අහස්
උසට ගොඩ ගැසූ බ්ලූමැන්ඩල් කුණු කන්ද ගිනි ගැනීමෙන් පසු කොළඹ මහනගර සභාව විසින්
කොළඹ කුණු දැමීමට තෝරගත්තේ මීතොටමුල්ල ප්‍රදේශයයි. තාවකාලිකව කුණු දැමීමට අවසර
ලබාගත්තද මීතොටමුල්ලෙත් අක්කර ගණනාවක පැතිරුණු තවත් කුණු කන්දක් නිර්මාණය කළේ
ජනතාවගේ විරෝධතාවයද නොතකමිනි. මීතොටමුල්ල කුණු කන්ද ආශ්‍රිතව පදිංචව සිටි ජනයා
පන්නාදමා, විරෝධය පෑ ජනාවට පහරදී, ඔලු පලා පොලිසි හමුදා බලය යොදා බලහත්කාරයෙන්
කන්දක් ගොඩගැසුනේ ඔවුන්ගේ මූලික අයිතීන්ද උල්ලංඝනය කරමිනි.
විරෝධතාවලින්
පලක් නොවුන තැන තමන්ගේ මූලික අයිතීන් උල්ලංඝනය වන බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ
නඩුවක් ගොනු කිරීමට එහි පදිංචි ජනයා කටයුතු කළේ මාස කිහිපයකට ඉහතදීය. අනතුරුව
පසුගිය 09වන දා කොළඹ මහනගර සභාව මෝසමකින් කරුණු දක්වමින් කියා සිටියේ වසර
එකහමාරකින් පුත්තලමේ ආරම්භ කිරීමට නියමිත කසල ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය ආරම්භ
කරන තුරු කාලය තුළ මීතොටමුල්ල ජනතාවට සාධාරණයක් වන අන්දමින් තාවකාලිකව කුණු දැමීමට
වෙනත් ස්තාන 10ක් යෝජනා කරන බවයි. ඒ ස්තාන දහය අතුරින් වඩාත්ම යෝග්‍ය ස්තානය ලෙස
හදුනාගෙන ඇත්තේ ඒකල ප්‍රදේශය බවත් මහනගර සභාව මෝසමෙන් දක්වයි. මේ සිද්ධිය ආරංචිවූ
ඒකල තුන්දහසකට අධික ජනතාව දින දෙකක් ගතවීමට පෙර පැය ගණනාවක් කොළඹ කුරුණෑගල මාර්ගය
හරස් කරමින් ඒකල මඩම හන්දියට රැස්වූයේ සිය විරෝධය දැක්වීමටයි. එම විරෝධතාවයට ඒකල
වාලුකාරාමාධිපති ප්‍රධාන සංඝනායක නාරම්පනාවේ විමලජෝති නාහිමියෝ, ඒකල ධර්මෝදය බෞද්ධ
මධ්‍යස්ථානාධීපති බලගල්ලේ ධම්මතිස්ස නාහිමි, ජාඇල මීසම පාලක පියල් ජයමාන්න පියතුමා
ඇතුලු මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියහ.
එම
උද්ඝෝෂණයට සහභාගි වූ ඒකල ශ්‍රී වාළුකාරාමාධිපති පාධාන සංඝනායක නාරම්පනාවේ විමලජෝති
නිහිමියෝ. “අපිට
ආරංචියක් ලැබුණා කොළඹ කුණු ඒකලට ගේනවා කියලා. ඒකට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මම
ඒකලට ආවේ 1952දී. එදා ඉදන් අවුරුද්දකට සැරයක් අත්තනගලු ඔයයි, ජා ඇලයි ගලනවා. ගලලා
දෙක එකක් වෙලා මුලු ගමෙන් තුනෙන් දෙකක් යට වෙනවා. යට වෙද්දේ තියෙන රොටු සේරම එන්නෙ
ගම් වලට. කොළඹින් කුණු ගෙනත් දැම්මොත් ඒවත් එයි. ඕකයි අපිට තියෙන ලොකුම උවදුර.
කුණු දැම්මට පස්සේ කුණු ගම්වලට එන එක වලක්වන්න බෑ. කුණු ගෙනත් දැම්මොත් අපිට ගම
අතැරලා යන්න සිද්ධ වෙයි. අපි ආයෙත් ලඟදීම තවත් විරෝධතා ව්‍යාපාරයකට යනවා මේ කරන
වැඩපිළිවෙල නවත්තන්නෙ නැත්තං.”
කොළඹ
මහනගර සභාව විසින් කුණු සහ අපවිත්‍ර ගෙනැවිත් දැමීමට යෝජනා කර ඇත්තේ ජාඇල, ඒකල
ඔතේවත්ත පිහිටි ඔතේ කැලේ නැමැති අක්කර 35ක වගුරු බිම් ප්‍රදේශයකටයි. කුණු දැමීමට
යෝජිත ඔතේකැලේ ප්‍රදේශය ආසන්න පදිංචි කරුවෙක් වන අජිත් කුමාර.“අපි කොහෙත්ම
කැමති නෑ ඔතේකැලේ ප්‍රදේශය ගොඩ කරන්නවත්. වැස්සහම සම්පූර්ණෙන්ම වතුර පිරිලා ගමත්
යට වෙනවා. මුලුපලාතක්ම යටවෙනවා. ඉතිං කුණු ගෙනත් දැම්මොත් කුණුත් වතුරට එකතුවෙලා
ගෙවල් අස්සට එයි. අපි ඒක කරන්න කොහෙත්ම ඉඩ දෙන් නෑ. මුලදි ගෙවල් හදන්න කියලයි මෙතන
වැඩ පටන් ගත්තේ. නමුත් ඉස්සර ඉදන්ම සැලසුම් කරලා මේ හදන්නේ කුණු දාන්න. ඒක
දැනගත්තම තමයි අපි උද්ඝෝෂණයකට ගියේ. මේ කැලෑව අවට ගම් ගණනාවක්ම තියෙනවා. හැම
කෙනෙක්ටම මේක බලපානවා. කුණුත් එක්ක මැස්සෝ මදුරුවෝ පණුවෝ වෙනත් විෂබීජත් මේ පැත්තේ
බොවෙන්න පටන් ගනීවි. මුලදි මෙතැන කසල ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතියක් ආරම්භ කරන්න
හැදුවා. ඒත් ඒක යට ගියා. ඔතේ කැලේ කියන්නේ තනිකර කැලයක්. ඉස්සර ඕක කුරුළු උයනක්
කරන්නයි ගියේ. මෙත දිගටම තියෙන්නෙ අස්වද්දපු කුඹුරු. තාමත් අස්වද්දනවා. කුණු
දැම්මොත් කුඹුරු කරන්න බෑ. අනික මෙහෙ මිනිස්සු බොන්නේ ලිං වතුර. ටැප් ලයින් නැහැ.
ඉතිං කුණු දාපුහම කුණු වතුර උල්පත් වලට එනවා”
ඌරවල්ඔය
හා අත්තනගලු ඔය දෙපසින් ගලාබසින ජලයෙන් යටවන මෙම පහත්බිම් ප්‍රදේශයට කොළඹින් ගෙනන
කුණු දැමීම නිසා ඒකල, නිවන්දම, මාබිමථ බොරලන්ද, මාකවිට, කොටුගොඩ ඇතුලු ගම් රැසක
ජනතාවට උන්හිටිතැන් අහිමිවන තත්වයක් උදාවිය හැකි. ඒත් සමඟ උල්පත් ජලය
අපිරිසිදුවීම, ජලය සිඳීයාමා, මැසි මදුරු උවදුරු පැතිරගොස් රෝග තර්ජනයට මුහුණ
පෑමටත් ඔතේකැලේ අවට ජනයාට සිදුවුය හැකිය.
ඒකල ප්‍රදේශයේ කුණු දැමීමේ තීරණයට එරෙහිව විරෝධතාව සංවිධානය කළ පරිසරය සුරකීමේ ක්‍රියාකාරි කමිටුවේ නීතීඥ චාමර ජයසිංහ මහතා. “මේක ජනශූන්‍ය
ප්‍රදේශයක් නෙවෙයි. ලොකු ජන ඝණත්වයක් තියෙනවා. වටේම ගම් තියෙනවා. නිවාසිපුර,
මිලේනියම් සිටි, බේ ලයින්, ආදි නිවාස ව්‍යාපෘති තියෙනවා. ඒවායේ විතරක් ගෙවල්
දහපහලොස්දාහක් තියෙනවා. තව කෑම්ප් එකක් ලඟම තියෙනවා. තව කුණු දාන්න යෝජනා කරන
ස්තානය වටා කොටුගොඩ, බෝලන්ද, මාකුවිට, කියන ගම්මාන තියෙනවා. ඉතිං මේක කුණු දාන්න
සුදුසු තැනක් නම් නෙවෙයි. ඒකල ප්‍රදේශයේ හදවත වගේ තියෙන එකම කැලේ ප්‍රදේශය මේ
ඔතේකැලේ විතරයි. සතාසිව්පාවෙකුට ඉන්න තියෙන්නෙත් ඕක විතරයි. මේ කරන්න යන්නේ ඒ
කැලෑව සම්පූණයෙන්ම එලිකරලා, ගස්ටික සමතලා කරලා ඒ භූමයත් ගොඩ කරලා දාන්නයි. අනිත්
පැත්තෙන් සෞඛ්‍යමය අංශයෙන් බරපතල ප්‍රශ්න තියෙනවා. මේ කුණු දාන්න යන ස්තානයෙන්
ගලාගෙන යන ඇල ගිහිං එකතුවෙනවා තවත් ගඟකට. ඒ ගඟේ වතුර තමයි ෆිල්ටර් කරලා ප්‍රදේශ
රැසකට පානිය ජලය විදිහට නිකුත් කරන්නේ. ඉතිං මේ ව්‍යාපෘතියෙන් දැඩි පාරිසරික ගැටලු
ඇතිවෙනවා. කොළඹ කුණු ඒකලට ගෙනත් දානවට අපි පක්ෂ පාට බේදයකින් තොරව විරුද්ධයි.
12වැනිදා සංවිධානය කළ උත්ඝෝෂණයට පක්ෂ පාට භේදයකින් තොරව මන්ත්‍රීවරු ආවා. ආගමික
නායකයොත් ආවා. අපි කවදාවත් මීතොටමුල්ල සිද්ධ වුණා වගේ දෙයක් ඒකල සිද්ධ වෙන්න ඉඩ
තියන්නෙ නෑ.”
කොළඹ
මහනගර සභාව කරුණු දැක්වීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය දක්වන්නේ ඔක්තෝම්බර් 13වනදාට පෙර
මෙම ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා මධ්‍යම පරිසර අධීකාරිය, පළාත් පාලන ආයතන හා
අනෙකුත් ආයතනවලින් ගත් අනුමැතිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම ව්‍යාපෘති
ආරම්භ කළ හැකි බවයි. නීතිය කෙසේ වෙතත් රටකට විධිමත් කසල කළමනාකරණ ව්‍යපෘතියක්
තිබිය යුතුය. මහනගර සභාව ඒකල ප්‍රදේශය තියා පුත්තලවත් කුණු දමා ඒ මත පස්දැමා වසා නොදමා
විධිමත් කසල කලමනාකරණ ව්‍යාපෘතියක් ආරම්භ කළ යුතුයි. වෙනත් රටවල කුණු සම්පතක් ලෙස
සලකද්දි අප රටේ අවිද්‍යාත්මකව නූගත් අයුරින් කසල බැහැර කිරීම විශාල පාරිසරික හා
සාමාජීය ගැටලු නිර්මාණය කිරීමට හේතු වෙයි. කසල බැහැර කිරීමේදී වැදගත් වන්නේ ලාභදාය
හා හා පහසුව ක්‍රමය නොව තිරසාර විසඳුමකි.
සකීෆ්
සාම් තන්වීරි.
No comments:
Post a Comment