මීතොටමුල්ල
කුණු කන්ද මායිමේ ශ්‍රී රාහුල විද්‍යාලය පිහිටයි. තවත් පාසල් හතරක්ම ඊට ආසන්න
ස්තාතවල පිහිටා තිබේ. හෙට දවසේ රට බාරගන්නා අවිහිසංක පුංචි මල් කැකුළුවන් දුවා
දරුවන් අකුරු කරන්නේ මෙම කුණු කන්ද පාමුල අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් වළඳමිනි. එම
පාසල්වල සිසු දරු දැරියන් කසල කන්ද හේතුවෙන් ඇදුම, ශ්වසන පද්ධති ආශ්‍රිත රෝග,
හෘදයාබාධ, වකුගඩු රෝග හා ඩෙංගු වැනි විවිධ රෝගයන්ට ගොදුරු වෙමින් සිටි. මේ
මීතොටමුල්ල ජනතාවගේ පාසැල් දුවාදරුවන්ගේ ඛේදවාචකයේ හරස් කඩයි.
මීතොටමුල්ල
කුණු දැමීම ආරම්භය මීට වසර විස්සකට පෙර සිදුවිය. ඒ මහා පරිමාණයෙන්නම් නොවේ. 2009
බ්ලූමැන්ඩල් කුණු කන්ද ගින්නත් සමග අධිකරණ නියෝගයකට අනුව මීතොටමුල්ල අක්කර දෙකක
භූමියක කුණු දැමීමේ අනුමැතිය ලැබුණි. එහෙත් අද වෙද්දී එම කුණු කන්ද අඩි තුන්සියයක්
උසට අක්කර 18ක් පුර ව්‍යාප්තව ඇත. දිනකට එහි දමන කුණූ ප්‍රමාණය ටොන් 1200ක් පමණ
වෙයි. 1918දී
පරමවිඥානාර්ත බෞද්ධ සමිතියට අයත් අක්කර හතක භූමියක ආරම්භ කළ රාහුල විද්‍යාලය මීතොටමුල්ල
කුණු කන්ද පාමුල පිහිටයි. නැත. 1918 පිහිටවූ පාසල අසල 2009 සිට කුණු දැමීම ආරම්භ
විය.
අවිහිංසාවාදියෙකු
මෙන්ම අධිරාජ්‍ය විරෝධියෙකුද අධ්‍යාපනඥයෙකු වූ ආචාර්ය ඊ.ඩබ්ලිව් අධිකාරම් මහතා සිය
අධ්‍යාපනය ලැබුවේ ද මීතොටමුල්ල රාහුල විදුහලෙනි. 1960 දී රජයට පවරාගත් මෙම
මීතොටමුල්ල රාහුල විදුහල සිසුන් 3000ක් පමණ අධ්‍යාපනය හදාරන මිශ්‍ර පාසලක් විය.
එහෙත් අද මීතොටමුලල රාහුල විදුහලේ සම්පූර්ණ සිසුන් ගණන 102කි. විදුහල්පතිනිය සමග ගුරුවරුන්
7කි. එක් පංතියක සිසුවන් 20ක් පමණ වෙති. කලකදී ළමුන් 3000ක් උගත් පාසල අද ළමුන්
සියයකට සීමා වී ඇත. ආචාර්ය ඊ.ඩබ්ලිව් අධිකාරම් මහතා වැනි අධ්‍යාපනඥයන් බිහි කළ මෙම
පාසලේ අද ප්‍රමාණවත් පහසුකම්ද නැත. ඉගැනීමට සුදුසු පරිසරයක්ද නැත. එම හේතූන් මත
ශිෂ්‍යත්ව විභාගයවත් සමත් වන සිසුන් එහි නැති තරම්ය.
පාසලට
අඩි කිහිපයක් අද්දරින් පිහිටි කසල කන්දට රැස්වන කාක්කන්, කොක්කු, බල්ලන් පාසැල්
භූමියට කුණු ගෙනවිත් කෑමෙන් පසු ඉතිරිවන දෑ පාසැලට බරපතල ප්‍රශ්නයක් වී ඇත. ඇතැම්
විට පංතිකාමරවල පවා කුකුල් කකුල්ය. මස් වැදලිය. කාක්කන් කුණු ගැනවිත් ගිල දමන්නේ
පංතිකාමරවල පරාල වල සිට හෝ වහල සිටිය. දරුවන්ගේ ඇග මතටද කාක්කන් ගෙන යන කුණු වැටෙයි.
කකුල් හතරම හා බඩෙන් භාගයක් පමණ කලු කුණු පැහැ ගැන්වී ඇති කුණු කන්දේ කුණු කන
බල්ලන් පාසල පුරා දුවති. පංති කාමරවල ලගිති. ඔව්න්ගේ ශරීරයේ ඇති කුණු විෂභීජ පංතිකාවරවල
රැඳෙයි. එය පාසැල් දරුවන්ගේ සෞඛ්‍යයට දැඩි ලෙස බලපානු ලබයි. මෑතකදී කොළඹ විශ්වවිද්‍යාලයෙන්
කළ සමීක්ෂණයකට අනුව මීතොටමුල්ල කුණු කන්ද අසල පාසල් ළමුන්ගෙන් 60%කට ඡර්ම රෝග
තිබෙන බව අනාවරණය විය. ඒ මේ කුණු කන්ද නිසාම යන්න තර්කයක් නැත.
ගව්
ගානක් දුරට කුණු කන්දේ ගඳ පැතිරෙද්දී කුණූ කන්දට අඩි කිහිපයක් අද්දරින් පිහිටි මීතොටමුල්ල්
රාහුල විදුහලේ තත්වයේ කෙසේ වෙත්ද? කුණු කන්දට ඈතින් ඇති නිවාසවල පවා ජනයා වෙසෙනුයේ
කුණූ ගඳ දරාගත නොහැකිවය. වැසි දිනයන්වල ඉවසාගත නොහැකි දුර්ගන්දයක් හමන බවත් එවැනි
දිනයන්වල පාසලේදී කෑම අනුභවයට පවා අප්‍රයතාවක් ඇතිවන බවත් එම පාසලේ සිසුවියක්
පැවසුවාය. දුර්ගන්ධය මෙන්ම මැස්සන්ගෙන්ද අනේක දුකක් එම දුරුවන් විඳිති. කුණු කන්දේ
වසමින් සිටි මැස්සන් පාසැල් ළමුන්ගේ ශරීයේ ලැගීමෙන් සිදුවන්නේ කුමක්ද? එවැනි
තත්වයක් තුළ එම දරුවන්ට ඡර්ම රෝග පමණක් නොව වෙනත් රෝග පවා ඇති විය හැකිය.
මීතොටමුල්ල
රාහුල පාසල ආරම්භ කරන විට පාසලට අයත් භූමි ප්‍රමාණය අක්කර 07ක් විය. එහෙත් අද
පාසලට, වැටමායිමක් නැති එම භූමියෙන් ඉතිරිව ඇත්තේ අක්කර දෙකක් පමණ කුඩා කොටසකි.
මීතොටමුල්ලේ කුණු දැමීමට අධිකරණයෙන් අවසර ලබා දුන්නේ අක්කර දෙකකට පමණි. එහෙත් අද
කුණු අක්කර 18ක් පුරා ව්‍යාප්තව ඇත. එනම් කුණු කන්ද විසින් පාසල් භූමිය ආක්‍රමණය
වී ඇත. ඊට වගකිව යුත්තෝ කොළඹ මහනගර සභාව හා කොලන්නාව මහනගර සභාවයි.
2012
දී හදිසියේම මීතොටමුල්ල රාහුල විදුහල පාරිසරික ගැටලු යැයි පවසමින් තාවකාලිකව වසා
දැමීමට සිදුවිය. පාරිසරික ගැටලුව යැයි පවසා ඇත්තේ කලු පැහැති පණු වර්ගයක් කන්ද
දෙසින් පාසල පුරා පැතිර යාමය. ඒ සම්බන්ධයෙන් ජනතා ව්‍යාපාරයේ කීර්ති මහතා පැවසුවේ
මෙවන් කතාවකි. මෙහෙම කුණු කන්ද මෙතෙන පිරෙද්දි කුණු කන්ද අයිනෙම තියෙන මීතොටමුල්ල
රාහුල විදුහල් භූමියේ පනුවෝ දළඹුවෝ දරුණු ලෙස බෝවෙන්න ගත්තා. ඒ හින්දා පාසල
වැහුවා. 5වසර දක්වා හිටපු ළමයි කොළොන්නාව බාලිකා, විද්‍යාවර්ධන, 11 වසර දක්වා
ළමුන් ටෙරන්ස් එන් සිල්වා කියන පාසැල් තුනට දැම්මා. පාසලක් වහනවා කියන්නේ හිරගෙයක්
අරිනවා වගේ වගේ වැඩක්. 2012දී වසා දැමුනු පාසල නැවත මාස 05ක් පමණ ගතවීමෙන් 2013
අප්‍රේල් මාසයේදී ආරම්භ වන්නේ ප්‍රාථමික පාසලක් ලෙසයි. එතෙක් සාමාන්‍ය පෙළ දක්වා
අධ්‍යාපන කටයුතු සිදුවුණු පාසල පණු ප්‍රශ්නයෙන් පසු ප්‍රාථමිකයක් බවට පත්විය.
ගොඩනැගිලි හතරකින් යුත් රාහුල විදුහලේ එක් ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන්ම හිස්ව පවති.
අනෙකුත් පාසැල්වල පංතිකාමරවල ළමුන් ගහනය 40 වැන ඉහල සංඛ්‍යාවක් පෙන්වද්දී රාහුලේ
තත්වය 20කටත් අඩු බව එම පාසලේ ගුරුවරියක් පවසයි. නුදුරේම පාසල වැසෙන්නට වුවද
පුලුවන. ඒ වැසුනොත් වැසෙන්නේ අවට පාසල් දරුවන් නොමැතිකම නිසා නොව කුණු ප්‍රශ්නය
නිසාය.
පාසැල්
ක්‍රීඩා පිටිය අසලින් ගලන ස්වභාවික ඇල කුණු කන්දෙන් කාන්දු වන අපවිත්‍ර ජලයෙන්
සම්පූර්ණයෙන්ම දූෂණය වී දුගද හමන කලුම කලු ජලය ගලන කුනු කානුවක් බවට පත්ව ඇත.
නාගරික ඝන අපද්‍රව්‍යවලට අමතරව වැසිකිළි වලෙන් ඉවතට ගන්නා පල්දෝරු ජලයත් මෙම ප්‍රදේශයේම
ඉවතලන බැවින් ඒවාද කාන්දුවී පාසල් ගොඩනැගිලවලට මීටර් 30ක් පමණ ඈතින් ගලන ඇල දිගේ
ගලා යයි. විවේක වේලාවේ ක්‍රිකට ගසන ළමුන්ගේ පන්දු එම කානුවට වැටුන පසු ඒවා ගන්නවා
තියා හිතන්නෙවත් නැති බව සිසුවෙක් අප සමග පැවසුවේය.
මීතොටමුල්ල
රාහුල විදුහල මුහුණ පා ඇති කසල අර්බුදය සම්බන්ධයෙන් කොලන්නාව නගර සභාවේ හිටපු
උපසභාපති සුරේෂ් කොදාගොඩ මහතා මෙසේ මෙවන් අදසක් දේශයට පළ කළේය. අධීකරණයෙන් නියෝග
දීලා තියෙන්නේ අක්කර දෙකක පමණක් කුණු දාන්න. දැන් අක්කර 21ක් වෙනකම් අල්ලගෙන. ඔය
කුණු ගොඩට විසඳුමක් මොන රජෙක් ආවත්
විසඳුමක් දෙන් නෑ. ඒත් ලොකෙ නම් ඕනෙ තරම් විසඳුම් තියෙනවා. මෙතන සිද්ද වෙන්නෙ
පළාත් සභාව මේක අපිට අයිතිය කියලා එක පැත්තකට අදිනවා. අනිත් පැත්තෙන් මෙගා පොලිස්
අපිට අයිතියි කියලා අදිනවා. මීතොටමුල් අහිංසක ජනතාව පාසලවත් බේරගන්නයි අපි
ඉල්ලන්නේ. කුණු ගොඩට විසඳුමක් නැත්තම් ඉස්කොලේ පැත්තෙට කුණු තල්ලු කරන එකවත්
නවත්තන්න.
මීතොටමුල්
රාහුල විදුහල් භූමියේ පාසැල පමණක් නොව මීතොටමුල්ල ශ්‍රී සම්බුද්ධ ශාසනාරක්ෂක දහම්
පාසලද පැවැත්වෙයි. එබැවින් අපා දුක් මැද සිප් සතර කරන දරුවන්ගේ අධ්‍යාපනය නිදහසේ
කරගෙන යාම සඳහා අවැසි පියවර රජයෙන් ගත යුතුයි. අද වෙද්දී මීතොටමුල්ල කුණු කන්ද
ආසන්නයේ ඩෙංගු, මී උණ යන රෝග හේතුවෙන් මිය ගිය ගණන තිහකි. මේ ගැටලුවට වහාම
පිළියමක් නොයොදතොත් ඉදිරියේ තවත් ජීවත කිහිපයක් අහිමි වන බව නම් නිසැකය.
සකීෆ්
සාම් තන්වීරි.
No comments:
Post a Comment