Friday, July 22, 2016

වැලිකට බන්ධානගාරය ගමකට යයි.

වැලිකට බන්ධානගාරය ගමකට යයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම හා දැඩි ආරක්ෂාව සහිත විශාලතම බන්ධනාගාරය වැලිකඩ බන්ධනාගාරයයි. කොළඹ නගරය තුළ පිහිට මෙම බන්ධනාගාරය අක්කර පනහක පමණ භූමියක විහිදෙයි. මෙම බන්ධනාගාරය 1841දී බ්‍රිතාන්‍ය පාලන සමයේ කැමරූන් ආණ්ඩුකාරයා යටතේ ඉඳිකර ඇත. දැනට බන්ධනාගාරය පාලනය වන්නේ පුනරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය යටතේ බන්ධනාගාර දෙපාර්තුමෙන්තුව හරහායි.
මහින්ද පාලන සමයේ මහනුවර නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝගම්බර බන්ධනාගාරය එම ස්ථානයෙන් ඉවත් කර පල්ලෙකැලේට ගෙන යන ලදි. ඊට සමගාමීව වැලිකඩ බන්ධනාගාරයද කොළඹින් ඉවත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් විය. ඒ කෙසේ වෙතත් පසුගියදා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය අජිත් පෙරේරා මහතාවැලිකඩ බන්ධනාගාර ඉවත්කර එම භූමිය විකිණීමේ සූදානමක් ඇති බවට කළ ප්‍රකාශයත් සමඟ ඒ පිළිබඳව සොයා බැලීමක් සිදු කළෙමු.
වැලිකඩ භූමි‍යෙන්බන්ධනාගාරය ඉවත් කිරීමේ යෝජනාව අද ඊයේ ගෙනා යෝජනාවක් නොවේ. පසුගිය ආණ්ඩු සමයේ එනම් 2010 සිට කතා බහට ලක්වන යෝජනාවකි. 2010 සැප්තැම්බර් මස බූස්ස බන්ධනාගාරයේදී එවකට අධිකරණ නීති ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා මහතා වැලිකඩ බන්ධනාගාරය දැනට පිහිටිස්ථානයෙන් ඉවත් කර ඉහළ වටිනාකමකින් යුතුභූමිය රටේ සංවර්ධන කටයුත්තක් සඳහා යොදාගත යතු යැයි පැවසීය. ඉදිරි වසර දෙකක් ඇතුළත බන්ධනාගාරය ඉවත් කිරීමට කටයුතු සූදානම් කරන බවත් විජේමුණු මහතා පොරොන්දු විය. 2014 මාර්තු මාසයේදීත් එවකට පුනරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා පවසා සිටියේ ආර්තිකමය වශයෙන් වටිනා හා පුරාවස්තූමය වශයෙන් වටිනා දේපල රජයට පවරා දීමේ ජාතික සැලැස්ම අනුව ඉවත් කළ යතු බන්ධනාගාරයක් ලෙස වැලිකඩ බන්ධනාගාරයත් හඳුනාගෙන ඇති බව හා වසර දෙකක් ඇතුළත බන්ධනාගාරය කරන බව පොරොන්දු විය. මීට සමාන ප්‍රකාශයෙක් 2010 ජූලි මසදී එකවටක ඇමතිවරයෙක්ව සිටි ඩිව් ගුණසේකර මහතා සිදුකළේය. එහෙත් තවත වන තුරු එම ස්ථානයෙන් බන්ධනාගාරය ඉවත් කිරීමත් සිදුවී නැත. එම ඉඩම ආර්තිකමය වශයෙන් ලාභ ලබන භූමයක් බවට පරිවර්තනය කිරීමත් සදුව නැත.
වැලිකඩ බන්ධනාගාරය පිහිටි භූමිය ආර්තිකමය වශයෙන් ඉහළ වටිනාකමින් යුක්තය. එවැනි භූමියක බන්ධනාගාරයක් පවත්ගෙන යනු වෙනුවට ජාතික ආර්තික ප්‍රතිලාභ සඳහා භාවිත කළ හැකි නම් අතිශය ප්‍රයෝජනවත්ය. ශ්‍රී ලංකාවේ දැනට සිටින රැඳවියන් 17000න් 3300ක්ම සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේය. එහෙත් වැලිකඩ බන්ධනාගාරයේ ඉඩ පහසුකම් ඇත්තේ රැඳවියන් 1200කට පමණි. ඒ සිටිය හැකි ප්‍රමාණවයට වඩා තුන්ගුණයක රැඳවියන් ගහණයකි. රැඳවියන් තුන්දහසකට පමණ ප්‍රමාණවත් ඉඩ පහසුකම්, ගොඩනැගිලි පහසුකම් නැති නිසා වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ දැඩි තදබදයක් කාලාන්තරයක් තිස්සේ පවති. බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂක අංශය, රිමාන්ඩ් අංශය, සිරකරු අංශය, වැඩ අංශය, මුලුතැන්ගේ අංශය, කර්මාන්ත අංශය, නවාතැන්, උපදේශන පංතිකාමර, වෘතීය පුහුණු මධ්‍යස්ථානය යන සෑම අංශයක මේ තදබදය තදින්ම පවතින බව බන්ධනාගාර නිළධාරීන් පෙන්වා දෙයි.
බන්ධනාගාරය අවට පිහිට වනාතමුල්ල වැනි පැල්පත් ප්‍රදේශයන් මත්ජාවරමේ හා පාතාලයේ මර්මස්තානය වන බැවින් බන්ධනාගාරයේ ආරක්ෂාවටත් තර්ජනයක් වී ඇත. උස් වූ තාප්ප වලින් බන්ධනාගාරය ආරක්ෂා කර තිබුණත් තාප්පයට ඉහළි මත් ද්‍රව්‍ය, ජංගම දුරකතන, වෙනත් ආම්පන්න විසිකිරීම දිගින් දිගටම සිදුවෙයි. සිරගතව සිටින පාතාල නායකයන් හා මත්කුඩු ජාවාරම්කරුවන් සිරගේ තුළ සිටිමින්ම ඔවුන්ගේ අවට ප්‍රදේශවල සිටින කල්ලි මෙහෙයවීමද සිදුකරයි. බන්ධනාගරයේ සේවයේ නියුතු සේවකයන් 500ක් පමණ බන්ධනාගාරයේ පාලන කටයුතු සඳහා සිටියත්ඒවා පාලනය කළ නොහැකිව අනාරක්ෂිත තත්වයක්ද පැන නැගී ඇත.
වැලිකඩ බන්ධනාගාරයේ උද්ගතව තිබෙන මෙම අනාරක්ෂිත තත්වය හා ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තුමේන්තුව ගෙන ඇති ක්‍රියාමාර්ගය පිළිබඳව දේශයට අදහස් දැක්වූ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙනිය මහතා. ජාත්‍යන්තරව මිනිස් අයිතිවාසිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලය විසින් සම්මත කළ මැන්ඩෙලා රූල්ස් ජාත්‍යන්තර ප්‍රමීතීන්වලට අනුකූල බන්ධනාගාර හැදීමට තමයි බන්ධනාගාර දෙපාර්තුමේනතුව බලාපොරොත්තු වෙන්නේ. නාගරික ප්‍රදේශවල ඒවගේ බන්ධනාගාර හදාගන්න ඉඩ පහසුකම් නෑ. රැඳවියන්ගේ ජීවන තත්වය හොඳින් තියාගන්න නම් ඉඩකඩ තියෙන තැනක නවීන බන්ධනාගාර ඉදිකිරීම සුදුසුයි. රැඳවියන් උසාවි ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අපි නවීන තාක්ෂණය භාවිත කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ හින්දා ග්‍රාමීය ප්‍රදේශයට බන්ධනාගාරය විතැන් කිරීමෙන් අපහසුවක් වන්නේ නෑ. ගමනාගමනය අපහසු වුණත් අපිට බස්රථ තියෙන හින්දා ප්‍රවාහනය එතරම් අපහසු වන්නේ නෑ. දැනට හොරණ සොරනාපොත ඉඩමක් හඳුනාගෙන තියෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවකට එළඹිලා නෑ. ගමානාගමන ප්‍රශ්නයක් රිමාන්ඩ් සිරකරුවන් සම්බන්ධව තිබෙන නිසා කොළඹ බී.සී.සී. ඉඩමෙන් කොටසක් දෙන්න අපිට නාගරික සංවර්ධන අධිකාරිය එකඟ වෙලා තියෙනවා.අපි වෙනත් ස්තානයකට බන්ධානාගාරය ගෙනිගයාට පසුව මේ ඉඩම රජයට බාර දෙනවා. රජය අවශ්‍ය සංවර්ධන කටයුතු සිදුකරයි. දැනට ඉඩම් හඳුනාගැනීමේ මූලික කටයුතු විතරයි සිදුවන්නේ. ඊට පසුව නව බන්ධනාගාරයක් ඉඳිකරලා සම්පූර්ණයෙන් දැනට තිබෙන බන්ධනාගාරය ඉවත් කරන්න වසර කිහිපයක් ගතවෙයි කියලා අපි අපේක්ෂා කරනවා.
වැලිකඩ බන්ධනාගාරය ඉවත් කිරීමෙන් පසු එම ඉඩම භාවිතය, රැඳවියන්ගේ පැවැත්ම පිළිබඳ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය අජිත් පෙරේරා මහතාගෙන් විමසුවෙමු.“අපි බන්ධනාගාරය බණ්ඩාරගම මිල්දෙනිය ප්‍රදේශයට රැගෙන යනවා. එහි සිරකරුවන් මානසිකව හොඳින් ඉන්න හා ඔවුන්ගේ අයිතීන් රැකෙන විදිහට නවීන දියුණු බන්ධනාගාරයක් නිර්මාණය කරනවා. දැනට වැලිකඩ බන්ධනාගාරය තිබෙන අක්කර ගණනාවකඉඩම කොළඹ නගරයේ නාගරික සංවර්ධන කටයුතු සඳහා යොදවනවා. බන්ධනාගාර දෙපාර්තුමේන්තුව යටතේ තිබෙන මේ ඉඩම නාගරික සංවර්ධන අමාත්‍යංශයට පැවරු පසු එම ස්ථානයේ නිවාස සංකීර්ණ, සුපිරි වෙළඳසැල්, ක්‍රීඩංගන ඉඳිකිරීම පිළිබඳව නාගරික සංවර්ධන අමාත්‍යංශය අවධානය යොමු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”
බන්ධනාගාරය ඉවත් කිරීම හා එම ස්තානය වාණිජ්‍ය ප්‍රතිලාභ සඳහා භාවිත කිරීම කෙසේ වෙතත් මේසා විශාලා භූමියකදී පවා රැඳවියන්ගේ අයිතීන් හා ඔවුන්ට අවශ්‍ය පහසුකම් අහිමි කළා සේ මින් ඉදිරියේදීද් සිරිකරුවන්ගේ අයිතීන් උල්ලංඝනය නොවිය යුතුය. මන්දයත් සිරකරුවන්ද මනුෂ්‍යයන් වන නිසාය. එමෙන්ම සංවර්ධන කටයුතු සඳහා යැයි ආණ්ඩු පවරා ගැනීමට සැරසෙන ඉඩම් දේශපාලඥයන්ගේ පරිහරණයට හෝ නැතිනම් බහුජාතික විදේශීය සමාගම්වලට කුණුකොල්ලයට විකුණන්නේ නම් බලාපොරොත්තු ප්‍රතිලාභයක් ජනතාවට හෝ බන්ධනාගාර දෙපාර්තුමේනතුවට හෝ රැඳවියන්ටඅත්නොවනුඇති. එබැවින් ජනතාවගේ බලාපොරොත්තුව පරිදි නිසි කළමණාකරනයෙන් හා නිරීක්ෂයෙන් යුතුව මේ ක්‍රියාදාමය සිදුවිය යුතු යැයි අපි අපේක්ෂා කරමු.


සකීෆ් තන්වීරි.

No comments:

Post a Comment