ඊලාම් යුද්ධය අවසන් කිරීමෙන් පසු ජාත්‍යන්තර
වශයෙන් ලොකු උගුලකට ලංකාව හසුවිය. ඒ මානව හිමිකම් කවුන්සිලය ලක් රජයට එරෙහිව කළ
විවේචන සහ චෝදනාවන් නිසාය. වසර කිහිපයක් මුලුල්ලේම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ
වාර්ෂික සමුලුවේ දී ශ්‍රී ලංකාව ප්‍රමුඛ තේමාව බවට පත්වූයේ යුද අපරාධ සිදු වූ බවට
කරන චෝදනා නිසාය. එම චෝදනා ඉදිරියේ රුසියාව, චීනය ප්‍රමුඛ රටවල් කිහිපයක සහය ඇතිව
ලක් රජය බාධක එකින් එක ඉවත් කරගැනීමට සමත් විය. කෙසේ වෙතත් පශ්චාත් යුද සමයේ
යුක්තිය ඉටුකිරීම සහ සංහිඳියාව ගොඩනැගීම සඳහා කරුණු ගණනාවක් 32වන ජිනීවා සමුලුවේදී
නිර්දේශ විය. එය 30/1 යෝජනා වශයෙන් හැඳින්වින.
2015දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්
කවුන්සිලය මගින් සම්මත කළ යෝජනාවලිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට රජය
එකඟවිය. ශ්‍රී ලංකාව සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කරනු සඳහා ශ්‍රී
ලංකාව හා ඇමරික එක්සත් ජනපදයේ සම අනුග්‍රහයෙන් සම්මත කරගත් එක්සත් ජාතීන්ගේ මානව
හිමිකම් කවුන්සිලයේ යෝනාව තුළ යුද්ධයට අදාල බොහෝ ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කිරීමටත්
ඒවාට සාධාරණ විසඳුම් සොයා ගැනීමට කටයුතු කරන බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්
කවුන්සිලය හමුවේ එකඟත්වය පළ කළේය. එම නිර්දේශ සමහරක් ක්‍රියාත්මක කිරීමට ලක් රජය
සමත් වූ අතර තවත් කරුණු කිහිපයක්ම ක්‍රියාත්මක වීම ප්‍රමාද වී ඇත. එසේ
තිබියදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ
34වන සැසිවාරය පෙබරවාරි 27වන ආරම්භ විය. එහිදි ලංකාවේ මානව හිමිකම් පිළිබඳ වාර්තාව
එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසෙන් ඉදිරිපත් කළේය.
රාද් හුසේන් මහකොමසාරිස්වරයා සිය වාර්තාවේ
ශ්‍රි ලංකාව තුළ සංහිඳියා ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා රජය ගෙන ඇති උත්සහයන් සහ
ක්‍රියාමාර්ගයන්ට ප්‍රශංසා කර තිබේ. විශේෂයෙන්ම ජාතික සංහිඳියා කාර්යාංශයක්
පිහිටුවීම ඔහුගේ පැසසුමට ලක්වීය. එමෙන්ම ජාතික නිදහස් දින උත්සවයේදී සිංහල හා දමිල
භාෂා ද්වයෙන් ජාතික ගීය ගායනා කිරීම, ස්වාධීන කොමිෂන් සභාවන් පිහිටුවීම, “මාවීරර් නාල්” සැමරුම හා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රති සංස්කරණය යන කරුණු මානව හිමිකම් සුරකීමෙහිලා ධනාත්මක
ආරම්භයක් බව පෙන්වා දී ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය සඳහා ව්‍යවස්ථාදායක
සභාව පිහිටුවා අනුකමිටු වාර්තා හයක් ද ලැබී තිබුණත් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය
අඛණ්ඩව කල්යාම හුසේන් කුමාරයා විවේචනාත්මකව පෙන්වා දෙයි. එමෙන්ම අතුරුදන් වූවන්
පිළිබඳව සොයා බැලීමට පත් කළ පරණගම කොමිසම සහ අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක්
පිහිටුවීමේ යෝජනාවද සංහිඳියාව සඳහා මූලිකම කොන්දේශි බව ද වාර්තාවෙන් පෙන්වා දෙයි.
නමුත් අතුරුදන් වූවන් පිළිබඳව කාර්යාලය තවමත් නොපිහිටුවීම සම්බන්ධයෙන් හුසේන්
කුමාරය සිය අප්‍රසාදය පළ කර තිබේ.
පසුගිය කාලයේ මෙරට ජනමාධ්‍යෙව්දීන්, පුද්ගලයින්
අතුරුදන්වීම්, විවිධ ආගම් නියෝජනය කරන කණ්ඩායම්වලට එල්ලවූ ප්‍රහාර සම්බන්ධයෙන්
නිසි පරීක්ෂණ පැවැත්වීමත් එවැනි දෑ ඉදිරියට සිදුනොවීමට වගබලාගත යුතු යැයිද හුසේන්
කුමාරයා සිය වාර්තාවෙන් පෙන්වා දෙයි. 2013 අගෝස්තු මස වැලිවේරිය හමුදා ප්‍රහාරයෙන්
3දෙනෙකු මරණයට පත්වී 33දෙනෙකු තුවාල ලැබීම, 2006දී මුතුර් ප්‍රදේශයේදී රාජ්‍ය නොවන
සංවිධාන මානුෂීය ක්‍රියාකරීන් 17ක් ඝාතනය වීම, නඩරාජා රවිරාජ් ඝාතනය, මාධ්‍යවේදී
ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය, 1996දී කිල්ලිවෙඩි නොහොත් කුමාරපුරම් ස්ථානයේ දමිල
සිවිල්වැසියන් 23ක් ඝාතනය වීම, මාධ්‍යෙවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ආදී සිදුවීම්
සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු කර නැති බවත් මෙම සිද්ධීන්වලට සම්බන්ධ
වූවන්ට අත්අඩංගුවට ගෙන දඬුවම් කිරීම කඩිනම් රජය මැලිවන බව වාර්තාවෙන් පෙන්වා දෙයි.
මේ සිද්ධීන්ට අදාලව යුක්තිය ඉටුකිරීමට අවධානය යොමු විය යුතු බවත් වාර්තාවෙන්
පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලය ඇතුලු ජාත්‍යන්තර විද්වතුන්ගේ සහාය
ලබා ගතයුතු බවද එමගින් පෙන්වා දෙයි.
මේවනතුරු සංක්‍රන්තික යුක්තිය ඉටුකිරීමට යම්
යම් පියවර ගෙන ඇතත් ඒවා ප්‍රමාණවත් නොවන බවද මහකොමසාරිස්වරයා පෙන්වා දෙයි. ත්‍රස්ථවාදය
වැළැක්වීමේ පනත ඉවත් කිරීම හා හමුදාව අත්පත්කරගෙන ඇති ඉඩම් ජනසතු කිරීම කඩිනමින්
සිදුවිය යුතු කාරණා දෙකක් බවත් මෙවර වාර්තාවෙන්ද පෙන්වා දෙයි. දැනටමත් රජයට අයත්
අක්කර 2625ක් සහ පුද්ගලික ඉඩම් අක්කර 9288ක් නිදහස් කර ඇති බවත් හමුදා පාලනය යටතේ
පවතින අනෙකුත් ඉඩම්ද වහා නිදහස් කළ යුතු යැයි ද සඳහන්ය. එමෙන්ම නැවත පදිංචි කිරීම
සඳහා විදේශ ආධාර ලැබී තිබියදීත් ඒවා ප්‍රමාද වන්නේ රජය ඉඩම් නිදහස් කිරීමට කරන ප්‍රමාදය
බැව්ද වාර්තාවෙන් පෙන්වා දෙයි. එමෙන්ම තවමත් අපරාධකරුවන් ලෙස සිරගතව සිටින්නන්
අධිකරණයට ඉදිරිපත් කිරීමට හෝ නිදහස් කිරීමට කඩිනම් පියවර ගැනීමට රජයේ අවධානය යොමු
විය යුතු යැයි ද පෙන්වා දෙයි.
2015වසරින් පසුව ශ්‍රී ලංකාව තුළ ප්‍රකාශන
නිදහස යම්තාක් දුරකට ස්තාපනය වී තිබීම මහකොමසාරිස් වාර්තාවෙන් ඇගැයිමට ලක් කර
තිබේ. තොරතුරු දැනගැනීමේ අයිතිය විශාල දියුණුවක් බව ද එහි සඳහන්. 2016 ඔක්තෝම්බර්
20 යාපනේ සිසුන් දෙදෙනෙක් පොලිස් වෙඩි ප්‍රහාරයෙන් ඝාතනය වීම, ඇඹිලිපිටියේ
තරුණයෙක් උඩුමහල සිට වැඩී මිය යාම ආදි සිද්ධීන් පොලිසිය සිය බලය අයුතු ලෙස භාවිත
කළ අවස්ථාවන් බවත් පෙන්වා දෙයි. එමෙන්ම ආගමික නිදහසට හානි වන අන්දමින් ක්‍රිස්තියානියට
විරුද්ධව සිද්ධී 88ක් සහ ඉස්ලාමයට විරුද්ධව අපහාසාත්මක ප්‍රකාශන කිහිපයක්ද සිදුව
බවත් හුසේන් කුමාරයා පෙන්වා දෙයි. අලුත්ගම ප්‍රහාරය සම්බන්ධයෙන්ද මහකොමසාරිස්වරයා
විශේෂ අවධානයක් යොමු කර තිබුණි. මීට අමතරව සුලුජාතීන්ට විරුද්ධව විවිධ ප්‍රහාරයන්
සිදුවූ බවත් ඒ සියල්ල නැවැත්වීම රජයේ වගකීමක් බවත් හුසේන් කුමාරයා සිය වාර්තාවෙන්
පෙන්වා දී තිබේ.
මෙවර මහකොමසාරිස් හුසේන් කුමාරය ඉදිරිපත් කළ
වාර්තාවෙන් සිර කොට ඇති අපරාධකරුවන් ඉක්මනින් නිදහස් කිරීම හෝ අධිකරණයට ඉදිරිපත්
කිරීම, හමුදා පාලනය යටතේ තිබෙන ඉඩම් නිදහස් කිරීම, ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත
අහෝසි කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉක්මණින් ප්‍රතිසංස්කරණය කිරීම, අතුරුදන්
වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම සහ විදේශිකයන්ගේ සහභාගීත්වයෙන් යුත් අධිකරණයක්
පිහිටුව යුක්තිය ඉටුකිරීම ආදී කරුණු කෙරෙහි රජය අවධානයම් යොමු කළ යුතු බව නිර්දේශ
කෙරුණි. එසේ වුවත් 2015දී ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමට තවත් වසර දෙකක
කාලයක් රජය ඉල්ලීම පරිදි ලබා දීමටත් සමුළුවේදී එකඟතාවය පළවී තිබේ.
34වන සැසිවාරයේ ලංකාව ඇතුළු රටවල් කිහිපයක
මානව හිමිකම් තත්වය විමසා බැලෙන අතර මාර්තු 22වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්
පිළිබඳව මහකොමසාරිස් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ වාර්තාවේ ප්‍රගතිය
ලිඛිතව ඉදිරිපත් කිරීමට නියමිතය. එහිදි දැනට ඉදිරිපත්ව ඇති වර්තාව වෙනස් සංශෝදන
සහිතව හෝ රහිතව නැවත ඉදිරිපත් විය හැකි බව පැවසේ. මාර්තු 24දා දක්වා පුරා මසකට
ආසන්න කාලයක් පැවැත්වීමට නියමිත මෙම සැසිවාරයේ ශ්‍රී ලංකාව, සුඩානය, ලිබියාව,
සිරියාව ඇතුළු එක් එක් රටවල මානව හිමිකම් තත්වයන් මෙන්ම එය ප්‍රවර්ධනය වෙනුවෙන්
ගෙන තිබෙන ක්‍රියාමාර්ග, යුද ගැටුම්, ආර්තික වර්ධනය ආදී වැදගත් කරුණු රැසක්
සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙයි. මෙවර සැසිවාරය සඳහා රජය නියෝජනය කරමින් විදේශ
අමාත්‍ය මංගල සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න ඇතුළු රාජ්‍යතාන්ත්‍රික
නිළධාරීන් පිරිසක් එක්ව සිටිති.
සකීෆ් සාම් තන්වීරි.
No comments:
Post a Comment