මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ වාහන ලිය පදිංචියේදී සිදු කළ වංචා හා දූෂණ ගණනාවක් අනාවරණය වී ඇත. මෙම වංචා හෙළි වී ඇත්තේ රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් කරන ලද මෙහෙයුම් හා විමර්ශනවලින් පසුවයි. මෙම වංචාව සම්බන්ධ වාර්ථාව පසුගියදා රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ලියාපදිංචියේ සිදු වූ වංචාවට අමතරව වාහන 547ක ලිපි ලේකණ ද අතුරුදන් වී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වෙයි.
කාලයක් මුලුල්ලේ රථ වාහන
ලියාපදිංචි කිරීම් දෙපාර්තුමෙන්තුව තුළ සිදුවන මෙම වංචා සේවකයන් ගණනාවක් හවුලේ
කරගෙන යන ව්‍යාපාරයක් බවද අනාවරණය වී ඇත. මේ වන විට හඳුනාගෙන ඇති මෙම දූෂණ ක්‍රියාවන්ට
සම්බන්ධ සේවකයන්ට ස්ථානමාරු ලබා දී ඇති බවත් ගිණුම් කාරක සභාව පාර්ලිමේන්තුවට
ඉදිරිපත් කළ එම වාර්තාවේ සඳහන් වෙයි. මෙම දෙපාර්තුමේන්තුවේ වාහන ලියාපදිංචියේදි
කරන ප්‍රධාන වංචා ලෙස ලියකියවිලි නොමැතිව ආනයනය කරන ලද වාහන ලියාපදිංචි කරදීම,
යතුරු පැදි මුවාවෙන් ගෙන්වූ මෝටර් රථ ලියාපදිංචි කිරීම, රේගු බදු වංචා කර ආනනය කළ
වාහන ලියාපදිංචි කර දීම, නීති විරෝධි ලෙස ආනයනය කළ වාහන ලියාපදිංචි කිරීම ආදි මහා
පරිමාන අක්රමකතා විදේශයෙන් ගෙන්වූ වාහන ලියාපදිංචියේදී සිදුවී ඇති බව හඳුනාගෙන ඇත.
2014-1015 වසරවලදී
තීරු බදු අඩුවෙන් ගෙවා ලියාපදිංචි කරගත් ප්‍රාඩෝ රථ පහක් විගණකාධිපති දෙපාර්තුමෙන්තුවට
හසුවූ අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට වැඩිදුර විමර්ශන
පැවැරිණි. එහෙත් අදාල ලිපි ලේඛණ මෝටර් රථ
ප්‍රවාහන දෙපාර්තුමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ඉදිරිපත් නොකිරීම
හේතුවෙන් පරීක්ෂණ කටයුතු අත්හිටුවීමට සිදුව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව
ලිපියකින් දන්වා තිබේ. එමෙන්ම අදාල වාහන සම්බන්ධයෙන් ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කිරීම
හේතුවෙන් එම වාහන නැවත පැවරීමේ ක්‍රියාවලිය අත්හිටුවා ඇති බවද ගිණුම්කාරක සභා
සභාපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වේ. මේ අයුරින්ම මෑතක තුළ
යතුරුපැදි ගෙන්වීම මුවාවෙන් ගෙන්වූ මෝටර් රථ පහක් ගෙන්වීමේ වංචාවේදී රජයට සිදුවූ
පාඩුව එක්කොටි පනස් ලක්ෂය ඉක්මවන බව විගණකාධිපති දෙපාර්තුමේන්තුව පවසයි.
පරණ වාහන අලුත් කරදීම
එනම් වාහන නිෂ්පාදිත දිනය වෙනස් කිරීම, පරණ මෝටර් සයිකල්, කාර් සහ ජීප් රථ බවට
පරිවර්තනය කරදීම ආදියද මෝටර් රථ ලියාපදිංචි කිරීම් දෙපාර්තුමේන්තුව හරහා සිදුවී ඇත
තවත් ප්‍රධාන වංචා වේ. විවිධ වාහන අලෙවිකරුවන්ගෙන් මුදල් ලබා ගනිමින් මෙවැනි ක්‍රියාවන්ට
සම්බන්ධවීමෙන් විශාල ධනයක් මෙම දෙපාර්තුමේන්තුවේ හවුල් කල්ලියක් විසින් උපයාගෙන
ඇත.
ඇතැම් වාහන සම්බන්ධව
කළ වංචා හේතුවෙන් කෝටි ගණනාවක පාඩුවක් රජයට සිදුවී ඇතැයිද රාජ්‍ය ගිණුම් කාරක සභාව
හඳුනාගෙන ඇත. විගණකාධිපති කාර්යාලය විසින් අහඹු ලෙස කළ පරීක්ෂණවලදී මෙම දෙපාර්තුමේන්තුව
තුළ තිබූ වාහන 547ක් සම්බන්ධ තොරතුරු ඇතුළත් ලිපි ලේකණ අතුරහන් වී ඇති බවත්
හඳුනාගෙන ඇත. එම හේතුවෙන් වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ මහා පරිමාණ අක්රමකතා
හා වංචා සිදුව ඇතැයි සාධාරණ සැකයක් මතුවන බව ගිණුම් කාරක සභාව පවසයි. ලිපි ලේඛණ
අතුරුදන් කරන්නට ඇත්තේ වංචා හා අක්‍රමතා සැඟවීමට දැයි සැකයක් මතුව තිබේ.
මෝටර් රථ
දෙපාර්තුමේන්තුව විසින් කෙරෙන අනෙකුත් මහා පරිමාණ වංචා හා අක්රමකතා අතර කෑලි
එකතුකර එකලස් කළ වාහන ලියාපදිංචි කරදීම, වාහනයක පෙර අයිතිකරුවන් අඩුකර දීම,
ඩුප්ලිකේට් පොත් ඔරිජිනල් කර දීම, දෙපාර්තුමේන්තුවට ඉදිරිපත් කරන කූට ලේකණ සහිත
වාහන ලියාපදිංචි කිරීම ආදිය බවද සොයාගත හැකි විය. ඇතැම් අවස්ථාවන්වලදි වාහන
ලියාපදිංචි කිරීමේ දී සමහර අංක ලියාපදිංචි නොකර මඟ හැරීම සිදු කරයි. පසුව එම අංකවලට
ආනයන කළ වාහන කූට ලෙස ලියාපදිංචි කිරීම සිදුවෙයි.
රථ වාහන ලියාපදිංචි
කිරීමේ දෙපාර්තුමේන්තුවේ සිදුවූ වංචාව සම්බන්ධයෙන් ගිණුම් කාරක සභාවේ සභාපති ලසන්ත
අලිගියවන්න මහතා මෙවන් අදහසක් ඉදිරිපත් දැක්වීය. “රාජ්‍ය
ගිණුම් කාරක සභාව පහුගිය කාලය තුළ රාජ්‍ය ආයතන හා අමාත්‍යංශ 38ක් පිළිබඳ පරික්ෂණ පැවැත්වුවා. ඒ ආයතන 38 කරුණු 238ක්
විගණකාධිපතිවරයා ඉදිරිපත් කළා. එහිදි ලිපිගොනු 5000ක් පරීක්ෂා කිරීමේදි ලිපිගොනු
547ක් අස්ථානගත වෙලා තියෙනවා. අස්ථානගත වීම සම්බන්ධයෙන් කරුණු දැන් දක්වලයි
තියෙන්නෙ. අපේ කමිටුවට පරික්ෂා කරලා නැහැයි කියපු වාහන50 තොරතුරු හම්බෙලා තියෙනවා
කියලා දැන් දන්වලා තියෙනවා.”
මෙලෙස රථවාහන දෙපාර්තුමේන්තුව තුළ
අක්‍රමිකතා සිදුවීමට හේතුව ද සභාපති වරයේ දැක්වුවේය. “අපේ කාරක සභාව මේවා එක් ආයතනයක් ගැනවත් සෑහීමකට
පත්වෙන් නෑ. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය දියුණු කිරීමෙන් සහ රේගුව හා වාහන
ලියාපදිංචි දෙපාර්තුමේන්ත අතර ජාලකරණයක් කළ යුතුයි කියලත් අපි නිර්දේශ කරනවා.
එතකොට රථවාහන දෙපාර්තුමේන්තුවේ මෙවැනි වංචා සිදුවෙන්නෙ නැහැ. සිදු වුණත් නීතියට හසුකරගන්න
පහසුයි. එහෙම ආයතන අතර අන්තර් සම්බන්ධීකරණයක් නැති නිසා මෝටර් සයිකල් ආනයන කරලා
වෙනත් වාහන විදිහට ලියාපදිංචි වෙලා තියෙනවා. අත් ට්‍රැක්ටර් ගෙනෙල්ලා වෙනත් වාහන
විදිහට ලියාපදිංචි වෙලා තියෙනවා. ඒ හින්දා අපිට පැහැදිලිවම පේනවා මේ
දෙපාර්තුමේන්තුව තුළ පරස්පර විරෝධී දේවල් වෙලා තියෙනවා කියලා. දැන් අපි වාර්තාව
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. දැන් කතානායක තුමා මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමර්ග
ගනීවි. දෙපාර්තුමේන්තු ආයතන මට්ටමිනුත් මේ සම්බන්ධයෙන් විමර්ශන සහ නීතිය ක්‍රියාත්මක
වෙයි.”
පසුගිය කාලය පුරාම මෝටර් රථ ප්‍රවාහන
දෙපාර්තුමේන්තුවේ මහා පරිමාණ වංචා හා අක්‍රමතා ගණනාවක් සිදුව තිබේ. එම ක්‍රියාවන්ට
සම්බන්ධ වූ සේවකයන්ට නීතිය ක්‍රියාමක කළද තවමත් එම තත්වයේ වෙනසක් නැතැයි පැවසේ. මේ
හේතුවෙන් රජයට ලබා ගැනීමට තිබූ විශාල ආදායම් ප්‍රමාණයක් අහිමි වී ඇත. නමුත් මෙවර
රාජ්‍ය ගිණුම් කාරක සභාව ඉදිරිපත් කළ තොරතුරු පදනම් කරමින් පාර්ලිමේන්තු සාදනීය
තීන්දුවක් ගන්නේ නම් විවිධ ආයතන්වල අභ්‍යන්තරයේ සිදුවන මෙවැනි වංචා නැවැත්විය
හැකිය. එතුළින් රජයට අහිමිවී යන අවස්ථා අවම කරගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.
සකීෆ් සාම් තන්වීරි.
No comments:
Post a Comment