Friday, July 22, 2016

මහින්ද කල්ලිය අර්බූධයක.

මහින්ද කල්ලිය අර්බූධයක.


මහින්දගේ පරාජයෙන් පසුව ආණ්ඩු පිහිටුවීම සම්බන්ධයෙන් සන්ධානයේ අර්බුධයක් මතුවිය. ඒ අනුව එජනිස ආණ්ඩුවේත් විපක්ෂයේත් අසුන්ගත්තේය. විපක්ෂය අසුන්ගත් පිරිස ඒකාබද්ධ විපක්ෂය ලෙස තමන්ව නම් කරගත්හ. පොදු විපක්ෂයක් ලෙස ඔවුන්ගේ හඬ ප්‍රබල හඬක් ලෙස පාර්ලිමේන්තුවේත් මාධ්‍ය තුළත් මතුවෙද්දී ඒකාබද්ධ විපක්ෂය තුළ තවත් අභ්‍යන්තර අර්බදුධයක් මතුවීමට පටන්ගෙන තිබේ. ඒ අන්කවරෙක් නිසා නොවෙයි. රාජපක්ෂ පවුලේ ප්‍රබල දේශපාලඥයෙක් නිසාය.
1994 පොදු ජන එක්සත් පෙරමුණේ ජනාධීපති අපේක්ෂීකාව වූ චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියගේ හා 2005/2010 එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක තම වැඩිමහල් සොහොයුරු මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරණ යාන්ත්‍රණය විෂිශ්ට ලෙස මෙහෙයවමින් ජයග්‍රහණයෙන් කෙලවර කළ බැසිල් රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ පාලනයට අවැසිව තිබූ දේශපාලන ස්ථාවරයද නිර්මාණය කළේය. ඒ කෙසේ වුවත් තවත් දශක ගණනාවක් යන තුරු පෙරළිය නොහැකි බව අනාවැකි පවා පළවී තිබූ මහින්දරාජපක්ෂ ආණ්ඩුවේ ආයුෂ කෙටිවුයේ පවුල්වාදය හා දූෂණය යන ප්‍රධාන චෝදනාවන් දෙක හේතුවෙනි. ඒ චෝදනාවන් දෙකේම වැඩිම කොටසක් බැරවූයේ බැසිල් රාජපක්ෂ මහතාගේ ගිණුමටයි. 2015 ජනවාරි 08 පෙරළීයෙන් පසු ඇමරිකාවට ගුවන්ගත වූ බැසිල් රාජපක්ෂයන් කෙටිකලක් තුළ නැවත පැමිණියේ උසාවි නියෝගයන් අනුවයි. අනතුරුව බන්ධනාගාරගත වන ඔහු මාස කිහිපයකින් නිදහස් විය.
කෙටි දේශපාලන විරාමයට තිත තැබූ බැසිල් රාජපක්ෂ මහතාගේ සෙවනැලි දේශපාල වේදිකාවට පතිතවන්නේ ඒකාබද්ධ විපක්ෂ වේදිකාවෙනි. ඒත් සමගම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවකගේ විරෝධය එල්ලවීම ඇරඹිනි. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රබලයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් තුළ එම විරෝධය හටගෙන ඇත. පා.ම.මහින්දානන්ද අලුත්ගේ, කුමාර වෙල්ගම, රමේෂ් පතිරණ ඇතුළු පිරිසක් ද එම කණ්ඩායම නියෝජනය කරයි. එම විරෝධය අද ඊ‍යෙ ඇති වුවක් නොවුණත් මැයි රැළියෙන් පසුව ඒකාබද්ධ විපක්ෂය තුළ බැසිල් අර්බුධය තීව්‍ර වී ඇත.
ඒකාබද්ධ විපක්ෂය තුළ බැසිල් විරෝධය ආරම්භ වන්නේ 2015 අගභාගයේ සිටයි. ඒ කාලය තුළ ඩලස් අලහප්පෙරුම මහතා වියතුන්ගේ හඬ නමින් සංවිධානයක් ද පිහිටෙව්වේ බැසිල් රාජපක්ෂ දේශපාලනයෙන් ඈත්කර තැබීමේ අරමුණින් බව වාර්තා විය.
මහින්ද රාජපක්ෂ මහතාගේ තීරණයක් අනුව ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියේ සංවිධාන කටයුතු භාරවුයේ බැසිල් රාජපක්ෂ මහතාටයි. නමුත් එම ඒ සම්බන්ධයෙන් ඒකබද්ධ විපක්ෂය නියෝජනය කළ සෙසු පක්ෂ නායකයන් වන උදය ගම්මන්පිල, විමල්වීරවංශ හා වාසුදේව නානයක්කාර මහතාද අසතුටට පත්වූ බව වාර්තා විය. මහින්ද පාලන කාලය තුළ බැසිල් රාජපක්ෂ මහතා සංවිධාන කටයුතුවලට මැදිහත් වීම තුළ බරපත අර්බුධ නිර්මාණය වීම හා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වීමෙන් පසු තත්වය මගහරිමින් රටින් පළා යාම හේතුවෙන් බැසිල්ට සංවිධායකකම ලබාදීම නුසුදුසු බව ඔවුන් විවේචනය කළහ.
කිරුලපන මැයි රැළියට නොවරදවාම සහභාගි වන බව ප්‍රකාශ කළ වාසුදේවනානයක්කාර මහතා හදිසියේම කියුබාව බලා පිටත්ව යාමට තීරණය කළේ මෙලෙස ඒකාබද්ධ විපක්ෂය තුළ ඇතිවූ අර්බුදය හේතුවෙන් බව ඇමැති ඩිලාන් පෙරේරා මාධ්‍යය ප්‍රකාශ කළේය. එය සත්‍ය ප්‍රකාශයක්ද නැත්ද යන්න තවමත් වාසු පවසා නැත. මැයි රැළියට දින කිහිපයකට පෙර රූපවාහිනි නාලිකාවක සාකච්ඡාවකට එක්වූ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමු‍‍ණේ නායක විමල් වීරවංශ මහතා පවසා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා කරලියේ හැසිරීම තුළ ඒකාබද්ධ විපක්ෂය කරා ඇදෙන සමාජ බලවේග දුර්මුඛ වන්නට බලපානු ඇතැයදබැසිල් රාජපක්ෂ මහතාට සුවිශේෂ සංවිධාන හැකියාවක් තිබුණද මහජනතාව තුළ ඔහු කෙරෙහි ඇති අදහස එතරම් හොඳ නොවන නිසා කරළියට නෑවිත් තිරය පිටුපස සිටින ලෙස තමන් බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළ බවත්ය.ඒ අතරම ඒකාබද්ධ විපක්ෂයේ බුද්ධි මණ්ඩල සාකච්ඡාවේදී ආචාර්ය දයාන් ජයතිලක මහතා ඇතුළු පිරිසක් පෙන්වා දී ඇත්තේ පක්ෂය තුළ බැසිල් රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂට පක්ෂය තුළ කිසිසේත්ම අවස්ථාව නොදිය යුතු බවයි.
ඒකාබද්ධ විපක්ෂය තුළ මතුව ඇති මේ අර්බුධය සම්බන්ධ බන්දුල ගුණවර්ධන මහතා හා උදය ගම්මන් පිල යන මහත්වරුන්ගෙන් වමසූ විට ඔවුන් පෙන්වා දුන්නේ බැසිල් රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂය කිසිඳු තනතුරක් නැති බවයි. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් බවත් ඒකාබද්ධ විපක්ෂයේ සංවිධායකවරයා වන්නේ ඩලස් අලහප්පෙරුම මහතා බවත්ය. කිසිකෙනෙකු බැසිල් රාජපක්ෂ මහතා එවැනි තනතුරතුරකට යෝජනා කර හෝ පත්කර නැති බවත් පවසයි. මේක ආණ්ඩුව විසින් ඒක බද්ධ විපක්ෂය තුළ අර්බුධයක් පෙන්වීමටත් කළ බොරු ප්‍රචාරයක් බවද පැවසීය.
නමුත් බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් මතුව ඇති විරෝධය සම්බන්ධයෙන් ඒකබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු මෙසේ ප්‍රකාශ කළේය. පහුගිය රජය පරාජය වෙන්න හේතු ගානක් තිබ්බා. ප්‍රධාන හේතුව බැසිල් මහත්මයා. බර්ටි දිසානායක ප්‍රේමලාල්ට මහඇමතිදුරය නොදීම, ශ්‍රීයාණි බණ්ඩාර නායකට ගෙනාපු දෝෂාභියෝගය, මැති ඇමතිවරුන්ගේ අමාත්‍යාංශ කඩල එතුමා ලබා ගැනීම, මෛත්‍රීපාල සිරිසේ මහතා පඹයෙක් කරලා පක්ෂ බලය ඇල්ලීම, භාණ්ඩාගාරය පාලනය කිරීම, පැරදුනාට පස්සේ පළා යාම, ඇතුලු චෝදනා ලෛස්තුවක් තියෙනවා බැසිල්ට. ඒ ඔක්කොම කරලා එයා හැංගුලා ඉන්නකොට අපි තම යූ ඇම් පීයට විරුද්ධව තර්ජනවලට බය නැතුව ඉදිරියට ඇවිල්ලා මේක හදලා හයිට් පාක් එකට ජනගඟක් ගෙනෙල්ලා හිටගන්න කොට මෙයො කෙහෙන්දෝ උඩින් ඇවිල්ලා මේකේ වීරයෙක් වෙන්න හදනවා. එයා මහා කාර්යභාරයක් කළා වගේ පෙනී ඉන්න හදනවා. ජනතාව අකැමැති නායකයෝ ටිකක් ඉන්නවා. එයාලා එක්ක ආයෙත් ගියොත් ආණ්ඩුවක් හදන්න බෑඑයා සම්බන්ධවත් මිනිස්සු අතර ලොකු විරෝධයක් තියෙනවා. ආණ්ඩුවක් හදනවා නම් අපි අලුත් විදිහකට යන්න ඕන. එයා මේකට බලෙන්මයි එන්නේ. එයාට ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනාම විරුද්ධයි.එයා අපේ එකමුතුකම කඩන්න හදනවා. අපි දන්නෙ නෑ එයා කාගේ කොන්තරක්තයද කරන්නෙ කියලා. එයාට විරුද්ධව ලොකු විරුද්ධත්වයක් තියෙනවා. ඒකාබද්ධ විපක්ෂය දෙකඩ වන තරමට එය බරපතල විදිහට අර්බුධකාරි තත්වයක් වෙලා.
පහුගිය කාලය තුළ බැසිල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. එමෙන්ම නුදුරේදීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමටත් නියමිත බව ආරංචි පැතිර තිබේ. එවන් තත්වයක් තුළදී බැසිල් රාජපක්ෂ මහතා රනිල්ගේ කොන්ත්‍රාක්කය හසුව සිටින බවටත් රාවයක් ඒකාබද්ධ විපක්ෂය තුළ පැතිර තිබේ. ඒ අතරවාරයේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක්ම පවසන්නේ කිසිසේත්ම නිදහස් පක්ෂය දෙකට කිරීමට ඉඩ නොදෙන බවත් පක්ෂය දෙකඩ කිරීමේ වුවමනාව ඇත්තේ බැසිල් රාජපක්ෂ, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අයට බවත් මේ දේශපාලපාලන කුමන්ත්‍රණය බැසිල් රාජපක්ෂගේ අනුදැනුම මත සිදුවන බවත්ය.
මහින්ද රාජපක්ෂ පාලනය සම්බන්ධයෙන් එජනිස තුළ විරෝධය පැන නැගුනේ රාජපක්ෂවාදය තුළිනි. ඒකාබද්ධ විපක්ෂයේ බලයත්එලෙස රාජපක්ෂවරුන්ගේ ආධිපත්‍යයට හසුවෙයි නම් එයින් සැබෑ ජනමතයක් හෝ යුඑන්පී විරෝධයක් මතුවීමේ ප්‍රවණතාව අඩුවී නැවත් රාජපක්ෂ වාදයක් මතුවීමට ඉඩ ඇත. මහින්ද රජපක්ෂ පාලන කාලය තුළ ඔහු කළ ප්‍රධානම වරද ඔහු නැවත කරයි නම් ඔහු කරන්නේ තමන්ගේ දේශපාලනය පාවාදීමක් පමණක් නොව මහින්ද රාජපක්ෂ මහතා විශ්වාසකර ඔහු වටා එක්ව සිටින පාර්ලිමේනත්තු මන්ත්‍රීවරුන් පනස් දෙනා හා මහින්දවාදී මහජනතාවද පාවා දීමකි. ඒකාබද්ධ විපක්ෂයක් ගොඩනැගීමේලා කැපවූ ඩලස්, බන්දුල, මහින්දානන්ද, වෙල්ගම, දිනේෂ්, විමල්, ගම්මන්පිල, වාසු වැනි පිරිසක් සිටිද්දි ඒකාබද්ධ විපක්ෂයේ යාන්ත්‍රණය නොනිල වශයෙන් හෝ බැසිල්ට බාර කිරීම මෙවැනි දේශපාලන තත්වයක් තුළ සිදුකළ යුත්තක් නොවේ. එසේ කිරීම ඒකාබද්ධ විපක්ෂය තව තවත් දුර්වල කරයි. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන්නන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමකි. එයින් සිදුවන්නේ වත්මන් ආණ්ඩුව තම හිතුමතේ කටයුතු කිරීම ඇරඹීමයි.

සකීෆ් තන්වීරි.


No comments:

Post a Comment