Friday, July 22, 2016

මහ බැංකුවේ මහ ලොක්කන්.

මහ බැංකුවේ මහ ලොක්කන්.


නිදහසින් පසු ලංකාවේ ආර්ථික වර්ධනයට අනුබල දීමට සහ දිරිමක් කිරීමට අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපත්තියකට අමතරව මූල්‍ය අංශයක අවශ්‍යතාවය රජයට දැනුනි. ඒ අනුව එම අරමුණු ඉටුකරගැනීම සදහා ලංකා රජය විසින් 1950දී ලංකා මහබැංකුව පිහිටුවන ලදී. මහබැංකුව පිහිටුවීමට පෙර එම කටයුතු ව්‍යවහාර මණ්ඩල පද්ධතිය මගින් මෙහෙයවනු ලැබීය. බ්‍රිතාන්‍යයෙන් දේශපාලන නිදහස ලබා ගත්තද ආර්තිකමය වශ‍යෙන් පූර්ණ නිදහස අත් කරගැනීමට නම් ව්‍යවහාර මුදල් මණ්ඩල පද්ධතියකට එහා ගිය ආයතනයක අවශ්‍යතාවක් ලංකාණ්ඩුවට දැනුනි. එය සංවර්ධනය වෙමින් පවත්නා රටක අවශ්‍යතා සපුරා ගැනීමට වඩාත් වැදගත් වෙයි. ඒ අනුව එවක මුදල් ඇමතිව සිටි ජේ.ආර් ජයවර්ධන මහතා ඇමරිකා එක්සත් ජනපදයෙන් ලංකාණ්ඩුවට මහබැංකුවක් පිහිටුවීමට අවශ්‍ය තාක්ෂණික හා විෂේශඥ දැනුම ලබා දීමට ඉල්ලීමක් කළේය. මෙහි ප්‍රථිපලයක් වශයෙන් ෆෙඩරල් සංචිත මණ්ඩලයයේ ආර්තික වශේෂඥයෙකු වන ජෝන් එක්ස්ටර් මහතා ශ්‍රී ලංකාවට එවනු ලැබීය.එක්ස්ටර් මහතා මහබැංකුව පිහිටුවීමට මූලික අධ්‍යනයක් සිදුකර අවශ්‍ය නෛතික රාමුව ලංකාණ්ඩුවට ඉදිරිපත් කළේය. ඒ අනුව 1949 අංක 58 දරණ මුදල් හා නීති පනත යටතේමහබැංකුව පිහිටුවන ලදී. 1950 අගෝස්තු මස නිල වශයෙන් මහබැංකු මෙහෙයුම් ආරම්භ විය.
මහබැංකුවේ කළමණාකරණය, මෙහෙයමු සහ පරිපාරලනය සම්බන්ධ සියලු තීරණ මුදල් මණ්ඩලයට භාර වෙයි. මුදල් මණ්ඩලය සාමාජිකයන් පස් දෙනෙකුගෙන් යුක්තයි. එහි ප්‍රධානියා අධිපතිවරයායි. අධිපති මුදල් මණ්ඩලයේ සභාපතිවරයා සහ මහබැංකුවේ ප්‍රධාන විධායක නිලධරයා ලෙසද කරයුතු කරයි. අධිපතිවරයා පත්කරනු ලබන්නේ මුදල් ඇමැතිවරයාගේ නිර්දේශයනේ ජනාධිපතිවරයා විසිනි. අධිපතිවරයාගේ නිලකාලය අවුරුදු 6ක් වෙයි. ඒ අනුව 1950 වසර සිට අද දක්වා වසර 67ක කාලයක් තුළ ශ්‍රී ලංකා මහබැංකුවේ 13 දෙනෙකු අධිපතිධූරය ලබා ඇත.

1.    ජෝන් එක්ස්ටර් මහතා                                     (1950 සිට 1953)
2.    එන්.යු. ජයවර්ධන මහතා                                  (1953 සිට 1954)
3.    ඒ.ජී. රණසිංහ මහතා                                        (1954 සිට 1959)
4.    ඩී.ඩබ්ලිව්. රාජපතිරණ මහතා                            (1969 සිට 1967)
5.    ඩබිලිව්. තෙන්නකෝන් මහතා                          (1967 සිට 1971)
6.    ඩච්.ඊ. තෙන්නකෝන් මහතා                            (1971 සිට 1979)
7.    ආචාර්ය ඩබ්ලිව්. රාසපුත්‍ර මහතා                                    (1979 සිට 1988)
8.    ආචාර්ය එන්. එන්.එස්. කරුණාතිලක මහතා      (1988 සිට 1992)
9.    එච්.බී දිසානායක මහතා                                               (1992 සිට 1995)
10. ඒ.එස්. ජයවර්ධන මහතා                                   (1995 සිට 2004)
11. සුනිල් මෙන්ඩිස් මහතා                                     (2004 සිට 2006)
12. අජිත් නිවාඩ් කබ්රාල් මහතා                             (2006 සිට 2015)
13. අර්ජුන මහේන්ද්‍රන් මහතා                                 (2015 සිට 2016)

ප්‍රථම මහබැංකු අධිපතිවරයා බවට පත්වන්නේ ඇමරිකානු ජාතික ආර්තික විශේෂඥයෙකු වූ එක්ස්ටර් මහතායි. වසර තුනක කාලයක් ලංකා මහබැංකුවේ අධිපතීත්වය දරමින් මහබැංකු ක්‍රියාකාරීත්වය හා අධිපති දූරය පිළිබඳ පූර්වාදර්ශයක් ලබා දීමෙන් පසු මැදපෙරදිග ජාත්‍යන්තර බැංකුවේ ප්‍රධානියා බවට පත්වීම් ලැබ මැදපෙරදිගට පිටව ගියේය. 1959දී එක්ස්ටර් මහතා ලෝකයේ දෙවන මහා බැංකුව වන නෙෂනල් සිටි බැංකුවේ දෙවනිය බවට පත්වන අතර 1960දී එම බැංකුවේ ප්‍රධානියා තනතුර දක්වා උසස්වීම් ලැබීය.
එක්ස්ටර් මහතාගෙන් පසු මහබැංකු අධිපති වශයෙන් පත්වන්නේ එන්.යු. ජයවර්ධන මහතා ය. ලිපිකරුවෙක් ලෙස රාජ්‍ය අංශයේ සේවයට එක්වූ එන්.යු ජයවර්ධන මහතා දෙවන ලෝක යුද්ධ සමයේදී භාණ්ඩ මිලදී ගැනීම් දෙපාර්තුමේන්තුවට මාරුවක් ලැබීය. එහි මුදල් පරිපාලක තනතුර දක්වා උසස්වීම් ලැබූ පසු 1948දී එක්ස්ටර් මහතා සමඟ සමීපව වැඩ කළේය. ඒත් සමඟම 1950දී මහබැංකුවේ නියෝජ්‍ය අධිපති ධුරයද ලැබීය. 1953දී එවක මහබැංකු අධිපතිව සිටි එක්ස්ටර් මහතා රට හැර යන විට එම තනතුරට එන්.යු. ජයවර්ධන මහතා පත්විය. එසේ වුවත් වසරක් ගතවීමට මත්තෙන් ඔහුගේ වැඩ තහනම් වූයේ එවක ආණ්ඩුවේ මැදිහත්වීම් සමඟ ගැටීම හේතුවෙනි. අනතුරුව පෞද්ගලි අංශය යොමුවන ඔහු සම්පත් බැංකුව, DFCC වර්ධන බැංකුව හා රක්ෂණ සමාගමක්ද ඇරඹීය. එමෙන්ම විවිධ කොමිෂන් සභාවන්හි උපදේශකයෙක් වශයෙන් කටයුතු කළ ඔහු ආර්තිකයට කළ සේවය අගයමින් 1991දී දේශමාන්‍ය ගෞරව නාමයෙන් ද පිදුම් ලැබීය. සෙනෙට් සභාවටත් පත්කරනු ලැබූ ඔහුගේ දරුවන් ද ආර්තික ක්ෂේත්‍රයේ උපදේශකවරුන් බවට පත්ව සිටිති. මිලින්ද මොරගොඩ මහතා පැවත එන්නේද මොහුගෙන් වීම විශේෂත්වයකි.
1954 සිට මහබැංකු අධිපතිවරයා වශයෙන් රණසිංහ මහතා පත්විය. දිගු කලක් රාජ්‍ය සේවයේ නියුතුව සිට ඔහු සෙනෙට් සභිකයෙකු ලෙස හා කැබිනට් ඇමතිවරයෙක් ලෙසද පත්වීම් ලැබීය. රණසිංහ මහතා රාජතාන්ත්‍රිකයෙකු ලෙස ඉතාලි තානාපති ලෙසත් කටයුතු කර ඇත.
1988 සිට 1992 දක්වා කාලය තුළ මහබැංකු අධිපතිවරයා වූයේ එන්.එන්.එස් කරුණාතිලක මහතාය. ඔහු ආර්තිකය පිළිබඳ ආචාර්ය උපාධිය ලන්ඩන් විශ්වවිද්‍යාලායෙන් ලබා ගත්තේය. 1952දී මහබැංකුවේ සේවයට එක්වන ඔහු ආර්තික පර්යේෂණ අධ්‍යක්ෂක ලෙස 1975 දක්වා සේවය කළේය. 1978දී මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරය ලෙස පත්විය. අනතුරුව 1988 දී මහබැංකුවේ අධිපතිවරයා ලෙස උසස්වීම් ලැබීය. කරුණාතිලක මහතා ශ්‍රී ලංකාවේ බැංකුකරණය හා ආර්ථිකය පිළිබඳව පොත් 17ක් පමණ ලියා ඇත.
1995දී මහබැංකු අධිපතිවරයා බවට පත්වවන්නේඒ එස් ජයවර්ධන මහතාය. 1958දී විධායක නිළධාරියෙකු ලෙස මහබැංකුවේ සේවයට එක්වන ජයවර්ධන මහතා 1963දී ජෙඨෂ්ට විධායක නිළධාරියෙකු බවට උසස්වීම් ලැබීය. අනතුරුව එවක ඇමතිවරයෙක්ව සිටි කොල්වින් ආර් ද සිල්වා මහතාගේ ආර්තික උපදේශක වශයෙන්ද විවිධ අමත්‍යංශවල වෙනත් තනතුරුද හොබවීය. නැවතත් 1986 දී මහබැංකුවට පැමිණ නියෝජ්‍ය අධිපතිවරයා ලෙසත් අනතුරුව මහබැංකු අධිපතිවරයා ලෙසත් උසස් පත්වීම් ලැබීය.1995දී මහබැංකු අධිපති තනතුරුට පත්වූ ඔහු 2004දී විශ්‍රාම ලබන තුරුම එම තනතුර හොබවිය.
හේලිස් සමූහ සමාගමේ අධිපති හා ජාතික හා ජාත්‍යන්තර සමාගම් ගණනාවක විධායක තනතුර හෙබවූ සුනිල් මෙන්ඩිස් මහතා එම තනතුරුවලින් විශ්‍රාල ලැබූ පසු මහ බැංකු අධිපති තනතුරුට පත්කරනු ලැබීය. එම ප්‍රබල ව්‍යාපාරිකයාගේ වසර දෙකක ධුර කාලයෙන් පසු අධිපති ධූරයට පත්වූයෙ අජිත් නිවාඩ් කබ්රාල් මහතායි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහාතාගේ හිතවතෙකු වූ කබ්රාල් මහතා සිය පෞද්ගලික උපදේශන සමාගමක් පැවැත්ගෙන ගියේය. ඒත් සමගම විවිධ සංවිධාන හා සංගම්වල සභාපතීත්වය හා සාමාජිකත්වය ද දැරීය. 2005දී ඔහු දැරූ තනතුරු සියල්ලෙන්ම ඉල්ලා අස්වී මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ ආර්තික කටයුතු සඳහා පූර්ණ කාලිනව වැඩ කළේය. 2006දී කබ්රාල් මහතා මහබැංකු අධිපති තනතුරට හිටපු ජනපතිවරයා විසින් පත්කරනු ලැබීය. නිවාඩ් කබ්රාල් මහතා යුද සමයේ ආර්ථිකය හැසිරවීම හේතුවෙන් වැදගත් තැනක් හිමිවෙයි. 2015 ජනවාරි නව වන දින මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයෙන් අනතුරුව සිය තනතුරෙක් කබ්රාල් මහතා ඉල්ලා අස්විය.
අවසන් වරට 2015 වසරේ මහබැංකු අධිපති ධුරයට අර්ජුන මහේනද්‍රන් මහතා පත්විය. සිංගප්පූරු ආර්තික විශේෂඥයෙකු හා බැංකුකරුවෙක්ද වන ඔහු HSBC බැංකුවේ කළමණාකාර අධ්‍යක්ෂද ලෙස සේවය කළේය. අනතුරුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක ලෙසත් ආසියානු පැසිෆික් ක්‍රඩිට් සුසේ ගෘප්හි ප්‍රධාන ආර්තික විශේෂඥයා ලෙසත් සිටියේය. ඔහු මහ බැංකු අධිපති ධූරය ලැබීමෙන් පසු රටේ ආර්තිකය සම්බන්ධයෙන් විවිධ මතභේදයන් ඇති විය. බැඳුම්කර සිද්ධිය මතභේදයට මූලික හේතුව විය.
රටේ ආර්තිකය දේශපාලනය වීම යහපත් ප්‍රවනතාවයක් නොවේ. පළමු ලාංකික බැංකු අධිපතිවරයා වූ එන්.යූ ජයවර්ධන මහතා එම තනතුරෙන් ඉවත් කරනු ලැබුවේ දේශපාලඥයන් ආර්තිකයට අතපෙවීමට එරෙහිවීම හේතුවෙනි. එහෙත් 2006න් පසු මහබැංකු අධිපති ධූරය දැඩි ලෙස දේශපාලනීකරනය විය. ඊට පෙර සිටි සෑම බැංකු අධීපතිවරයෙක්ම දේශපාලඥයන් විසින් පත්වීම් ලැබූ හෙයි ආණ්ඩු හිතවාදීව කටයුතු කළත් ගතවූ දශකය තරම්ම දේශපාලනීකරණය නොකළහ. එමෙන්ම වර්ථමානය වන විට රටේ ආර්තිකය රොලර් මත හා ජාත්‍යන්තර මූල්‍ය හැසිරීම මත තීරණය වන සාධකයක් වන බැවින් මහබැංකු අධිපති ධූරයට පත්විය යුත්තේ පතල දැනුමක් ඇති ප්‍රායෝගික ලොකය දන්නා ක්‍රියාශීලී පුද්ගලයන්ය. අප රටේ ආර්තිකය යම් කඩා වැටීම් සිදුවූ සෑම අවස්ථාවකම මහබැංකු අධිපිති ධූරය හොබවා තිබෙන්නේ වෙනත් ක්ෂේත්‍රයක නිළධාරියෙකු හෝ ව්‍යාපාරිකයෙකි. එබැවින් අපි යෝජනා කරන්නේ පරිපාලන නිළධාරීන් හෝ ව්‍යපාරිකයන් මහබැංකු අධිපති ධූරයට පත්කිරීම නුසුදු බවයි. ඉතිහාසය පුරාවටම ආර්තිකය මනා ලෙස කළමණාකරණය කිරීමට හැකිව තිබුණේ මහබැංකුවේ වසර ගණනාවක් සේවය කළ අත්දැකීම් බහුල ආර්තික විශේෂඥයන් මහබැංකු අධිපති ධූරය පත්වූ අවස්තාවන්වලය.
ශ්‍රී ලංකා මහබැංකු ඉතිහාසයේ දහහතර වන මහබැංකු අධිපතිවරයා ජූනි 01දා පත්වීමට යෙදී තිබුණි. එදින කවුරු පත්වුවද නවීන ලෝකයේ ඕනෑම ආර්තික අර්බුදයකට මුහුණ දී ආර්තිකය මනා කළමණාකරණයකින් යුක්තව ඉදිරියට මෙහෙය විය හැකි අයෙක් විය යුතු බව අපේ අපේක්ෂාවයි.


සකීෆ් තන්වීරි.

No comments:

Post a Comment