Sunday, July 31, 2016

යාපනය සරසවි සිසු ගැටුම සම්බන්ධව දමිළ සිසුවෙක් හඬ නගයි.


ආදරණීය විශ්ව විද්‍යාල සහෝදරවරුනි,

පසුගියදා  යාපනය විශ්වවිද්‍යාලයයේ සිදු වූ සිද්ධිය සහ ඊට අදාළ පුවත් සම්බන්ධව ද කිසිදු කතාබහකට මා අකැමතිය . පොලු ගත්තෝය, ගල් ගැසුවෝය, තුවාල සිදුවිය ,පොලීසිය පැමිණියේය , සිංහලය දමිළය කියා ජනතාව කුපිත කර වර්ණනා කරන සියලු මාධ්‍යවලට පිටතින් සිටීමට මම කැමැත්තෙමි.
මේ අවස්ථාව අප සාකච්ඡා කළ යුතු මොහතකි .
එදා විශ්ව විද්‍යාලය පසු කොට එන විට එහි ඉතා විශාල නිහැඩියාවක් තිබිණි.  විශ්වවිද්‍යාලයය පොලිසියෙන් වට කර තිබිණි. දහවලේ සිදු වූ සිද්ධියත් මාධ්‍යයෙන් එය විකෘති කිරීමත් අතර මඟදී අසන්නට ලැබූ දේවලුත් මා ආවේගයකට පත් කළේය. නිවසට පැමිණි විගස මුහුණු පොතේ දමන ලද අදහසද මම පසුව අයින් කළෙමි. මා තුළ ද භීතිය හා හැඟීම් වෙලාගත් සේය. ඔබත් එවැනිය . අපගේ හිත්වල කහටක් නොමැති බවට අපගේ හිතට එක් වරක් කියා දෙමු.
දැන්,
මෙතෙක් සිදු වූ ජන ඝට්ටනය (ජන වාර්ගික ගැටුම) , අපගේ හැඟීම් කොතෙක් යටත් කර ඇත්තේද කියා වටහා ගත හැකිය. පසුගියදා  විශ්ව විද්‍යාලයයේ සිසුන් අතර සිදු වූ ගැටුමේදී සිසුන් මැදිහත් වුවාට වඩා සමාජ ජාල හරහා වෙනත් අය තීව්‍ර ලෙස මැදිහත් වූහ. විශේෂයෙන්ම රැකවරණයක් ඇති විදෙස් ගත වුවන්ට සහ බලයත් දේශ පාලන හයියත් ඇති අයට අප ආයුධ දරා සටන් කළ යුතුය යන හැඟීම ඇත. සැම ජාතියකම මෙවන් පසුගාමී අදහස් ඇත්තෝ බහුලය.
මෙය විශ්ව විද්‍යාලයයේ ගැටුමකි . පෙර සේම එය තුරුම්පුවක් ලෙස සිංහල සහ දමිළ ජනමාධ්‍ය භාවිතා කරමින් සිටියේය . හොදින් බැලුවහොත් එය පුද්ගලානුරූපීය. පළමුව කුපිත වී අත් එසවුවන්ගේ සහ එයට උත්තරයක් වශයෙන් අත් එසවුවන්ගේ ප්‍රශ්නයකි . එම කොටස් දෙකෙහිම පිරිස් විශ්ව විද්‍යාලය තුළ සැරිසරති .
ඔවුහු එදා එහි ඉබේ පහළ වුවෝ නොවෙති. මෑතක සිට මෙය සීතල යුද්ධයක් ලෙස ගිණි පුපුරු දමමින් තිබුණේය . විහාරයක් සැදිය යුතුයි කියන පෝස්ටර , නන්දි පිළිමය කැඩීම ,  බංකු කැඩීම් විද්‍යා පීඨයට සමීපතමව හොර රහසේ සහ එළිපිට සිදුවූ සිද්ධි එදා පුපුරු ගැසුවේය. මෙය ක්ෂණිකව සිදු වුවක් නොවේ . බොහෝ උපසිද්ධිහි සමීපතම පිපිරීම්ය.

සාතිශය දමිළ සහ සාතිශය සිංහල සිසුන් පිල් දෙකකට රදවා ගහ ගන්නා ලෙස කීමට ජන මාධ්‍ය සහ සාමාජ ජාල ක්‍රියා කරයි . ඔවුන්ගේ රසාස්වාදයට සහ උනන්දුවට සිසුන් පළි නැත.
සැම ජාතියකටම තමන්ගේ අනන්‍යතාවය හෙළි කිරීමට අයිතිය ඇත.  එය මර්දනය මගින් ද,   ජාතිවාදය මගින්ද පීඩාවට පත්කරන ලද සමාජයක ජීවත් වන්නන් හට බලෙන් පැටවීම ගැටළුවකි .   එහෙත් විශ්ව විද්‍යාලයට පිටින් ගොඩ නැගෙන බුද්ධ ප්‍රතිමා වලට එක ඇඟිල්ලක් හෝ දිගු නොවූයේ ඇයි ද යන්න ගැටළුවකි.  මේ තුළ කුමක් හෝ කුමන්ත්‍රණයක් සිදුවන බව නම් පැහැදිලිය.
සැවොම නිදහසේ හා සාමයෙන් සිටිතියි  කියා කියන්නවුන්ගෙන් මා අසනුයේ එසේ නම් මා පෙර කියූ පෝස්ටර සිද්ධිය, පිළිම බිඳීම ආදිය සිදුවූයේ කෙසේද යන්නයි. සැබැවින්ම සියලු දෙනාගේ ක්‍රියාවක් නොව  දෘෂ්ටිවාදී පසුගාමී අදහස් ඇත්තවුන්ගේ ක්‍රියාය.

යාපනය විශ්ව විද්‍යාලයට පෙර නොවූ ලෙස සිංහල සිසුන් වැඩි වැඩියෙන් ඇතුළු කරන්නේ ජාතිවාදී හැඟීමෙන්ද? පීඨ කිහිපයක හැර සෙසු පීඨවල සිංහල දෙමළ සිසුන් මුහුණට මුහුණ හමුවුණත් සිනහවක් නැතිව යන්නේ ඇයි දැයි කීමට පිළිගත හැකි තාර්කික පිළිතුරක් පාලනාධිකාරියට තිබේද? මේවා සිංහල සිසුන්ගේ වැරදි  කියා කිව නොහැකිය. මේවා ජාතිවාදයෙන් නෑවී සිටින පාලකයන්ගේ ක්‍රියා ය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සිට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය දක්වා ඊට වග කිව යුතුය.

ජල පවිත්‍රකය මගින් ජලය ලබා ගැනීමේ සිට සිංහල දමිළ සිසුන්ගේ ප්‍රශ්නය දිනෙන් දින තීව්‍ර වීම පරිපාලනය කවදා තේරුම් ගනීද?

පාලකයන් මේවාට උත්තර දීමට ප්‍රමාද වීම තුළ මෙය දරුණු ව්‍යසනයක් දක්වා වර්ධනය විය හැකිය.  මෙම දරුණු රෝගය නැවතත් අප විනාශයට ගෙන ගොස් නතර කරනු ඇත .
දෙමළ හා සිංහල සිසුන් අතර මෙන්ම මුස්ලිම් හා දමිළ සිසුන් අතරේ ගැටළු ඇත. ඒවා සාමාන්‍ය ලෙස පසු කර යා හැකිද?  මුස්ලිම් සිසුන්ගේ යාඥා කාමරයට ගැසූ කළු තෙල් පැල්ලම් තවමත් මැකී ගොස් නැත.

එකම පීඨයේ එකට සිටින තුන් ජාතියේම සිසුහු පිටස්තරයන්ගේ සිතීමකට හුරු වෙමින් සිටිති. පිටස්තරයන්  සම්ප්‍රේෂණය කරන පසුගාමී අදහස් වසරක් පාසා ඔවුන්ගේ යටි සිත්වල පැල පදියම් වෙමින් තිබේ.

නිවාඩු ලබා දීමෙන් සිතේ කහට හෝ සිතේ ඇති ප්‍රතිවිරුද්ධ අදහස් නොහොත් මුවහත් පිහිය නැවතත් කොපුව තුලට දමන්නේය. පාලනාධිකාරිය කවදත් එසේය .  කොපුව තුලට දමන ලද පිහිය එළියට ගෙන අප විනාශ කරාවිදෝ කියන ප්‍රශ්නය ඇත.

ගැටුම් සමතය ,ගැටුම් තත්ත්ව වෙනස් කිරීම්, ගැටුම් වෙන්කිරීම් ආදිය විෂය නිර්දේශයට පමණක් සීමා කර ඇත.

අප මින් පසු මර්දනයට එරෙහිව අවි නොඑසව්මට සිත් සාදා ගනිමු .

පාරම්පරිකත්වය , පෞද්ගලිකත්වය සහ අපගේ වාසස්ථාන විනාශ කරන්නෝ සිසුහු නොවෙති. එසේ කරනවුන් පිටුපස ඇත්තේ බලය මෙන්ම  ප්‍රාථමික අදහස් සහිත දේශපාලනඥයන් සහ මුදල් කොල්ල කන්නවුන්ය . එය අප තේරුම් ගත යුතුය. සාකච්ඡා තලයෙන් මේවා විසඳා ගැනීමෙන් සිසුන් ඉදිරියේ මෙවන් දැ යළි නොනවතින්නේය .
අපගේ වාසස්ථානය වෙනුවෙන් අප සටන් කළ යුතුය. එහෙත් එය හැගීම් ප්‍රකෝප වීම් යන තලයන්හි සිදු නොවිය යුතුය . සාකච්ඡා තලයෙහි සිදු විය යුත්තකි.  ඔබව ප්‍රකෝප කර එම ගිනිදැල් මගින් උණුසුම ලබන්නවුන් හට ඔබේ ප්‍රශ්නයක් කියාගෙන යන විට දේශපාලන වේදිකා සරසමින් කාට හෝ එරෙහිව ගල් ගසන පාර්ශ්වයන් සමග එක්වීමට සිදු වනු ඇත.
අපි සිසුහුය. ඔවුන් මෙන් කුහකයෝ නොවෙමු.  අපි එකම පීඩක පරිසරයක එකම පන්තියේ  සැරිසරන්නෙමු. ඉගෙන ගන්නෙමු. එදිනෙදා මුහුණට මුහුණට හමු වන්නෙමු.
නැගිට පරස්පරතාවයන් බලන අපි මිනිසුන් ලෙස ඉපදෙන්නෙමු. යළිත් අපි සිනාසීමට පටන්ගමු.

මෙයට,
ආදරණීය
යධාර්තන් .
(ප්‍රදීප් ගුණරත්නම්)
යාපනය විශ්ව විද්‍යාලයය
දෙවැනි වසර ශිෂ්‍ය

ශ්‍රී ලංකා තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමය.

Saturday, July 30, 2016

බැංකු අක්කා ගැන දන්න ඔබ මොමා ගැන දන්නෙ මොනවද?


මේ ඉන්න චරිතය ඔබ දන්නෙ නැතුව අැති. ඒත් බැංකු අක්කා කිව්වොත් අනිවා දන්නවා.
හැබෙයි මේ ඉන්න බුවා අනිවා දැනගත යුතු පොරක්. රිෂාඩ් බදුර්දීන් ගස්කපද්දි මුස්ලිමානුවන්ට අැගිල්ල දිගු වුණා. අන්න ඒදා මේ මනුෂ්‍යයා පාරට බැස්සා මුසල්මානුවා කියන්නේ පරිසරයට අාදරය කරන්නෙක්. රිෂාඩ් බලලා අාගම තීරණය කරන්න ඒපා. මාව බලලා මුස්ලිම් මිනිස්සුන්ව තීරණය කරන්න කියලා. ඒදා ඉදන් මාස කිහිපයක් අැතුළත රට පුර පැල ලක්ෂයක් පමණ හිටවන්න සමත් වුණා මේ ෆර්සාන් කියන ඩයල් ඒක. මිනිහාගේ ඊළග වැඩේ තමයි හරිත අගෝස්තුව කියලා අගෝස්තු හත්වෙනි රටපුරා පැල කෝටියක් රෝපණය කිරීම. ඒ වෙනුවෙන් මිනිහා මාස තුනක් විතර බුකියෙත් බස් ගානෙත් ගම්ගානෙත් ගිහිල්ලා වැඩ සංවිධානය කළා. මේ ෆර්සාන් කරන පළවෙනි වැඩේ නම් නෙවෙයි. මතක අැති ගංවතුර දවස් ටික. ඒ දවස්වල මිනිහා කරපු වැඩ ටික දන්න අය හිතෙයි මිනිහාට අැමතිකමක් දෙන්න වටින පොරක් කියලා. ඒකටත් කලින් මිනිහා බැක්ටු ඉස්කූල් කියලා තවත් වැඩක් කළා. ඒ දුප්පත් ළමයින්ට පාසල් යන්න අවශ්‍ය දේවල් සපයන වැඩේ. තනි පොරක්. අැමතිවරු පහක් විතර කරන වැඩ තනියෙන් මහපොළොවේ පය ගහලා කරනවා. මිනිහා ගැන පත්තරවල ටීවියේ ඒහෙමත් ගියා. මිනිහා මේ සියල්ලම කරන්නෙ ලාභ අපේක්ෂාවෙන් නෙවෙයි. රටට තියෙන අාදරයට. 

මිනිහා හරිත අගොස්තු සංකල්පය දිනවන්න ඔබත් දායක වෙන්න.
කෝටි දෙකක් ගස් හිටවනවා හිටවනවාමයි.
කොහොමද ?
එක එක පුරවැසියා ගාවට ගිහිල්ලා හරි,
ගෙන් ගෙට ගිහිල්ලා හරි,
කෝච්චියේ කෑ ගහලා හරි,
බස් එකේ කෑ ගහලා හරි....
අගෝස්තු හත,
කෝටි දෙකම හිටවනවා 

දීපල්ලකො උත්තර
****************
හෙට දවසේ අපේ පොඩි උන් අපෙන් අහාවි....
තාත්තෙ මොනවද පළු කියන්නෙ, හිඹුටු මොන වගේද , මොනවද මාදං කියන්නෙ, මොනවද මසං කියන්නේ කියලා...
එදාට ගූගුල් කරලා තමයි පෙන්වන්න වෙන්නේ අදවත් අපි හිටෙවුවේ නැතිනම්.
හරිත අගෝස්තුව වෙනුවෙන් මුළු ලංකාවෙම පුරවැසියන් අගෝස්තු හත උදේ දහයට පැළයක් හිටවනවා.
අපිත් අපේ යුතුකම කරමු.


දුන්දේ සුවද පවතී ලොව හැමදාම
****************************
මනුශ්‍යත්වයේ උපරිම විදහා පෑම ගහක් හිටවන එක කියලමයි මං හිතන්නේ.
මොකද ගහක් කියන්නේ ලෝකයේ හැමෝ වෙනුවෙන්ම දෙන්න පුළුවන් ලොකු තෑග්ගක්.
ඒ තෑග්ග පට්ට ලාබයි.
වතුර පිරිසිදු කරන විතරක් නෙමෙයි,
පොළොවට වතුර එකතු කරන, ඒ වතුර ආරක්ෂා කරන කුඹුක් ගහක් රුපියල් 25යි.
පොතු, මුල් හැම දෙයක්ම බෙහෙතක් වෙච්චි මාදං ගහක් රුපියල් 25යි.
අපිට නැතුවම බැරි කොහොඹ ගහත් රුපියල් 25 යි.
ලෝකෙට සුවද දෙන සදුන් ගහත් රුපියල් 25 යි.
අපේ ජාතික වෘක්ෂය වෙච්චි නා ගහකුත් රුපියල් 25 කට ගන්න පුළුවන්....
සිගරැට් එකක්වත් ගන්න බෑ රුපියල් 25 ට අද.
හිතන්නවත් බැරුව ඇති පීසා දෙකක සල්ලිවලට දැවැන්ත ගස් සීයක් මේ පොළොවට උරුම කරන්න පුළුවන් කියලා.
දෛනිකව රුපියල් 25 ඒවා කීයක්නම් අපි නිරපරාදේ වියදම් කරනවාද...
ඒ හැම රුපියල් 25 ක්ම ගහක්...
එක මනුස්සයෙක්ට ජීවිතේ පුරාවටම ඔක්ෂිජන් ලබා දෙන්න පුළුවන් ගහක්.
අපි පැළ එකතු කරනවා...රට පුරා හිටවන්න,
එකම දවසේ,
එකම මොහොතේ හිටවන්න.
ඉතින් පැළවලින් දායක වෙන්න.
දන් දෙන්න....
ඔක්සිජන් දන් දෙන්න...
ලෝකෙටම ඔක්සිජන් දන් දෙන්න...
‪#‎GreenAugust‬
‪#‎හරිත_අගෝස්තුව‬



ඇයි හදිස්සියක් මෙච්චර පැළ එක පාර හිටවන්න.
ගහක් හිටවනවා නම් හොදම වෙලාව මීට අවුරුදු විස්සකට විතර කලින්. බැරිවුණා නම් ඊලඝ හොදම අවස්ථාව දැන්.
අපි දැනුවත්වම කරපු වැරදිවලින් එකක්....
හිටවිල්ල නවත්තපු එක.ඉතින් දැං ගොඩාක් පරක්කුයි. බලා ඉන්න වෙලාවක් නෑ.
එන්න එකපාරම හැමෝම එක ගහක් ගානෙ හිටවමු.
අගෝස්තු හත උදේ 10 ට.
‪#‎GreenAugust‬



"මොකෝ බන් ගස් හිටවන්න කියලා මිනිස්සුන්ට වදින්නේ ඔයතරම් "
එහෙම හිතෙයි උඹලට....
කුප්ප වැඩජට නෙමෙයි බන් දෙකට නැවෙන්නේ...
හරියට කෙරුණානම් රටේ අනාගතයම වෙනස් කරන වැඩක් මේක.


"මචං ගහක් හිටවමුද ? " කියලා ඇහුවම.
"කොහෙද බං ඉඩක්...වත්තෙ ඉඩ අගලක්වත් නෑ."
ඒක තමයි උත්තරේ...ඉතිං අපි කොච්චර ආත්මාර්ථකාමීද බලහල්ලකෝ.
හිටවනකොට විතරක් වත්තෙම හිටවන්න හිතනවා. ඇයි බන් අඹ පැළයකට වියදම් කරලා අරගෙන පිට්ටනියක් අයිනෙ භිටෙවුවම මොකෝ බන් වෙන්නේ.
වත්තේ ඉඩ නැතිවුණාට..රටේ ඕනෙ තරම් ඉඩ තියෙණවා හිටවන්න.
තේක්ක, මහෝගනී පුටුවක් උඩ වාඩිවෙලා අපි ගස් කපන්නේ නැතෝ කියලා බෙරිහන් දීලා වැඩක් නෑ.අපි වෙනුවෙන් කැපෙන ගස් වලට හිලවු වෙන්න වත් ගහක් දෙකක් හිටවමු.
එන්න හිටවමු, වත්තෙ විතරක් නෙමෙයි රටේම හිටවමු.
අගෝස්තු හත උදේ දහයට හිටවමු.
‪#‎GreenAugust‬

රටපුරා හිටවන්න පැළ 50 000 ක් විතර ඕනෙ...
කුඹුක්,මිල්ල,වීර,පළු,මාදං,කොහොඹ,කළුවර,කරද,ඇහැළ,මී,ගම්මාළු වගේ පැළ.
ඕනෙ කරන තැන් කියන්නම්.
යවන්න පුළුවන් අය ඉදිරිපත් වෙමු.
එක්කෙනෙක් පැළ25 ක් දුන්නත් ඇති.
ඒ වගේ 2000 ක් නැද්ද මේ බුකියේ.
පැළ 25 කට රුපියල් 625 ක් යාවි රජයේ තවානක නම්....
පිංකමක් කරන්නද හිතාගෙන හිටියෙ ?
පන්සලේ, පල්ලියේ, කෝවිලේ විතරක්ම නෙමෙයි පිං තියෙන්නේ....

එක්කෙනෙක් එකයි....
දෙන්නෙක් දෙකයි....
ඔක්කොම කෝටි දෙකයි...
අගෝස්තු හත්වෙනිදා උදේ දහයට

Friday, July 29, 2016

ජාතිවාදය අාගම්වාදය ගෝත්‍රවාදය.



මුහුණු පොතට ඒක්කළේ Rahulathero Mahagalwewa හිමියන් විසිනි.


ලැබුණු කොමෙෙන්ටුවක්.

Prasad Hgm 

,niyama buddisht monks.bududahame kohewat jathiwadayak agamwadayak apata deshana karala ne.puluwannam aka thanak kiyanna ehema tiyanna....??????manussakamai watinna...oya jara olugedi denwath hodaganna.

Thursday, July 28, 2016

මහින්ද රාජපක්ෂ සිය දියණිය ඝාතනය කිරීමට තැත් කරයි.


 මහින්ද රාජපක්ෂ සිය දියණිය මරයි???


තම දියණිය ඝාතනය කිරීමට පවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සාකච්ඡා පැවැත්වූ බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.
ඇය මේ බව පැවසූවේ කැළණිය ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිනි.
එහිදී ඇය මෙසේද පැවසුවාය.
“මහින්ද මට ගහ ගහ අවුරුදු 9ක් තිස්සේ මාව සම්පූර්ණයෙන්ම තනි කෙරුවා. පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් තහනම් කළා චන්ද්‍රිකා එක්ක කතා කරන්න. අවුරුද්දක් ඒ ආණ්ඩුව හිටියානම් ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටෙනවා. රජයේ සේවකයින්ගේ පඩි ගෙවන්නවත් බැරිවෙනවා. මේ ආණ්ඩුවෙත් හොරු ඉන්නවා මං නෑ කියන්නෙ නෑ.“
එම කතාවේදී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හෙළිදරව්වක්ද සිදු කළේය.
“මෛත්‍රීපාල සේනානායක, මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ 13 දෙනාගේ කල්ලිය මැතිණිව පන්නන්න කියලා කැත මහා කාලගෝට්ටියක් කලා. රට පුරාම ඇති කෙරුවා. මගේ දුවට බෝම්බ ගහන්න සාකච්ඡා කළා. මහින්ද රාජපක්ෂගේ ඔෆීස් එකේ. ඔය පොඩි එකී හන්දා තමයි මැතිණි විජය - චන්ද්‍රිකා කියන දේ අහන්නේ කියලා.“

දරු ප්‍රසූතියට රෝහලට භාර නොගත් ගැබිණිය.





They refused her entry in to the hospital in Mexico because of her financial state. She is giving birth at the entrance of the hospital. May this child be special on earth

මේ ඉන්නේ මැක්සිකානු ගැබිණි මවක්. අැගේ අාර්තික අපහසුතා නිසා රෝහල් ගාස්තුව ගෙවන්න බැරි වෙලා. ඒ හින්දා දරු ප්‍රසූතියට රෝහල භාරගෙන නෑ. අන්තිමට අැගේ දරු ප්‍රසූතිය සිදුවුණේ රෝහල් ප්‍රවේශ මාර්ගයේ. මේ විදිහටයි ඒ මවගේ දරු ප්‍රසූතිය සිදුවුණේ. ධනවාදය විසින් ගිල දැමූ මිනිසත්කම අරුමයි නේද?


ජන සටන පාදයාත්‍රාව.

ජන සටනට ඒක්වන්න නුවරට ඒන්න.


කාන්තාවට හිමි විය යුත්තේ සම තැනද නිසි තැනද?

කාන්තාවට හිමි විය යුත්තේ සම තැනද නිසි තැනද?



අපවිසින් කරනු ලබන සමීක්ෂණයක් සදහා ඔබගේ අදහස් මෙම බ්ලොගයේ කොමෙන්ටුවකින් සටහන් කරන්න.

කාන්තාව ද පිරිමීන්ට සමාන බැවින් කාන්තාවටත් සම තැන හිමි විය යුතු බව කාන්තා ක්‍රියාකාරීන් තර්ක කරද්දි පිරිමීන් පවසන්නේ කාන්තාවට හිමි විය යුත්තේ සම අයිතිය නොව නිසි අයිතිය බවයි. නමුත් 21වන සියවසයේ ඒම තත්වය වෙනස්වී පිරිමීන්ද කාන්තාවට සම අයිතිය හිමිවිය යුතු බව පිළිගනිති. මේ ඒ පිළිබදව කරනු ලබන සමීක්ෂණයකි.

Wednesday, July 27, 2016

ගාමන්ට් කෙල්ල මං.

ගාමන්ට් කෙල්ල මං.

ඉස්කෝලෙන් පස්සේ මං ගොඩාක් වෙලාවට ඇගලුම් කම්හල් නැතිනම් ගාමන්ට් වලට සම්බන්ධ වුනා.mas groupe (Bodyline)  වගේ ලංකාවේ තියෙන ගොඩක් තැන්වලට මම ගිහින් තියෙනවා.ඒ තැන් වල ඉන්න අයත් එක්ක කථා කරල වැඩ කරලත් තියෙනවා.ඒවයේ තියෙන්නේ අමුතු වෙනස්ම ජීවිතයක්.ගොඩක්ම ඉන්නේ දුර ඈත පැති වලින් ඇවිත් කම්හල ආසන්නයේම බෝඩ් වෙලා වැඩ කරන අය.සමහරු ඉන්නවා අවුරුදු ගනන් ඉන්න අය.ඒත් ගොඩක් අය ටික කාලයක් ඉන්නවා,මීට වඩා වැඩි පඩියක් දෙන තැනක් හම්බ වුනොත් එතනට යනවා.
හැබැයි ඒ ජීවිතෙත් අමුතු සුන්දරත්වයක් තියෙනවා.හැබැයි එයාලා දැන්වීම් පුවරු වල දාන පඩියවත් ඒ සුන්දරත්වය වත් නෑ.ගොඩක් දෙනා ගාමන්ට් කෙල්ලෝ කියල අමුතු ඇහැකින් බලනවා.ගාමන්ට් යන හැමෝම එහෙම නෑ කියල මතක තියා ගන්න.ගාමන්ට් ජීවිතේ ගැන හිතුන හැටි තමයි මේ.

දවසට පැය අටක් රන් වන් සලු පිලි        මැව්ව
සතියට දින හයක් කම් හල තුල  දිවි       ගෙව්ව
දෙපයට දිරි දෙමින් පවුලක දුක් ගිනි        නිව්ව
එඩිතර ඔබ සිතත් වාගෙයි   සත් කුලු        පව්ව

පැයකට මහන්නට ඕනලු හරියට               සීය
සීයට අඩු වුනොත් ඊලග පැය හිර            වේය
කවරින් දවස් වල වැඩ කරමින්              පෝය
ලැබෙනා සොච්චමින් මාසය            ගත වේය

දොළහට කෑ ගසයි බෙල් එක කෑමට    යන්න
පැය කාලක්ම පොර කයි බත් එක        ගන්න
කාලා දුවන්නේ පැල්ලම් ටික         හෝදන්න
දුක් ගිනි තිබේ මහ මෙරකට උහු          ලන්න

සුන්දර පෙම් සිහින නිරතුරු හදවතෙහි    මැවේ
හදවත සොදුරු මල් මාවත් මතින්             දිවේ
සියුමැලි ඇගෙ දෑත මැසිමේ රෝදයට    ගෙවේ
ඇය හට හිමි නැතිද සුභ සිහිනයක           සුවේ

අන්තිම පේලියෙනි.

Tuesday, July 26, 2016

ලිංගාකර්ෂණය හා ලිංගික උත්තේජනය.

ලිංගාකර්ෂණය හා ලිංගික උත්තේජනය.




මෑතක කළ සමීක්ෂණයකට අනුව මුහුණු පොත් ගිණුම් හිමියන් විසින් විශේෂයෙන්ම තරුණයන් නොදන්තනා තරුණියන්ට ෆ්රන්ඩ රික්වස්ට් යැවීමේ ලිංගික ක්‍රයාවලියක් සිදුවන බව සොයගෙන අැත. ඒමගින් ඔවුන් ලිංගික තෘප්තියක් ලබති.

ඔවුන් අතර අතිබහුතරයක්ම භාවිත කරන්නේ ව්‍යාජ ගිණුම් බවද ඒම සමීක්ෂණයේ දත්ත අනුව සොයගෙන අැත. ඔවුන් අතරින් දැඩි අසහනකාරීන් දිගින් දිගටම කාන්තාවන්ට මෙසේජස් යැවීම සිදුකරයි. තවත් අැතමුන් කාන්තාවන්ට ෆේස්බුක් කෝල් කිරීම ද තවත් පිරිසක් කාමුක ලෙස චැට් කිරීමද තවත් පිරිසක් ලිංගික රූප මෙසේච් කිරීමද නිරීක්ෂණය කිරීමට හැකිවී තිබේ. 

බොහෝ විට කාන්තාවන් පළ කර අැති පෝස්ටුවලට ලයික් කිරීම රියෙක්ට් කිරීම හා කොමෙන්ට් කිරීම හා ටැග් කිරීම සාමාන්‍ය දේවල් බවද ඒම සමීක්ෂණය ප්‍රතිඵල අනුව අනාවරණය වී අැත. මෙහිදි සොයාගත් වැදගත්ම කාරණය වූයේ කාන්තා ෆේස්බුක් ගිණුම් වෙත ඉතා වේගයෙන් දහස් ගණනින් ෆ්රන්ඩ් රික්වස්ට් ගලා ඒ්මයි.

Friday, July 22, 2016

ලංකාවේ ලෝක හොරු.

ලංකාවේ ලෝක හොරු.


ශ්‍රී ලංකිකයන් 19කගේ බරපතල මුදල් විශුද්ධිකරණ සහ බදු වංචා පැනමා පත්‍රිකා හෙළිදරව්වත් සමඟ අණාවරණය වී ඇත. එම ලාංකිකයන් 19දෙනා අතර ප්‍රබල දේශපාලන හිතවතුන්, රක්ෂණ සමාගම් ප්‍රධානීන් හාහෝටල, රන් ආභරණ, ඇඟළුම් කර්මාන්ත හිමියන් ඇතුළු ව්‍යාපාරිකයින් පිරිසක් සිටියි.
මූල්‍ය විශුද්ධිකරණය හා බදුනොගෙවන කලු සල්ලි සුදු සල්ලි කිරීමේ යාන්ත්‍රණයක් වශයෙන් ක්‍රියාත්මක වන පැනමාවේ මොසැක් ෆොන්සේකා ආයතනය සම්බන්ධ තොරතුරු ප්‍රථම වරට අනාවරණය කළේ ජර්මානුඅන්තර්ජාතික ගවේශනාත්මක පුවත්පත් කලාවේදීන්ගේ සාමූහිකයICIJ. ඔවුන්ට ලැබුණු රහස් වාර්තාව අනුව2015 දක්වා අවුරුදු 40ක කාලයක් ලොව පුරා රටවල් 200ක ගිණුම් 320,000එම බැංකුවේ ෙපවත්වා ඇත. ඒ අතර ශ්‍රී ලාංකිකයන්ට අයත් ගිණුම් 22ක් ක්‍රියාත්මක වෙයි. ඒ ගිණුම් අතරින් මුලින්ම සඳහන් වන්නේ මතභේදයට තුඩු දුන් ඇවන්ගාර්ඩ් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමයි. එම සමාගමේ අධ්‍යක්ෂකවරුන් සිව්දෙනෙකුගේ නම්ද ලයිස්තුවේ සඳහන් වෙයි.
මෙම නවතම දත්ත හෙළි කිරීම තුළින් මෙම ගිණුම් හිමි පුද්ගලයන්ගේ නම්වලට අමතරව ඔවුන්ගේ ශ්‍රී ලංකා ලිපිනයන් ද ඔවුන්ගේ එතෙර ක්‍රියාත්මක කරන සමාගම් ගැන ද තොරතුරු හෙළිකර ඇත. ඒ නම් අතර


නිශ්ශංක සේනාධිපති
මංජුල කුමාර යාපා
සෙනරත් දිසානායක
සිරිමෙවන් රාජරත්න (ඇවන්ගාඩ්)
කෙනත් ජොන් පන්ඩිගරාස්
මෙහොමඩ් සිද්දික්
මින් ශූන්
සුමිත් කුමාරතුංග
ලෝරන්ස් බර්නාඩ්
නිකොලා ඩොන් හකින්සන්
ශීනි ජයකොඩි (මැනික් හා ස්වර්ණාභරණ)
මයිකල් රොබර්ට්ස්
අරූන් හයිඩ්‍ර‍ාමනී
මෝනා හයිඩ්‍රාමනී (හයිඩ්‍රාමනී පවුල)
අරූන් ප්‍ර‍කාශ්
මුකේෂ්
යින් පිං
සිමන් පින්ච්
ක්‍රිස්ට්‍රෝපර් රොහාන්
නමුත් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති එම බැංකුවේ තමන්ගේ නමින් ගිණුමක් නැතැයි ප්‍රතික්ෂේප කරයි. කලින් පළවූ වෙනත් වාර්තාවකට අනුව ශ්‍රී ලාංකිකයන් 65කගේ නම් සඳහන්ව තිබූ අතර ඒ නම් අතර ඇමති පාඨලි චම්පික රණවක මහතාගේ උපදේශවරයෙක් වන විද්‍යා අමරපාල මහතාගේ නමද සඳහන් විය. ඒත් සමඟ ඔහු ජාතික හෙළ උරුමය තුළ දැරූ සෑම තනතුරකින්ම ඉල්ලා අස්විය. නමුත් පාඨලි චම්පික රණවක මහතා එම චෝදනාව වැරදි සහගත බව පසුව පෙන්වා දුන්නේය.




පැනමාපත්‍රිකාවේඇතුළත්ලාංකියන්සම්බන්ධචෝදනාවඔප්පුවුවහොත්ඔවුන්කිසිවෙකුටරැකවරණයහෝසමාවනොදෙනබවත්තරාතිරම්නොබලාදඬුවම්කරනබවත්මුදල්රාජ්යඅමාත්යලක්ෂ්මන්යාපාඅබේවර්ධනමහතාපැවසීය. මේවනවිටපැනමාපත්රිකාවේනම්සඳහන්වූලිපිනයන්ටකරුණුවිමසාලිපියොමුකරඇතිබවත්දිනදහහතරක්ඇතුළතසාධාරණපිළිතුරුනොලැබුණහොත්මූල්‍යඅපරාධකොට්ඨාසයමඟින්ඔවුන්ටවිරුද්ධවපියවරගන්නබවමුදුල්ඇමතිරවිකරුණානායකමහතාපසුගියදාසඳහන්කළේය. දේශීය ආදායම් බදු දෙපාර්තුමේනතුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තුමේන්තුව සහ විනිමය පාලන දෙපාර්තුමේන්තුව මේ සිද්ධීය අදාලව දැනටමත් පරික්ෂණ ආරම්භ කර ඇත. පොලිස් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාශය මෙලෙස චෝදනා එල්ලවී ඇති සියලු දෙනා වෙන වෙනමා ගෙන්වා පරික්ෂණ පැවැත්වීමට කටයුතු කිරීට පියවර ගන්නා බවද වාර්තා වෙයි.
පැනමා ලයිස්තුවේ වැඩිම ගිණුම් සංඛ්‍යාවක් ලෙස 33290ක් වාර්ථාවන්නේ චීනයෙනි. ඇමරිකානුවන් 7325ක්ද රුසියානු ගිණුම් 6285ක්ද බ්‍රිතාන්‍ය ගිණුම් 5676ක් හා ඉන්දීය ගිණුම් 1046ක් පැනම ලයිස්තුවේ අන්තර්ගත වී ඇත.
කෙසේ වෙතත් අන්තර්ජාතික ගවේශනාත්මක පුවත්පත් කලාවේදීන්ගේ සාමූහිකය විසින් හෙළි කළ මෙම වාර්තාදේශපාලනික වුවමණාවන් වෙනුවෙන් පෙරදිග රටවල් සම්බන්ධයෙන් අවලාද නගන බව විචේචනයන් එල්ල විය. විශේෂයෙන්ම රුසියානු අගමැති පුටිංගේ ප්‍රතිරූපයට හානි කිරීමට සැලසුම් සහගතව ඇමරිකාව දියත්කරන මෙහෙයුමක් බව ඒ සම්බන්ධයෙන් සැක මතු කෙරුණි. පකිස්තාන අගමැති නවාස් ෂරීෆ් සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී පසුව එය වැරදි තොරතුරක් බව පවසමින් අන්තර්ජාතික ගවේශනාත්මක පුවත්පත් කලාවේදීන්ගේ සාමූහිකය නිවැරදි කළේය. බ්‍රිතාන්‍ය අගමැති සම්බන්ධයෙන්ධයෙන්ද පැනමා පත්‍රිකා චෝදනාව එල්ලවී තිබියදී ඔහු එයින් ගැලවුණේ තම පියා සතුව තිබූ අදාල සමාගම 2010දී විකුණා මුදල් කරගත් බව පවසමිනි. එසේ වුවත් ලොව ප්‍රකට රාජ්‍ය නායකයින්, ව‍‍‍‍‍‍්‍යාපාරිකයින්‍‍, කලාකරුවන් ඇතු‍ළු ප්‍රබල චරිත රැසක් තම වත්කම් සැඟවීම පිණිස යොදාගත් රහස් ගිණුම් පිළිබඳව මාධ්‍ය වාර්තා පළවීමත් සමග අයිස්ලන්ත අගමැති සිගමනොර් ගුන්ලුග්සන් සිය ධූරයෙන් ඉල්ලා අස්විය.
නමුත් මෙම වාර්තාව හෙළි කළ අන්තර්ජාතික ගවේශනාත්මක පුවත්පත් කලාවේදීන්ගේ සාමූහිකය පවසන්නේ එම ලයිස්තුවේ සමාගමක හෝ පුද්ගලයෙකුගේ නම අන්තර්ගතවූ පමණින් වත්කම් සඟවා බදු වංචා සිදු නොවන බවයි. එමෙන්ම මෙලෙස වාර්ථා අණාවරණය කරන්නේ කිසිඳු සමාගමක් හෝ පුද්ගලයෙක් හෝ ව්‍යාපාරයක් නිතී විරෝධී ක්‍රියාවක නියැළෙන බවට හැඟීමක් ඇතිකිරීමේ අදහසින් නොවන බවද පෙන්වා දුන්නේය.
ලංකාවේ නීතිය අනුව වෙනත් රටක ගිණුම් පවත්වාගෙන යාමා නීති විරෝධී ක්‍රියාවක් නුවූවත් යමෙක් සිය මුදල් පිළිබඳ මහබැංකුවට අණාවරණය නොකර බදු මුදල් ගෙවීම පැහැර හරියි නම් එය බරපතල මූල්‍ය වංචාවක් වන බැවින් ඔවුන්ට එරෙහිව නීතීමය පියවර ගත යුතුයි. එමෙන්ම අදාල මුදල් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සිදුවිය යුතුයි.


සකීෆ් තන්වීරි.

පංතියේ ඉන්න බෑ... මට නම්....

පංතියේ ඉන්න බෑ... මට නම්....

සෞඛ්‍ය ගැටලු අධිකව ඇතිවන්නේ වැඩිහිටද පාසල් දරුවන්ටදැයි පැහැදිළීව පැවසිය නොහැකි වන තරමට දරුවන්ටත් ලෙඩ රෝග ඇති වීමේ සම්භාවිතාව වැඩි වී ඇත. වැඩිහිටියන්ගේ ශාරීරික දුබලතාවය හා මානසික දුබලතා නිසා ඔවුන් රෝගීවීම සාමාන්‍ය දෙයකි. එහෙත් පාසල් දරුවන්ට කුඩා වියේදීම එලෙස රෝග වැළඳීම අසාමාන්‍ය තත්වයකි. එම රෝගී තත්වයන්ට මූලික වශයෙන් අවිධිමත් ආහාර රටා බලපානු ලැබේ. ඊට අමතරව පාසැල් දරුවන් රෝගීන් බවට පත්වීමට හේතුකාරක වන ප්‍රධානම සාධකය වශයෙන් අවිධිමත් පාසැල් පංතිකාමර හේතුවන බව මෑතකදී සිදු කළ වෛද්‍ය පර්යේණන මගින් හෙළි වී ඇත.
පාසැල් දරුවන් අතර අක්ෂි රෝගී තත්වයන්,ශ්‍රවණාබාධ, අස්ථියාබාධ, මානසික රෝගී තත්වයන් බෝවන රෝග මෙන්ම අනෙකුත් රෝගී තත්වයන්ද බහුලව වැලදෙමින් තිබේ. පාසල් සිසුන් අතරින් 80%කට පමණ එලෙස රෝග වැළ‍දෙන බව අනාවරණය කරගෙන තිබේ. එයට මූලිකව හේතුව වන්නේ පන්තිකාමර අවිධිමත්භාවය බව වෛද්‍යවරු පෙන්වා දෙයි.
පාසැල් පංතිකාමර වල භාවිතයට ගන්නා හුණු කැට, කලුලෑල්ල, ප්‍රමිතියකින් තොර ඩෙස් පුටු, පංති කාමර වල පවතින අඩ අඳුර, අධික උෂ්ණය, දුවිල්ල, අපවිත්‍ර වායුව, ප්‍රමාණයට වඩා සිසුන් සිටීම නිසා ඇති වන තදබද තත්ත්වයන්, දුර්ගන්ධය ආදිය ඉහත රෝගයන් පාසැල් දරුවන්ට ආසාධනය වීමට හේතු වෙයි.
විශේෂඥ වෛද්‍යවරුන් කළ සමීක්ෂණයට අනුව දරුවන්ගේ ශරීරයට ගැලෙපෙන ඩෙස් පුටු නොමැති වීම නිසා පාසැල් දරුවන්ට අස්ථි ආබාධ ඇතිවීමේ අවධානම වැඩි වී තිබේ. ඇතැම් විට එය ශරීරයේ වර්ධනය අඩාල කිරීමටත් නැතිනම් අංග විකෘතිතා ඇතිකිරීමටත් බලාපෑ හැක. කකුල් රිදීම, තුණටිය කැක්කුම, කුදවීම, මස් පෙරළීම, දණිස් කැක්කුම, උලුක්කු වීම, අභ්‍යන්තරික කැක්කුම් ශරීරයට නොගැලපෙන ඩෙස් පුටු භාවිතය නිසා බහුලව දරුවන්ට ඇති වේ. ඒවා දරුවන් මෙන්ම දෙමාපියන්ද නොසලකා හරින බැවින් දිගුකාලීන රෝගී තත්වයන් බවටත් පත්වේ. පාසැල් වල තවමත් භාවිතයේ ඇති යකට පුටු නිසා තුවාල වීම් ද නිතර සිදුවෙයි.
බොහෝ අවස්ථාවලදී උස දරුවන්ට කොට මේසය භාවිත කිරීමට සිදුවීම හෝ උසනැති දරුවන්ට උස ඩෙස් භාවිත කිරීමට සිදුවන නිසා බෙල්ල උලුක්කුවීම කොදු ඇට පෙලට හානි සිදුවීම වැනි බයානක රෝග සිදුවේ. එම රෝගී තත්වයන් එකවර ඉස්මතු නොවුණත් නිදන්ගතව තිබ පසුකාලීනව බරපතල රෝගයක් බවට පත්වීමේ අවධානමක් තිබේ. එක දිගට දිගු වේලාවක් මේසය මත පොත තබා බෙල්ල නමාගෙන ලිවීමද එවැනි තත්වයන් ඇති කරයි.
එම වෛද්‍යවරුන්ගේ සමීක්ෂණය අනුව පාසැල් පංතිකාමර වල තිබෙන කලු ලෑල්ල දරුවන්ගේ අක්ෂි රේඛාවට සමාන නොවන බවත් හෙලි කරගෙන ඇත. ඇතැම් විට පංතියේ එක් පැත්තක කලු ලෑල් පිහිටා තිබීම හෝ සිසුන් හා කලුලෑල්ල අතර දුර ප්‍රමාණ වැඩිවන විට දෘෂ්‍යමය අපහසුතා ඇති වෙයි. ඉදිරි පෙළ අසුන්ගෙන සිටින සිසුන් කලු ලෑල්ල දෙස හිස ඔසවා බැලීමට සිදුවීමේදී මොලය වැඩ කිරීමේ හා දෘෂ්‍යය යොමුවීම අතර යම් අසමබරතාවක් ඇති වෙයි. ඇතැම් අවස්ථාවල ඉරු එලිය සෘජුව හෝ වක්‍රව කලු ලෑල්ලට වැටෙද්දී සිදුවන දිලිසීම නිසා ඇස සහ මොලය දැඩි වෙහෙසට පත්වෙයි. පංති කාමර වල විදුලු බුබුලු භාවිත නොකර හිරු එලිය ලැබෙන සේ නිර්මාණය කර තිබුණත් එක් පැත්තක් අදුරේ තිබීම නිසා දරුවන් දිගු කලක් එම අඩඅඳුරේ සිටීම අභ්‍යන්තර දෘෂ්‍යමය ගැටලු ඇතිකරන බව වෛද්‍යවරු පවසයි. බොහෝ පාසල් දරුවන් පාසල් වියේදීම ඇස්කණ්නාඩි භාවිතයට හුරුවන්නේ මෙලෙස  කලු ලෑල්ල අක්‍රමවත්ව පිහිටීම හා අඩ අඳුර නිසාම විය හැකිය.
අධික ඝෝෂාව හෝ ඇතැම් ගුරුවරුන්ගේ දේශනයන් දරුවන්ට පැහැදිලිව නොඇසීම නැතිනම් ඇසෙන තරම් ප්‍රමාණවත් ශබ්දයක් නොතිබීම ශ්‍රවණාබාධ වලට බලපායි. විශේෂයෙන් පංතිකාමර වල අවසාන පෙළේ සිටින සිසුන්ට ගුරුවරුන්ගේ හඩට වඩා තනි බිත්තියකින් හෝ බෝඩ් එකකින් වෙන්ව ඇති අනික් පංතියේ ශබ්දය වඩාත් හයියෙන් ඇසෙයි. එම ශබ්දය නොසලකා හැර ගුරුවරයාගේ හඩට පමණක් ශ්‍රවණය යොමු කිරීමට දැඩි වෙහෙසක් ගත යුතු වුවත් එතරම් සියුම්ව කන හැසිරවීමට හැකියාවක් නැත. එසේ කිරීමට උත්සහ කිරීම කන සියුම් කරනවට වඩා වේගයෙන් ශ්‍රවනාබාධ ඇති කරවයි. ඊට අමතර එසේ කිරීමට යාම අධි වෙහෙසකාරි දෙයක් නිසා ඒ අවස්ථාවේදීම හිසේ කැක්කුම වැනි තත්තවයන් ඇති කරවයි.

භාවිතයට නුසුදු යැයි නිර්දේශිත යල් පැන ගිය හුණු කැට භාවිතය තවත් බයානක දෙයකි. කැල්සියම් ඔක්සයිට්වලින් සාදන ලද හුණුකුඩු ආග්‍රහනය වීම බරපතල රෝගවලට ඇදදමයි. වුදුලි පංකා නොමැතිකමින් දහඩිය පිටවීමෙන් ඇතිවන ගන්දය, පංතිකාමරය තුල තිබෙන දූවිලි ආදිය නිසා දරුවන් හුස්ම ගැනීමේ අපහුසතාවයන්ටද මුහුණ දෙති. පංතිකාමරයක් තුළ සිසුන් 40ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සිටින නිසා ප්‍රමාණවත් ඔක්සිජන් ලබා ගැනීමේ අපහසුතාවයක් ද අැතිකරයි. එමගින් ඔවුන්ගේ ශරරීය විධිමත් ක්‍රියාකාරීත්වයටත් දැඩි බලපෑමක් ඇතිකරනු ලැබේ. සාමාන්‍ය පංතිකාමරයක ප්‍රමාණයේ AIR APACE එකක පිරිසිදු ඔක්සිජින් ලබාගත හැක්කේ පස්දෙනෙකුට පමණි. එවැනි AIR SPACE ප්‍රමාණය දරුවන 40ක් 50ක් දැමීමෙන් ඔවුන්ට නිසැකව ඔක්සිජන් ලබාගැනීමේ අපහසුතාවය නිසා මොලේ ක්‍රියාකාරීත්වය අඩාලකරවයි. පංතිකාමර තුළ මෙලෙස ප්‍රමාණයට වඩා ළමුන් ඇතුළත් කිරීම මගින් ඉතා ඉක්මණින් බෝවන රෝග පැතිරීම වැළැක්විය නොහැක.

පංතිකාමරවලතිබෙනතදබදපරිසරය, දැඩිඝෝෂාව, වෙහෙසකාරීත්වයදරුවන්මානසිකරෝගීන්බවටපත්කරවයි. ඇමරිකානුපර්යේෂකයන්පවසන්නේDEPRESSION, ANXIETY,SOCIAL PHOBIAS සිය දිවි නසා ගැනීම්, ආතතිය, ඉහත පංතිකාමර පරිසරය නිසා දරුවන්ට ඇති කරවන බවයි. පාසැල් දරුවන් සිව්දෙනෙකුගෙන් එක් අයෙකු අනිවාර්යයෙන්ම මෙවැනි මානසික රෝගයන් වලින් පෙළන බවත්  ඇමරිකානු  National Alliance on Mental Illness ආයතනය හඳුනාගෙන ඇත. එවැනි මානසික පීඩනයන් වලින් පිරුනු දරුවන් අධ්‍යපනය ලැබීම තියා නිදහස් මානසිකත්වයකින් සිටීමටත් නොහැකි වී ඇත. එය ඔවුන් සියදිවි නසාගැනීම්, කලකිරීම් දක්වා මෙහෙයෙවයි. එසේ වන්නේ පංතිකාමරයේ අවිධිමත් සැළැස්ම නිසාය. පංතිකාමරය තුළ ගුරවරයා හා සිසුවා අතර දුර වැඩිවන විටදී ඇතිවන ශ්‍රවණ අපහසුතා නැතිනම් කලුලෑල්ල බලාගැනීමට තිබෙන අපහසුතාවයන් එසේත් නැතිනම් දරුවන්ගේ තිබෙන වෙනත් රෝග පිළිබඳ ගරුවරයා හඳුනානොගැනීම ප්‍රධාන වශයෙන් මෙවැනි මානසික රෝගයන්ට වලට බලපායි.

පාසල් දරුවන් පීඩාවට පත්වීම සම්බන්ධයෙන් මහාචාර්ය මයුර සමරකෝන මහතා දේශයට මෙසේ අදහස් පළ කළේය. පාසල්වල අවිධිමත්භව කොටස් දෙකයි. ජාත්‍යන්තර පාසල් හා ග්‍රාමීය පාසල් යන දෙකේම විශාල අවිධිමත්බවක් තියෙනවා. ග්‍රාමීය පාසල්වල භෞතික පහසුකම් නොමැතිකම නිසා නවීකරණය වූ පංතිකාමර සකස්කරගන්න බැරිවෙලා තියෙනවා. පාඨමාලා නවීකරණය වෙලා තිබුණත් පංතිකාමර නවීකරණය වෙලා නෑ. මේ තත්වය තුළ ළමුන් අතිවිශාල පීඩනයකට පත්වෙලා. ජාතික පාසල් නැත්තම් ජනප්‍රිය ගණයේ පාසල් ගත්තම ඒ පාසල් වලට තමයි සියලු දේශපාලඥයන්ගේ බලධාරීන්ගේ සියලු දෙනාගේම අවධානය යොමු වෙලා තියෙන්නේ. ඒ හින්දා ජාත්‍යන්තර පාසල්වල සාමාන්‍ය පංතියක සිටිය යුතු ප්‍රමාණයට වඩා විශාල ළමයි ප්‍රමාණයක් ඉන්නවා. ඒනිසා ඒ පංතිකාමරය තුළ පරිසරය ළමයින්ට රුචි පරිසරයෙක් නෙවෙයි. ළමයි හිරවෙලා ඉන්නේ. ගුරුවරුන්ගේ අවධානයට යොමුවෙන්නේ නෑ. මේ තත්වය තුළ දරුවන් පංතිකාමරයේ හුදකලා වෙනවා. මේ නිසා ළමයි විවිධ මානසික හා කායික ආබාධයන් වලට ලක්වෙන්න පුලුවන්. විශ්වවිද්‍යාල පද්ධතියේ මේ තත්වයම තියෙනවා. ඒවත් පැරණි යුගයේ පංතිකාමර. විශ්වවිද්‍යාලයේත් නවීකරණය වූ පංතිකාමර නෑ. ඒ විද්‍යාර්ථීන් පවා අධ්‍යාපනය කරගෙන යන්නේ විශාල මානසික පීඩනයකින්. මේක අධ්‍යපන ක්ෂේත්‍රය තුළ විශාල ඛේදවාචකයක්.
පාසැල් පංතිකාමර අවිධිමත් සැලසුම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් මහතාගන් අප කළ විමසීමේදී එතුමා පැවසුවේ ශරීරයට නුසුදුසු පාසැල් බෑග් භාවිතයේ අවධානම පෙන්වා දුන්නත් එයට දිගුකාලීන විසඳුමක් ඉදිරිපත් නොවූ අතර එය දේශපාලන සංදර්ශනයක් බවට පත්කරගත්තා. වර්තමාන අධ්‍යාපන ඇමැති හා අගමැතිතුමා අධ්‍යාන ක්ෂ්‍ත්‍රයේ දැවැන්ත පෙරළියක් ඇති කිරීම ගැන කතා කළත් එම පෙරලිය සිදු කිරීමට තරම් මානසිකත්වයක් පංතිකාමර වල සිටින දරුවන්ට නැති අතර ඒ පෙරළිය ඇති විය යුත්තේ පංතිකාමර වල සිටයි. පංතිකාමර වල ප්‍රමාණයට වඩා සිසුන් පිරවීම හා අධ්‍යාපන අමාත්‍යංශය ලබා දෙන අවිධීමත් ඩෙස්පුටු පීඩාකාරි මානසිකත්වයෙන් යුතු සිසු පරපුරක් ඇති කිරීමට බලපායි. වෛද්‍ය වරුන් කළ මෙම අධ්‍යනයත් එලෙස දේශපාලන සංදර්ශනයක් නොකර දරුවන් සුවදායක අනාගතය වෙනුවෙන් අදාල වෙනස්කම් ඇති කළ යුතු බවයි.
එබැවින් අධ්‍යාපන ඇමැති ඇතුළු බලධාරීන් අවධානය මේ ගැටළුව වසඳීම සම්බන්ධයෙන් වහාම යොමු විය යුතුයි. එසේ නොවන්නට නුදුරු අනාගතයේ විවිධ ලෙඩ රෝග වලින් පෙළෙන, සමාජයට මුහුණ දිය නොහැකි අබාධි සහිත පරපුරක් බිහිවීමේ අවධානමක් ඇත. එබැවින් පාඨමාලා වෙනස් කිරීම වගේම පංතිකාමරද වෙනස් විය යුතුයි. අධ්‍යාපනයේ පෙරෙළියක් ඇතිවිය යුතුනම් ඒ ඇතිවිය යුත්තේ පංතිකාමරය තුළිනි. එබැවින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ බලධාරීන්, දේශාපලඥයන් මෙයත් දේශපාලනක් නොකර වහාම ක්‍රියාත්මක විය යුතුයි.


සකීෆ් තන්වීරි.

වන්දි ගෙවන්නේ මෙහෙමයි.

වන්දි ගෙවන්නේ මෙහෙමයි.

මැයි මාසයේ ඇතිවූ දරුණු ස්වභාවික උවදුරෙන් කම්පාවට පත්වූ සිත්සතන් තවමත් දෙගිඩියාවක පසුවෙයි. අහිමිවූ ජීවිත සඳහටම වෙන්ව ගියේ රටම හඬවමිනි. උන්හිටිතැන් අහිමිවූ පිරිසක් තාමත් කඳවුර වල සිටින්නේ සිදුවූයේ කුමක්දැයි අදහාගත නොහැකිවයි. සැඩ සුලඟ, ධාරානිපාත වරුෂාව, හදිසි නායයෑම හා මහා ගංවතුර රටටම විශාල විපත්තියක් සිදුකර නිහඬ විය. ජීවිත හානි සියයක් පමණ බිලිගනිද්දීඋවදුරෙන් විනාශවූ අනෙකුත් දේපලවල වටිනාකම කෝටි දෙසීයක්ලෙස උපකල්පනය කරයි.ගංවතුර හා නායයාම ජීවිත හා දේපල හානි සිදුවූ මේ සාමාන්‍ය මිනිසාට ජීවිතය පිළිබඳ කිසිඳු බලාපොරොත්තුවක් තබන්නට හේතුවක් නැත. ජීවිත කාලය පුරා ඉපයූ සියලු වස්තූන් හා ආදායම් ලබාගන්න තිබූ එකම ජීවනෝපායත් අහිමිවීම ඉදිරියේ ජීවත්වීම අසීරුය. නමුත් ඔවුන්ගේ එකම බලාපොරොත්තුව වූයේ ජාතික රක්ෂණ බාර අරමුදල පමණි.
ආපදා සමයේ නිවාස 400ක් මුලුමනින්ම හා නිවාස 4000ක් හා අඩක් විනාශ වී ඇත. ඒ හැරුනවිට ගංවතුර ගැලූ සෑම ප්‍රදේශයකම නිවැස්වල භාවිත කළ රූපවාහිනිය, ශීතකරණය, රෙදි සෝදනය ඇතුලු අනෙකුත් විදුලි උපකරණ, සෝෆා, ඇඳවල් ඇතුලු අනෙකුත් ගෘහ භාණ්ඩ හා යාන වාහන සියල්ල වතුරට හසුවිය. බොහෝ විදුලි උපකරණ හා ගෘහභාණ්ඩ නැවත භාවිත කළ හැකි තත්වයක නැත. ගෙවල්වල ඇතිකළ සුරතල් සතුන් හා ගොවිපල සතුන් ඇතුලු සතා සිව්පාවන් ගංවතුර හා නායයාම හමුවේ බේරාගැනීමට අවස්ථාවක් ලැබී නැත. පිරිසිදු පානීය ජලය ලබා ගැනීම සඳහා භාවිත කළ ලිං, කුණුවළවල් සහ වැසිකිලිවළවල්වල කුණු සහ මඩ පිරී ඇත. වතුරට හසුවූ කුඩා වැළඳ සැල් ඇතුලු අනෙකුත් ව්‍යාපාරික ස්ථාන හා වැඩපළවල්වල තිබූ භාණ්ඩ හා උපකරණ යන්ත්‍රාදිය සහමුලින්ම විනාශ විය. මේ සියල්ල ආපදාවට මුහුණු දුන් අයගේ එකම ආදායම් මාර්ගයද විය හැකිය. මේ අහිමිවීම් සියල්ල ආපදා සමයේ බෙදූ කෑම පැකැට්ටුවෙන් හෝ සුලු ආධාරවලින් පියවිය නොහැකිය. රක්ෂණ ආවරණය ඇත්නම් ඒ සඳහා රක්ෂණ ආයතනය විසින් වන්දි ගෙවනු අතර සාමාන්‍ය මිනිසුන් හා සුලු ව්‍යාපාරිකයන්ට රක්ෂණයක් නැත. මෙලෙස රක්ෂණ අහිමි විපතට පත් සාමාන්‍ය මිනිසා නැවත නගාසිටුවීම සඳහා ජාතික රක්ෂණ බාර අරමුදලින් අවශ්‍ය මූල්‍යම ආධාර සිදුකරයි.ජාතික රක්ෂණ බාර අරමුදලින් මූල්‍ය ආධාරය සිදුකරන ප්‍රායෝගික ක්‍රියාපටිපාටිය එහි සභාපති මංජුල ද සිල්වා මහතා මෙසේ විග්‍රහ කළේය.
අපි ජාතික රක්ෂණ බාර අරමුදල හැටියට හදිසි ආපදා තත්වයකදී රජයේ වගකීම ආවරණය කරනවා. ඒකේ කොටස් තුනයි. පළමු පියවර තමයි සහන සේවා සැපයීම. ඒ සඳහා මේ රක්ෂණ ආවරණයෙන් කෝටි 14ක් ආපදා කළමණාමරණය පිරිනැමුවා. දෙවන පියවර ලෙස ආපදාවෙන් සම්පූර්ණයෙන් හානි වූ නිවාසා නැවත හදා දීම හා අර්ධ වශයෙන් හානි වූ නිවාස ප්‍රතිසංස්කරණය කරනවා. සුද්ධ පවිත්‍ර කිරීම නැවත තින්ත ආලේපය වැනි ප්‍රතිසංස්කරණය කටයුතු සිදුකරනවා. තාප්ප බිත්ති වගේ දේවල් සම්පූර්ණයෙන්ම හානි වෙලා නම් ඒවත් නිවසේ කොටසක් ලෙස සළකලා අපි කටයුතු කරනවා. නිවසක් සම්පූර්ණයෙන් හානි වෙලා නම් ලක්ෂ 25ක උපරිමයකට යටත්ව අලාභයඅ අපි ගෙවනවා. අර්ධවශයෙන් හානි සිදුවෙලා නම් තක්සේරුවක් කරළා අලාභය ගෙවනවා.මේකට කුඩා ව්‍යාපාරිකයිනුත් ඇතුළත් වෙනවා. වැට් බදු ප්‍රමාණයට අඩු වාර්ෂික ආදායමක් ලබන කුඩා ව්‍යාපාරිකයන්ටත් ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථානයට සිදුවූ හානිය අපි ගෙවනවා. කඩ සාප්පු, ටේලර් ෂොප් එකක්, බේකරියක්, වගේ පොඩි ව්‍යපාරික ස්ථාත්න මීට ඇතුළත් වෙනවා. ගෙවල්වල විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ වගේ හැම දෙයකටම අපිට ගෙවන්න අපහසුතාවයක් තියෙනවා. ඇත්තටම මේ රක්ෂණය තියෙන්නේ නිවාස ප්‍රතිසංස්කරණය හා නිවාස ඉඳිකිරීමටයි. නමුත් මේ පාර මිනිස්සුන්ගේ බඩුවලට ලොකු හානියක් සිදුවුණ හින්දානි තක්සේරුවක් සිදු කරළා අපි රුපියල් විසිපන්දහක උපරිමයකට යටත්ව අලාභයක් ගෙවන්න කටයුතු කරනවා. ඒක චක්‍රලේකයෙත් තියෙනවා. අපි ප්‍රමුඛතාවය දෙන්නේ විනාශ වූ ගෙවල් හදා දීමට. ගෙවල්වල ඇතිකළ සතාසිව්පාවුන් සම්බන්ධව දැනට කටයුතු කරන්න පුලුවන් කමක් අපිට නෑ. නමුත් අපි ඉදිරියේදී ඒ ගැනත් අවධානය යොමු කරනවා. නාය යාමට හසුවූ ගෙවල් හදන්නත් අපි රජයට අදාල මුදල් ලබා දෙනවා.
තවදුරටත් අදහස් දැක්වූ ජාතික රක්ෂණ බාර අරමුදලේ සභාපති මංජුල ද සිල්වා මහතා මෙසේද පැවසීය. අපේ මේ වැඩ පිළිවෙලට සම්පූර්ණයෙන්ම සම්බන්ධීකාරණ කටයුතු සිදුකරන්නේ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය.ආපදා කළමණාකරන මධ්‍යස්ථානයෙන් චක්‍රලේකයක් නිකුත් කර තියෙනවා ග්‍රාම සේවක හරහා අලාභ හානි තොරතුරු ප්‍රාදේශීය ලේකම්ට ඉදිරිපත් කරන්න. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තාක්ෂණික නිළධාරිවරු ඒවා පිළිබඳ මූල්‍යම තක්සේරුවක් සිදුකරනවා. ඊට පසුව ඒ තක්සේරුව දිස්ත්‍රික් ලේකම් වෙත යොමුකරනවා. එතැනින් ආපදා කළමණාකරන අමාත්‍යංශය අවසාන වාර්තාව ලැබෙනවා. අපිත් ඒ වාර්තාව ගැන සොයා බැලීමක් කරලා රක්ෂණයෙන් තක්සේරු කරන ඒඅලාභය පමණක් ගෙවනවා.අපි තිබුණට වඩා ලොකු ගෙයක් හදා දෙයි කියලා මිනිස්සු බලාපොරොත්තු වෙනවා නම් ඒක වැරදිය. රක්ෂණයක් විදිහට අපිට එහෙම කරන්න පුලුවන්කමක් නෑ. ඒ තොරතුරු එකතුකිරීම දැන් සිදුවෙමින් පවතිනවා.අපිට තක්සේරුව ලැබුණ වහාම අපි මුදල් නිකුත් කරන්න සූදානම්. අපේ මුදල් පැත්තෙන් කිසිම ප්‍රමාදයක් නෑ. අපි දැන් වුණත් මුදල් නිකුත් කරන්න ලෑස්තියි අපිට අවසන් වාර්තාව ලැබෙනවා නම්. නමුත් තොරතුර රැස්කිරීමේ ක්‍රියාවලියට ගතවන කාලය අපිට කියන්න ටිකක් අමාරුයි. අපි සම්පූර්ණ වාර්තාව අවශ්‍යම නැහැ. අපිට කොටස් වශයෙන් වාර්තාව ලැබෙනවා නම් අපිට මුදල් නිකුත් කරන්න පුලුවන්. අපේ පරමාර්තාය අඩු ආදායම් අයට පිහිට වීම. අපි මධ්‍යම පාංතිකයන්ගෙන් ඉල්ලා හිටින්නේ ඉදිරියේදීවත් රක්ෂණය වෙන්න කියලයි. එතකොට ආපදාවන්වලදී සම්පූර්ණ අලාභය රක්ෂණ ආයතනය විසින් සිදුකරයි.
ප්‍රථම වරට මෙවර අයවැයෙන් ස්වභාවික විපතට මුහුණපාන්නන් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබුණි. ඒ අනුව ජාතික ස්වභාවික ආපදා සහ හදිසි සහන රක්ෂණය පසුගිය අප්‍රේල් සිට ක්‍රියාත්මකයි. එය ක්‍රියාත්මක වන්නේ ජාතික ප්‍රතිපත්ති හා ආර්තික කරටයුතු අමාත්‍යංශය යටතේ ඇති රක්ෂණ භාර අරමුදල හරහාය. මෙම රක්ෂණය ජාත්‍යන්තර රක්ෂණ සමාගම් මගින් ප්‍රතිරක්ෂණයක් ලබා ඇත. මේ රක්ෂණ ආවරණය සඳහා කෝටි තිහක වාරිකයක් ගෙවිය යුතුයි. එමෙන්ම එයින් අපට වාර්ෂිකව ලැබිය හැකි උපරිම රක්ෂණ ආවරණය කොටි දහසකි. මෙම රක්ෂණ ක්‍රමය හරහා සුළි සුළං, ගංවතුර, නාය යෑම්, භූමිකම්පා ලැව්ගිනි ආදි ඕනෑම ස්වභාවික විපතකදී සිදුවන ජීවිත හානියක් සඳහා රුපියල් ලක්ෂයක්ද දේපල හානි සඳහා උපරිම වන්දිය විසිපන් ලක්ෂයක්ද පිරිනමයි. ස්වභාවික විපතකදී අතරුදන් වූවත් සඳහා මාස හයක් ගතවූ පසු රුපියල් ලක්ෂයක වන්දියක් යැපෙන්නන් වෙත පිරිනමයි. මෙම රක්ෂණ භාර අරමදලින් ධීවර කර්මාන්තය යෙදී සිටින ධීවරයින් සඳහා විශේෂ ආවරණය ක්‍රමයක් ද ක්‍රියාත්මකයි.මෙම රක්ෂණයෙන් සෑම ශ්‍රී ලාංකිකයෙකුටම රක්ෂණාවරණයක් හිමි වන අතර රක්ෂණ වාරික මුදල් අමාත්‍යංශය විසින් ගෙවනු ලැබේ. සාමාන්‍ය ජනතාවට මෙන්ම රුපියල් මිලියන 10කට අඩු වාර්ෂික පිරිවැටුමටක් ඇති ව්‍යාපාර වෙනුවෙන් ද මේ යටතේ රක්ෂණය හිමි වෙයි.


සකීෆ් තන්වීරි.