Thursday, August 14, 2014

දුර්දේශපාලිත මාධ්‍යකරණය හා දේශපාලනය

ලාංකික දේශපාලනයේ ගමන්මග සුන්දරද අසුන්දරද යන්න තීරණය කිරීම කාටත් අපහසු නැත. පාර්ෂවීය වුවමනාවට ප්‍රතිපත්ති තීන්දු තීරණ වලට ඒලඹීම ජනතාව පීඩාවෙන් පීඩාවට ලක්වීමට හේතු වී අැත. අවනීතිය රජ කරන ලාංකීය දේශපාලනය වෙනසක් අැති කළ හැකි මාධ්‍යමය හා දේශපාලනමය ශක්තියක් තවමත් නිර්මාණය වී නොමැත. ඒ හේතුවෙන්ම අාණ්ඩුවක් තිබුණක් අරාජික වී සිටින ලංකවේ විපක්ෂයද කිසිදු වැදගැම්මකට නොමැති තුට්ටු දෙකේ දේශපාලනය කරන කාලකන්නියන්ගේ නවාතැන බවට පත්ව තිබේ. 

කොහෙද යන්නෙ මල්ලේ පොල් දේශපාලනය කරන යු.ඒන්.පීයත් අැමීබා මෙන්ද වඩාත් වේගයන් වර්ගයා බොකරමින් යන වාමාංශයේද සත පහකට වැඩක් නැති සෙල්ලම් බඩු දේශපාලනයත් අදූරදර්ශයත් හෙම්බත් වී සිටින පක්ෂ විපක්ෂ ප්‍රබල දේශපාලඥයෝත් දූෂිත දේශපාලනයට ඒරෙහි වීමට ශක්තිය අහිමි කරගැනීම නිසා ඔවුන් සියලු දෙනා අවනීතියට උඩගෙඩි දෙන පිරිසට ඒක්කරනවා විනා කළ හැකි දෙයක් නැත.


නිදහස් මාධ්‍ය සම්ප්‍රදායක් අැති යුරෝපීය සමාජයේ අාණ්ඩුවට මගපෙන්වීමට මාධ්‍යයද හවුල් වීමක් දැකිය හැකිය. ඒහි හුරතල් කිරීමේ මාධ්‍ය දේශපාලනයකට ඉඩ නැත. අයුක්තිය අයුක්තිය වශයෙන් ද අසාධාරාණය අසාධාරණය වශයෙන්ද අර්ථකතනය කරන නිර්භීත මාධ්‍ය දේශපාලනික සංක්ස්කෘනියක් ඒකී රටවල ගොඩනගා ගැනීමට ඒම මාධයන් සමත්ව අැත.


ලාංකීය දේශපාලනය හා මාධ්‍ය අතර සමීපතාවයක් අතීතයේ සිට දැකිය හැකිය. විශේෂයෙන් පුවත්පත් මාධ්‍යය රටේ දේශපාලනයේ ඉතිහාසය පුරාම බලපෑම්කාරි ලෙස ක්‍රියා කළ අතර ඒය ඉතිහාසයට පමණක් සීමා වී අද මාධ්‍ය දේශපාලන සම්ප්‍රදායේ මළගමේ අදෝනාව වාදනය කිරීම සිදුවන බව කිව හැකිය. අධිපතිමාධ්‍ය අාකෘතියක් නිරූපනය කරන ලාංකීය මාධ්‍ය ඒසේ ක්‍රියා කිරීම සාධාරණය. ඒනමුත් අැතැමුන් සෑම සීමාවක්ම බිද දමා තම වගකීම කරා යාමට නිර්භීතව පාඨකයා අාමන්ත්‍රණය කළත් ඒ නිසාම ඔවුන්ට තම අායුෂය කෙටි කර ගැනීමටත් නියමිතව තිබෙන බව ඔවුන්ට වැටහීමේ කාලය දැන් දැන් ඒලෙඹෙමින් තිබේ.
Add caption


ලාංකීය වර්ථමාන පුවත්පත්, දේශපාලන විග්‍රහයක් කරා නොගොස් හුදු වාර්ථාකරණයට පමණක් සීමා කර ගැනීම පිටුපස අැත්තේ බලය හිමි පාර්ෂවයේ අධිකාරිය විය හැකිය. නමුත් මාධ්‍යයක වගකීම පැහැර හැරිම බරපතල වරදකි. ඒ ගැන මාධ්‍ය හිමිකාරීත්වය අවධානය යොමු විය යුතුය.

No comments:

Post a Comment