කාටත් අයිඩෙන්ටිය අලුත් කරන්නලු.
නව ඉලෙක්ට්‍රෝනික හැඳුනුම් පතේයම් පුද්ගලයෙකුගේ
තොරතුරු පිළිබඳව සැකයක් මතුවන ඕනෑම අවස්ථාවක ඔහුගේ පෞද්ගලික දක්ත ගොනුව වෙත
ජාලකරණය හරහා රාජ්‍ය ආයතනවලට ප්රවේශවීමේ හැකියාව ඇතැයි පුද්ගල ලියාපදිංචිකිරීම්
දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් සරත් විජේසේකර මහතා පැවසීය.
යම් අවස්ථාවක අත්සනක් තහවුරු කරගැනීමට සිදුවෙතොත්
ඒ සඳහා ද රාජ්‍ය ආයතන මගින් දක්ත ගොනුවට ප්රවේශවී තහවුරු කරගතත හැකි බවද ඔහු
තවදුරටත් පැවසීය.
ජාතික හැඳුනුම්පත නොමැතිව අමතක කර ගිය අවස්ථාවකදී
වුවද තම නව ජාතික හැඳුනුම් පත් අංකය අදාල රාජ්‍ය ආයතනය වෙත ඉදිරිපත් කිරීමෙන්
ඔහුගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමට හැකියාව ලැබීම නව ඉලෙක්ට්‍රෝනික ජාතික
හැඳුනුම්පතේ ඇති විශේෂ වාසියකි. එම අංකය හරහා දක්ත ගොනුවට ප්රවේශවීමේ හැකියාව
රාජ්‍ය ආයතන සතුව ඇත.
ඊට අමතරව ඡන්ද මධ්‍යස්ථානයේදී, බැංකුවේදී, වාහන බලපත්‍රය
ලබාගැනීමේදී, විදේශ ගමන් පත්‍රය ලබාගැනීමේදී, EPF/ETF ලබාගැනීමේදී හා දේපල ගණුදෙනුවලදී නව ඉලෙක්ට්‍රෝනික
ජාතික හැදුනුම්පත නිසාකාර්යයන් ඉතාමත් පහසුවෙන් කරගත හැකියි.
තවදුරටත් අදහස් දක්වමින් කොමසාරිස් ජෙනරල්වරයා පෙන්වා
දුන්නේ නව ජාතික හැඳනුම්පත් ක්‍රමවේදය හේතුවෙන් නුසුදුස්සන් සමෘද්ධි ආධාර ලැබීම හා
විශ්‍රාම වැටුප් වංචා කිරීම ආදි වංචනික ක්රියාඉතා ඉක්මණින් පහළ වැටෙනු ඇති බවයි.
එසේවුවත් රාජ්‍ය ආයතනයකට ප්‍රවේශවිය හැක්කේ දත්ත
ගොණුවේ පුද්ගලයෙකුගේ මූලික තොරතුර වෙත පමණි. සම්පූර්ණ තොරතුරු හා දක්ත ලබා ගැනීමට
නම් එම පුද්ගලයාගේ අනුමැති හෝ උසාවි නියෝගයක් අවශ්‍ය බව පුද්ගල ලියාපදිංචි කිරීම්
දෙපාර්තුමේන්තු කොමසාරිස් ජෙනරාල් පෙන්වා දුන්නේය.
දත්ත ගොණුවේ සවිස්තරාත්මක දත්ත අතර පුද්ගල ජීව
විස්තර, පවුල් සාමාජිකයන්ගේ විස්තර හා එම තැනැත්තා සමෘද්ධි හෝ වෙනත් රාජ්‍ය
ආධාරලාභියෙක්ද යන වග අන්තර්ගත වෙයි.
නව ඉලෙක්ට්‍රෝනික ජාතික හැඳුනුම්පතේ අනෙකුත් ප්රතිලාභ
පිළිබඳව විස්තර කරමින් කොමසාරිස්වරයා පෙන්වා දුන්නේ පසුගිය සමයේ අරණායක ප්‍රදේශයේ
සිදුවූ නාය යෑම වැනි ස්වභාවික විපත් අවස්ථාවන්වලදී පුද්ගලයන් පිළිබඳඉතාමත් නිවැරදි
නිල තොරතුරු සැපයීමට හැකියාව ලැබෙන බවයි.
මාස කිහිපයක් තුළදී ක්‍රියාත්මක කිරීමට සැලසුම්
කර ඇති නව ඉලෙක්ට්‍රෝනික ජාතික හැඳිනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාවට නැගීමට රුපියල්
මිලියන 8000කට අධික ප්‍රමාණයක් රජයට වැය වන බව කියවේ. මෙම ව්‍යාපෘතිය ප්‍රතිපාදන
සඳහා පාර්ලිමේන්තු අනුමැතිය දැනටමත් ලැබී ඇත.
මේ වනවිටත් නව ඉලෙක්ට්‍රෝනික ජාතික හැඳුනුම්පත
නිකුත් කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිළධාරීන් පුහුණු කිරීම් සිදුව වෙයි. සෑම
වයස අවුරුදු පහළොව ඉක්මවූ ශ්‍රී ලාංකික පුරවැසියෙක්ම තම ප්‍රදේශයේ ග්‍රාම
නිළධාරීවරයා හරහා නව ජාතික හැඳුනුම්පතකට ඉල්ලුම් කළ යුතු බවත් පැවසීය.
පුද්ගල තොරතුරු ගොණුව සම්පූර්ණයෙන්ම යාවත්කාලීන
කර අවසන් කිරීමට වසර තුනක්වත් ගතවනු ඇතැයිද හෙතම පෙන්වා දෙයි. එමෙන්ම නව ජාතික
හැඳුනුම්පත වසර පහළොවකට වරක් අලුත් කළ යුතු බත් සඳහන් කළේය.
තවදුරටත් කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දුන්නේ
ඔහුගේ දෙපාර්තුමේන්තුව හා රෙජිස්ටාර් ජෙනරාල්වරයාගේ දෙපාර්තුමෙන්තු දත්ත ගොනුව සමඟ
බද්ධ කළ යුතු බවයි. එවිට උපත් හා මරණය දිනයන් පිළිබඳ තොරතුරුවලට පිවිසීය හැකි බව
හා එමගින් සෑම දරුවෙක්ම 15වන විය ලබද්දී හැඳුනුම්පතක් ලබා ගන්නා ලෙස ඔවුන්ගේ දෙමාපියන්
වෙත මතක් කරමින් ලිපියක් යොමුකළ හැකි වන බවයි.
හැඳුනුම්පතට යම් ආකාරයක වෙනස් කිරීමක් හෝ විකෘති
කිරීමක් කිරීමට උත්සහ කිරීම රුපියල් 500000 දඩයක් හෝ සිර දඩුවමක් හිමිවන වරදක් වන
බවද මතක් කළ යතුය.
සකීෆ් තන්වීරි.
No comments:
Post a Comment