Friday, July 22, 2016

ස්පාඥ්ඥයේ සිට රාජගිරියට ගුවන් පාලමක්.

ස්පාඥ්ඥයේ සිට රාජගිරියට ගුවන් පාලමක්.


දගු කාලීනව බත්තරමුල්ල සිට රාජගිරිය හංදිය දක්වා හා ෙකාල්ලුපිටිය - ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ අධික වාහන තදබදයක් පවති. ඒම තදබදය අවම කිරීමට විසදුමක් ලෙස රාජගිරිය හරහා නව ගුවන් පාලමක් ඉදිකිරීමට යෝජනා විය. ඒ අනුව ගුවන් පාලම ඉදිකිරීම් කටයුතු මේ වන විටත් අැරඹී අැත. ඉදිකිරීම් සදහා ස්පාඥ්ඥ රජයෙන් සහන ණය අාධාරයක් ලැබී අැත. පසුගිය ජුනි 06වන දා පෙරවරු 10.00ට උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඅැල්ල මහතා, මුදල් අැමැති රවි කරුණානායක මහතා හා විදේශ කටයුතු නියෝජ්‍ය අැමැති හර්ෂ දසිල්වා මහතාගේ සහභාගීත්වයෙන් ගුවන් පාලමේ මුල්ගල් තැබීම සිදුවිය. මෙම ව්‍යාපෘතිය 2018 අවසන් කිරීමට නියමිතය.
ලංකාවේ ඉදිවන දිගම ගුවන් පාලම ලෙස සැලකෙන්නේ අලුත ඉදිවන රාජගිරිය ගුවන් පාලමයි. වැලිකඩින් අාරම්භ වන ගුවන් පාලම කි.මි භාගයක් දිගින් යුක්තයි. අදියර ෙදකක් යටතේ ඉදිවන ෙමහි පළමු අදියර ලෙස මංතීරු දෙකක්මාස නවයකින් නිම ෙවයි. ඒනම් ලබන වසර අවසානයේ නිමවීමට නියමිතයි. ෙදවන අදියර 2018දී නිම වෙයි. ඒනම් සම්පූර්ණ ෙකාන්ත්‍රාක් කාලය මාස 32කී.දෙපසට මංතීරු හතරකින් සමන්විත මෙම අධිවේගි ගුවන් පාලම නවාංග ගණනාවකින් යුකුතයි.
මහාමාර්ග අමාත්‍යංශය හා මහනගර සංවර්ධන සැලසුම් ව්‍යාපෘති මගින් ෙකාළඹ නගරයේ පවතින අධික හා අසාමාන්‍ය වාහන තදබදය අවම කිරීෙම් පියවරක් වශයෙන් බත්තරමුල්ල සිට රාජගිරිය හරහා ෙනලුම් පොකුණ දක්වා ෙමම ගුවන් පාලම ඉදිකරයි. ඒමගින් රාජගිරිය වාහන තදබදයෙන් 50%ක් පමණ අඩුවනු අැතැයි අපෙක්ෂිතයි. රාජගිරය වැලිකඩ මංසන්ධියේ උදෑසන කාර්යා බහුල කාර්යාල වේලාවේ අධික වාහන තදබදයක් අැති වේ. කි.මීටර් කිහිපයක් දක්වා වාහන පෝලිමක් තදබදයට හසුව තිබීම ෙදෙනිකව කාර්යාල එම වේලාවන්වල දැකිය හැකිය. රාජගිරියේ දිනපතා අැතිවන මාර්ග තදබද ගණත්වයට හේතුව රාජගිරිය හරහා වාහන 90000ක් පමණ ඒහා මෙහා ගමන් කිරීමයි. ඒබැවින් කාර්යාල ෙව්ලාවේදී වාහන ධාවන වේගය පැ.කි.මි 2-3ත් අතර ඉතා මන්දගාමී ස්වරූපයක් ගනියි. පස්වරුෙව්දී සාමාන්‍ය වේගය පැ.කි.මී. 9-10ත් අතර වෙයි. මෙම වේගය පාලම ඉදිකිරීමෙන් පසු පැ.කි. 20 දක්වා ඉහළ යනු අැතැයි අපේක්ෂිතයි.
ඉදිවන නව රාජගිරිය ගුවන් පාලමේ අපේකෂිත දිග මීටර් 540ක් හා පළල මීටර් 19.7ක් වෙයි.(ගුවන් පාලමේ පිවිසුම් මාර්ගය මීටර් 180ක් හා ගුවන් පාලම මීටර් 360)හරස් අතට අවකාශය මීටර් 5.20කි.ගුවන් පාලමේ වැඩ කටයුතු භාර ප්‍රධාන කොන්ත්‍රාක් සමාගම වන්නේ Centunion  (සෙන්චූනියන් ) හාඋප කොන්ත්‍රාත් සමාගමAccess Engineering PLCයන සමාගම්ය. මෙහි ඉදිකිරීම් සදහා වැය කරන මුදල රුපියල් ෙකා්ටි 850කි ඒනම් බිලියන 4.5කට අාසන්නය.ස්පාඥ්ඥයෙන් ගුවන් පාලම් ව්‍යාපෘතිය සදහා සහන ණය අාධාරය වශයෙන් රුපියල් 8486099420 ක මුදලක් ලැබී අැත. (ස්පාඤ්ඤ රජය මගින් (70%)  සහ ස්පාඤ්ඤ BBVA 30%) ඒම මුදලින් 70%ක ප්‍රමාණයක් සදහ 0.15%ක පොලියක් හා ඉතිරි 30% සදහා 1.95ක ෙපාලියක් ගෙවීමට සිදුවනු අැත. මෙම ණය මුදල වසර හතලිහක කාලයක් තුළ ගෙවා අවසන් කළ යුතුය. ස්පාඥ්ඥ ගුවන් පාලම් ණය අාධාර මුදලින් අප්‍රේල් මාසයේ පොල්ගහවෙල ගුවන් පාලමේ වැඩකටයුතුද අැරඹුණි. ඉදිරියේ ඒම ණය අාධාරවලින් ග‍ණේමුල්ල තවත් ගුවන් පාලම් ඉදිකිරීමට නියමිත බවත් වාර්තා වෙයි.
රාජගිරය මංසන්ධියේදී අතුරු මාර්ග පහක් හමුවන අතර උදය වරුවේ ඒම මාර්ග සියල්ලෙන්ම පැමිණෙන වාහන ප්‍රධාන පාරට ඒක්වන බැවින් අසාමාන්‍ය වාහන තදබදයක් නිර්මාණය වෙයි. ඉදිවන ගුවන් පාලම ඒම අතුරු මාර්ග පහටම ඉහළින් ඉදිවන බැවින්50%ක පමණ වාහන තදබදය අඩුවී ඒවැනිම කාල ප්‍රමාණයක් ඉතිරිවනු අැත.
වාහන තදබදය නිසා උදෑසන වැඩට පැමිණෙන සේවකයන්ගේ කාලය නිකරුණේ මහපාර ගත වන අතරම වාහනවල අධික ඉන්ධන දහනයක්ද සිදුවෙයි. ඒය ජාතික වශයෙන් නිෂ්පාදන ධාරිතාවට හා ඉන්ධන පරිහරනයට අහිතකර ලෙස බලපානු ලැෙබ්. ඊට අමතර අධික පරිසර හානියක්ද සිදුවෙයි. වායු දූෂණය හා ශබ්ද දූෂණය ඉන් ප්‍රධාන වෙයි. ඒබැවින් රාජගිරිය වාහන තදබදයට කඩිනම් විසදුමක් ලෙස අාරම්භ කළ ගුවන් පාලම් ව්‍යාපෘතිය ප්‍රශංසා කළ යුතුය. පසුගිය අාණ්ඩු කාලය තුළ ජෙයරාජ් ප්‍රනාන්දු පිල්ලේ කැලණිය ගුවන් පාලම, නුගේගොඩ ගුවන් පාලම හා දෙහිවල ගුවන් පාලම අාදිය ඉදිවිය. ඒමගින් ජාතික වශයෙන් අතිවිශාල වාසියක් අත්විය. ඒබැවින් ඉදිරි කාලය තුළ පානදුර, කොහුවල, බොරලැස්ගමුව, අාමර්වීදිය, ලිප්ටන් වටරවුම, මරදාන, කිරුළපන හා ෙකාම්පඥවීදිය යන ස්ථානයන්වලද හා නගරයෙන් පිටත ජාඅැල, වේයන්ගොඩ හා මහව යන ස්ථානයන්වලද අධික වාහන තදබදයට විකල්පයක් ලෙස ගුවන් පාලම් ඉදිකිරීම පිළිබදව අවධානය යොමුවිය යුතුයි.


සකීෆ් තන්වීරි.

No comments:

Post a Comment