කන බොන දේට ප්‍රතිපත්ති අරහංද????
වස විස නැති රටක් බිහි කිරීම ජනාධිපති මෛත්‍රීපාල
සිරිසේන මහතාගේ ප්‍රධාන සංකල්පයකි. එමෙන්ම මෙම මාසය පෝෂණ මාසය ලෙස ද නම් කර තිබේ.
එසේ නම් වසවිස නැති ආහාරයෙන් තොරව පෝෂණය වැඩිකිරීම රජයේ ප්‍රධාන තේමාවවී ඇත. රජය
පවසන සංකල්පය පෝෂණය සැබෑවක්ද? වසවිස නැති ආහාර සංකල්පය යතාර්තයක්ද? අප රටේ ජාතික
ආහාර ප්‍රතිපත්තියක් නැතිවීම හේතුවෙන් වසවිස නැති රටක් බිහිකිරීම හෝ පෝෂණය වර්ධනය
කිරීම කිසි ලෙසකින් සිදු කළ නොහැකි යැයි ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ප්‍රධාන
සංවිධායක අසේල සම්පත් මහතා පෙන්වා දෙයි.
ලංකාවේ පරිභෝජනය සඳහ වෙළඳපොලේ ඇති ආහාර පාන
ඉතාමත් වංචනික අයුරින් කූට වෙළඳුන් විසින් විවිධ ආදේශ කාරක එකතු කර ඒ භාණ්ඩයේ නියම
වටිනාකම නැති කර තිබේ. විශේෂයෙන් තුනපහ කුඩු, කහකුඩු, මිරිස් කුඩු ආදියට ආදේශ
වශයෙන් හාල් කොටා ඉතුරුවන නිව්ඩ එකතු කරයි. ඉවත් කළ ඩස්බින් තේවලට සෝඩියම්
බයිකාබනේට් එක්කර පිරිසුදු තේ කුඩු නමින් පැකට් කර විකුණනු ලැබේ. එළවලු හා පළතුරු
විවිධ රසායනික ද්‍රව්‍ය යොදා ඉදවා විකුණනු ලැබේ. මස් මාලු ආදියේ බර වැඩි කිරීම හා
කල් තබා ගැනීමට විවිධ රසායනික ද්‍රව්‍යයන් එන්නත් කරයි. පාරිභෝගිකයා මුලා කරමින්
රතු ඩයි දැමූ හාල් රතු හාල් නමින් විකුණයි. චිලි සෝස්, ටොමේටෝ සෝස් යනුවෙන විවිධ
නම් තබමින් ගම්වලින් සෝස්හදයි. ආපනා ශාලාවන් වල පොල්කුඩුවලින් පොල් සම්බෝල හදති.
කිරිහොදිවලට ශරීරයට අගුණ කෝන් ෆ්ලවර් භාවිත කරති.ඉතුරුවූ රොටී, බත්, හොදි ආදිය සීතකරණයේ
තබා නැවත රයිස් හා කොත්තු වලට කූට ලෙස එකතු කර විකුණති. ක්ෂණික ආහාර, ආපන ශාලා
ආහාර වඩාත් රසවත් කිරීමට විවිධ රසායනික ද්‍රව්‍ය භාවිත කරයි. ඒවා අනුමත වර්ණකාරක
හා රසකාරක වුවද අධිකව සාන්ද්‍රගත වීමෙන් ජීවිත තර්ජන පවා ඇතිවන්නට පිළිවන. බොහෝ
වර්ණකාරක හා රසකාරක ස්නායු පද්ධතිය කෙරෙහි ඉතාමත් අහිතකර ලෙස බලපායි.
විශේෂයෙන්ම නගරබද හෝටෙල්, චීන, ජපන් ආහාර කොත්තු,
රයිස්, ටින් කළ ආහාර, මුරුක්කු වර්ග ආදියේ රසය වැඩිකිරීම සඳහා මොනො සෝඩියම්
ග්ලුටමේට් හෙවත් අජිනමොටෝ එකතු කරයි. එය ආහාරයන්හි අධිකව අන්තර්ගතවූ විට පූර්ව
දියවැඩිය තත්වයන්, ඉන්සියුලින් ප්‍රතිරෝධය, ස්ඵුලතාවය, ප්‍රජන පද්ධතියට හානි
සිදුවීම, ඇදුම රෝගය ආදියට හේතුවෙයි. එය මේ වන විට වල් නාෂකයක් ලෙසත් භාවිත කරයි. 1980
අංක 26 දරණ ආහාර පනතේ හෝ වෙනත් ආහාර සම්බන්ධ දේශීය පනතක සකස් කළ ආහාරයන්හි MSG රසකාරකය හෝ වෙනත් රසායනික ද්‍රව්‍යයන් පැවැතිය
යතු ප්‍රමාණයක් දක්වා නැත. එබැවින් ලුණු රසය, රසය, සැර ගතිය, වර්ණය තමන්ට ප්‍රිය
මට්ටම දක්කවා මේවා එකතු කිරීමට පනතෙන් බැධාවක්ද නැත.
ලංකාවේ 90% පරිභෝජනය කරන්නේ ප්‍රිමිතයෙන් තොර
ශරීරයට අගුණ කිසිඳු පෝෂණ ගුණයක් නැති ආහාර බව අසේල සම්පත් මහතා පවසයි. නොබෝ දිනකට
පෙර වැටලීම්වලදී ප්‍රමිතියෙන් තොර ලීටර් ලක්ෂ ගාණක පාම් ඔයිල් හසුවිය. විටින් විට
කරන ලද වැඩලීම්වලදී ආපන ශාලාවන්වලින් ප්‍රමිතියෙන් තොර ආහාර, කල් ඉකුත්වූ ආහාර,
ආහාර පානවල මැරුණු සතුන් සිටීම හසුවිය. බීම බෝතලයක් විවෘත කිරීමට පෙර ඉඳිකටු හමු
විය. 2012වසරේදී පැණි බීම වර්ගයක් පානය කිරීම හේතුවෙන් දැරියක් ජීවිතක්ෂයට
පත්වූවාය. 2014 වර්ෂයේ කිරිපිටි වර්ගයක් විෂ ඇති බැවින් තහනමට ලක්විය.තවත්
අවස්ථාවක සාදයකට එක්වූ 400ක් පමණ දෙනා කුකුල් මස් කෑම හේතුවෙන් රෝගාතුරු වූහ. වත්මන්
ජනාධිපතිතුමා සෞඛ්‍ය ඇමැතිව සිටි කාලය තුළ අහිතකර වර්ණකාරක 19ක් තහනම් කළේය (නමුත්
තවමත් භාවිතයේ ඇත). මේ හැම සිදුවීමක්මකින් පෙනී යන සත්‍යය මෙරට ප්‍රමිතයෙන් තොර
ආහාර බහුළ යන වග නොවේද?
පාසැල් ආපන ශාලාවල විකිණිය හැකි සහ විකිණිය
නොහැකි කෑම පිළිබඳව චක්‍රලේකණයක් තිබේ. එහි සඳහන් වන පරිදි ශරීරයට අහිතකර පැණිබීම,
තෙල් අධික ආහාර, පිටි ආශ්‍රිත කෑම, රසකාර යෙදූ කෑම, දරුවාගේ සිරුරට හානිකර කෑම,
අලෙවිය සම්පූර්ණ තහනම්. නමුත් එය විදුහල්පතිවරු හා පාසැල් සංවර්ධන සමිති උල්ලංඝණය
කර විවිධ සමාගම්වලින් කොමිස් ලබා ගැනීම සඳහා ආපන ශාලා හිමියාට සමාගම් නිර්දේශ
කරති. සියලු පාසැල් දරුවෙක්මආපන ශාලා හිමියාට විකුණා තිබෙන බැවින් ඔහු ළමුන් මරා
හෝ සල්ලි හම්බකිරීමට පෙළඹ ඇත. ඔහුට ප්‍රමිතිය අදාල නෑ. එයට අමතරව පාසැල් ආපන ශාලා
හා විශ්වවිද්‍යාල ආපන ශාලාවල ඉතාමත් අඩුමිලකට ආහාර ලබා දිය යුතු බැවින් ආපන ශාලා
හිමියෝ අඩුමිලට ලබාගත් ප්‍රමිතියෙන් තොර බාල ආහාර විකුණයි.
බෝ නොවන රෝග වැඩියි. පාසල් ලමුන්ගෙන් 80%කට
දියවැඩියාව, ස්ඵූලතාව, අක්ෂි රෝග, කොරස්ට්‍රෝල්, මේවට හේතුව ආහාර පාන කියලා වෛද්‍යවරු
ප්‍රකාශකරනවා. ඉතිං ඇයි මේ රජය මේකට ක්‍රමවේදයක් හදන් නැතුව ඉන්නේ? මේ රටේ
දෙකෝටියක් ජනතාවට සෞඛ්‍ය අංශයේ වාර්ෂිකව වැය ශීර්ෂයේ මුදල් අඩු කරන්න නම් කළ යුතු
එකම දේ තමයි ආහාර පාන සම්බන්ධව ප්‍රතිපත්තියක් හදන්න ඕනි. ආහාර පාන පිළිබඳ
විශේෂඥයන්, සිවිල් සංවිධාන, වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවකින් ප්‍රතිපත්ති
මාලාවක් හදන්න ඕනි. යනුවෙන් අසේල සම්පත් මහතා තවදුරටත් පෙන්වා දුන්නේය.
හෝටල්වල කෝකිවරුන් හා වේටර්වරු අපිරිසුදු අතින්
ආහාර ස්පර්ශ කරති. හෝටල් මුලුතැන්ගේ ද පාරිභෝගිකයන් ඇතුළුවීම තහනම් කලාපයකි. නමුත්
සිදුවිය යත්තේ බටහිර රටවල් වල මෙන් පාරිභෝගිකයාට තමන් වෙනුවෙන් ආහාර පිසින අයුර
සියසින් දැක ගැනීමට අවස්ථාව පිරිනැමීමය. අමුද්‍රව්‍ය මිලදී ගැනීම සිට, ගබඩා කිරීම,
නිෂ්පාදනය කිරීම හා අලෙවිකිරීමේ ක්‍රියාවලිය දක්වා අනිවාර්යයෙන්ම පසුවිපරම් ක්‍රමයක්
සැකසිය යුතුයි. ඒත් සමගම පාරිභෝගිකයාද අයිතවාසිකම් පිළිබඳව දැනුවත් කළ යුතුය.සියලුම
ආහාර ද්‍රව්‍ය වෙළඳ පොළට නිකුත් කිරීමට පෙර පරික්ෂා කළ යුතුය. පරික්ෂා කළා දැයි
පාරිභෝගිකයාට දැනගත හැකිවිය යුතුයි.ආපන ශාලා කුස්සියේ සී.සී.ටී.වී කැමරා සවිකර නිරීක්ෂණය
කළ යුතුයි. ප්‍රාදේශීයව ග්‍රාමීයව කමිටු තැනිය යුතුයි. පාසල් ආපන ශාලා වගකීම
දෙමායන්ට බාර දිය යුතුයි. විශ්වවිද්‍යාලයේ ආහාර පාන සම්බන්ධ ක්‍රියා කාරීත්වය ශිෂ්‍ය
සංගමයට පැවැරිය යුතුයි. රාජ්‍ය ආයතන ආපන ශාලා ඒවායේ සුභසාධන සංගම්වලට දිය යුතුයි.
යනුවෙන් තවදුරටත් අදහස් දක්වමින් අසේල සම්පත් මහතා ජාතික ආහාර ප්‍රතිපත්තියේදි
සලකා බැලිය යුතු කරුණු පෙන්වා දුන්නේය.
1980 පනතට අනුව ආහාර පාලන සම්බන්ධ ප්‍රධාන
බලධාරිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා. ඔහු යටතේ සිටින විවිධ නියෝජිතයන්ගෙන්
යුත් කමිටුව ආහාර පාලනය සම්බන්ධ බලධාරයායි. වෙළඳ පොළට නිකුත් කරන ආහාර මිනිස්
පරිභෝජනයට සුදුසුද නැත්ද යන්න තීරණය කරන්නේ මේ කණ්ඩායමේ තත්ව පරික්ෂණයෙන් අනතුරුව.
නමුත් අදවන විට ආපන ශාලා වල ප්‍රමිතියෙන් තොර ආහාර, ඩයි වර්ග, රසකාරක, වර්ණකාරක,
වෙළඳ පොළේ තිබෙනවා. එතකොට සෞක්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ඔහුගේ වගකීම පැහැර හැර
තිබෙනවා. ආහාර පාන ඇසුරුම්වල කල් ඉකුත්වීමේ දිනය සඳහන් කරනවා නම් එය ආහාර පාලන
කමිටුවට ගෙන ආ යුතුයි. නමුත් එවන්නක් සිදුවන්නෙත් නෑ. ජාතික ආහාර ප්‍රතිපත්තියක්
හදන්න අපි ජුනි 30දක්වා කාලය දෙනවා. එහෙම නැත්තම් ජුනි 30ට පෙර අපි වෙනත් ක්‍රියා
මාර්ගයක් අරඹනවා. යනුවෙන් ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ප්‍රධාන සංවිධාය අසේල සම්පත්
මහතා පැවසීය.
No comments:
Post a Comment