මිනීමරු රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගනු.
පට්නි රාසික් නම් මානව හිමිකම් ආරක්ෂකයා පැහැරගෙන ගොස් ඝාතනය කර, වසර හයක් ඉක්ම යමින් ඇත. 2010 පෙබරවාරි 11 වනදා පොලොන්නරැවේදී පට්නි රාසික් අතුරැදහන් කළ අතර පසුව ඔහුගේ මළ සිරුර 2011 ජූලි 28 දා වාලච්චේන, ඕටමාවඩි ප්‍රදේශයේ අඩක් නිමැවූ නිවසක පොළව යට වළ දමා තිබී සොයා ගැනුනි. මානව හිමිකම් ආරක්ෂකයකු වූ පට්නි රාසික්(55), පුත්තලම දිස්ත්‍රික්කය මූලික කරගත් ප්‍රජා භාරකාර අරමුදල නම් රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානියකු ලෙස ක්‍රියාකාරී විය.(රාසික් අතුරැදහන් කිරීමෙන් පසු, රිෂාඩ් ඇමතිවරයාගේ මැදිහත් වීමෙන්, රාජ්‍ය නොවන ලේකම් කාර්යාලය විසින් මෙම සංවිධානයේ පාලනය පවරා ගත් අතර හමුදා මේජර්වරයෙක් යටතේ මෙය පාලනය වූ බව එවකට වාර්තා විය.) එසේම මානව හිමිකම් සහ සංවර්ධනය සදහා වන ආසියානු පදනමේ ද (FORUM-ASIA) (www.forum-asia.org) රාසික්, ප්‍රභල ක්‍රියාකාරිකයෙක් ද විය.
කෙසේ නමුත් රාසික් ඝාතනය කර වසර 6ක් ඉක්ම යමින් තිබියදී ද පට්නි රාසික් ඝාතනය කළ ඝාතකයින් සොයා ගැනීමට තවමත් නොහැකි වී තිබේ. ඒ පිළිබදව තවමත් අධිකරණය තුල නඩුවක් සුපුරැදු පරිදි කල් දමමින්, කල් දමමින් ඉදිරියට ඇදෙයි.
රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා සම්බන්ධ බව,
‘‘අපි කවුරැත් රිෂාඩ් ඇමතිතුමා තමයි මේකට පිටුපස්සේ ඉන්නේ කියලා කියන්න ඉස්සරහම එතුමා මාධ්‍ය සාකච්ඡාවක් දාලා කිව්වා, ‘‘මම නෙවෙයි මේකෙ පිටි පස්සේ ඉන්නෙ කියලා‘‘ ඒක නිසාම අපේ ජනතාවට වැඩි සැකයක් ඇති උනේ ඇයි මේක එයාට දාගන්න ඕන කියලා.‘‘ යනුවෙන් රාසික් ගේ අවසන් කටයුතු නිම වී පැවති රැස්වීමේදී(August 3, 2011) පුත්තලම නගර සභාවේ, සභාපති,කේ.ඒ.බායිස් පැවසූවේ ය. එපමණක් ද නොවේ රාසික් ගේ අවමගුල් දිනයේදී රිෂාඩ් අමැතිවරයාත් ඔහුට සම්බන්ධ පුද්ගලයන් ගැනත් රැස්ව සිටි ජනතාව සිය ප්‍රභල විරෝධයක් පෑවේ ප්‍රසිද්ධියේම ඔවුන්ගේ නම් ප්‍රකාශ කරමින්ය. නමුත් කවමත් රිෂාඩ් බදියුඩීන් නම් ඇමතිවරයා රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙක් ය. පට්නි රාසික් නම් මානව හිමිකම් ක්‍රියාකාරිකයා ඝාතනය කර වසර 4ක් යන මොහොතේත් සියලු තැන්හි ඔහු හොදින් සැරිසරන්නේ ය.
ආරක්ෂක ලේකම්වරයා සහ රිෂාඩ් ඇමතිවරයා
‘‘ඒ ගොල්ලෝ ඔක්කොම ටෙලිෆෝන් වලින් මෙයා තමයි කියලා කියලත්, ඊට පස්සේ පොලීසිය අපිට කිව්වා ‘අපිට අතගහන්න බෑ’ ලොකු තැන්වලින් මේක නතර කරන්න කියලා කියලා තියනවා කියලා’ ඒ ගොල්ලෝ ඒකට පැටලෙන්න කැමති නැ කියලා. නමුත් පුත්තලං ජනතාව ඔකකෝටම දන්නේ රිෂාඩ් අැමතිතුමා, ආරක්ෂක ලේකම්තුමාට කියලා මේක නතර කලා කියලා තමයි පුත්තලම් ජනතාව සේරමලා දන්නේ.‘‘ යැයි එයටම සහභාගී වූ ගම් වැසියෙක් ප්‍රකාශ කලේත් එදිනමය.
සම්පූර්ණ සිදුවීම.
මීට අවුරුදු හයකට පෙර එනම් 2010 මාර්තු 11 වනදා පැහැර ගෙන ගොස්, අතුරුදන් කරන ලද පට්ටානි රාසික් මහතාගේ සිරුර ජූලි 28 දින මඩකලපුව ඔට්ටමාවඩ්ඩි ප්‍රදේශයේ කහවත්ත නම් ගමේ ඉදි කරමින් තිබෙන නිවසක් ඇතුළේ වළදා තිබියදී කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ගොඩ ගෙන තිබේ.
අපරාධ කොට්ඨාසය මගින් රාසික් මහතාගේ මෘත දේහය ගොඩ ගෙන ඇත්තේ ඔහුගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සබ්දීන් නව්ෂාඩ් සහ ස්මයිල් මොහොමඩ් මුස්ඩීන් යන සැකකරුවන්ගෙන් අනාවරණය කර ගත් තොරතුරු මතය. නව්ෂාඩ් කිලිනොච්ච්ි ප්‍රදේශයේ සැඟවී සිටියදී අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව ඔහු විසින් කළ ප්‍රකාශයකට අනුව මුස්ඩීන් අත්අඩංගුවට ගෙන ඇත. රාසික් මහතාගේ සිරුර වළ දමා තිබී ඇත්තේ මුස්ඩීන්ගේ මාමා කෙනෙකු කියන පුද්ගලයෙකුට අයත් අඩක් නිම කළ නිවසක් තුළය.
ජූලි 28 වන දින ගොඩගත් රාසික් මහතාගේ සිරුර මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තබන ලදි. පසුව අගෝස්තු 02 දා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා රාසික් මහතාගේ සිරුර එදිනම සවස නිවසට භාර දී ඇත.
මුස්ලිම් ආගමේ චාරිත්‍ර අනුව, රාසික් මහතාගේ සිරුර අගෝස්තු 03 වනදා මිහිදන් කරන ලදි. පුත්තලම සමීරගම ග්‍රාම සේවා කොට්ඨාසයේ හිටපු ග්‍රාම නිලධාරියකු මෙන්ම එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරියකු ලෙස ද රාසික් මහතා සේවය කොට ඇත.
රාසික් මහතා 2010 මාර්තු 11 වන දා පැහැර ගෙන යන තෙක්, ඔහු පුත්තලම් දිස්ත්‍රික්කයේ ප්‍රජා භාරකාර අරමුදල් (සී. ටී. එෆ්.) ආයතනයේ කළමනාකරු වශයෙන් කටයුතු කර ඇත. රාසික් මහතා දරුවන් සය දෙනෙකුගේ පියෙකි. ඔහුට පිරිමි දරුවන් දෙදෙනෙක් සහ ගැහැණු දරුවන් සතර දෙනෙක් සිටිති.
සමීරගමේ ලොකු පොඩි කවුරුත් රාසික් මහතා ආදරයෙන් හැඳින්වූයේ ජී. එස්. කියාය. රාසික් මහතා පැහැර ගෙන ගොස් මරා දැමීම සම්බන්ධ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන නව්ෂාඩ් කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බද්යුද්දීන්ගේ ලේකම්වරයෙකි. රාසික් මහතා අතුරුදන් කළ 2010 මාර්තු 11 වන දා පාන්දර 05 ට පමණ තව දෙදෙනෙකු සහ රියැදුරු සමඟ ප්‍රජා භාරකාර ආයතනයට අයත් වෑන් රථයෙන් පොළොන්නරු බලා ගොස් ඇත.
ඔහු පොළොන්නරු බලා ගොස් ඇත්තේ, එදින එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක තිබූ රැස්වීමකට සහභාගි වීම සඳහාය. ඔහු තම බිරිඳගෙන් සහ දරුවන්ගෙන් සමුගෙන පොළොන්නරුව බලා ගියේ නැවත නොඑන්නට බව, රාසික් මහතා ගොදුරු කර ගන්නට බලා සිටි නව්ෂාඩ්ලා හැර වෙන කවුරු හෝ දැන සිටියේ නැත. ඒ බව දැන ගන්නට තරම් ජගතෙක් මේ මිහිපිට ද නැත.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවේ පැවති රැස්වීම සවස 2 ට පමණ අවසන් වී ඇත. පසුව රාසික් මහතා පොළොන්නරු කදුරුවෙල මුස්ලිම් පල්ලිය අසලදී වෑන් රථයෙන් බැස ගෙන ඇත.
රාසික් මහතා එදින සවස 03 ට පමණ පල්ලියට ගොස් නැවත තවත් පුද්ගයෙකු සමග එළියට පැමිණ තිබේ.
රාසික් මහතා ඔහුගේ හිතවතෙකු යැයි පැවසූ කෙනෙකු සමග වාලච්චේන ප්‍රදේශයට ගොස් ඇති බව පොළොන්නරු කොට්ඨාසය බාර ජ්‍යෙAෂAඨ පොලිස් අධිකාරී එම්. සිරිල් ප්‍රානන්දු මහතා විසින් රාසික්ගේ පුත්‍රයා වන ආර්. පිස්කාන් මහතා වෙත 2010 ඔක්තෝබර් 25 දා එවන ලද ලිපියේ සඳහන් කර ඇත.
රාසික් මහතාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ සහ ඥාතීන් විසින් 2010 පෙබරවාරි 12 වන දින මුන්දලම පොලිසියේ සී. ආර්. බී. 02 33/175 යන පැමිණලි අංකය යටතේද 2010 පෙබරවාරි 14 වන දා පොළොන්නරු පොලිසියේ එම්. ඕ. අයි. බී. 322/328 දරන පැමිණිලි අංකය යටතේද 2010 පෙබරවාරි 15 වන දා පුත්තලම පොලිසියේ සී. අයි. බී. 389/187 දරණ පැමිණිලි අංකය යටතේද පැමිණිලි කොට තිබේ.
රාසික් මහතාගේ බිරිඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පැමිණිලි අංක එච්. ආර්. සී. /3170/10 යටතේ 2010/4/15 වන දින පැමිණිල්ලක්ද කර ඇත.
මීට අමතරව ප්‍රජා භාරකාර ආයතනය මගින් 2010 මාර්තු 14 වන දා පොළොන්නරු පොලිසියේ එම්. ඕ. අයි. සී. 113/313 දරන අංකය යටතේ ද පැමිණිල්ලක් කර තිබේ.
රාසික් මහතා අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සැකපිට නව්ෂාඩ් මුන්දලම පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට සොයද්දී, ඔහුගේ සොහොයුරෙකු වන සහාබ්දීන් ලක්මාන් නමැති අය සැකකරුට අපේක්ෂිත ඇපයක් ඉල්ලා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට (41114/10/ඡ දරන අංකය යටතේ) ඇප ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කරන ලදි. එම ඉල්ලුම් පත්‍රය මගින් නව්ෂාඩ් දේශපාලන සම්බන්ධතා කදිමට මෙසේ අනාවරණය කොට තිබේ.
දේශපාලන වශයෙන් තමන් වන්නි දිස්ත්‍රික්කයේ ජනතාව අතර කරපු සේවාවද තමන්ව සහාය කරගෙන සේවය කරපු කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රිසාඩ් බද්යුදීන් මහතාගේ සේවාවන්ට හා අනාගත දේශපාලනයට බාධාවීම හා කීර්ති නාමයට හානි සිදුවීම හැකි බවය.
රාසික් මහතා පැහැර ගෙන ගිය අවස්ථාවේ ඔහු ළඟ තිබූ ජංගම දුරකථනයෙන් (අංකය 0714242607) රාසික් මහතාගේ ඥාතියෙකුට 2010 මාර්තු 23 දා කථා කොට ඔහු නිදහස් කරන්නට කෝටි 02 ක කප්පම් මුදලක් ඉල්ලා ඇත.
පසුව එම දුරකථන අංකයෙන්ම කථා කර, කොළඹ ගුණසිංහපුර මුස්ලිම් පල්ලියට එන්න යැයි කියා එහි තබා ඇති කළු බෑග් එකක් ගන්නැයිදන්වා ඇත. එම බෑග් එකේ රාසික් මහතාගේ ඇස් කන්නාඩි දෙක, රියැදුරු බලපත්‍රය සහ ඔරලෝසුව ඇතුළු ලියවිලි කීපයක් තිබී ඇති අතර පසුව එම ලියවිලි ඔහුගේ ඥාතීන් විසින් පොළොන්නරු පොලිසියට බාර දී තිබේ.
රාසික් මහතා දුරකථන සිම් කාඩ් 03ක් පාවිච්චි කොට ඇති අතර අධිකරණ නියෝගයක් මත එම සිම් කාඩ් අයත් මොබිටෙල් සහ එයාටෙල් ආයතනවලින් ලබාගත් වාර්තා පරීක්ෂා කරද්දී, ඔහු අතුරුදන් වූ දිනයේ රාසික් මහතාගේ දුරකථනයට වැඩිපුරම ඇමතුම් ලබාගෙන ඇත්තේ 0714406793 අංකයෙන් බව තහවුරු විය. එම දුරකථනයේ සිම් අංකය 352880100917420 වන අතර හැඳුනුම්පත් අංකය 632721412 ඪ ලෙස හඳුනාගෙන තිබිණි. එම දුරකථන අංකයේ හිමිකරු වන්නේ අංක 414 ම/නාගවිල්ලුව, පුත්තලම පොලිස් වසමේ පදිංචි සහාබ්දීන් නව්ෂාඩ් බවට පොලිස් විමර්ශන මගින් තහවුරු කරගෙන තිබුණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නඩුවක් නඩු අංක: බී. ආර්. 177/10/පී යටතේ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇත.
නව්ෂාඩ්ට එරෙහිව පැමිණිලි සහ තහවුරු කළ හැකි සාක්ෂි තිබියදීත් ඔහු අත්අඩංගුවට නොගන්නේ බද්යුදීන් අමාත්‍යවරයා ගේ බලපෑම නිසා යැයි පුත්තලමේ ජනතාව පවසති.
අතුරුදන් වූ තම ස්වාමි පුරුෂයා සොයා දෙන්නැයි රාසික් මහතාගේ බිරිඳ වන නූර්මිනාර් රාසික් මහත්මිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත 2010 මාර්තු 23 දාතමින් ලිඛිත ඉල්ලීමක් කොට ඇත.
පුත්තලම ප්‍රජා භාරකාර අරමුදලේ මුදල් රාසික් විසින් සොරකම් කර ඇතැයි යන චෝදනාව එල්ල කොට ආරක්ෂක අමාත්‍යාංශය මගින් එම රාජ්‍ය නොවන සංවිධානයේ පරිපාලනය තමන් වෙත පවරා ගන්නට කටයුතු කළ අතර දැන් එහි පාලක මණ්ඩලය පත්කොට තිබෙන්නේද ආරක්ෂක අමාත්‍යාංශයෙනි.
ප්‍රජා භාරකාර අරමුදලේ මුදල් සහ දේපල සොරකම් කර ගෙන රාසික් පැනගොස් ඇතැයි ඔහු පැහැර ගත් අය ප්‍රචාරයක් ගෙන ගියේය.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැර ගත් පිරිස ඔහුට එරෙහිව මේ වැනිම ආකාරයෙන් ප්‍රචාරයක් ගෙන යන ලදි.
රාසික් මහතාගේ චරිතය විනාශ කිරීමට සැලසුම් සහගතව ප්‍රචාරය ගෙන ගිය සහ එම චෝදනාවම එල්ල කොට ප්‍රජා භාරකාර ආයතනය පවරා ගත් ආරක්ෂක අමාත්‍යාංශයද ඔහු පැහැර ගෙන ගොස් රඳවා ගෙන පසුව මරා දැමීමට වක්‍රාකාරයෙන් හෝ වගකිව යුතු නොවේද?
රාසික් මහතා අතුරුදන් වූ දිනයේ පොළොන්නරු කදුරුවෙල පල්ලියේදී නව්ෂාඩ්ට ඔහු මුණ ගැසී ඇත. බළලා මල්ලෙන් එළියට පනින්නාක් මෙන් අපේක්ෂිත ඇපයක් ලබා ගැනීමට නව්ෂාඩ් විසින් ඉදිරිපත් කරන ලද අයදුම් පත්‍රයේ මෙසේ සඳහන් වේ.
එරාවුර් යන ගමන් ආගම සිහි කිරීම සඳහා පොළොන්නරු කදුරුවෙල පල්ලියට ගියා. එහිදී රාසික් මහතා හමු වී සුහදව කථා කළ බව නව්ෂාඩ් පිළිගෙන ඇත.
ඔහු එදින පොළොන්නරු පල්ලියට ගොස් ඇත්තේ රිසාද් බද්යුදීන්ගේ ලේකම් සහ ඔහුගේ සොහොයුරා වන රියාෆ් බදියුදීන් සහ ඔවුන්ගේ ආරක්ෂකයන් සමගය.
රාසික් මහතාගේ දරුවන්, ඥාතීන් පුත්තලමේ ජනතාව සහ එක් රාජ්‍ය නොවන සංවිධානයක් නොවන්නට ඔහුගේ ඝාතනය කාලයත් සමග සැඟවී යන්නට ඉඩ තිබුණි.
රාසික්ගේ පුත්‍රයා වන ආර්. රිස්කාන් මහතා- අවුරුදු 31 අදහස් දක්වමින් මෙසේ කීය: සී. ටී. එෆ්. සංවිධානය ආරම්භ කරන්නේ 1993 දී. තාත්තා ඇතුළු පස් දෙනෙකුගෙන් තමයි මුලදී පටන් ගත්තේ. මුලතිව්වලින් එක් අයෙකුයි, මන්නාරමෙන් දෙන්නයි, පුත්තලමෙන් සහ යාපනයෙන් එක් අයෙකු බැගින් පත් කර ගෙන තිබුණා. සී. ටී. එෆ්. ආයතනයේ ප්‍රධානියා මන්නාරමේ මිහිමන් මුස්තාපා 2004 වර්ෂයේ තීන්දුවක් ගත්තා අවුරුදු 05න් පහට නායකත්වය මාරු කරන්න. නමුත් එම තීන්දු 2009 ක්‍රියාත්මක වුණේ නැහැ.
සුනාමියෙන් අවතැන් වූ ජනතාවට විශාල සේවයක් සී. ටී. එෆ්. ආයතනයෙන් කළා. පස්සේ මුස්තාපා සමග වැඩ කරන්න බැහැ කියලා තාත්තා සී. ටී. එෆ්. ආයතනයේ මුදල් පුත්තලමේ මුස්ලිම් ජනයා නඟා හිටුවන්න යෙදෙව්ව. මුස්තාපා සහ නව්ෂාඩ් අතර හොඳ සමීප සම්බන්ධකමක් තිබුණා. සී. ටී. එෆ්. ආයතනයේ සේවය කළ යාෂින් සමග නව්ෂාඩ් ප්‍රකාශ කරලා තියෙනවා තාත්තා හමුදා බුද්ධි අංශය ලවා උස්සනවා කියලා. සංවිධානය ඇතුළේ ගොඩක් ප්‍රශ්න තිබිල තියෙනව. සී. ටී. එෆ්. ආයතනයේ කෝටි ගණනක් මුදල්වලට ආයතනයේ අය වගේම ප්‍රදේශයේ දේශපාලනඥයොත් ඇස ගසා හිටියා.
මේවගේ මරා දැමීම්වලට කියන්න තියෙන්නේ පුහුළ් හොරා කරෙන් දැනේ කියලා නෙවෙයි.. පුහුල් හොරා මූනෙන් සහ කියන දේවල් වලින් දැනේ කියලා.. රිෂාඩ්ගේ හැසිරීම හා රිෂාඩ්ට සතුව ඇති අතිවිශාල වත්තකම ඔහුට ලැබුණේ කෙසේද? තම පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී දූරය පුත්තලමට දුන්නේ පුත්තලම් ජනතාව තමන්ට එරෙහිවීම වැළැක්වීමටද? පසුගිය ආණ්ඩුවේ මෙන්ම මෙම ආණ්ඩුවේද මෙවන් මිනීමරු දේශපාලඥයෙකුට ඇමතිදූර දෙන්නේ ඇයි?
රිෂාඩ් රාෂපක්ෂ පවුලේ අයෙකු නම් ජනතාවගේ හා ආණ්ඩුවේ හැසිරීම මීටත් වඩා වෙනස්ය.
සැකසුම සකීෆ් සාම් තන්වීරි. රාවය හා විකල්පයෙනි.