ඉන්දීය ධීවරයන් උතුරු මුහුඳේ මසුන් මැරීමට බලපත්
නිකුත් කරන්නැයි ඉදිරපත්වූ යෝජනාවට දැඩි විරෝධතාවක් උතුරු ධීවර සමිතිවලින් එල්ල
විය. කිසිම හේතුවක් මත ඉන්දීය ධීවරයන් බලපත් නිකුත් කිරීමට හෝ, සතියකට දින
කිහිපයක් හෝ පැය කිහිපයක්වත් උතුරු මුහුඳේ මසුන් මැරීමට අවසර දිය නොහැකි යැයි
පොදු ධීවර සමිතියේ සභාපති ආලම් මහතා දේශයට පැවසීය. මෙම යෝජනාව කාලයක් තිස්ස පවතින
ඉන්දීය ධීවරයන් හා උතුරු ධීවරයන් අතර පවතින ගැටලුවට රාජතාන්ත්‍රික විසඳුමක් ලෙස
රජයෝ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිළධාරියෙ ඇතුලු කණ්ඩායමක් විසින් ඉදිරිපත් කළේය.
එම යෝජනාව සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් කරුණාසේනන
හෙට්ටි ආරච්චි මහතාගෙන් පැවසුවේ “ඉන්දීය ධීවරයන් මුහුඳු සීමාවට ඇතුල්වීම ප්‍රශ්නයක්.
ඒකට විසඳුමක් විදිහට සීමිත ඉන්දීය ධීවරයන් පිරිසකට උතුරු මුහුඳේ ධීවර කටයුතු කිරීමට
යෝජනාවක් ගෙනෙල්ල තියෙනවා. ඒක යෝජනාවක් විතරයි. තවත් යෝජනා තියෙනවා. මේ යෝජනාව
සම්මත වෙලත් නෑ. මේ ගැන ඉදිරියේදී සාකච්ඡාවක් තියෙනවා. සාකච්ඡාවෙන් පස්සෙ තමයි ක්‍රියාත්මක
කරනවද කියලා තීරණය කරන්නෙ. ඒක තීරණය කරන්නේ දෙරටේ ධීවරයෝ.”
යුද්දයට පෙර ජාතික මත්ස්‍ය නිෂ්පාදනයට 40%ක
දායකත්වයක් ලබා දුන්නේ උතුරු ධීවරයන්ය. නමුත් උතුරු ධීවර ප්‍රජාවට දැඩි තර්ජනයක්
ගෙන දෙමින් ඉන්දීය ධීවරයෝ මෙරට මුහුඳු සීමාව ආක්‍රමණය කරමින් මසුන් මැරීම ආරම්භ
කළේ යුද සමයේදීය. යුද සමයේ ධීවර කටයුතු සිදුකිරීමට උතුරු ධීවරයාට අවස්ථාව හිමි නොවුණ
අතර ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් දකුණු ඉන්දීය ධීවරයෝ මෙරට තීරයට ඇතුලුවී මසුන්
මැරීමට පුරුදුවී සිටියහ. යුද්ධය අවසන් වුවද ඉන්දීය ධීවරයන් අනවසරයෙන් ශ්‍රී ලංකා
මුහුඳු තීරයට ඇතුලුවීම නොනැවතුණි.
ඉන්දීය ධීවර ගැටලුවේ මෑතක ඇතිවූවක් නොවේ. 1975
වසර දී ඉන්දීය රජය කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පවරා දීමෙන් ඇරඹෙන මෙම ගැටලුව තීව්‍ර
වූයේ යුද්ධයෙන් පසුවයි. යුද්ධයෙන් පසු උතුරු ධීවරයන් තම සාම්ප්‍රදායික ධීවර වෘතිය
ආරම්භ කිරීමට සූදානම් වුවද උතුරු මුහුඳු ආධිපත්‍ය ඉන්දීය ධීවරයන් සතු විය. ඒම
තත්ත්වය මැඩලීමට ශ්‍රී ලංකා රජය මෙරට මුහුඳු තීරයට ඇතුලුවී මසුන් මරණ ඉන්දීය
ධීවරයන් අත්අඅඩංගුවට ගැනීමට කටයුතු කළේය. යුද්ධයෙන් පසු කාලයේ අත්අඩංගුවට පත්වූ ඉන්දීය
ධීවරයන් සංඛ්‍යාව 1500ය ඉක්මවයි.එහෙත් එම අත් අඩංගුවට ගැනීම්වලට එරෙහිව ඉන්දීය
ධීවරයන් මෙන්ම දකුණු ඉන්දීය දේශපාලඥයන්ගේද දැඩි බලපෑම් එල්ල විය. මෙම තත්වය ඉන්දීයාව
හා ලංකාව අතර රාජතාන්ත්‍රික සම්බන්ධතාවලට බාධා වන හෙයින් අත්අඩංගුවට ගත් ධීවරයන්
ඉක්මණින් නිදහස් කිරීමට ලක් රජය කටයුතු කළේය. නමුත් උතුරු මුහුඳුට ඉන්දීය
ධීවරයන්ගේ ප්‍රවේශයට විසඳුමක් ලබා දීමට නොහැකිවිය.
උතුරු ධීවර ගැටලුව සම්බන්ධව
අදහස් දැක්වූ යාපනය විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය සුසෙයි ආනන්දන් මහතා. “මේ වාතාවරණය
යටතේ ඔවුනුත් 500ක් විතර ජීවිතක්‍ෂයට පත්වෙලා තියෙනවා. උතුරේ ප්‍රාදේශීය
ලේකම් කොට්ඨාශ 24ක අධි ආරක්‍ෂිත කලාප පවතිනවා. ඒවායේ ධීවර කටයුතුවල
යෙදෙන්න බැහැ. පලාලි, කන්කසන්තුරේ වගේ ධීවර වරායන් තුළ ධීවර කටයුතු
කරන්න බැහැ. හමුදාව ඉන්න තැන්වල හැම වරායක්ම තියෙන්නේ හමුදාව යටතේයි. ඒවාට
ධීවරයන්ට යන්න අවසර දීලා නැහැ. සමහර තැන්වල (වඩමාරච්චි) ගැඹුරු මුහුදට යන්න
අවස්ථාවක් නැහැ. අපේ මේ ධීවරයන්ට ධීවර කටයුතු සඳහා අවශ්‍ය පුහුණුව, සිග්නල්
ගැන අවබෝධය නැහැ. ඉන්දියාවත් ලංකාවත් අතර ජාත්‍යන්තර නීතියක් තියෙනවා. අපේ මත්ස්‍ය
සම්පත ඔවුන් පැමිණ රැගෙන යනවානම්, තහනම් කළ ධීවර ආම්පන්න යොදා ගන්නවා නම්, ධීවරයින්ගේ
ආම්පන්න විනාශ කරනවා නම් මේවා බරපතළ වැරදි වශයෙන් තමයි හඳුන්වන්නේ. ඒ අනුව මේක
සාමාන්‍ය ප්‍රශ්නයක් නෙවෙයි, කඩිනමින් විසඳිය යුතු ජාතික ප්‍රශ්නයක්.”
ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුඳු තීරයට
අැතුළුවීම පමණක් නොව තහනම් පන්න ක්‍රම භාවිත කිරීමද උතුරු ධීවරයන්ට මෙන්ම සාගරික
සම්පත් සඳහාද විශාල තර්ජනයක් වී ඇත. ඇතැම් අවස්ථාවල ඉන්දීය ධීවරයන්ගෙන් ලංකීය
ධීවරයන් පහර කෑම්වලට ලක්වීමද සිදුවී ඇත. ඉන්දීය ධීවරයන්ගේ ට්‍රෝලර හේතුවෙන් ලාංකීය
ධීවරයන්ගේ දැල් හා අනෙකුත් ආම්පන්න විනාශයට පත්වෙයි. ලාංකීය ධීවර කුඩා බෝට්ටු හා
සාම්ප්‍රදායික පන්න ක්‍රම භාවිත කරද්දී ඉන්දීය ධීවරයෝ ට්‍රෝලර්, විශාල යාත්‍රා, ද්විත්ව
දැල්, විශාල දැල් ඇතුලු නව තාක්ෂණය භාවිත කරයි. තහනම් පන්න භාවිත නිසා මුහුඳු
සම්පත් විශාල වශයෙන් හානියට පත්වෙයි. එමෙන්ම මුහුඳු කූඩැල්ලන් වැනි තහනම් මාලු
වර්ගද ඉන්දීය ධීවරයෝ අප මුහුඳෙන් මරණ බවට ද චෝදනා එල්ල වෙයි. එතුළින් ශ්‍රී ලංකාවට
ආර්ථික වශයෙන්ම මෙන්ම පාරිසරිකවද විශාල පාඩුවක් සිදුවෙයි. ඉන්දීය බහුදින යාත්‍රා
හේතුවෙන් උතුරේ ධීවරයන්ට ප්‍රමාණවත් අස්වැන්නක් ද නොලැබෙයි.
දකුණු ඉන්දීය දේශපාලඥයෝ සිය දේශපාලනික
වුවමණාව වෙනුවෙන් උතුරු මුහුඳු ධීවර ගැටලුව ද අඛණ්ඩව භාවිත කළහ. එම හේතුවෙන්ම
සාර්තක විසඳුමකට යෑමට අපහසු වූවා යැයි පැවසිය හැකිය. විශේෂයෙන් ජයලලිතා අවස්ථා
කිහිපයකම මේ ගැටලුව සම්බන්ධයෙන් ඍජු මැදිහත්වීම් කර තිබේ. එමගින් සිදුවූයේ ගැටලුව
තවත් සංකීර්ණ වීමයි.
උතුරු ධීවර ගැටලුවට විසඳුමක් වශයෙන් යෝජනා වූ
බලපත්‍ර ක්‍රමය සම්බන්ධයෙන් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් විමසූ කළ
පැවසුවේ, “කිසිම හේතුවක් මත ඉන්දීය ධීවරයන් අපේ මුහුඳු සීමාව තුළ මසුන් මරන්න ඉඩ
තියන්නේ නෑ. බලපත්‍ර යෝජනාවට අපේ රජය සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඉන්දීය ධීවරයෝ මෙරට
මුහුඳු සීමාවට ඇතුලු වෙතොත් අත්අඩංගුවට ගැනීම් දිගටම සිදු කරනවා. මේ වෙනකම්
අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර ආම්පන්න නැවත දීමක් සිදුකරන්නෙත් නෑ. ඒ සියල්ල
රාජසන්තකයි. අපි මේ සම්බන්ධයෙන් ඉදිරියේ ස්තීර විසඳුමක් ගන්න ඉන්ධීය ධීවර කටයුතු
විෂය භාර කෘෂිකර්ම අමාත්‍ය රාධාර මෝහන් සිං මහතා සමඟ සාකච්ච කිරීමට සැලසුම් කරලා
තියෙනවා.”
උතුරු හා දකුණු ඉන්දීය ගැටලුව සම්බන්ධයෙන් අවස්ථා
කිහිපයක ඉන්දීය ධීවර සමිති සමඟ මෙන්ම දේශපාලඥයන් සමඟද සාකච්ඡා පැවැත්වුවද සාර්ථක
විසඳුමකට එළඹීමට තවමත් නොහැකි විය. හිටපු ජනාධිපතිවරයා මෙන්ම වත්මන් ජනාධිපතිවරයාද
ඉන්දීය අගමැතිවරු හමුවී ධීවර අර්බුධය විසඳීමට උත්සහ කළද එම උත්සහයන් ව්‍යර්ථ විය.
මාස කිහිපයකට පෙර ධීවර ඇමති මහින්ද අමරවීර මහතා ඉන්දීය ධීවර කටයුතු භාර කෘෂිකර්ම
ඇමතිවරයා සමඟත් මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට උත්සහ කළත් එම සාකච්ඡාව සිදුනොවීයය.
කසේ වෙතත් ඉදිරි කාලය තුළ ඉන්දීය ධීවර සමිති හා ලාංකීය ධීවර සමිති අතර හමුවක්
පැවැත්වීමට නියමිතය. මේ මසදී ඉන්දීය කෘෂිකර්ම ඇමතිවරයා හමුවී ධීර ඇමිති මහින්ද
අමරවීර මහතා සාකච්ඡා කිරීමට නියමිතයි.
සකීෆ් සාම් තන්වීරි
No comments:
Post a Comment