ඒකාබද්ධය අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කළ, ජනතා
විමුක්ති පෙරමුණේ දැඩි විරෝධය ඉදිරියේ රජය ඉවත් කරගත් වැට් පනත සඳහා
කැබිනට් අනුමැතිය ලබා පනත ගැසට් කර ඇත. පාර්ලිමේන්තු අනුමැතියෙන් පසු නව වැට් බද්ද
ක්‍රියාත්මක වීමට ද නියමිතය. මෙම නව වැට් යෝජනාව සම්බන්ධයෙන් දේශපාලඥයන් පළ කළ
අදහස් කිහිපයක්.
එ.ජ.නි.ස පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන.
අපි ඒකාබද්ධ විපක්ෂය වශයෙන් කිව්වේ වැට් බදු
පනවන්න එපා කියලා නෙවෙයි. වැට් බද්ද සාධාරණබවේ මූලධර්ම, සරලබවේ මූලධර්ම, සානුබල
වැනි මූලධර්මවලට අනකූලව ජනතාවට බරක් නොවෙන ලෙස පනවන්න කියලා. ඒ බද්ද පැනවීමේදී
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විදිවිදාන, පාර්ලිමේනුතුවේ ස්තාවර නියෝගවලට අනුකූලවන, ක්‍රමානකූල
ක්‍රමවේදයට පනවන්න කියලා. 2016 සැප්තැම්බර් 09 සංශෝදිත වැට් බදු පනත ගැසට් කරලා
තියෙනවා රජයේ මුද්‍රණාලය විසින්. ඒ පනත ගැසට් කිරීමෙන් පසුවයි එනම් සැප්තැම්බර් 13
තමයි කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබිලා තියෙන්නේ. කැබිනට් මණ්ඩලය විසින් තමන්ගේ අදහස්
උදහස් යෝජනා කීමට පෙර පනත් කෙටුම්පත ගැසට්
කරලා තියෙනවා. ඒවගේම තමයි පෞද්ගලික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අසරණ රෝගීන්ත්ට 15% වැට්බද්ද
පනවලා තියෙනවා. පිළිකා රෝගීන් හෘදය වස්තු රෝගීන්ට වැට්15%ක් කරලා තියෙනවා. වර්ෂයකට
සිගරට් මිලියන 4100ක් විතර නිෂ්පාදනය වෙනවා. පිළිකාවලට හෘදය රෝගවලට හේතුවන
සිගරට්වලට විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පැනෙව්වොත් රජයට අතිරේකව බිලියන 82ක් උපයගන්න
පුලුවන් කියලයි අපි කිව්වෙ. එතකොට කුඩා පරිමාණ මධ්‍යම පරිමාණ සිල්ලර වෙළෙන්දන්ගෙන
බදු පනවන්න ඕනි නෑ. විදුලි සංදේශවලින් අතිරේකව වැට් අයකරන්න ඕන් නෑ. රෝගීන්ගෙන්
වැට් අයකරන්න ඕන් නෑ. නමුත් ආණ්ඩුව රුපියල් පහකින් විතරයි සිගරට් වැඩි කරන්නේ.
රජයට අවශ්‍යයි සිගරට් බීලා ලෙඩ වෙලා මිනිස්සු විනාශ වෙන්න. සිල්ලර හා තොග වෙළඳාම
සම්බන්ධයෙන් අපි කියන්නේ කාර්තුවක පිරිවැටුප් මිලයන සීයක්වත් තියන්න, විදුල සංදේශ
හා සේඛ්‍යයට ගහන බද්ද ඉවත් කරන්න, සීයට 15% අනුපාතය තව පහළට ගේන්න කියලයි. කලින්
අපේ ආණ්ඩුවේ 22%ක් වැට් බදු තිබුණට අපි පීඩාකාරි අංශවලට බදු පනවලා තිබුණේ නෑනෙ.
අනුපාතය නෙවෙයි ප්‍රශ්නෙ බදු ගහන භාණ්ඩය සම්බන්ධවයි. මීට අමතරව පනත ඇතුලේ ගොඩක්
දේවල් තියෙනවා ප්‍රශ්න කරන්න. ඒවා අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කියන්නම්.
මුදල් නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන.
ප්‍රජාතන්ත්‍රවාදීව ඕනේම කෙනෙකුට අධිකරණයට යන්න
පුළුවන් වැට් බද්දට එරෙහිව. කියන විදිහේ දෝෂයක් තියෙනවා
නම් අධිකරණය ඒ ගැන බලයි. එහෙම අධිකරණය යම් තීන්දු තීරණයක් ලබා දෙනව නම් ඒ අනුව ක්‍රියා
කිරීමේ වගකීම අපිට තියෙනවා. එහෙම තත්වයක් ඇතිවෙන්නේ නෑ කියලා මම හිතනවා. මේ වතාවේ
අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගන්න විදිහේ නෙවෙයි ඉතාමත් සැළකිල්ලෙන් අපි කටයුතු කරලා
තියෙන්නේ. දෙවැනි කාකරණය කාර්තුවක පිරිවැය උස්සලා තියෙනවා එක්ලක්ෂ තිස්දහස දක්වා.
රටේ මතයක් තියෙනවා සුලු වෙළෙන්දන් සියලු දෙනා මේ බද්දට ගොණුවෙනවා කියලා. නමුත් අලුත්
තත්වේ අනුව සුලු වෙළෙන්දෝ බහුතරයක්ම මේ බද්දට අහුවෙන්නේ නෑ. විවිධ සංවිධානවලින්
උද්ඝෝෂණ වෙළෙන්දෝ හුඟාක් දෙනෙකුට මේ සහනය ලැබිලා තියෙනවා. මේ 15% වැට් බද්දක්
කියන්නෙ ඉස්සරත් පනවපු වැට් බද්දක්. 20%ටත් ලංකාවේ බදු පනවලා තියෙනවා. මෙතෙන
විරෝධයක් දක්වන්නේ දේශපාලන විරෝධයටයි. ඒ මිසක් වැට් බද්දේ ප්‍රමාණෙට විරෝධයක්
දක්වන්න කිසිම හේතුවක් නෑ. මොකද ලංකාවේ වැට් බද්ද 12%ට තිබිලා තියෙනවා 15%ටත් තිබිලා
තියෙනවා 20%ටත් තිබිලා තියෙනවා. ඉතිං මේක රාජ්‍ය ආදායම අවශ්‍ය වෙලාවක සුලු ව්‍යාපාරිකයාත්
බේරගෙන පොදු එකඟතාවයකට ඇවිල්ලා ගත්ත ක්‍රියාමාර්ගයක්. අපි ප්‍රධාන වශයෙන් මේක
අතීතයට බලපාන විදිහට ගන්නෙත් නෑ. මේක සම්මත වුණ දවස ඉදලයි ක්‍රියාත්මක වෙන්නේ. මේක
කැබිනට් එකට ගිහිං අනුමත වෙලාත් තියෙනවා. ගිය වතාවේ උසාවි ගියේ කිබිනට් මණ්ඩලයේ
අනුමැතිය නැතුව ගිහිං කියලා.. ඒ සියල්ලම නිවැරදි කරලා තියෙනවා මේ වතාවේ. අධිකරණමය
ක්‍රියාමාර්ගයක් නොගන්නා ආකාරයට තමයි අපි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ මේ වතාවේ.
දැන් මම කියන එක හරි නෑ. ඒක අධිකරණය දී ඉදිරිපත් වෙයි.
පොදු ව්‍යාපාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන්
වික්‍රමරත්න.
රජයේ ආදායම පසුගිය රජය ඉවත්වන අවස්ථාවේදී දළ
දේශීය නිෂ්පාදනය 12% යි. ඒ රජය පාලය භාර ගනිද්දි ආදායම දෙගුණයක් තිබුණා. රජයේ
ආදායමෙන් තමයි ස්‍යෙඛ්‍ය අධ්‍යාපනය සමාජසේවාවලට වියදම් කරන්නේ. රජයේ ආදායම දුර්වල
වුණාම පොදු ජනතාවට අවශ්‍ය සේවාවන් දෙනන් බැරිව යනවා. කලින් ආණ්ඩුව බදු නිදහස
දුන්නා. බදු නිදහස දුන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට නෙවෙයි. ව්‍යාපාරිකයින්ට
ධනපතීන්ටයි. ඒක තමයි ඒ අයගේ ප්‍රතිපත්තිය. අපේ ප්‍රතිපත්තිය වෙනස්. අපි එකතුකරන ආදායම
බොහොම ප්‍රගතශීලීව පාවිච්චි කිරනවා. අපි මානව සම්පත ගොඩනගන්න තමයි මේ බදු මුදල්
භාවිත කරන්නේ. ඒ නිසා තමයි අධ්‍යාපනය සෞඛ්‍ය වගේ දේවල් අපේ ආණ්ඩුවේ මුල් තැන
ගන්නේ. ඒ සියල්ල සඳහා අපේ පළවෙනි අයවැයෙන්ම වියදම වැඩි කරලා තියෙනවා. විපක්ෂය බොහෝ
වෙලාවට බිල්ලෝ මවන වැඩක් තමයි කරන්නේ. ඇත්තටම ගැටලුව තියෙන්නේ කොහොමද වියදම්
කරන්නේ කොහොමද ආයෝජනය කරන්නේ කියන එක ගැන. නමුත් විපක්ෂයට ඒවා ගැන ප්‍රශ්න කරන්න
වුවමණාවක්වත් නෑ. මම පිළිගන්නවා අපි ඍජු බදු වැඩි කරලා වක්‍ර බදු ප්‍රතිශතය අඩු
කරනවා කියලා ආණ්ඩුව ගනිද්දි කිව්වා. ඒත් අපිට ඒක එකවරම කරන්න බැහැ. මුලින් ආර්තිකය
ස්තාවර කරන්න බදුපනවන්න වෙනවා. අපි ඒ අපේ පොරොන්දුව මේ වාරය තුළදි ඉෂ්ඨ කරනවා.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී
නලින්ද ජයතිස්ස.
කොහොමටත් බදු වැඩි කිරීම ජනතාවට බරක් ජනතාවට
දරාගන්න බෑ. පහුගිය කාලය පුරාම රටේ ආර්තිකය වට්ටලා වට්ටලා අවසානයේ භාණ්ඩාගාරය
පුරවන එකම ක්‍රමය බවට ඉතිරි කරලා තියෙන්නේ ජනතාව මත බදු ගැසීම පමණයි. මේකට පහුගිය
මහින්ද අණ්ඩුව වගේම ඊට කලින් චන්ද්‍රකා කුමාරතුංග ආණ්ඩුව හා ජේ ආර් ආණ්ඩුවත් වග
කියන්න ඕනෙ. රටට ආදායම් ලැබීමට තිබුණා රාජ්‍ය ආයතන ප්‍රමාණයක්. එම කර්මාන්ත, වතු,
සේවාවන් සියල්ල පුද්ගලීකරණය කළාට පස්සේ ජනතාව මත බදු පැටවීම විතරයි ඉතිරිවෙලා
තියෙන්නේ. දැන් බදු ගහන්නෙත් මහා පරිමාණයෙන්. ඉතිං ඒකට විරුද්ධව අපේ රටේ වෙළඳ ව්‍යාපාරිකයින්
වෙළඳ සංගම් ජනතාව පාරට බැහැලා උද්ඝෝෂණයක් කළා. ඒ උද්ඝෝෂණය සමහරු කඩාකප්පල් කළා
අධිකරණයට යාම මගින්. මොකද අධිකරණය තීන්දුව දුන්නේ වැට් එකතු කිරීම වැරදීයි කියලා
නෙවෙයි වරද්ද එකතු කරන ක්‍රමයවේදය කියලයි. දැන් ආණ්ඩුව ඒ ක්‍රමවේදය හරිගස්සගෙන ඇවිත්
තියෙනවා. ඒවගේම තව අතපසුවීම් තියෙනවා නම් ඒවත් ඉදිරියේදී හදා ගනියි. අන්තිමට
කොහොමත් ජනතාව මත බදු ගහනවා. ඒකාබද්ධ විපක්ෂ කට්ටිය කළේ ජනතාව මත බදු පැනවීම
අධිකරණය හරහා සාධාරණීයකරණය කර දීමක්. මේක අධිකරණය ඉස්සරහ පරාජය කරන්න ඕනෙ එකක්
නෙවෙයි මහපාරට බැහැලා ජනතාව ඉදිරියේ පරාජය කරන්න ඕනෙ එකක්. ඒකබද්ධ කල්ලිය කළේ
ජනතාවගෙන් ඒ අයිතිය උදුරා ගැනීම. දැනට පාර්ලිමේන්තුවට වැට් පනත ඉදිරිපත් වෙලා නෑ.
මේක ගේනකොට නැවතත් විරෝධතාවක් ගේන්නන අපි සැලසුම් කරළා තියෙනවා.
ශ්‍රී ලංකාමුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී
එම්.එච්.සල්මාන්.
බදු කියන්නේ ඕනේම රටක ආදායම් මාර්ගයක්. විශේෂයෙන්ම
ස්කැන්ඩිනේනියානු රටවල්වල බද්ද 60% 70%ක් තියෙනවා. මේ ආණ්ඩුවේ බද්ද 15%ක් විතරයි. කලින්
තිබුණ වැට් පනතේ ජනතාවට දැඩි විදිහට බලපාන බොහෝ දේවල් ඉවත් කරලා මේ පාර කැබිනට්
අනුමැතිය වැට් යෝජනාවට ලැබිලා තියෙනවා. විපක්ෂය වැට් එකට විරුද්ධවීම තුළ තියෙන්නේ
දේශපාලනමය ප්‍රශ්නයක් මිසක් නීතීමය ප්‍රශ්නයක් නෑ. පවතින ආණ්ඩුවකට බදු පැනවීමේ
අධිකාරියක් තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ නීතිමය ගැටලුවක් තියෙනවද බලන්න
විතරයි. මෙතන සමහරු මතයක් ඇතිකරන්න හදන්නේ වැට් කියන දේ අලුතින්ම මේ ආණ්ඩුව ගහනවා
කියලා. කලින් ආණ්ඩුවල 22% දක්වාත් වැට් ගිහිං තියෙනවා. රජයට කෙටිකාලීනව ආදයම්
ලබන්න වක්‍ර බදු හෝ ඍජු බදු හැර වෙන මාර්ගයක් නෑ. අපි වගේ රටවල්වල ඍජු බදු ගෙවීම ප්‍රායෝගික
නැති එකක්. ආදායම් බදු ගෙවන ෆයිල් තියෙන්නේ දහස් ගාණක් කියලා කතාවකුත් කියනවනේ.
බොහෝ රටවල්වල ලොකුම බිස්නස් එක ආදායම් බදු පැහැර හැරීම. ඒක ලංකාවෙ මහපරිමාණයෙන්
සිද්ද වෙනවා. ඉතිං මම හිතන්නේ නීතියක් හදලා නීති දැඩි කළොත් තමයි ආදායම් බද්ද එකතු
කරන්න පුලුවන් වෙන්නේ. පොදුවේ වැට් ගහද්ද සල්ලිකාරයද දුප්පතා ද කියලා වෙනසක් නෑ.
බද්ද වැටි කරද්දි සල්ලිකාරයාටත් අනිත් අයටත් එකසේ බලපානවා.
සමසමාජ පක්ෂ ලේකම් තිස්ස විතාරණ.
වැට් බද්ද හරහා රටේ හැම පුද්ගලයෙක්ගෙන්ම බද්දක්
අය කරනවා. නම් කළ භාණ්ඩ හා සේවා සම්බන්ධව ගෙවීමක් කරන්න වෙනවා. මේක දුප්පත් පෝසත්
දෙගොල්ලටම එකයි. අපේ රටේ දුප්පත් සාමාන්‍ය ජනතාවයි වැඩියෙන් ඉන්නේ. කෝටිපතියන්
ඉන්නෙ ටික දෙනයි. ඉතිං කෝටිපතියාට වුණත් ගෙවන්න වෙන්නේ දුප්පත් හිඟන්නා ගෙවන
බද්දමයි. මේ වක්‍ර බදු අය කිරීමේ ක්‍රමයේ බර ඒ කියන්නේ රජයට අවශ්‍ය ආදායම ලබා
ගන්නේ දුප්පත් ජනතාවගෙන්. කෝටිපතියන් පෝසතුන්ට බරක් නෑ. දැනෙන්නෙත් නෑ. ඒත් එක්ක
කෝටිපතියන්ගෙන් අයකරන උපරිම බද්ද 24%කට උස්සලා තිබුණා කාලය තිබුණා. දැන් මේ ආණ්ඩුව
මේවගේ බරක් සාමාන්‍ය ජනතාවගේ කරපිටට දාලා අනිත් පැත්තෙන් කෝටිපතියන්ට පනවන බද්ද
ඍජු බද්දේ උපරිමය 15%ට බස්සලා. ඉතිං මේක දරුණු අසාධාරණයක්. මේක දරන්න පුලුවන්
සුඛෝපභෝගී ජීවිත ගතකරන පෝසත් කෝටිපති සුලුදෙනාට දීපු සහනයක් අපි සමසමාජ පක්ෂය
විදිහට තදින්ම මේකට විරුද්ධයි. අපේ මතය කලින් තිබුණ ආකාරයට වැට් බද්ද තියාගන්න
කියලයි. පුලවන් නම් ඉවත් කරන්නත් නැත්තම් මීටත් අඩුම කරන්න කියලා අපි යෝජනා කරනවා.
ඍජු බද්ද වැඩි කරන්න ඕනේ. දැන් මේ ආණ්ඩුවේ ආදායමෙන් 85%කට වඩා එන්නේ දුප්පතාට බඩට
ගහන බද්ද හරහා. අනිකුත් රටවල රජයේ ආදායම ලබා ගන්නේ පෝසතුන්ගෙන් ඍජු බදුවලින්. මේ
ආණ්ඩුව බලයට එනාකොට කිව්වා 80% තිබ්බ වක්‍ර බදු 60%ට අඩු කරනවා කියලා. 20%ක තිබුණ
ඍජු බද්ද 40%කට නංගනවා කියලා. නමුත් ඒ පොරොන්දුව නෙවෙයි ඉෂ්ඨ කරලා තියෙන්නේ. තිබුණ
තත්වය තවත් දරුණු කරලයි තියෙන්නේ. අපි මේක තදින්ම හෙළා දකිනවා.
සකීෆ් සාම් තන්වීරි.
No comments:
Post a Comment