අාදරණීය කතාවටත් කෙලවන්න හදනවා.
කලාකෘති වාරණය ශ්‍රී ලංකා ඉතිහාසයට අලුත් දෙයක්
නොවේ. විවිධ දේශපාලනික හෝ ආර්තික අරමුණ පෙරදැරිකරමින් ඉදිරියට එන වාරණයේ අලුත්ම
ස්වභාවය ප්‍රසන්න විතානගේ කොළඹගේ මහතාගේ ආදරණීය කතාවක් චිත්‍රපටියට එරෙහිවයි. මේ
වන විට දිවයින පුරා සිනමාහල්වල ප්‍රදර්ශනීය වෙමින් පවතින එම චිත්‍රපටිය මගින්
දුම්කොල හා මධ්‍යසාර ප්‍රචාරණය වීමක් සිදුවන බවත් මෙම චිත්‍රපටිය දුම්කොළ හා මධ්‍යසාර
පනතට අනුව වාරණය විය යුතු බවත් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සඳහන්
කරයි. මේ වන විටත් ආදරණීය කතාවක් චිත්‍රපටිය සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂකවරයගෙන්
පොලිසිය කරුණු විමසා ඇත. මෙලෙස පොලිසිය හා දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික
අධිකාරිය කටයුතු කරමින් සිටින්නේ එම චිත්‍රපටියට ප්‍රසිද්ධ රැඟුම් පාලක සභාවේ මහජන
ප්‍රදර්ශනය සඳහා සුදුසු බව සහතික කිරීමෙන් පසුවය.
පස්‍රගියදා තිරගතවූ ප්‍රසන්න කොලඹගේ මහතා අධ්‍යක්ෂණය
කළ ආදරණීය කතාවක් චිත්‍රපටිය ඉතා අපූරු චිත්‍රපටියකි. අපූර්වත්වයට වඩා එහා ගිහින්
සිනමා කර්මාන්තය කරා, සිනමා ශාලාව කරා ප්‍රේක්ෂකයෝ ගෙන්වූ වාණිජමය වශයෙන් අති සාර්තක
චිත්‍රපටියකි. මේ චිත්‍රපටිය තුළින් ප්‍රේක්ෂකයන් සිනමාවට ඇදගැනීමේ මාධ්‍ය තාක්ෂණය
භාවිත හුරුවක් ඇති පරිණත්භාවයක් තමන්ට තිබෙනප්‍රයන්ත කොළඹගේ සනාත කළේය. මීට පෙර
ඔහු විසින් රචනා කළ මැදමාවත චිත්‍රපටිය ඇතුළු අනෙක් චිත්‍රපටි තුළින් කලාත්මක
ධාරාව ඔස්සේ ගමන් කිරීමට ඔහු උත්සහ කළ බවක් පෙනුනි. එහෙත් දිග නිහඬතාවයකට පසු නැවත
වේදිකාවට ඔහු එන්නේ වෙනත් මාවතකිනි. ඒ ආදරණීය කතාවක් හරහාය.
චිත්‍රපට විචාකරයන් තුළ නැවත වරක් සිංහල සිනමාවට
පණ පොවන, ප්‍රේක්ෂකයන් නැවත සිනමා ශාලාවට කැඳවන ජනප්‍රිය තළයේ සිනමා කෘති නැවත
හැදෙන දිනයක් පිළිබඳ බලාපොරොත්තුවක් තිබුණි. ඔවුන්ගේ පෙර බලාපොරොත්තු වූයේ ප්‍රසන්න
කොළඹගේ නොව නව තරුණ පරපුර නියෝජනය කරන වෙනත් අධ්‍යක්ෂක වරයෙක්. නමුත් බලාපොරොත්වූ
ලෙස අපේක්ෂා නොකළ චරිතයක් වන ප්‍රසන්න කොළඹගේ සිංහල සිනමාවට ජීවයක් ලබා දී තිබේ.
සංගීතමය සිනමාවක් ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටියේ
ලස්සන ගීත ගණනාවකින් සම්නවිතයි. සිංහල සිනමාවට අලුතින් මුහුණු හඳුන්වාදීම මෙම චිත්‍රපටියෙන්
සිදුව තිබේ. එහෙත් මේ චිත්‍රපටිය හින්දු චිත්‍රපටියක කොපියක් බව සමහර විචාරකයෝ විවේචන
නගති. ඔවුන්ගේ කාර්යය හෙවනැලි සෙවීමයි. නමුත් දියුණු සිනමා කර්මාන්තය තුළ ඕනෑම
චිත්‍රපටියක් නැවත නිෂ්පාදනය කරනවා. ෂාරුක්ගේ රාවන්, අමීර්කාන්ගේ ගජිනි වගේ චිත්‍රපටිවල
මූලික කෘතිය දෙමල චිත්‍රපට. මේ කර්මාන්තය තුළ ප්‍රකාශන අයිතිය සම්බන්ධව ගැටලුවක්
නැහැ. ගැටලු ඇති වන විදිහට ක්‍රියාකරන්නෙත් නැහැ. ඒ තමයි ජනප්‍රිය සිනමාව වටා
ගොඩනැගුන සංස්කෘතිය. ඔරිජිනල්ද කොපියක්ත්දැයි හොයන්නෙ නෑ. මෙම චිත්‍රපටියේත්
හෙවනැලි සෙවීමට රසිකයාට කිසිම වුවමණාවක් නැත.
මේ අයුරින් හිතපු නැති වේලාවක සාර්තක වුණ සුන්දර
චිත්‍රපටියක් ඉදිරිපත් කළ ඒ අධ්‍යක්ෂකවරයාට සුභ පතනු වෙනුවට ඔහුගේ හෙවනැලි හොයන්න
ගන්න උත්සහය පහත් ක්‍රියාවකි. චිත්‍රපටිය සාර්තකවූ ප්‍රමාණයට චිත්‍රපටි කර්මාන්තය
නියෝජනය කරන්නන් පවා ආදරණීය කතාවක් චිත්‍රපටි අධ්‍යක්ෂකවරයාට සුභපැතුවාදැයි සැක
සහිතය. ආදරණීය කතාවක් චිත්‍රපටියත් සමඟ එහි අධ්‍යක්ෂක ප්‍රසන්න කොළඹගේ මහතා
සම්බන්ධව කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාරිනී
රැඟුම් පාලක මණ්ඩලයේ හිටපු සාමාජිකාවක ද වන චන්දිමා නිෂ්ෂංකා මහත්මිය මෙසේ අදහස්
පළ කළාය.
“සිංහල සිනමාව කඩාවැටුනු මොහොතක ප්‍රේක්ෂකාගාරය
හිස්වූ මොහොතක සාර්තක චිත්‍රපටියක් නිර්මාණය කරලා ප්‍රේක්ෂකයෝත් එය ආදරයෙන්
පිළිගනිද්දි මොහොතක් තමයි ආදරණීය කතාව. එවැනි චිත්‍රපටියක් පිළබඳව පොලිසිය මැදිහත්
වෙලා ඩී.වී.ඩී ඉල්ලීම දැන් සිදුවෙලා තියෙනවා. මේ වගේ චිත්‍රපටියක් සම්බන්ධව
මැදිහත්වීමට අයිතියක් නැති අධිකාරියක් මැදිහත් වීමේදී චිත්‍රපටිය වෙනුවෙන් නිල
වශයෙන් පෙනී සිටිමන් කතා කළ යුතු පාර්ෂවයක් ඉන්නවා. චිත්‍රපටි සංස්ථාව තිබෙන්නනේ
කලාකරුවන්ගේ හව්හරන වෙනුවෙන් නම් මේ චිත්‍රපටිකරුවා වෙනුවෙන් පෙනී සිටීමේ වගකීම ඔවුන්ට
තියෙනවා. කලාකරුවාට නීතිමය පිහිටක් අවශ්‍ය මොහොතක මෙහි ස්වාභාවය එම පිටස්තර
අධිකාරියට පැහැදිලි කරදීමේ වගකීම චිත්‍රපටි සංස්තාවට තිබුණා.”
තවදුරටත් අදහස් දක්වමින්
කතිකාචාර්ය තුමිය මෙසේ පෙන්වා දුන්නාය. “මහාචාර්ය සෝමරත්න බාලසූරිය මහතාගේ සභාපතිත්වය
කාලවකවානුවේ රැගුම් පාලක මණ්ඩලය අක්ෂරය චිත්‍රපටිය තහනම් කළ අවස්තාවේ පෙනී හිටියා.
ඉතිං මේ වගේ අවස්තාවකත් රැගුම් පාලක මණ්ඩලය පෙනී සිටිය යුතුයි. නැතිනම් අධ්‍යක්ෂක
ප්‍රියන්ත ඉල්ලීමක් කළ යුතුයි සහතික පිළිබඳ සහතිකයක්. ප්‍රසිද්ධ ප්‍රදර්ශනයට
සුදුසු බව රැඟුම් පාලක මණ්ඩලය පවසද්දි වෙනත් පාර්ශවයක් එය ප්‍රශ්න කරන්නේ නම්
රැඟුම් පාලක මණ්ඩලයේ සුදුසුකම් පිළිබඳවත් ප්‍රශ්නයක් නැගෙනවා. චිත්‍රපටි සඳහා
නිලවශයෙන් පත්කළ ව්‍යූහයක් එය. මේ අභියෝග කරන්නේ එම ව්‍යූහයේ තීරණයට. එතකොට මේ ප්‍රශ්නය
රැඟුම් පාලක මණ්ඩලය පිළිබඳවයි. එම නිසා පොලිසිය මෙවැනි චෝදනාවක් නගනවා නම් මහජන ප්‍රදර්ශනයට
සුදුසුයි කියලා සහතික නිකුත් කරලා තියෙනවා නම් මේක රැඟුම් පාලක මණ්ඩලය පිළිබඳ ප්‍රශ්නයක්.එබැවින්
රැගුම් පාලක මණ්ඩලයේ වගකීම තමයි තමන් නිකුත් කළ සහතිකයේ නිර්වද්‍යතාව පිළිබඳව ප්‍රකාශයක්
නිකුත් කරන්න. ඒවගේ රැඟුම් පාලක මණ්ඩලයේ නිල බල වපසරියට වෙනත් අධිකාරියක් අතදාලා
තියෙනවා. තම කීර්තිය හා ගෞරවය සම්බන්ධවන නිසා චිත්‍රපටි සංස්තාව හා රැඟුම් පාලක මණ්ඩලය
මේ ගැන මීට වඩා අවධානයෙන් වැඩ කරන්න ඕනෙ.”
යම් චිත්‍රපටියක් පොලිසිය මැදිහත් වීමට නම් අසභ්‍ය
රැඟුම් පිළබඳව හෝ ත්‍රිස්ත ක්‍රියා සම්බන්ධ දෙයක් නම් ප්‍රශ්නයක් නැත. දුම්වැටි හා
මධ්‍යසාර පනත යනු බාහිර පරිසරයේ මහජනයා
දුම්වැටි හා මධ්‍යසාර භාවිතය පිළබඳ ලේකණයක්. එහි කිසිම තැනක ලංකාවේ කලාකෘති
පනතට එය බලපානවා සඳහන් වන්නේ නැත. එලෙස වාක්‍යක් තිබෙනවා නම් අභියෝග කරන්න පුලුවනි.
එහෙත් මෙම ලේකණය යතාර්තය තුළ මත්ද්‍රව්‍ය හා දුම්වැටි අලෙවි කිරීම හා භාවිත කිරීම පිළිබඳ
නීතියක්. චිත්‍රපටියක් යනු ප්‍රබන්ධයකි. ඒ ප්‍රබන්ධයන නිර්මාණය කිරීමට නිර්මාණකරුට
තියෙන අයිතියත් එය රසවිඳීමට රසිකයාට තියෙන අයිතියත් වෙනත් පනතකින් නියාමනය කිරීමට
උත්සහ කිරීම බෝල්ට් ඇනයයි තක්කාලියි වගේ ක්‍රියාවක්. කිසිසේත්ම නොගැලපෙන කරුණක්.
මේ ප්‍රශ්නය පැන නගින්නේ එකිනෙකාගේ රාජකාරියේ
වපසරිය පිළිබඳ සීමාවන් එකිනෙකා ඉක්මවා යාමෙනි. මෙහිදී එම අධිකාරිය අදාල නැති
කාර්යයකට අත තැබීමට උත්සහ කර ඇති අතර තම රාජකාරි වපසරිය පිළිබඳ අභියෝග එල්ල වෙද්දි
නිහඬව සිටින රාජ්‍ය ආයතන දෙක ද මෙයට වගකිව යුතුයි. මෙහිදී කලාකාරයා හුදකලා වීමක්
සිදුව ඇත. මෙය කලාකරුවාගේ පුද්ගලික කාර්යයක් නොවෙයි. එමෙන්ම මේ සඳහා පෙනී සිටින්නට
වගකීම් ඇති තවත් පාර්ශවයක් වන්නේ කලාකරුවන් පිහිටුවාගත් පදනම්. අක්ෂරය චිත්‍රපටය
තහනම් වූ අවස්තාවේ පෙනී හිටි, දේශපාලනයට මැදිහත් වී කලාකරුවන්ගේ නිදහස වෙනුවෙන්
පෙනී සිටි කලාකරුවන්ටත් ප්‍රේක්ෂකාගාර අවධිකළ මෙවැනි චිත්‍රපටිකරුවෙකුට ගැටලුවක්
මතුවෙද්දි පෙනී සිටීම වගකීමක් වේ. ඔවුන් විසින් අදාල නැති අය අදාල නැති දෙයකට අත
තැබීම පිළිබඳ වරද පෙන්වා දිය යුතුයි.
වැඩදුරටත් දේශයට අදහස් දැක්වූ
කතිකාචාර්ය තුමිය “මේක
ප්‍රයන්ත කොළඹගේ පිළිබඳ හුදකලා දෙයක් නෙවෙයි. ඔහු මෙය හුදකලාව බාරගතයුතු දෙයකුත්
නොවෙයි. අනික ඕනෑම තැනකදී චිත්‍රපටියේ සමස්තාර්තිය දිහා තමයි බලන්නේ. රූපරාමු
හුදකලා කරල ගන්නේ නෑ. මේ චිත්‍රපටියේ සමස්තාර්තයත් මත්ද්‍රව්‍ය නිවාරණ අධිකාරිය
අනුග්‍රහය දැක්විය යුතු චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ සමස්ත කතාව තුළ බොහොම
දීප්තිමත් චරිතයක් දීප්තිමත් කලාකරුවෙක් දුම්වැටි පාවිච්චි කිරීම නිසා ජීවිතය
විනාස වෙනවා. මේ චිත්‍රපටියේ තේමාව තුළම තියෙනවා ඔහු ඒ ගැන කම්පාවන හැටි. එය
වචනෙන්ම කියනවා මම ජීවිතය පටන්ගන්න හැදුවා විතරයි කියලා. එතකොට ඒ දීප්තිමත් අනාගතය
නැති කරන්න හේතු වුණේ පිළිකාවට හේතු වුණේ දුම්වැටි කියලා තමයි ඒ චිත්‍රපටියෙන්
දක්වලා තියෙන්නෙ. දුම්වැටි කවරය මත රූප මුද්‍රණයට වඩා මිනිසුන්ගේ හිතට ඉතා තදබල
ලෙස ඒත්තු ගන්වන මෙවැන නිර්මාණ වැදගත්. මෙය තරුණයන්ට විශේෂිතව නිර්මාණය වූ බැවින්
තරුණයන්ට බලපෑමක් කරන්න පුලුවන් නිර්මාණයක්. මේ කතාවෙන් මත්ද්‍රව්‍ය නිසා ඔබේ
දීප්තිමත් ජීවිතය නැති වෙනවා කියන පණිවිඩය තමයි ගේන්නෙ. ඉතිං රූපරාමුවල මතුපිට
අර්තය නොසොයා බාහිරය පමණක් දකිමින් තහනම් කිරීම වැරදිය.”
“මේක මහා කණගාටුදායක තත්වයක්. මෙතනදී සිදුවුණේ
තමන්ට අයිත් නැති වැඩකට අත තියන්න යෑමක් කියලයි මට කියන්න තියෙන්නේ. පොලිසයට තිබුණේ රැඟුම්පාලක මණ්ඩලය විසින්
නිකුත් කළ සහතිකය පිළබඳ එම මණ්ඩලයෙන් විමසීමටයි. අනික පොලිසිය විසින් වුණත් සිනමා
ශාලාව ප්‍රදර්ශනය වන ඩී.වී.ඩියක් ඉල්ලීම සුදුසු නෑ. හෝල් එකේ ප්‍රදර්ශනය වෙද්දිද්
ඒක වීඩියෝ කරලා හොර කොපි ගහන රටක පොලිසියට ඩී.වී.ඩියක් දීම පිළිබඳව සහතිකයක් දෙන්න
බෑ.”
යනුවෙන්ද පැවසුවාය.
ආදරණීය කතාවක් චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා
පොලිසියට කැඳවීම සාධාරණය කළ නොහැක.මෙහිදී එස් ගෙන්වීම සිදුකර ඇත්තේ අධ්‍යක්ෂකවරයා
රාජද්‍රෝහීවීමක්, අතිබයානක වංචාවක් කිරීමක් මෙනි.එලෙස කැඳවීම කළේ සමාජ සංස්කෘතියට
හානි චිත්‍රපටියකට නම් එය සාධරණය. එහෙත් මෙවැනි ඉහළ කලාකෘතියට මෙසේ පහත් ලෙස සැලකීම
පිළිගත නොහැකිය. මෙම අසුන්දර අත්දැකීම අධ්‍යක්ෂකවරයාගේ ඉදිරි කලාකෘතීන් අධෛර්යමත්
කරයි. ඔහුට නිදහස් මානසිකත්වයෙන් තම නිර්මාණය කිරීමේ පරිසරය නැති කරයි.
සකීෆ් සාම් තන්වීරි.
No comments:
Post a Comment