පොලිසියට අාචාර ධර්ම උගන්නවා.
පොලිසිය
කියන්නේ රටේ නීතිය හා සාමය පවත්වාගෙන යායුතු ආයතනයයි. නමුත් එයටත් වඩා පොලිසියේ
රාජකාරිය හා වගකීම පුලුල් වෙයි. හොරු පැන්නත්, පාරේ අනතුරක් සිදුවුවත්, දෙදෙනෙකු
ගුටි ඇනගත්තත්, හොරෙන් වැලි ගොඩ දැම්මත්, වෙනත් නීතී විරෝධී සිදුවීමක් සිදුවුණත්
සියලු දේවලට මැදිහත් විය යුත්තේ පොලිසියයි. එනම් රටේ අපරාධ වංචා දූෂණ වෙනත් අක්‍රමිකතා
සිදුවෙද්දි පොලිසියේ රාජකාරියත් වැඩිවෙයි. එය නිසිපරිදි අප රටේ සිදුවුවාද යන ප්‍රශ්නයට
වඩා ගතවූ වසර කිහිපය තුළ ශ්‍රී ලංකා පොලිසිය පිළිබඳ විවේචන එල්ලවීම දිගින් දිගටම
සිදුවූයේ පොලිස් නිළධාරීන්ගේ හැසිරීම් සම්බන්ධවයි.
පොලිස්
නිළධාරියෙකු දෙදෙනෙකු අතින් අහම්බෙන් සිදුවූ සුලු වැරදීම් මුලු පොලිස්
දෙපාර්තුමේන්තුවට අදාල කර කතාබහට ලක්විය. පොලිස් නිළධාරීන් හෙල්මඩ් නොපැළඳ
යතුරුපැදි පැදවීම, දෙදෙනෙකුට වඩා එක් යතුරුපැදියක ගමන් කිරීම, පොලිස් නිළ ඇඳුමෙන්
සැරසි මත්පැන් ප්‍රවාහනය කිරීම, රාජකාරි වේලාවේ මත්පැන් පානය කර සිටීම, අල්ලස්
ගැනීම, සැකකටයුතු අය වරදකරුවන් සේ සලකා කටයුතු කිරීම ආදී අවස්ථාවන් පොලිසිය දෙස
ඇගිල්ල දිගු කිරීමට හේතුවිය.
පොලිස්
නිළධාරීවරයාට පොලිස් කාරයා යනුවෙන් ආමන්ත්ණෂය කෙරෙන්නේත් මේ හේතුව නිසාය. එකඟ
වුවත් නුවූවත් මිනිසුන්ගේ චර්යා රටා හා හැසිරීම් අනුව ඔවුන් ත්‍රීවීල්කාරය,
මාලුකාරය ආදි ලෙස -කාරයා- යන පසුයෙදුම යෙදෙයි. මෙය පොලිසියට යෙදෙන්නේ ඔවුන්ගේ ක්‍රියාකලාපයේ
ඇති විසුලු සහගතභාවය හා පහත් ක්‍රියා හේතුවෙනි.
19වන
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්වාධීන කොමිෂන් සභා පත්කිරීම පසුගිය වසරේ
සිදුවිය. ඒ අනුව ස්වාධීන ජාතික පොලිස් කොමිෂන් සභාවක්ද පත්කෙරුණි. ඔවුන්ගේ මූලික
අවධානය වූයේ විවිධ විවේචන එල්ල වෙමින් තිබෙන පොලිස් දෙපාර්තුමේන්තුවේ සිදුවන වැරදීම්වලට
හේතුව ප්‍රමාණවත් වෘතීය ආචාර ධර්ම පද්ධතියක් නැතිකම බවයි.
පොලිස්
නිළධාරීන් වැටුප් ලබන්නු මහජන මුදලිනි. ඔවුන්ගේ වගකීම මහජන සුභසිද්ධියයි. එහෙත්
මේවනතුරු පොලිසිය හා මහජනයා අතර එවැනි සබඳතාවක් ගොඩනැගී නැත. ශ්‍රී ලංකා පොලිසිය
හා මහජනයා අතර පවත්නා සම්බන්ධතාවය තවදුරටත් වර්ධනය කිරීමටත් පොදු ජනතාවට හිතවත්
පොලිස් සේවයක් බිහිකිරීමටත් වෘතීය ආචාර ධර්මපද්ධතියක් පොලිසයට අවශ්‍ය බව ජාතික
පොලිස් කොමිෂම පෙන්වා දෙයි. අසූදහසක් පමණවූ ශ්‍රී ලංකා පොලිස් සේවකයන් පුහුණු කාලය
තුළදී ආචාරධර්ම පද්ධතියක් අධ්‍යනය කළත් එය ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක නොවේ. එම
අඩුව පුරවමින් පැරණී ආචාරධර්ම පද්ධතිය සංශෝධනය කර නව වෘත්තීය ආචාර ධර්ම පද්ධතියක් මේ
මස සිට ක්‍රියාත්මක කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව සැලසුම් කර තිබේ.
පොලිස්පතිවරයාගේ
එකඟගතවය ඇතිව ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් විසින් නව ආචාරධර්ම පද්ධතිය සැලසුම් කර
තිබේ. එම ආචාරධර්ම පද්ධතිය මේ මස සිට ලංකාව මුලුල්ලේ ක්‍රියාත්මක වීමට නියමිතය.
මෙම ලිපිය ලියන විටත් ජාතික පොලිස් කොමිෂමේ සැලසුම වූයේ මෙම ආචාරධර්ම පද්ධතිය
රටපුරා අසූදහසක්වූ පොලිස් නිළධාරින්වෙත එකවර ආචාර ධර්ම මාලා පිටපත් ලබා දී අත්සන්කර
ප්‍රතිඥා දීමටයි. එමෙන්ම පුහුණු පාඨමාලාවලදීත් උසස්වීම් ලබද්දීත් මෙම ආචාර ධර්ම
පද්ධතිය උස් හඬින් කියවා අත්සන් තැබීමේ ක්රමයක්ද ඇතිකිරීමටද ජාතික පොලිස් කොමිෂම
කටයුතු සිදුකරමින් සිටියි.
හඳුන්වාදීමට
සැලසුම්කර ඇති නව වෘත්තීය ආචාර ධර්ම මාලාවේ අන්තර්ගතය පිළිබඳව ජාතික පොලිස්
කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා මෙසේ පැවසීය. රාජ්‍ය සේවකයන් හැඩියට තමන් සතු
වගකීම මතක් කර දීමක් තමයි සිදුවෙන්නනේ. මහජනතාව සමඟ සබඳතා පැවැත්විය යුතු ආකාරය
ගැනයි මෙහි දැක්වෙන්නේ. නිළ ඇඳුම ගැන, දූෂණ ගැන, සැකකරුවන් පිළිබඳව ක්‍රියා කිරීම
හා බලය පාවිච්චි කිරීම ගැන මෙහි සඳහන් වෙනවා.
මහජනතාවට
වචන පාවිච්චි කරන්නේ කොහොමද කියන දේ පැහැදිළි කරනවා. හිංසනය කියන දේ අතින් පයින්
පොලුවලින් ගහන එක පමණක් නෙවෙයි. වචනයෙන් පවා වධහිංසා කරන්න පුලුවන්. ඒක මානසික
වධහිංසාව. ඒ වගේම පොලිසියේ ඉහළ නිළධාරීන් පහළ නිළධාරීන්ට ආමන්ත්‍රණය කරන්නේ කොහොමද
පහළ නිළධාරීන් ඉහළ නිළධාරීන් සමග ගනුදෙනු කරන්නේ කොහොමද ආදිය පැහැදිලිව දැක්වෙනවා.
එමෙන්ම අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් සමග ගනුදෙනු කරන්නේ කෙසේද ඔවුන්ගේ අයිතීන්
ආරක්ෂා කරන්නේ කොහොමද ආදියත් දැක්වෙනවා. එමෙන්ම මහජන පීඩක දේවල් සිදුවෙද්දි
පොලිසිය හැසිරෙන්නේ කොහොදම ආදියත් දැක්වෙනවා. පොලිස් නිළධාරීන් පොලිසියේදී හා
වෙනත් ස්තානවලදී නීතිය හා සාමය ආරක්ෂා කිරීමට කෙසේ හැසිරිය යුතුද යන්නත්
දැක්වෙනවා.
ආචාර
ධර්ම සංග්‍රයක් යනු නීතියක් නොවේ. එය ක්‍රියාත්කම කරවීමට නීතිය භාවිත කළ නොහැකිය.
පිළිපැදීමට කිසිවෙකු බැඳී නැත. එබැවින් පොලිස් ආචාර ධර්ම පද්ධතියේ ඇති කරුණු
කෙරෙහි සෑම පොලිස් නිළධාරියෙකුටම ගෞරවයක් තිබිය යුතුය. එම ගෞරවය තුළින් එය ක්‍රියාවට
නැංවෙයි. පිළිපැදීම හෝ නොපිළිපැදීම නීතියෙන් වරදක් නොවූවත් ඒ කෙරෙහි භක්තියක් තිබේ
නම් සම්පූර්ණ පොලිස් දෙපාර්තුමේන්තුවේම ගෞරවය ආරක්ෂා වෙයි, පොලිසියේ
විනය,ආචාරශීලීත්වය සහ මහජන සබඳතාවල ගුණාත්මකභාවය වැඩිකරගත හැකියි. ආචාර ධඍ්ම
කෙරෙහි භක්තියක් නැතිනම් ආචාර ධර්ම පද්ධතිය සංග්‍රහයට පමණක් සීමාවූ ලියවිල්ලක් බවට
ඉතිරුවනු ඇත.
No comments:
Post a Comment