගේ අවධානය යොමු වී තිබේ.
සිය ස්වාමිපුරුෂයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හතළිස් අට හැවිරිදි ග්ලෙනා ඩුරම්ට එරෙහිව නඩු පවරා තිබේ.
ඝාතනය සිදු වී ඇත්තේ ඔවුන් දෙපල විසින් හදා වඩා ගනු ලැබූ සුරතල් ගිරවා ඉදිරිපිටදී.
අඹුසැමි යුවලගේ වාදය කණ වැකුණු 'බඩ්' නමැති අළු ගිරවා තමන්ට ඇසීමට ලැබුණු අවසන් වදන් කීපය නැවත නැවතත් හඬ නගන බව මරණයට පත් පුද්ගලයාගේ ඥාතීහු විශ්වාස කරති.
කෙසේ වෙතත් ඉහත කී ගිරවා සාක්ෂියක් වශයෙන් යොදා ගත හැකි දැයි යන්න පැහැදිලි නොමැති බව රජයේ ප්‍රාදේශීය නීතිවේදියෙක් පැවසීය.
සිය සැමියාට පස් වරක් වෙඩි තබා ඇති බවට ග්ලෙනා ඩුරම්ට චෝදනා එල්ල වී තිබේ. ඉන් අනතුරුව වෙඩි තබා ගෙන සිය දිවි හානි කර ගැනීමට ඇය ගත් උත්සාහය ව්‍යවර්ථ වී ඇත.
'බඩ්' නමැති ගිරවාගේ වර්තමාන හිමිකාරිය වන මිය ගිය පුද්ගලයාගේ පෙර බිරිඳගේ විශ්වාසය වී ඇත්තේ ඝාතනය සිදු වූ රාත්‍රියේ සිදු වූ සංවාදයේ අවසන් වචන කීපය වන 'මරන්න එපා' යන්න ගිරවා හඬ නගන බවයි.
මරණයට පත් පුද්ගලයාගේ දෙමව්පියෝද එම අදහස අනුමත කරති.

උපුටා ගත්තේ බීබීසියෙනි.

No comments:

Post a Comment