Thursday, October 13, 2016

දෙහිවල ධීවරයෝ ගල කඩන්න එපා කියයි.




මෑතක දෙහිවල ධීවරයෝ විරෝධතා පෑවේ අන් කිසිවක් නිසා නොව ඔවුන් පාරම්පරිකව මුහුණ පා සිටින මාරාන්තික සටනට විස`දුමක් ඉල්ලමිනි. එදින මසුන් මැරීමට මුහු`දට ගොස් සිටි ධීවරයේ සිව් දෙනෙකු උදැසන 7.30 ට පමණ ගොඩට එන විට මුහු`දු පිවිසුම් දොරටුවේදී රැුල්ලට හසුවී බෝට්ටුව පෙරලී අනතුරකට පත්වීමත් සම`ග ධීවරයෝ රේල් පාර හරස් කළහ. මෙලෙස එම පිවිසුම් දොරටුව හෙවත් කඩමත්තේ ධීවරයෝ අනතුරට ලක්වූ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙ ධීවර ජීවිත ගණනාවක්ම එම කඩමත්තේදී සිදුවූ අනතුරු වලින් බිලි වී ඇත. එලෙස දෙහිවල කඩමත්තේ අනතුරු වැඩිවීමට හේතුව එම කඩමත්තේ ගල්පිහිටීම්ය. ධීවරයන් උද්ඝෝෂණ කරමින් ඉල්ලන්නේ තමන්ට මරු කැ`දවූ එම කඩමත්ත ආරක්ෂිත කලාපයක් ලෙස සාදා දෙන ලෙසයි. ඔවුන්ගේ එම ඉල්ලීම අද ඊයක සිට නොව දශක ගණානාවක් තිස්සේ කරන ඉල්ලීම්ය.

දෙහිවල කඩමත්ත යනු පානදුර අ`ගුලාන එගොඩඋයන කොරලවැල්ල මොරටුව රත්මලාන ලූනාව යන ප‍්‍රදේශවලින් අප්‍රෙල් සිට ඔක්තෝම්බර් දක්වා කාල සිමාව තුළ දිනකට ධීවර බෝට්ටු 250ක් පමණ මුහු`දු යන පිවිසුම් දොරටුවයි. එම ධීවරයෝ මුහු`දු ගිය පසු ඇති වන කාලගුණික වෙනස්කම් සම`ග ඔවුන් නැවත ගොඩට පිවිසීමේ අවධානම් තත්ත්වයක් නිර්මාණය වී ඇත. සෑම අවුරුද්දක වාරකන් කාල සීමාව තුළ ධීවර ජීවිත මෙම පිවිසුම් දොරටුවේදී අහිමි වෙයි. එම ස්තානයේ තිබෙන රීප් එක සහ ඊට ඉදිරියෙන් පිහිටා තිබෙන ගල් කිහිපය නිසා රැුල්ල සැරවී බෝට්ටු පෙරෙළන තත්ත්වයක පරිවර්තනය වෙයි. එම ස්තානයේ ගල්වැටියක් දැමීමෙන් මෙම ගැටලූව විස`දාගත හැකි බව ධීවරයේ පවසයි. ඒ පිළිබ`දව දෙහිවල  ඕබන් පෙදෙසේ ධීවරයෙක් වන ලලත් ප‍්‍රනාන්දු මහතා මෙසේ අදහස් දැක්වීය.

”1950 ගණන්වල ඔතන බෝර දාලා කැඩුවා. කඩමත්ත කියන්නේ යන එන දොරටුව. 1950 දී බෝර දාලා කැඩුවට පස්සේ පොඩි පොඩි ගල් ලියලිලා තියෙනවා. ඒකෙන් දැන් දරුනු ඛේදවාචකයක් ඇති වෙලා තියෙනවා. දෙදෙස් අටේ ඉදන් දෙදස් දොළහ වෙනකම් හැම අවුරුද්දකම මරණයක් සිද්ධ වුණා. හැම අවුරුද්දකම ජූනි සහ ජූලි මාස වල තමයි සිද්ධ වුණේ. දෙදහස් දහතුනේදී ජූනි හත් වෙනිදා මරණ පහක් එකවර සිදුවුණා. ඊට පස්සේ පසුගිය දෙවෙනිදාත් බෝට්ටු දෙකක් පෙරළිලා ජීවිත හානි හතරක් සිද්ද වෙන්න ගියා. වාසනාවකට අපිට හතර දෙනා බේරගන්න පුලූවන් වුණා. දැන් ඉතිං ඇමති තුමා කඩමත්ත හදලා දෙන්න පොරොන්දු වෙලා තියෙනවා.”

දෙහිවල කඩමත්තේ පිහිටීම හා එමගින් අනතුරු සිදුවන ආකාරය ධීවරයෙක් වන පද්මසිරි ගෝමිස් මහතා අපට පැහැදිළි කළේ මෙලෙසිනි.  ”මහත්තයා මේ ලොකුවට පේන්න මතුවෙලා තියෙන්නේ බෙල්ලන් ගල. බෙල්ලන්ගල අපේ ඇස් දෙකට පෙනුනට ඊට ඉස්සරහින් තියෙන ගල පේන්නෑ. ඒත් ඒකේ හිටගත්තත් හිටගන්න පුලූවන්. බෙල්ලන් ගලට එහා මුහු`දු පැත්තට තියෙනවා මුඩාව කියලා ගලකුයි ඊට ටිකකක් මෙහායින් ගොඩි මුඩුව හා චමින්ද කියලා තවත් ගල් දෙකක්. දියඹෙන් එන රැුල්ල ඉස්සරහින් තියෙන ගලින් අ`ඩාල ඇවිල්ලා පුපුරනවා. පුපුරපුහම රුල්ල දුවගෙන එනවා ඉස්සරහ රීප් එකටම. එතකොට එතැනින් යන්න බයයි එතැනත් ආයේ මාරියාව පුපුරනවා. ඉතිං දෙක එකට  වැදුනම තමයි බෝ්ට්ටු පෙරෙළෙන්නේ. මේ ගලට තමයි අපි හු`ගක් බය. මෙතන පොඩි රැුල්ලක් නෙවෙයි අ`ඩන්නේ. රැුල්ල අ`ඩපුහාම ඉස්සරහා තියෙන ගලෙන් ඉස්සිලා දුවගෙන එනවා මෙහාටම. බෝට්ටු එලියෙන් හිටවගෙන ඉන්න වෙලාවල් තියෙනවා. රැුල්ල කඩමත්ත හරහා දුවන වෙලාවල්වල එතැන බෝට්ටු කැරකි කැරකි ඉන්නවා. එයා වහල් වුණාම තමයි බෝට්ටුව දාන්නේ. එයා මෙතැන්දි දුවන වෙලාවට තමයි බෝට්ටු පෙරෙළෙන්නේ.”

පද්මසිරි ගෝමිස් මහතා සම`ග කතා කරමින් සිටින විට එම ස්තානයට පැමිණි දෙහිවල ප‍්‍රදේශයේ අත්දැකීම් බහුලම ධීවරයා ලෙස සැලකෙන හ`දුන්වන ආනන්ද හෙවත් එම්.සී. ප‍්‍රනාන්දු මහතා කඩමත්ත ගැටලූව පිළිබ`දව පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කළේය. ”මේක අපිටත් ඉස්සෙල්ල එච් එස් පෙරේරා මහත්තයාගේ කාලේ ඉ`දලාම ඉල්ලලා තියෙනවා මේ කඩමත්තේ ගල් කඩන්න කියලා. ඒත් අහන අහනා පාරට කියන්නේ කඩලා දෙන්න බෑ කියලා. මගේ දැනුමේ හැටියට අවුරුදු තිස්පහකටත් වැඩියි. අපි ප්ලෑනකුත් දීලා තියෙනවා. ඒත් අහන අහන පාරට කියන්නේ බෑ කියලමයි. ඒ කඩමත්ත කැඩුවොත් මුහු`ද ගලනවලූනේ. ඒ හින්දා දැන් අපි ඉල්ලලා තියෙන්නේ ගල් කඩන්න  ඕනි නෑ තියෙන ගල් උඩින් ගල්වැටියක් දාලයි අපි ඉල්ලන්නේ. එතකොට අහිමි වෙන ජීවිත සදහටම බේරෙනවා. හැම අවුරුද්දකම එතැන ධීවරයෝ මැරෙණවා. මේ වෙනකොට එතැන ධීවරයෝ පනහකටත් වැඩිය මැරිලා තියෙනවා. මේ පාරත් හතර දෙනෙක් මැරෙනවා. එයාලගේ වාසනාවකට බේරුනා. ගොඩ පැත්තේ ඉ`දපු බෝට්ටුවල මිනිස්සු දැකලා බේරගත්තා. ජැකට් තිබ්බේ නැත්තම් එයාලා මැරිලා. පංගුවක් මිනිස්සු ජැකට් නැතුවත් යනවා පීනන්න පුලූවන් කියන හයියට. එහෙම උණාම බයානකයි. එදා කඩමත්තේ ආපු බෝට්ටු දෙකම කෑලි කෑලිවලට ගියා. හතර දෙනා බේරුනේ නූලෙන්.”

”කොරලවැල්ල ඉදලා වැල්ලවත්ත යනකම්ම වාරකන් කාලෙට මුහුදුට යන්න එන්න කියලා තියෙන්නෙ දෙහිවල තොටුපල විතරයි. ඒ හින්දා ඔක්කොම එන්නෙ මෙතෙන්ට. දිගටම ගල්පර. මෙතැන විතරයි කඩමත්තක් තියෙන්නේ. කඩමත්තෙන් විතරයි දියඹෙට යන්න එන්න පුලූවන්. අපේ දොරකඩ ඒකයි. පානදුර මෝදර ඉදලා කොළඹ මෝදර වෙනකම් මේ වාරකන් කාල සීමාවේ මුහුදු යන්න පුලූවන් තැනකට තියෙන්නේ මෙතැන විතරයි. වෙන කොහෙන්වත් යන්න බෑ. හැම තැනකින්ම ධීවරයෝ මෙතැන්ට රස්සාව කරන්න එන්නේ ඒ කාරනාව හින්දයි. මෙතැන තියෙන්නේ මීටර් 70ක් සීයක් විතර පොඩි ඉඩසක් විතරයි. එතැනින් බෝට්ටු දෙකක් එකට එන්නත් බෑ. බෝට්ටුවක් ගොඩට ගෙනල්ල කරකව්වයින් පස්සේ තමයි අනිත් බෝට්ටුව බස්සන්නේ.”
කඩමත්ත පිළිබ`ද විස්තර කිරීමෙන් පසු දැනට දෙහිවල ධීවරයන් ක‍්‍රමයෙන් ධීවර කර්මාන්තයෙන් ඈත් වෙමින් සිටින බව එම්.සී. ප‍්‍රනාන්දු මහතා ඉතා කණගාටුවෙන් දේශයට ප‍්‍රකාශ කළේය. ”ඉස්සර ඉදන්ම මෙතැන මැරිච්චි අයගෙන් අපේ ගමේ මිනිස්සු හත් දෙනෙයි. මෙතැන ධීවරයන්ගෙන් සියයට හතලිහක් විතර දැන් අඩුවෙලා. හො`ද ධීවරයෝ දැන් එක එක පැක්ටරිවලට වැඩ කරන්න යනවා පොඩි පඩියකට. ධීවර රස්සාව අතැරලා කුලී වැඩට යන්නේ මැරෙන්න තියෙන බයට. මුහු`ද් කොච්චර කුනාටු තිබ්බත් අපි බය නෑ. අපි ඈත මුහුෙ`ද් මැරෙන්නේ නෑනේ. අපි ඈත මුහුෙ`දන් ලස්සන්ට මාලූ අල්ලන් සන්තෝසෙන් එනවා. මෙතැන මාරියාව දැක්ක ගමන් අපිට බෝට්ටුවේ ඉන්න මාලූ පේන්නෙත් නෑ දරුවන්ව තමයි අපි සිහි කොරගන්නේ දරුවන්ව බලන්න එන්න හම්බෙයිද කියලා. මෙතැන ගිලූනොත් ගොඩට එන්නෙ නෑ දියඹෙටයි යන්නේ. ලංකාවේම මුහු`ද වෙනස් මෙතන විතරයි.  ඕන පිහුනුම් කාරයෙක් මෙතැනින් ගොඩ ආවොත් අපි ඉල්ලන  ඕන දෙයක් දෙනවා. එහෙමයි මෙතැන තියෙන සටන. අපේ දරුවොත් හො`ද ධීවරයෝ. ඒත් අපි මුහු`දු අරින් නෑ. අපිට පුලූවන්ද අපි ඉස්සරහ දරුවෙක් මැරෙනවා බලන් ඉන්න?”

ඉන්පසුව දෙහිවල  ඕබන් පෙදෙස ධීවර සමිතියේ ලේකම් කුමාර ගෝමිස් මහතා ඔවුන් මුහුණ දී ඇති ගැටලූව සම්බන්ධයෙන් හැ`ගීම්බරව කතා කළේය. ”ධීවරයෝ දියඹෙදී මැරුනොත් මිනිය හම්බෙන්නෙත් නැති වෙන්න පුලූවන්. එතකොට අපිට හිත හදාගන්න පුලූවන්. මෙතැන ඇස් පනා පිටම මීටර් දෙසීයක් තුන්සියක් දුරක ඉදලා බෝට්ටුව පෙරෙලෙන කොට අඹුදරුවෝ ඥාතීන් දෙමාපියෝ ඔක්කොම බලාගෙන ඉන්නවා අපේ බෝට්ටු දැන් එනවයි කියලා. තාත්තාව පෙනි පෙනී මරුවත් එක්ක සටන් කරන කොට දරුවන්ට අමමලා තාත්තලාට සහෝදරයන්ට ඇති වෙන හැ`ගීම හිතලා බලන්න. ඒ වෙලාවේ එක්කෝ ඒ ගොල්ලො මුහුෙ`ද් පනින්න  ඕනේ නැත්තම් රේල් පාරට දුවගෙන එන්නෙ  ඕනේ. එදා මුහුෙ`ද් පනින්න බැරිකමට තමයි රේල් පාරට දුවගෙන ආවේ. ධීවරයෝ මාරියා එක්ක පොර බැදල එන මිනිස්සු හින්දා ටිකක් ආවේගශීලී. එදා ධීවර කටයුතු ඇමතිතුමාත් අපේ ධීවර සමිතයත් එක්ක කතා කරලා එක`ගතාවෙකට ආවා ජනවාරි මාසේ වෙනකොට වැඩ පටන් ගන්නම් කියලා. ඉතිං දැන් අපි බලාපොරොත්තු වෙනවා ජනවාරිවල වැඩ පටන් ගනියි අපේ ගැටලූව විසෙ`දයි කියලා.”

මැයි මාසයෙන් පසුව වසර අවසන් වන තුරු වාරකන් කාලයත් සම`ග මුහු`දු රැුල්ල රලූ ස්වභාවයක් දක්නට ලැබේ. එබැවින් එම කාලය තුළ ගල්වැටිය ඉදිකිරීම අපහසුය. නමුත් ජනවාරි මස වන විට එම මුහු`දු රැුලි තරමක අඩුවක් පවතියි. එබැවින් ධීවරයන්ගේ ඉල්ලීම පරිදි අනතුරුදායක ගල් මතින් ගල්වැටියක් ඉ`දිකිරීම 2017 ජනවාරී මස ඇරඹිය හැකිය. එමගින් අකාලේ අහිමිවන ධීවර ජීවිත හානි අඩු කරගත හැකිය. 2013දී දෙහිවල කඩමත්තේදී සිදුවූ අනතුරේදී මරණයට පත්වූ ධීවරයෙක්ගේ බිරි`ද වන පස්දරු බවක් වන තිස් පස් හැවිරිදි කේ.ජී.රේණුක පීරිස් මහත්මිය අප වෙත මෙවන් අදහසක් පැවසුවාය. ”2013 මගේ මහත්තයා නැතිවුණේ. මට ළමයි පස්දෙනෙක් ඉන්නවා. හතර දෙනෙක්ම ඉස්කෝලේ යනවා. මහත්තය මැරුණට පස්සේ මංම තමයි හම්බ කරලා ළමයි ජීවත් කරවන්නේ. මහත්තයා නැතිවුණාම ලක්ෂයක වන්දියක් දුන්නා. ඊට පස්සේ මොකුත් බලන්න කියන්නේ ආවේ නෑ. දැන් මම අන්ත අසරණ වෙලා ඉන්නේ. ළමයිගේ ඉස්කෝලෙ පහසුකම් ගාස්තුවත් ගෙවා ගන්න විදිහක් නෑ. මගේ මහත්තයාට සිදුවුණා වගේ තවත් සිදුවුණොත් ගෙදර ඉන්න ගෑණු අය අසරණ වෙනවා. ඒ මිනිස්සුන්ටත් සහනයක් නැති වෙයි. ඒ හින්දා කඩමත්ත හදලා දෙන්න. නැත්තන් ඒ මිනිස්සුත් මං වගේ අසරණ වෙයි. අදටත් මං බොහෝම අමාරුවෙන් ජීවත් වෙන්නේ. කවුරුත් බලන්න එන්නේ නෑ. කාගෙවත් සහනයක් නෑ. ළමයි බඩගින්නේ ඉස්කෝලේ යනවා. ඉතිං ධීවරයන්ට මේ කඩමත්ත හරියට හදලා දෙන්න.” එබැවින් මෙම ධීවර ගැටලූව කෙරෙහි ආණ්ඩුවේ කඩිනම් විස`දුමක් ලබා දිය යුතු යැයි අප යෝජනා කරමු.

No comments:

Post a Comment