පුංචි ඡන්දය අද නෙවෙයි හෙටත් නෙවෙයි.
යහපාලනය
විසින් මැතිවරණ කල් දමමින් ප්රජාතන්ත්රවිරෝධී කටයුතුවල නිරතවෙමින් සිටින බව දැඩි
චෝදනා එල්ල වෙමින් තිබේ. ඒ අතරම එයට පිළිතුර වශයෙන් පැවසෙන්නේ
සැබෑ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමට නම් මැතිවරණ කල්යාම අනිවාර්යයෙන්ම සිදුවිය
යුතු බවයි.
ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන මෙන්ම දින සීයේ ආණ්ඩුවද ජනවරම ලබා ගත්තේ මුදල් මත තීරණය කරන
මනාප ක්‍රමය අහෝසි කරමින් වඩාත් ප්රජාතන්ත්රවාදි මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන
බව පවසමිනි. පැවැති ආණ්ඩුවද එවක ක්‍රියාත්මක වෙමින් තිබූ මනාප ක්‍රමය මුසු
සමානුපාතික මැතිවරණ ක්රමයේ ඇති දුර්වලතා නිසා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට අදාල
ව්‍යවස්ථාමය පියවර ගෙන තිබුණි. ඒ අනුව ශ්‍රී ලංකාවටම ආවේණික නවසීලන්ත ක්‍රමය
ආදර්ශයට ගත් මැතිවරණ ක්‍රමයක් සැකසුනි. එයයම්තාක් දුරට සමානුපාතික ක්‍රමයටම සමාන
එහෙත් කොට්ඨාස ක්‍රමය මූලික කරගත් මැතිවරණ ක්‍රමයක් විය.
අනතුරුව
මැතිවරණ පැවැත්වීම සඳහා සීමා නිර්ණය කිරීම වෙනුවෙන් අශෝක පීරිස් මැතිතුමාගේ
සභාපතීත්වයෙන් කොට්ඨාස සීමා නීර්ණ කමිටුවක් පත්විය. එම කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ
ජාතික කමිටුව විසින් සකස් කළ සීමා නිර්ණය කිරීමේ වාර්තාව පළාත් පාලන ආයතන
මැතිවරණයට බලාත්මක වන පරිදි 2015 අගෝස්තු 21 ගැසට් කෙරුණි. නමුත් ඒ සම්බන්ධයෙන්
සුලු පක්ෂ, සිවිල් සංවිධාන, මහජනතාව දැඩි විරෝධයක් පළ කළ අතර වහාම ඒ සම්බන්ධයෙන්
පැමිණීලි හා අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙමින් පළාත් පාලන ආයතන සීමා
නීර්ණ විමර්ශන කමිටුවක් සෑම ප්‍රධාන පක්ෂයක්ම නියෝජනය වන පරිදි ස්වාධීනව පත් කරන
ලදි.
එම කමිටුව
මුලදී පවසා සිටියේ මැතිවරණ සීමා නිර්ණ සම්බන්ධයෙන් ඉදිරිපත්වී ඇති පැමිණිලි සියල්ල
ඉකුත් ජනවාරි වන විට අවසන් කළ හැකි බවයි.
එහෙත් තවදුරටත් මහජන පැමිණිලි ඉදිරිපත් වීම සළකා බලා පෙබරවාරි 20දක්වා පැමිණීලි
ඉදිරිපත් කිරීමේ කාලය දීර්ඝ කළහ. අපේක්ෂිත තත්වයට වඩා එම කාර්යය සංකීර්ණවීම
හේතුවෙන් නැවතත් මාර්තු 31වන දාටත් යලිත් තවත් මාස හයක කාලයක් එනම් අගෝස්තු 31වන
දා දක්වාත් කල් දමන ලදි. නැවත වරක් විෂය භාර ඇමැති තුමා සීමා නිර්ණ කොමිසන් සභාවේ කාලය තවත් මසකින්
දීර්ඝ කිරීමට තීරණය කළේය. ඒ අනුව මේ වසරේ සැප්තැම්බර් අවසානය දක්වා කල්ගියේය.
මෙලෙස සීමා නීර්ණ කොමිසමේ වැඩ කල්යන විට පළාත් පාලන මැති වරණයද කල් යමින් තිබේ.
මැතිවරණ කොට්ඨාශ නිර්ණය කිරීමකින් තොරව මැතිවරණය පැවැත්විය නොහැකිය. මැතිවරණය
පැවැත්විය යුතුම නම් පැවැත්විය හැක්කේ පැරණි ක්‍රමයට අනුකූලවයි. නමුත් ව්‍යවස්ථාමය
හේතූන් මත එලෙස පැවැත්වීමේ අවහිරයක් පවති. මෙලෙස සිදුවන ප්‍රමාදය පළාත් පාලන
මැතිවරණ කල්යාමට හේතුවී ඇත.
පළාත් පාලන
මැතිවරණ කල්යාම කල්යාම හේතුවෙන් පරිපාලනමය ගැටු ගණනාවක් මතුව තිබේ. ගම්වල සංවර්ධන
කටයුතු අඩාල වීමටත් පරිපාලනමය ප්‍රමාදයන් ඇතිවීමටත් මෙය හේතුවී තිබේ. තරුණයන්
දේශපාලනයට සම්බන්ධවීමට තිබෙන අවස්ථා ද ඇහිරෙමින් තිබේ. මේ වනතුරු ඇතැම් පළාත් පාලන
ආයතනයන් විසුරුවා හැර වසර ගණනාවක් ගතවී ඇත. එමෙන්ම පළාත්පාලන ආයතන ගණනාවක්ම පසුගිය
වසර විසුරුවා හැරියත් තවමත් මැතිවරණයක් පවත්වා මහජන නියෝජිතයන් තෝරා නැත.
1-2011 සිට
මඩකලපුව මහනගර සභා සහ ප්‍රාදේශීය සභ 08ක මැතිවරණ පවත්වා නැත.
2-වව්නියා
මහනගර සභාව 2012 මැතිවරණ පවත්වා නැත.
3-යාපනය
මහනගර සභාව 2013 සිට මැතිවරණ පවත්වා නැත.
4-පුදුකුඩිඉරුප්පු
හා මුහුඳුබඩපත්තු 2012 සිට මැතිවරණ පවත්වා නැත.
5-සෙසු
පළාත් පාලන ආයතන 250කට වැඩි ප්‍රමාණය 2015 සිට මැතිවරණ කල්දමා ඇත.
ඒ අනුව
පසුගිය වසර මැද පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය 2016වසර මුලදී
පැවැත්වීමට සියලු කටයුතු සැලසුම් කරණ බව ආණ්ඩුව පවසා සිටියත් නැවත් එය වසර
අවසානයටත් මේ වන විට එම මැතිවරණය 2017 දක්වාත් කල් ගොස් තිබේ.
පවතින
ආණ්ඩුව සැලසුම් සහගතව මැතිවරණ කල්දැමීමට තාක්ෂණික දෝෂ පෙන්වීමට උත්සහ කරන බව
විපක්ෂය චෝදනා නගයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මතුව තිබෙන අර්බුධකාරී තත්වය
හේතුවෙන් මෛත්‍රී පිලට බිම් මට්ටමේ පරාජය අත්වේ යන බියෙන් මෙලෙස මැතිවරණ කල් දමන
බව ඒකාබද්ධ විපක්ෂය චෝදනා නගයි. ඒ අතරම ජවිපෙ පෙන්වා දෙන්නේ මෙය ප්රජාතන්ත්රවිරෝධි
ක්‍රීයාවක් ලෙසයි. මහින්ද පාලන තමන්ට වාසි වන පරිදි මැතිවරණ කඩින් කඩ පැවැත්වූ අතර
මෛත්‍රී රනිල් ආණ්ඩුව සැබෑ ජනමතය ප්‍රකාශවීමට ඇති අවස්ථාව අහුරන බවද ඔවුන් පෙන්වා
දෙයි.
මෙලෙ පළාත් පාලන මැතිවරණය හේවත් පුංචි ඡන්දය කල්යාම
සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විෂේශ සාකච්ඡාවක් පැවැත්විනි. එහිදි ඒකාබද්ධ විපක්ෂයේ
නායක දිනේෂ් ගුණවර්ධන මහතාය පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයාගෙන් මෙසේ ඉල්ලීමක්
කළේය. "ආණ්ඩුව විවිධ දේ කියමින් සැලැසුම් සකස් කරන්නේ කෙසේ හෝ පළාත් පාලන මැතිවරණය
කල් දාන්නයි. ඡන්ද විමසීමක් සිදුනොකර නොනවතින දිගු කිරීම් සඳහා ආණ්ඩුව යොමු වෙලා.
පළාත් පාලන නියෝජිතයන් නැති නිසා ගමේ ප්‍රාදේශීය සංවර්ධන කටයුතු ඇනහිටලා. පළාත්
පාලන ආයතන 300ක නිල කාලය අවසන්. දැන් ඡන්දය තියන්න. ඡන්ද කල්දාන සෙල්ලම නවත්වන්න.
මැතිවරණ කොමිසමට ස්වාධීනව වැඩ කරන්න ඉඩ ලබා දෙන්න"
මෙම උණුසුම් පාර්ලිමෙන්තු සාක්චඡේවේදී
"මේ පළාත් පාලන මැතිවරණය කල් දැමීමෙන් ගම්වල ජනතාව ප්‍රශ්න රැසකට මුහුණපාල
සිටිනවා. මේ පළාත් පාලන ඡන්ද පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු අවස්ථාවේ අපේ
විරෝධය සටහන් කරලා තිබෙනවා. සංශෝධන ගණනාවක්ම එක් කරලා මෙ හැදුවේ විකෘති ඡන්ද ක්‍රමයක්.
අලුත් ක්‍රමයට ඡන්දය පැවැත්වීම දුෂ්කර නම් අඩුව තරමේ පරණ ක්‍රමයට හෝ මේ පළාත් පාලන
මැතිවරණය පවත්වන්න කියලා මම ඉල්ලා සිටිනවා. දේශපාලන පක්ෂයක අර්බුදයක් හේතුවෙන්
ඡන්දය කල්දාන එක වැරැදියි. මේ පළාත් පාලන ඡන්දය කල් දාන්නේ දේශපාලන පක්ෂයක
අර්බුදයක් හේතුවෙනුයි. පළාත් පාලන මැතිවරණයට වෙන් වෙලා තරග කරනවාද? එකට තරග කරනවාද? ඒ ප්රශ්නය විසඳගන්න බැරි නිසා
පළාත් පාලන මැතිවරණය කල් දානවා. ඒකයි ඇත්ත" යනුවෙන් පළාත් පළාත් පාලන
මැතිවරණය කල් දැමීම පිළිබඳව පාර්ලිමේන්තුවේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර
කුමාර දිසානායක මහතාය ප්‍රශ්න කළේය.
ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා මැතිවරණ කල්යාම
සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදී මෙලෙස සිය අදහස් දැක්වීය. ‘‘පළාත් පාලන
ඡන්දය කල් දමා වසරකට වැඩි කාලයක් ගත වී තිබෙනවා. එය ප්රජාතන්ත්රවිරෝධී, නීතිවිරෝධී එමෙන්ම
සදාචාරවිරෝධී ක්‍රියාවක්. ඡන්දය කල් දැමීමට හේතුව වශයෙන් ආණ්ඩුව පෙන්වන්නේ කුමක්ද? කොට්ඨාස 2000ක සීමා
නීර්ණය තවමත් අවසන් කර නැතිවීම. මේක බොහොම විහිළු කතාවක්. රටේ රාජ්‍ය සේවකයන් ලක්ෂ
14කට වැඩියි. එයින් මේ
කටයුත්තට අවශ්‍ය කරන නිලධාරීන් 10,000ක් සොයා ගන්න ආණ්ඩුවට අමාරු නැහැ. ඒ අනුව සැලසුම් කළොත් මේ සීමා
නීර්ණ කටයුතු මාස 2-3කින් අවසන් කරන්න පුළුවන්. නමුත් ආණ්ඩුව මේකට ප්‍රමුඛතාවය
දෙන්නේ නැහැ. මේක අද රටේ තිබෙන දැවැන්තම ප්‍රශ්නයක්. මුළුමහත් ජනතාවගේ ඡන්ද
අයිතිය කොල්ලකාලා වගේවගක් නැතිව ආණ්ඩුව කල්ගත කරනවා.
සැබැවින් මෙලෙස මැතිවරණ කල්දැමීම යනු නියෝජිත ප්රජාතන්ත්රවාදය
ඝාතනය කිරීමක්. එසේ වුවත් එම මැතිවරණය එක් පිරිසකට අසාධාරණයක් වන අයුරින් හෝ තවත්
පිරිසකට වාසිවන අයුරින් සැලසුම් කිර මැතිවරණ පැවත්වීම ප්‍රජාතන්තවාදය නමින් බරපතල
වංචාවක්. සැබෑ මහජන මතය ප්රකාශවීමේ අවස්ථාව නැති කිරීමක්.
ඒ කෙසේ
වෙතත් දින සීයේ ආණ්ඩුව නව මැතිවරණ ක්‍රමය හඳුන්වා දීමට එ.ජා.පපොරොන්දු විය. ජනවරම
ලැබීමෙන් පසු එම පොරොන්දුව ඉටු කිරීමේදී නෛතික තහංචි කිහිපයක්ද පවති. අගමැති සිතූ
පලියට මැතිවරණයක් කැඳවීමට කිසිඳු අනුමැතියක් නැත. මැතිවරණය කැඳවිය හැක්කේ
ජනාධිපතිතුමාට පමණි. අගමැතිතුමා පවසන්නේ කොට්ඨාශ සීමා නිර්ණය අවසන් වන තුරු
මැතිවරණයක් පැවැත්වීමේ නෛතික අනුමැතියක් නැති බවත් ජනතා නියෝජනයක් සහතික කිරීමට
නොහැකි කොට්ඨශ සීමා නිර්ණයක් තුළ මැතිවරණයක් පැවැත්වීම යහපාලන රජයේ ජනවරමට හා ප්රජාතන්ත්රවාදී
මූලධර්මවලටද පටහැනිය.රටතුළ ප්රජාතන්ත්රවාදය ඇති
කිරීමට අප ආණ්ඩුව ලද ජනවරම තවදුරටත් තහවුරු කිරීමට කටයුතු කරමින් සිටින අතර එම
ස්ථාවරයේ කිසිඳු වෙනසක් සිදු වී නොමැත. පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ නොපැවැත්වීමට
හෝ මැතිවරණ කල්දැමීමට කිසිඳු වුවමනාවක් ආණ්ඩුවට නොමැති බවත්ය.
දිගින් දිගටම මැතිවරණය කල්යාම
සම්බන්ධයෙන් නැගෙන චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා
මාස කිහිපයකට පෙර පෙන්වා දුන්නේ කාලය අඩුවෙන් අරෙගෙන වැඩේ හරියට කළේ නැත්තම් සම්මත
වෙච්ච දවසේ ඉඳලා අපිට බැනුම් අහන්න වෙනවා. තවත් අවුරුද්දකින් හෝ දෙකකින් මේකට
සංශෝධන ගෙන ඒමේ තත්වයක් නැතිව කරන වැඩේ හරියට කරන්න ඕනේ.පළාත්
පාලන ආයතනවල ජන්ද කොට්ටාශ සීමා නීර්ණය කිරීමේදී අපේක්ෂා කළ යුත්තේ දේශපාලන පක්ෂයක
ජයග්‍රහණය නොව, පොදු
ජනමතය මැතිවරණය තුළ නියෝජනය වීම බවත් පෙන්වා දුන්නේය.
සම්මත වූ මෙම නව මැතිවරණ ක්‍රමය
තුළ සමානුපාතික ක්‍රමය පවත්වාගනිමින් කොට්ඨාශ ක්‍රමය හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව
මනාප ක්‍රමය වෙනුවට 1970 ට පෙර පැවති කොට්ඨාශ ක්‍රමය නැවත හඳුන්වාදීමක් සිදුව
තිබේ. එක් කොට්ඨාශයකින් වැඩිම මනාපය ලබාගන්නා තැනැත්තා මහජන නියෝජිතයා වශයෙන් තේරී
පත්වෙයි. නමුත් කොට්ඨාශයේ ජය හිමි නොවුණත් ලබා ගත් ඡන්ද ප්‍රතිශතය අනුව නියෝජනයක්
ලබාගැනීමේ අවස්ථාවත් නව ක්‍රමය තුළ සැළසී ඇත. එයින් සුලු පක්ෂ ආරක්ෂා වීම
සිදුවෙයි. එමෙන්ම විවිධ ජනවාර්ගිකයන් සිටින මැතිවරණ කොට්ඨාශ බහු මන්ත්‍රී කොට්ඨාශ
වශයෙන් බෙදනු ලැබේ. ප්‍රදාන වශයෙන් සීමා නිර්ණයේදී භූමිය හා ජනගහනය යන සාධක
මුල්කරගනියි. ඒ අනුව මුලු දිවයිනේම ක්‍රියාත්ම පළාත් පාලන ආයතනයන් 336 කොට්ඨාශ
4833කට බෙදෙයි. කාන්තා නියෝජනය 25% වන පරිදි නාමයෝජනා දිය යුතු බව යෝජනාවක්ද
ඉදිරිපත් විය. මෙය කාන්තාවන්ට ප්‍රධාන දේශපාලන ප්‍රවාහය ඇතුළුවීමේ ඉඩ විවර කර
දෙයි.
මෙම මැතිවරණ ක්‍රමය බැලූ බැල්මට
ඉතා දියුණු ප්‍රගතශීලි එකක් යැයි පෙනුනත් ඒ තුළින් සුළු පක්ෂවලට දැඩි හානියක්
සිදුවී ද්විපක්ෂ ක්‍රමයක් ඇතිවනු ඇතැයි සුළුපක්ෂ ගණනාවක්ම චෝදනා එල්ල කළේය. එහි ප්‍රතිපලයක්
ලෙස නැවත නැවත සුළු ජන කොටස්, විවිධ කුල කණ්ඩායම් වලට හානි නොවන පරිදි ඔවුන්ගේ
ඉල්ලීම්ද සලකා බැලීමට මැතිවරණ සීමා නිර්ණ කොමිසමට සිදුවිය.ඒ අනුව මේ වන මැතිවරණ
සීමා නිර්ණ කොමිසමට පැමිණීලි 5000කට අධීක ප්‍රමාණයක් ලැබ ඇති අතර ඒ සියල්ල සොයා
බැලීමට එම කොමිසම බැඳී සිටියි. ඊට අමතරව ඇතැම් පළාත් පාලන මැතිවරණ සීමා මායිම්
සීමාව සීමාවී තිබුණේ ගෙවල්වල තාප්ප වලයි. එවැනි සීමා මායිම් සම්බන්ධ ගැටලු
විසඳීමටත් සිදුවෙයි.
"මේ සීමා නිර්ණය කරලා තියෙන්නේ ඉතාමත් අසාධාරණ විදියට. කොළඹ දිස්ත්‍රික්කයේ
එක්සත් ජාතික පක්ෂයට වාසි බොහොමයක් ප්‍රදේශවල බහු ආසන යෝජනා කරලා තිබෙනවා. මින්චි
කරලයි මේවා හදලා තියෙන්නේ. හරියට සමෝස හදනවා වාගෙයි. ලොරෙන්සෝද අල්මේදට දුන්නනම්
මේ වැඩේ එයා බැසිල් රාජපක්ෂ මහතාට වඩා හොඳට කරාවි. එක්සත් ජාතික පක්ෂයට අවාසි වන
ආකාරයෙන් තමයි මේ සීමා නිර්ණය කිරීමේ කටයුතු සිදුකරන්නේ. මම හිතන්නේ එක්සත් ජනතා
නිදහස් සන්ධානයෙන් එනවා නම් මේ ගැටලුව විසඳගන්න පුළුවන්" යනුවෙන් අගමැති
රනිල් වික්‍රමසිංහ මහතා පළාත් පාලන ඡන්දය කල්යෑම සම්බන්ධයෙන් පැවැත් පාර්ලිමේන්තු
විවාදයේදී ප්‍රකාශ කළේය. මේ ප්‍රකාශය තුළින් පෙනෙන්නේ ප්‍රධාන පක්ෂ දෙකේ වාසි
අවාසිතාවය අනුව මැතිවරණ කොට්ඨාශය නිර්ණය කිරීමට විවිධ උත්සහයන් සිදුවන බවකි.
එවැනිම තමන්ට වාසි වන සීමා නිර්ණයන් බැසිල් රාජපක්ෂ මහතා විසින් සිදුකර තිබුණු
බවත් එම පාර්ලිමේන්තු සාකච්ඡාවේදී අනාවරණය විය. එක් පැත්තකින් ප්‍රධාන දේශපාලන
පක්ෂයන් වල බල අරගලයේ හේතුවම සීමා නිර්ණය ප්‍රමාද වීමට හේතුවනවා දැයි අගමැතිතුමාගේ
ඉහත ප්‍රකාශයෙන් සැක මතුවෙයි.
මැතිවරණ
කොට්ඨාශ නිර්ණය කිරීමේ ඇතිව තිබෙන ගැටලුකාරි තත්වය තුළ පළාත් පාලන ආයතනවල නිළධාරී
පාලනයක් ඇතිවී තිබේ. එබැවින් මෙම ගැටලුවට විකල්පයක් වශයෙන් පැෆර්ල් සංවිධානය විෂය
භාර ඇමැතිගෙන් සීමා නිර්ණය සම්බන්ධයේන කිසිඳු ගැටලුවක් නැති හා නම් වෙනස් කිරීම්
අංකය වෙනස් කිරීම් වැනි කඩිනමින් වෙනස් කළ සහ සීමා වෙනස් කිරීම් වැනි කාලය ගතවන
කොට්ඨාස වර්ග කර වහාම ගැටලු නැති හා ඉක්මනින් විසඳුම් දිය හැකි කොට්ඨාශවල මැතිවරණ
පැවැත්වීමට යෝජනා කළේය.
නමුත් මේ
යෝජනාව සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම්
වන නිදහස් හා සාධාරණ මැතිවරණයක්
සඳහා ජනතා ක්‍රියාකාරීත්වය ( PAFFREL), නිදහස් සාධාරණ මැතිවරණ සදහා ව්‍යාපාරය (MFFE),
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැශනල්
ආයතනය(TISL),
නිදහස් හා සාධාරණ මැතිවරණයක්
සඳහා වූ ජනතා ව්‍යාපාරය ( CAFFE), මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV),
ලක්බිමේ මව්වරු සහ දියණියෝ
සංවිධානය (MDL) සහ
ජාතික මැතිවරණ නිරීක්ෂණ ආයතනය යන මැතිවරන නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් පළාත්ත් පාලන මැතිවරණයට ප්‍රමාදවීම
ස්‍රදහා බලපාන සීමා නිර්ණය අතුලු ගැටලු නිරාකරණය කර ගැනීම පිළිබඳව සාකච්ඡාවක්
ඉල්ලූහ. ඒ අනුව මැතිවරණ කොමිසම සාකච්ඡාවක් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සමග
පැවැත්වීය.
පසුගියදා
පැවැති එම සාකච්ඡාවේදී මැතිවරණ කොමිසම් සභාව මැතිවරණ කල්යාම පිළිබඳව හා මේ
සම්බන්ධයෙන් තමන් දරණ ස්ථාවරය මේසේ ප්‍රකාශ කළ බව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV) ජාතික සංවිධාය මංජුල ගජනායක පැවසීය.නව පනතේ එක් ප්‍රධාන කොන්දේසියක්
වන්නේ සීමා නිර්ණය කමිටුවක් මගින් බෙදා වෙන් කරන ලද නව කොට්ඨාශ වලට අනුව පළාත්
පාලන මැතිවරණය පැවැත්විය යුතු වීමයි.පැරණි (2012 දී පත් කරන ලද කමිටු වාර්තාවට අනුව අදාළ විෂය
භාර අමාත්‍යවරයා ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් නොකිරීම තුළ
ඡුන්ද විමසීමකට අවශ්‍ය කටයුතු සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට හැකියාවක් නැත. නිසි කලට මැතිවරණ පැවැත්වීම මැතිවරණ කොමිෂන්
සභාවේ අරමුණයි. එනිසා යම් ආකාරයකට ගැටලු අවම සභාවලට පමණක් හෝ ඡන්ද විමසීමක්
පැවැත්විය යුතු යැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඉල්ලා සිටින බැවින් ඊට අදාළ තීරණ ගත
යුත්තේ අදාළ අමාත්‍යවරයා විසිනි. අදාළ
තාක්ෂණික ගැටලු විසඳාගැනීමට හැකියාවක් තිබේ නම් ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා
මැතිවරණ කොමිෂන් සභාව කවර මොහොතක හෝ සූදනම් ය.
මෙලෙස
දිගින් දිගටම මැතිවරණ කල්යාම සම්බන්ධයෙන් අදහස් දක්වන විෂය භාර ඇමැති ෆයිසර්
මුස්තෆා පවසන්නේ කොට්ඨාශ 4833න් 2000කට ආසන්න සංඛ්‍යවක සීමා ගැටලු හෝ ජනපදනම පිළිබඳව
නැතිනම් වාර්ගික නියෝජනයන් පිළිබඳ ගැටලු පවතින බැවින් එම ගැටලු සහිතව පළාත් පාලන
මැතිවරණයක් පැවැත්වීම ජනතාවට කරන ද්‍රෝහීකමක් බවයි. කිසිදු පක්ෂයක වුවමණාවක්
වෙනුවෙන් මැතිවරණය කල් නොදමන බවත් කෙසේ හෝ සැප්තැම්බර් අවසානයේ සීමා නිර්ණය කිරීම්
අවසන් කිරීමට සියලු කටයුතු සිදුකරන බවත් හෙතෙම පවසයි.
මැතිවරණය
දිගින් දිගටම කල්යාම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ
සීමා නිර්ණය කොමිෂන් සභාවේ වාර්තාව සැප්තැම්බර් 30වනදා දිය හැකිනම් මේ වසර
අවසන්විය හැකි බවයි. එම වාර්තාව ලබා දීමෙන් පසු ජනාධිපතිවරය විසින් ගැසට් කරන
නිවේදනයෙන් මාස තුනකින් පසු මැතිවරණය පැවැත්විය හැකි බවයි. මැතිවරණ කල්යාම
සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණ ප්‍රකාශ කිරීමේ බලයක් හෝ කිසිඳු බලයක්
නැති බවත් ඔහු පවසයි.
පවතින තත්වය
තුළ සැප්තැම්බර් අවසන් වන විට සීමා නිර්ණ වැඩ අවසන් වෙයි නම් මේ අවුරුද්ද අවසානයේ
මැතිවරණයක් පැවැත්විය හැකිය. එහෙත් සීමා නීර්ණ කොමිසමට ලබා දී තිබෙන කාලය ප්‍රමාණවත්
වේවි යැයි සිතිය නොහැකිය. සීමා නීර්ණය සම්බන්ධයේ මතුව ඇති ගැටලු විසඳීමට ඔවුන්ට
මාස හතරක් තුළ යා හැකි වූයේ දිස්ත්‍රික්ක හයකට පමණි. තව දිස්ත්‍රික්ක 19ක ගැටලු
විසඳීමට ඉතිරිව ඇත. එහෙත් ඒ සඳහා ඉතිරිව ඇත්තේ මාස හයක් පමණි. මෙලෙස සීමා නිර්ණය
කොමිෂමේ රාජකාරිය වැඩි වෙද්දි විටින් විටින් සීමා නිර්ණය කොමිෂමේ සාමාජික සංඛ්‍යාවද
ඉහළ නංවාගෙන ඇත. ඒ අතර එම කොමිෂමේ සිටි නිළධාරීන් විටින් විට ඉවත් වී ඇත. එසේ
සිදු කිරීම සීමා නිර්ණය කොමිෂමේ වැඩ අඩාල කරන්නට ඇත. නමුත් ඉදිරි කාලය තුළ හෝ
මැතිවරණ සීමා නිර්ණය කොමිෂම ක්‍රමවත්ව තම රාජකාරිය අවසන් කළ යුතුය.
මැතිවරණ
නිරීක්ෂණ කණ්ඩායම් යෝජනා කළ පරිදි කිසිඳු ගැටලුවක් නැති කොට්ඨාශවලට මැතිවරණය
පැවැත්වීමේ විකල්පය උපාය විෂය භාර ඇමැතිවරයා සළකා බැලිය යුතුයි. එසේ නොකිරීම
සැබැවින් විෂය භාර ඇමැතිවරයා තම පක්ෂය වුවමණාව ඉටුකිරීම වෙනුවෙන් මැතිවරණය
කල්දමනවාය කියන විවේචනය සත්‍යක් වනු ඇත. නමුත් එසේ එකම මැතිවරණය වෙනුවෙන් දෙවතාවක්
වියදම් කිරීම මහජන මුදල් නාස්ති කිරීමක්ය, යන සාධාරණ හේතුවක්ද තිබේ. නමුත් ඒ
වෙනුවෙන් ප්‍රජාතන්වාදය වළදැමීම සුදුසුද යන පැනය අප ඉදිරියේ ඉතිරිව තිබේ.
සකීෆ්
තන්වීරි.
No comments:
Post a Comment