Friday, July 22, 2016

පංතියේ ඉන්න බෑ... මට නම්....

පංතියේ ඉන්න බෑ... මට නම්....

සෞඛ්‍ය ගැටලු අධිකව ඇතිවන්නේ වැඩිහිටද පාසල් දරුවන්ටදැයි පැහැදිළීව පැවසිය නොහැකි වන තරමට දරුවන්ටත් ලෙඩ රෝග ඇති වීමේ සම්භාවිතාව වැඩි වී ඇත. වැඩිහිටියන්ගේ ශාරීරික දුබලතාවය හා මානසික දුබලතා නිසා ඔවුන් රෝගීවීම සාමාන්‍ය දෙයකි. එහෙත් පාසල් දරුවන්ට කුඩා වියේදීම එලෙස රෝග වැළඳීම අසාමාන්‍ය තත්වයකි. එම රෝගී තත්වයන්ට මූලික වශයෙන් අවිධිමත් ආහාර රටා බලපානු ලැබේ. ඊට අමතරව පාසැල් දරුවන් රෝගීන් බවට පත්වීමට හේතුකාරක වන ප්‍රධානම සාධකය වශයෙන් අවිධිමත් පාසැල් පංතිකාමර හේතුවන බව මෑතකදී සිදු කළ වෛද්‍ය පර්යේණන මගින් හෙළි වී ඇත.
පාසැල් දරුවන් අතර අක්ෂි රෝගී තත්වයන්,ශ්‍රවණාබාධ, අස්ථියාබාධ, මානසික රෝගී තත්වයන් බෝවන රෝග මෙන්ම අනෙකුත් රෝගී තත්වයන්ද බහුලව වැලදෙමින් තිබේ. පාසල් සිසුන් අතරින් 80%කට පමණ එලෙස රෝග වැළ‍දෙන බව අනාවරණය කරගෙන තිබේ. එයට මූලිකව හේතුව වන්නේ පන්තිකාමර අවිධිමත්භාවය බව වෛද්‍යවරු පෙන්වා දෙයි.
පාසැල් පංතිකාමර වල භාවිතයට ගන්නා හුණු කැට, කලුලෑල්ල, ප්‍රමිතියකින් තොර ඩෙස් පුටු, පංති කාමර වල පවතින අඩ අඳුර, අධික උෂ්ණය, දුවිල්ල, අපවිත්‍ර වායුව, ප්‍රමාණයට වඩා සිසුන් සිටීම නිසා ඇති වන තදබද තත්ත්වයන්, දුර්ගන්ධය ආදිය ඉහත රෝගයන් පාසැල් දරුවන්ට ආසාධනය වීමට හේතු වෙයි.
විශේෂඥ වෛද්‍යවරුන් කළ සමීක්ෂණයට අනුව දරුවන්ගේ ශරීරයට ගැලෙපෙන ඩෙස් පුටු නොමැති වීම නිසා පාසැල් දරුවන්ට අස්ථි ආබාධ ඇතිවීමේ අවධානම වැඩි වී තිබේ. ඇතැම් විට එය ශරීරයේ වර්ධනය අඩාල කිරීමටත් නැතිනම් අංග විකෘතිතා ඇතිකිරීමටත් බලාපෑ හැක. කකුල් රිදීම, තුණටිය කැක්කුම, කුදවීම, මස් පෙරළීම, දණිස් කැක්කුම, උලුක්කු වීම, අභ්‍යන්තරික කැක්කුම් ශරීරයට නොගැලපෙන ඩෙස් පුටු භාවිතය නිසා බහුලව දරුවන්ට ඇති වේ. ඒවා දරුවන් මෙන්ම දෙමාපියන්ද නොසලකා හරින බැවින් දිගුකාලීන රෝගී තත්වයන් බවටත් පත්වේ. පාසැල් වල තවමත් භාවිතයේ ඇති යකට පුටු නිසා තුවාල වීම් ද නිතර සිදුවෙයි.
බොහෝ අවස්ථාවලදී උස දරුවන්ට කොට මේසය භාවිත කිරීමට සිදුවීම හෝ උසනැති දරුවන්ට උස ඩෙස් භාවිත කිරීමට සිදුවන නිසා බෙල්ල උලුක්කුවීම කොදු ඇට පෙලට හානි සිදුවීම වැනි බයානක රෝග සිදුවේ. එම රෝගී තත්වයන් එකවර ඉස්මතු නොවුණත් නිදන්ගතව තිබ පසුකාලීනව බරපතල රෝගයක් බවට පත්වීමේ අවධානමක් තිබේ. එක දිගට දිගු වේලාවක් මේසය මත පොත තබා බෙල්ල නමාගෙන ලිවීමද එවැනි තත්වයන් ඇති කරයි.
එම වෛද්‍යවරුන්ගේ සමීක්ෂණය අනුව පාසැල් පංතිකාමර වල තිබෙන කලු ලෑල්ල දරුවන්ගේ අක්ෂි රේඛාවට සමාන නොවන බවත් හෙලි කරගෙන ඇත. ඇතැම් විට පංතියේ එක් පැත්තක කලු ලෑල් පිහිටා තිබීම හෝ සිසුන් හා කලුලෑල්ල අතර දුර ප්‍රමාණ වැඩිවන විට දෘෂ්‍යමය අපහසුතා ඇති වෙයි. ඉදිරි පෙළ අසුන්ගෙන සිටින සිසුන් කලු ලෑල්ල දෙස හිස ඔසවා බැලීමට සිදුවීමේදී මොලය වැඩ කිරීමේ හා දෘෂ්‍යය යොමුවීම අතර යම් අසමබරතාවක් ඇති වෙයි. ඇතැම් අවස්ථාවල ඉරු එලිය සෘජුව හෝ වක්‍රව කලු ලෑල්ලට වැටෙද්දී සිදුවන දිලිසීම නිසා ඇස සහ මොලය දැඩි වෙහෙසට පත්වෙයි. පංති කාමර වල විදුලු බුබුලු භාවිත නොකර හිරු එලිය ලැබෙන සේ නිර්මාණය කර තිබුණත් එක් පැත්තක් අදුරේ තිබීම නිසා දරුවන් දිගු කලක් එම අඩඅඳුරේ සිටීම අභ්‍යන්තර දෘෂ්‍යමය ගැටලු ඇතිකරන බව වෛද්‍යවරු පවසයි. බොහෝ පාසල් දරුවන් පාසල් වියේදීම ඇස්කණ්නාඩි භාවිතයට හුරුවන්නේ මෙලෙස  කලු ලෑල්ල අක්‍රමවත්ව පිහිටීම හා අඩ අඳුර නිසාම විය හැකිය.
අධික ඝෝෂාව හෝ ඇතැම් ගුරුවරුන්ගේ දේශනයන් දරුවන්ට පැහැදිලිව නොඇසීම නැතිනම් ඇසෙන තරම් ප්‍රමාණවත් ශබ්දයක් නොතිබීම ශ්‍රවණාබාධ වලට බලපායි. විශේෂයෙන් පංතිකාමර වල අවසාන පෙළේ සිටින සිසුන්ට ගුරුවරුන්ගේ හඩට වඩා තනි බිත්තියකින් හෝ බෝඩ් එකකින් වෙන්ව ඇති අනික් පංතියේ ශබ්දය වඩාත් හයියෙන් ඇසෙයි. එම ශබ්දය නොසලකා හැර ගුරුවරයාගේ හඩට පමණක් ශ්‍රවණය යොමු කිරීමට දැඩි වෙහෙසක් ගත යුතු වුවත් එතරම් සියුම්ව කන හැසිරවීමට හැකියාවක් නැත. එසේ කිරීමට උත්සහ කිරීම කන සියුම් කරනවට වඩා වේගයෙන් ශ්‍රවනාබාධ ඇති කරවයි. ඊට අමතර එසේ කිරීමට යාම අධි වෙහෙසකාරි දෙයක් නිසා ඒ අවස්ථාවේදීම හිසේ කැක්කුම වැනි තත්තවයන් ඇති කරවයි.

භාවිතයට නුසුදු යැයි නිර්දේශිත යල් පැන ගිය හුණු කැට භාවිතය තවත් බයානක දෙයකි. කැල්සියම් ඔක්සයිට්වලින් සාදන ලද හුණුකුඩු ආග්‍රහනය වීම බරපතල රෝගවලට ඇදදමයි. වුදුලි පංකා නොමැතිකමින් දහඩිය පිටවීමෙන් ඇතිවන ගන්දය, පංතිකාමරය තුල තිබෙන දූවිලි ආදිය නිසා දරුවන් හුස්ම ගැනීමේ අපහුසතාවයන්ටද මුහුණ දෙති. පංතිකාමරයක් තුළ සිසුන් 40ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සිටින නිසා ප්‍රමාණවත් ඔක්සිජන් ලබා ගැනීමේ අපහසුතාවයක් ද අැතිකරයි. එමගින් ඔවුන්ගේ ශරරීය විධිමත් ක්‍රියාකාරීත්වයටත් දැඩි බලපෑමක් ඇතිකරනු ලැබේ. සාමාන්‍ය පංතිකාමරයක ප්‍රමාණයේ AIR APACE එකක පිරිසිදු ඔක්සිජින් ලබාගත හැක්කේ පස්දෙනෙකුට පමණි. එවැනි AIR SPACE ප්‍රමාණය දරුවන 40ක් 50ක් දැමීමෙන් ඔවුන්ට නිසැකව ඔක්සිජන් ලබාගැනීමේ අපහසුතාවය නිසා මොලේ ක්‍රියාකාරීත්වය අඩාලකරවයි. පංතිකාමර තුළ මෙලෙස ප්‍රමාණයට වඩා ළමුන් ඇතුළත් කිරීම මගින් ඉතා ඉක්මණින් බෝවන රෝග පැතිරීම වැළැක්විය නොහැක.

පංතිකාමරවලතිබෙනතදබදපරිසරය, දැඩිඝෝෂාව, වෙහෙසකාරීත්වයදරුවන්මානසිකරෝගීන්බවටපත්කරවයි. ඇමරිකානුපර්යේෂකයන්පවසන්නේDEPRESSION, ANXIETY,SOCIAL PHOBIAS සිය දිවි නසා ගැනීම්, ආතතිය, ඉහත පංතිකාමර පරිසරය නිසා දරුවන්ට ඇති කරවන බවයි. පාසැල් දරුවන් සිව්දෙනෙකුගෙන් එක් අයෙකු අනිවාර්යයෙන්ම මෙවැනි මානසික රෝගයන් වලින් පෙළන බවත්  ඇමරිකානු  National Alliance on Mental Illness ආයතනය හඳුනාගෙන ඇත. එවැනි මානසික පීඩනයන් වලින් පිරුනු දරුවන් අධ්‍යපනය ලැබීම තියා නිදහස් මානසිකත්වයකින් සිටීමටත් නොහැකි වී ඇත. එය ඔවුන් සියදිවි නසාගැනීම්, කලකිරීම් දක්වා මෙහෙයෙවයි. එසේ වන්නේ පංතිකාමරයේ අවිධිමත් සැළැස්ම නිසාය. පංතිකාමරය තුළ ගුරවරයා හා සිසුවා අතර දුර වැඩිවන විටදී ඇතිවන ශ්‍රවණ අපහසුතා නැතිනම් කලුලෑල්ල බලාගැනීමට තිබෙන අපහසුතාවයන් එසේත් නැතිනම් දරුවන්ගේ තිබෙන වෙනත් රෝග පිළිබඳ ගරුවරයා හඳුනානොගැනීම ප්‍රධාන වශයෙන් මෙවැනි මානසික රෝගයන්ට වලට බලපායි.

පාසල් දරුවන් පීඩාවට පත්වීම සම්බන්ධයෙන් මහාචාර්ය මයුර සමරකෝන මහතා දේශයට මෙසේ අදහස් පළ කළේය. පාසල්වල අවිධිමත්භව කොටස් දෙකයි. ජාත්‍යන්තර පාසල් හා ග්‍රාමීය පාසල් යන දෙකේම විශාල අවිධිමත්බවක් තියෙනවා. ග්‍රාමීය පාසල්වල භෞතික පහසුකම් නොමැතිකම නිසා නවීකරණය වූ පංතිකාමර සකස්කරගන්න බැරිවෙලා තියෙනවා. පාඨමාලා නවීකරණය වෙලා තිබුණත් පංතිකාමර නවීකරණය වෙලා නෑ. මේ තත්වය තුළ ළමුන් අතිවිශාල පීඩනයකට පත්වෙලා. ජාතික පාසල් නැත්තම් ජනප්‍රිය ගණයේ පාසල් ගත්තම ඒ පාසල් වලට තමයි සියලු දේශපාලඥයන්ගේ බලධාරීන්ගේ සියලු දෙනාගේම අවධානය යොමු වෙලා තියෙන්නේ. ඒ හින්දා ජාත්‍යන්තර පාසල්වල සාමාන්‍ය පංතියක සිටිය යුතු ප්‍රමාණයට වඩා විශාල ළමයි ප්‍රමාණයක් ඉන්නවා. ඒනිසා ඒ පංතිකාමරය තුළ පරිසරය ළමයින්ට රුචි පරිසරයෙක් නෙවෙයි. ළමයි හිරවෙලා ඉන්නේ. ගුරුවරුන්ගේ අවධානයට යොමුවෙන්නේ නෑ. මේ තත්වය තුළ දරුවන් පංතිකාමරයේ හුදකලා වෙනවා. මේ නිසා ළමයි විවිධ මානසික හා කායික ආබාධයන් වලට ලක්වෙන්න පුලුවන්. විශ්වවිද්‍යාල පද්ධතියේ මේ තත්වයම තියෙනවා. ඒවත් පැරණි යුගයේ පංතිකාමර. විශ්වවිද්‍යාලයේත් නවීකරණය වූ පංතිකාමර නෑ. ඒ විද්‍යාර්ථීන් පවා අධ්‍යාපනය කරගෙන යන්නේ විශාල මානසික පීඩනයකින්. මේක අධ්‍යපන ක්ෂේත්‍රය තුළ විශාල ඛේදවාචකයක්.
පාසැල් පංතිකාමර අවිධිමත් සැලසුම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් මහතාගන් අප කළ විමසීමේදී එතුමා පැවසුවේ ශරීරයට නුසුදුසු පාසැල් බෑග් භාවිතයේ අවධානම පෙන්වා දුන්නත් එයට දිගුකාලීන විසඳුමක් ඉදිරිපත් නොවූ අතර එය දේශපාලන සංදර්ශනයක් බවට පත්කරගත්තා. වර්තමාන අධ්‍යාපන ඇමැති හා අගමැතිතුමා අධ්‍යාන ක්ෂ්‍ත්‍රයේ දැවැන්ත පෙරළියක් ඇති කිරීම ගැන කතා කළත් එම පෙරලිය සිදු කිරීමට තරම් මානසිකත්වයක් පංතිකාමර වල සිටින දරුවන්ට නැති අතර ඒ පෙරළිය ඇති විය යුත්තේ පංතිකාමර වල සිටයි. පංතිකාමර වල ප්‍රමාණයට වඩා සිසුන් පිරවීම හා අධ්‍යාපන අමාත්‍යංශය ලබා දෙන අවිධීමත් ඩෙස්පුටු පීඩාකාරි මානසිකත්වයෙන් යුතු සිසු පරපුරක් ඇති කිරීමට බලපායි. වෛද්‍ය වරුන් කළ මෙම අධ්‍යනයත් එලෙස දේශපාලන සංදර්ශනයක් නොකර දරුවන් සුවදායක අනාගතය වෙනුවෙන් අදාල වෙනස්කම් ඇති කළ යුතු බවයි.
එබැවින් අධ්‍යාපන ඇමැති ඇතුළු බලධාරීන් අවධානය මේ ගැටළුව වසඳීම සම්බන්ධයෙන් වහාම යොමු විය යුතුයි. එසේ නොවන්නට නුදුරු අනාගතයේ විවිධ ලෙඩ රෝග වලින් පෙළෙන, සමාජයට මුහුණ දිය නොහැකි අබාධි සහිත පරපුරක් බිහිවීමේ අවධානමක් ඇත. එබැවින් පාඨමාලා වෙනස් කිරීම වගේම පංතිකාමරද වෙනස් විය යුතුයි. අධ්‍යාපනයේ පෙරෙළියක් ඇතිවිය යුතුනම් ඒ ඇතිවිය යුත්තේ පංතිකාමරය තුළිනි. එබැවින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ බලධාරීන්, දේශාපලඥයන් මෙයත් දේශපාලනක් නොකර වහාම ක්‍රියාත්මක විය යුතුයි.


සකීෆ් තන්වීරි.

No comments:

Post a Comment