වරායේ ගාලගෝට්ටිය.
වෘතීය
සමිති මර්ධනය හා වරාය තුළ සිදුවූ අක්රමිකතාවන්ට එරෙහිව සතියකට පෙර (17වන දා) වරාය
වෘතීය සමිති එකමුතුව විසින් ආරම්භ කළ අඛණ්ඩ උපවාසය තවමත් විසඳුමක් තොරව සිදුවෙයි.
තිදෙනෙකුගෙන් ඇරඹුනු උපවාසයට (23) අද වන විට හත්දෙනෙක් එක්ව සිටිති. සේවක සංගමයේ
සංවිධායක දුමින්ද රූපසිංහ, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන සංවිධායක
වී.පී.එන්. නිලන්ත, ස්වාධීන වරාය සේවක සංගමයේ ලාල් වංගමුවගේ, තග් යාත්‍රා සේවක
සංගමයේ සභාපති නුවන් රූපසිංහ, කිමිදුම්කරුවන්ගේ සංගමයේ සභාපති සුසිල් ඩී සිල්වා ඇතුලු
පිරිස උපවාසයට එක්ව සිටියි. වරාය වෘතීය සමිති ක්රියාකාරිකයන්ට එරෙහිව වරාය
පාලනාධිකාරිය ගෙන යන මර්ධනකාරි ක්‍රියා පිළිවෙත වහාම නැවැත්වීමට බලකරමින් වරාය අංක
තුන ගේට්ටුව අසල ඇරඹී උපවාසයට අමතරව උද්ඝෝෂණ, සාකච්චා, පාලනාධිකාරියට එරෙහිව පොල්
ගැසීම් පසුගිය දින කිහිපය තුළ වරාය පරිශ්‍රය තුළින්වාර්තා විය. එහෙත් ඒ කිසිවකින්
විසඳුමක් ලැබී නැත.වරාය වෘතීය සේවක සංගම් ක්‍රියාකාරීන්ගේ අවසාන ඉල්ලීම වන විෂය
භාර ඇමතිවරයා හා සභාපතිවරයා ඉල්ලා අස්වන තුර උපවාසය අත්හැරීමට සූදානම් නැති බව
වරාය සේවක සංගම් එකමුතුවේ සම සභාපති උදේනි කලු තන්ත්‍රී මහතා පවසයි.
වරාය
විෂය භාර ඇමතිවරයා වරාය අධිකාරයේ විවිධ අක්රමකතා හා දූෂණ සිදු කළ බව වරාය සේවක
සංගම් නියෝජිතයන් මාධ්‍යයට අනාවරණය කළහ. විශේෂයෙන්ම කොළඹ වරායේ වඩු මඩුවේ
ඇමැතිවරයාගේ හිතවතුන්ගේ පරිහරණය සඳහා කෝටි ගණනක ගෘහ භාණ්ඩ අයතා ලෙස රාජ්‍ය භාණ්ඩ
භාවිතියෙන්සාදාවාගත් සිද්ධිය අනාවරණය කළ සේවකයන් දෙදෙනෙකුගේ වැඩ තහනම් පාලනාධිකරිය
තහනම් කළ බව චෝදනා කරති. එම තහනම ඉවත් කරන ලෙස බල කරමින් වරාය තුන්වන ගේට්ටුව අසල
ප්‍රථමයෙන් විරෝධතාවක් ඇතිවීමෙන් පසුව එම සේවකයන් දෙපලගේ තහනම ඉවත් කරන ලදි. මෙම
විරෝධතාවයේදී ගේට්ටුව මත නැගගත් තිදෙනෙකු පසුදින සිට දිගටම උපවාසයේ නිරතවීමට තීරණ
කළේ තහනම ඉවත් කළ බව ලිඛිතව දන්වා නැති බව පවසමිනි.
ඊට
අමතරව මෙලෙස ඇමතිවරයාගේ අක්‍රමිකතා හා වංචනික ක්‍රියාකලාපයට හරස්වීම නිසා වෘතීය
සමිති නියෝජිතයන් මර්ධන කිරීමේ වැඩපිළිවෙළක අමාත්‍යවරයා හා පාලනාධිකාරිය නිරත
සිටින බවත් වෘතියේ සමිති නියෝජිතයන් පවසයි. එමෙන්ම පසුගිය අප්‍රේල් මාසයේ වරාය
සේවකයන් ඉල්ලීම් කිහිපයක් මුල්කරමින් ඇරඹූ අඛණ්ඩ උපවාසය අගමැතිවරයා සමග කළ
සාකච්ඡාවෙන් පසුව අත්හැර දැමුවේ එම ඉල්ලීම් ඉටුකිරීමට පොරොන්දු වූ පසුවයි. එහෙත්
විෂය භාර ඇමතිවරයා එම ඉල්ලීම් ඉටුකිරීම පැහැරහරින බවත් වරාය වෘතීය සංගම්
නියෝජිතයන් චෝදනා කරයි.
වරාය අධිකාරියේ උද්ගතව ඇති තත්වය පිළබඳව
සොයා බැලීමට හා වෘතීය සංගම් නායකයන් සමඟ සාකච්ඡා කිරීමට පසුගිය 20 වන දා කම්කරු
අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා ද කම්කරු දෙපාර්තුමේන්තු නිලධාරීන් ද පැමිණියහ.
එහෙත් ඔවුන් හමුවීම මග හැරීමට වරාය අධිකාරියේ සභාපතිවරයා හා පාලනාධිකාරිය ඕනෑකමින්
කටයුතු කළ බවත් පැවැසෙයි. අනතුරුව වරායේ ඇතිව තිබෙන සිද්ධිය සම්බන්ධයෙන් සොයාබලා
වාර්තාවක් තමා වෙත ලබා දෙන මෙන් කම්කරු ඇමතිවරයා කම්කරු දෙපාර්තුමේන්තු බලධාරීන්ට
පැවරීය. වරාය සේවකයන්ගේ ඉල්ලීම් ඉටු නොවුණහොත් පසුගිය 22දා සිට අකුරට වැඩ කිරීමේ
ක්‍රියාමාර්ගයකට වෘතිය සමිති සූදානම්ව සිටියත් කම්කරු ඇමතිවරයා නැවත සාකච්ඡා වටයක්
ලබා දීමට පොරොන්දුවීම හේතුවෙන් එය තාවකාලිකව නවතා දැමූහ.
ශ්‍රී ලංකා ආර්තිකයේ කේන්ද්‍රස්තානය වූ
කොළඹ වරායේ උද්ගතව ඇති අර්බුදකාරීත්වය සම්බන්ධව වරාය ජාතික සේවක සංගමයේ සභාපති හා
වරාය සේවක සංගම් එකමුතුවේ සමසභාපති උදේනි කළුතන්ත්‍රි මහතා මෙසේ විග්රහ කරයි. “මාස දෙකකට
කලින් අප කළ අරගලයට ඇමතිවරයා සහ සභාපතිවරයා ඇහුම්කම් දුන්නෙ නෑ. ඊට පස්සේ අපි දින
තුනක් අකුරට වැඩකිරීමේ ව්‍යාපාරයකට ගියා ඒත් විසඳුමක් දුන්නේ නෑ. ඊටපස්සේ
අගමැතිතුමා සමඟ සාකච්ඡා කරලා විසඳුමක් ලබාගත්තා. ඒත් අමාත්‍යවරයා විසින් ඒ
ඉල්ලීම්වලින් එක ඉල්ලීමක් විතරයි ලබා දුන්නේ. අනිත් ඉල්ලීම් සම්බන්ධයෙන් ඇමතිවරයා
මුනිවත රකිනවා. ඔහු කියන්නේ දෙන්න බැරි දේවල් කවුරු කිව්වත් දෙන්නෙ නැහැ කියලයි.
ඊට පස්සේ තමයි වරාය වෘතීය සමිතිවලට දැඩි පීඩනයක් ඇතිවුණේ අපේ සේවකයන් දෙන්නෙක්ගේ
වැඩ තහනම් කිරීම සම්බන්ධව. එතැනදි ඇමතිවරයා මුරණ්ඩු විදිහටයි හැසිරුනේ. නීතිවිරෝධි
ලෙස පත්ව සිටින කිසිම සුදුසුකමක් නැති කළමණාකාර අධ්‍යක්ෂකවරයා හා ඇමතිවරයා අපිට
දැඩි පීඩනයක් ඇති කළා. ඉන් අනතුරුව ඇමතිවරයාගේ සහ සභාපතිවරයාගේ දූෂණ වංචා
සම්බන්ධයෙන් අපි හෙලිදරව් කළා. ඒ තුළින් කිපිච්ච ඇමතිවරයා මිලියන 500 වන්දි වශයෙන්
ඉල්ලාවෘතීය සමිති නායකයන් වන උදේනි කලුතන්ත්‍රි වන මටත්, ප්‍රසන්න කලුතරගේ මහතාටත්,
ලාල් බංගමුව මහතාටත් එන්තරාවාසියක් එවන්න කටයුතු කරනවා කිව්වා. ඇත්තටම ඇමතිවරයා
එන්තරාවාසි එවන්නෙ නම් නෑ. හේතුව ඔහු වරදකරුවෙක්. ඒවා උසාවියේදී ඔප්පු කරන්න අපි
ලඟ ලියකියවිලි තියෙනවා. ඇමතිවරයා අපිට එරෙහි විනය ක්‍රියාමාර්ග, කටඋත්තර ලබා
ගැනීම් අසාධාරණ ලෙස දිගින් දිගටම ගන්නවා. මේ විදිහට ඇමතිවරයා කරන විවිධ
කෙනෙහිලිකම් ඉදිරියේ වරාය වෘතීය සමිතීන් විසින් අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළා. යහපාලන
ආණ්ඩුව හදපු ව්‍යාපාරයක් හැටියට අපි දැන් සාධාරණයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.” යනුවෙන් අප වෙත උදේනි මහතා අදහස් දැක්වීය.
වරාය
විෂය භාර ඇමති අර්ජුන රණතුංග මහතා සම්බන්ධව වරාය වෘතීය සංගම් නායකයන් නගන චෝදනාවට
පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මාධ්‍ය හමුවකදී අදහස් දැක්වීය. “පසුගිය දින කිහිපයේදී මම දිවයිනේ හිටියේ නැහැ. එම කාලයේදී
උදේනි කළුතන්ත්‍රි, ලාල් බංගමුවගේ, ප්‍රසන්න කළුතරගේ යන අය ශ්‍රී ලංකා වරාය
අධිකාරියේ බේරේ වැව වඩු කාර්මික අංගණයේ සිදු කරමින් තිබූ ලී බඩු නිෂ්පාදනයක් ගැන
පොදු ජනතාව වෙත අමූලික බොරු ප්‍රකාශයක් සංවිධානාත්මක ලෙස මාධ්‍ය මගින් සිදු කළා.
එහිදි වඩුකාර්මික අංගණයේ නිපදවන භාණ්ඩ අන්තප්පුරයක් සඳහා නිපදවන භාණ්ඩ ලෙස අසත්‍ය
ප්‍රකාශයක් කරමින් මගේ චරිතය ඝාතනය වන ආකාරයටත් අපහාස සිදු වන ආකාරයටත් මේ තිදෙන
අදහස් පළ කළා. මෙම භාණ්ඩ වරාය අධිකාරියේ අවශ්‍යතාවන් සඳහා නිපදවමින් පැවති ඒවා. මේ
නිසා මෙම අසත්‍ය ප්‍රචාරයා පිළිබඳව සහ මට කරන ලද අපහාසය පිළිබඳව දැනටමත් පුද්ගලික
සිවිල් නඩු පැවරීමක් සඳහා නීතිඥවරුන්ට භාර දී එන්තරවාසි මේ තිදෙනා වෙත යවා
තිබෙනවා. මට කරන ලද අපහාසය වෙනුවෙන් එක් අයෙකු විසින් රුපියල් මිලියන පන්සීයයක
මුදලක් ගෙවන ලෙසට මේ තිදෙනාට නීතීඥවරුන් මාර්ගයෙන් දැනටමත් දන්වා අවසන්. මේ
පුද්ගලයන් තුන්දෙනා පිළිබඳව සහ ඔවුන්ගේ දූෂණ සහ වංචා චෝදනා පිළිබඳව ඉදිරියේදි මම
අනාවරණය කරනවා. මම දූෂණ නවත්වන්න හොරකම නවත්තන්න ක්‍රියා කරනකොට හොරකම් කළ
මිනිස්සුන්ට හරියට රිදිලා බව මේ ක්‍රියා දාමයෙන් පේනවා. මම මේ වරාය අමාත්‍යංශයට ආ
දවසේ සිට හොරකම දූෂණය නවත්තන්න විශාල මහන්සියක් ගත්තා. ඒ වගේම සභාපතිතුමාත් මාත්
හොරකම් නවත්තන්න යන වේලාවේ මේ හොරකමෙන් යැපෙන මිනිස්සුන්ට රිදිලා බව දැන් පේනවා.”
මේ
අර්බුදය මතුපිටින් බැලූවිට ගැටලුවක් වශයෙන් පෙනුනත් අභ්‍යන්තරයේ ඇත්තේ පෞද්ගලික
දේශපාලනික කරුණු බව මේ කඹ ඇදිල්ලෙන් පැහැදිලියි. වෘතීය සංගම්වලට තම අයිතීන්
ඉල්ලීමට සාධාරණය අයිතියක් ඇතත් එම අයිතිය කඩාකප්පල්කාරී ලෙස හැසිරීම සඳහා යොදානොගත
යුතුයි. ඒත් සමඟම ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනාවන්වල සත්‍යතාවය පිළිබඳ
විධිමත් විමර්ශනයන් රජයෙන් සිදුවිය යුතුයි. එමෙන්ම අප්‍රේල් මාසයේ සිදුකළ
සාකච්ඡාවේදී අගමැතිවරයා පොරොන්දුවූ පරිදි ඒ පොරොන්දු ඉටුකිරීම අමාත්‍යංශයේ හා වරාය
පාලනාධිකාරියේද වගකීම වෙයි. වෘතීය සංගම් නායකයන් පෙන්වා දෙන පරිදි ඇමතිවරයා තම
හිතවතුන්ට වරායට අයත් දේපල අයුතු ලෙස ලබා දී ඇත්නම්, ඔහුට එරෙහිව නැගෙන මූල්‍ය
වංචා හා අනෙකුත් අක්රමිකතාවන්වලට වරදකරු වෙයි නම් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක
විය යුතුයි. යහපාලනය ගොඩනැගීමට දායකවූ ව්‍යාපාරයක් ලෙස වරාය වෘතීය සංගම්වල
ඉල්ලීමත් යහපාලනයයි. එමෙන්ම පලිගැනීම් වශයෙන් අමාත්‍යවරයා හෝ පාලනාධිකාරිය සේවක
සංගම් වලට එරෙහිව වැඩ තහනම් කිරීම්, මර්ධනය කිරීම් ආදියට යොමුවීම නොදියුණු ක්රමයකි.
එවැනි හැසිරීමක් කිසිසේත්ම යහපාලනය තුළින් අපි බලාපොරොත්තු නොවෙමු.
සකීෆ්
තන්වීරි.
No comments:
Post a Comment