ලෝකේ පුරා බිත්තර දමා යන මොනික්.
මේ දිනවල අපූරු රතු කිකිළියක් පිළිබඳව ලෝකයේම අවධානය
යොමුවෙලා. ඒ තමයි මොනික් නැමැති
කිකිළි. බල්ලෝ පූසෝ වගේ සත්තු මිනිස්සු සුරතල් සත්තු විදිහට ඇති කරනවා. ඔවුන්
මිනිසුන්ගේ සමීපතම මිතුරනුත් වෙනවා. ඒත් ඒ ප්‍රකට යතාර්තයට එහා ගිහින් ගිවුරෙක්
සව්ඩේගේ සුරතල් සතා සහ හොඳම මිත්‍රයා බවට පත්වන්නේ මොනික් නැමැති කිකිළියි. මේ
කිකිළි විශේෂ වන්නේ ප්‍රංශ ජාතික 24 හැවිරිදි නාවිකයෙක් වන ගිවුරෙක් සව්ඩේ සමග ලොව
පුරා සංචාරය කිරීම නිසයි. ඔහු මේ වන විට පුරා වසර දෙකක් තිස්සේ ලොව වටාසුරතල්
මොනික් සමග යාත්‍රා කරමින් සිටියි.
ලොව පුරා ගමන්
කරන නාවිකයන් පිළිබඳව නැතිනම් ලොව වටා පියාසර කරන පක්ෂීන් සමනලු පිළිඳව අප
අනන්තවත් අසා ඇත්තෙමු. එහෙත් බල්ලන් පූසන් කුකුළන් ගමන් කිරීම සැබැවින්
ආශ්චර්යයක්. ගිවුරෙක්ගේ තුරුළේ සාගර ජයගනිමින් ලොව දිනන ගිවුරෙක්ගේ ගමන එතරම් සරල
එකක් නොවීය. එහෙත් ගිවුරෙක්ට නම් ඔහුගේ ගමන පුරාවටම ඔහුට ආහාරයට බිත්තර සැපයුවේ
මොනික්. ඒ හින්දම මේ ගමන අවසානය තෙක් ගිවුරෙක් මොනික්ව මස් නොකරන බව නම් සැකයක්
නැත.
ගිවුරෙක් සිය කුඩා කල බ්රිටනිවල වැඩෙද්දි බෝට්ටුවක් මගින්ලොව පුරා යාත්‍රා කිරීමට සිහින දැක්කේය.
නමුත් කිසි දිනක මොනික් නැමැති කිකිළිට එවැනි සිහිනයක් නොතිබෙන්න ඇති.
ඒත් දෙදෙනා
මුල්වරට 2013 දී කැනරි දූපතතේ මුණගැසීමෙන් ඇතිවන
ප්‍රේමය නිසා ගියුරික් තම ගමන් සගයා වශයෙන් හා ස්තාවර ආහාර මූලාශ්‍රය වශයෙන් මොනික් තෝරගත්තේය.
“අපි හමු වෙද්දී ඇයට මාස හතර පහක් ඇති. ඒ වෙද්දී ඇය ප්‍රංශ කතා කළෙත් නෑ
මම ස්පාඥ්ඥ කතා කළෙත් නෑ. ඒත් මම ඇය මා එක්ක ගෙන ගියා.” යනුවෙන් ගියුරික් පවසයි.
මොනික් මේ
මුහුඳු යාත්රාවේදී ඉතා ඉක්මණින් මුහුඳු පරිසරයට හැඩ ගැසුනු බවත් ගියුරික් පවසයි.
කිසිවිටක මුහුඳු යාත්‍රාව ආරම්භය ඇතිවන උණ තත්වයක්වත් සිය සුරතල් කිකිළිට නොහැදුනු
බවයි ඔහු පැවසුවේ.
“මම මුලදී බය
වුණා මුහුඳු රළ දරුණු වුණොත් අනතුරක් වෙයි කියලා. ඒත් ඇය ඉතා ඉක්මණින් ඇබ්බෙහිවුණා
මේ පරිසරයට. ඇය ඉතා බුද්ධිමත්. බෝට්ටුව ගැස්සෙද්දී ඉතා තදින් අල්ල ගන්නත් කුකුල්
හුරුකරගෙන තිබුණා”
2014දී
ඔවුන්ගේ මේ අපූරු ගමන අතරවාරයේ අවාසනාවන්ත ලෙස බෝට්ටුව අත්ලාන්තික් හරහා ගමන්
කිරීමට සිදුවිය.ඒ කාලයේ අයිස් මිදී තිබුණ නිසා අත්ලාන්තික් හරහා යන ගමනේ තත්වය
තරමක් බයානකවිය. එහෙත් ඒ අයිස් කඳු අතර දැඩි සීතල තත්වයේ පවා මොනික් වෙනසක් නැතුව
සාමාන්‍ය පරිදිම බිත්තර දමා ඇත. ඒ කලාපයේ ගත කළ දින 28ක් තුළදී මොනික් බිත්තර
25ක්ම දමා ඇත. සාමාන්‍යයෙන් දැඩි සීතල හෝ ඌෂ්ණාධික තත්වයන් තුළ කුකුළන්ට ඇතිවන
පීඩනය නිසා බිත්තර දැමීම අඩු වෙයි. එහෙත් මොනික් ඒ සියල්ලට හැඩ ගැහී ඇත.
ගියුරික්
සමඟ කැරීබියන් දූපත්වලට ගිය සුරතල් මොනික් පිහිනුම, සර්ෆිං සහ පැඩ්ල් ආදිය උගත්තේ
ගියුරික් මුදල් සොයා ගැනීම වෙනුවෙන් ක්‍රීඩාවන්වලට සහභාගීවූ අවස්ථාවන් වලයි. ඒත්
එහි වැඩි කලක් රැඳි නොසිට නිවර්තන කලාපීය කාලගුණයෙන් හෙම්බත්ව සිටි ගියුරික් හා
සුරතල් කිකිළි නැවතත් ගමන ආරම්භ කිරීමට තීරණය කළහ. 2015 ජූනි මස ග්‍රීන්ලන්තය කරා ඔවුන්
දෙපල ගමන අරඹන අතර මාස දෙකක් ගතවෙද්දී ග්‍රීන්ලන්තයට සේන්දු වූහ. ඒ අනුව ග්‍රීන්ලන්තයට
ගිය පළමු කිකිළියට හිමි වාර්තාව මොනික් ඉදිරියේ සටහන් විය. මොනික් ගියුරෙක් යුවල
ගිම්හානය ග්‍රීන්ලන්තයේ නැගනහිර වෙරළේ ගෙවා දමා නොවැම්බර් වන විට උතුර ග්‍රීන්ලන්තයට
ගමන් කළහ.
මේ වනවිට
මිදී තිබුණු අයිස් සියල්ල දියවී ඇත. නැවතත් ගියුරික් සහ මොනික් ඔවුන්ගේ ගමන ඩුඕ
සානුව හරහා ඇරඹීමට සූදානම් වෙයි. ඒ අතරවාරයේ ගියුරික් සිය සුරතල් කිකිළිය සමඟ යෙදී
සිටින ගමන අළලා කෘති පෙළක් ලියමින් සිටියි. එහි පළමු කෘතිය වශයෙන් The Transatlantic Voyage of Monique
කෘතිය මේ ගිම්හානයේ ප්‍රංශයේදි එළි දැක්වීමට නියමිතය.ගියිරික් සිය
කෘති තුළින් තරුණයන් අලුත් අත්දැකීමක් ලබාදීමට හා ඔවුන්ගේ සිහින සැබෑ කරවීමට
බලාපොරොත්තු වෙයි.ගියුරික් සිය සුරතලී සමඟ නිරතව සිටින මේ අපූරු ගමනේ තොරතුරු
ඡායාරූප නිතර අන්තර්ජාලය එක්කරමින් සිටියි.මේ යුවලේ ඉදිරි ගමන ඇලස්කාව වෙත බව නවතම
ආරංචි පලවී ඇත.
No comments:
Post a Comment