Sunday, November 13, 2016

නවසීලන්තයේ සුනාමි.....

A tsunami has hit after an earthquake struck New Zealand's South Island.
The US Geological Survey said the magnitude-7.8 quake hit just after midnight (11:02 GMT on Sunday), some 95km (59 miles) from Christchurch.
The tsunami arrived in the north-eastern coast about two hours later. Officials said the first waves may not be the largest, with tsunami activity possible for several hours.
Residents were warned to head inland or for higher ground along the coast.
A gauge at Kaikoura, 181 km (112 miles) north of Christchurch, measured a wave of 2.5m (8ft 2ins), according to Weatherwatch.co.nz.
Smaller waves are said to be arriving in Wellington and other areas, the website said.
But the ministry of civil defence has said the highest waves, which could be as tall as 5m are expected between Malborough, the north-eastern tip of the South Island, and Banks Peninsula, just south of Christchurch.

Terrifying

Residents in the Chatham Islands, an archipelago 423 miles (680km) south-east of the mainland, were also being warned a wave would hit imminently by the civil defence.
Thousands of people have already evacuated their homes as aftershocks continue to hit the area, Radio New Zealand reported.



Image captionThe epicentre of the earthquake was just north of Christchurch
Image copyrightFRESH CHOICE NELSON CITY
Image caption
Aftershocks continue to rock New Zealand
Image copyrightTWITTER

Others have taken to social media to offer people a safe bed for the night.
New Zealand lies on the notorious Ring of Fire, the line of frequent quakes and volcanic eruptions that circles virtually the entire Pacific rim.
Christchurch is still recovering from the 2011 earthquake that killed 185 people and destroyed the city centre.
The Herald newspaper said the tremor was felt all the way to Wellington, where sirens sounded and people fled buildings into the streets, some of them crying.
Early reports suggested some houses in Cheviot town, near the epicentre, have been damaged.


උපුටාගත්තේ බීබීසියෙන්

Thursday, October 13, 2016

දෙහිවල ධීවරයෝ ගල කඩන්න එපා කියයි.




මෑතක දෙහිවල ධීවරයෝ විරෝධතා පෑවේ අන් කිසිවක් නිසා නොව ඔවුන් පාරම්පරිකව මුහුණ පා සිටින මාරාන්තික සටනට විස`දුමක් ඉල්ලමිනි. එදින මසුන් මැරීමට මුහු`දට ගොස් සිටි ධීවරයේ සිව් දෙනෙකු උදැසන 7.30 ට පමණ ගොඩට එන විට මුහු`දු පිවිසුම් දොරටුවේදී රැුල්ලට හසුවී බෝට්ටුව පෙරලී අනතුරකට පත්වීමත් සම`ග ධීවරයෝ රේල් පාර හරස් කළහ. මෙලෙස එම පිවිසුම් දොරටුව හෙවත් කඩමත්තේ ධීවරයෝ අනතුරට ලක්වූ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙ ධීවර ජීවිත ගණනාවක්ම එම කඩමත්තේදී සිදුවූ අනතුරු වලින් බිලි වී ඇත. එලෙස දෙහිවල කඩමත්තේ අනතුරු වැඩිවීමට හේතුව එම කඩමත්තේ ගල්පිහිටීම්ය. ධීවරයන් උද්ඝෝෂණ කරමින් ඉල්ලන්නේ තමන්ට මරු කැ`දවූ එම කඩමත්ත ආරක්ෂිත කලාපයක් ලෙස සාදා දෙන ලෙසයි. ඔවුන්ගේ එම ඉල්ලීම අද ඊයක සිට නොව දශක ගණානාවක් තිස්සේ කරන ඉල්ලීම්ය.

දෙහිවල කඩමත්ත යනු පානදුර අ`ගුලාන එගොඩඋයන කොරලවැල්ල මොරටුව රත්මලාන ලූනාව යන ප‍්‍රදේශවලින් අප්‍රෙල් සිට ඔක්තෝම්බර් දක්වා කාල සිමාව තුළ දිනකට ධීවර බෝට්ටු 250ක් පමණ මුහු`දු යන පිවිසුම් දොරටුවයි. එම ධීවරයෝ මුහු`දු ගිය පසු ඇති වන කාලගුණික වෙනස්කම් සම`ග ඔවුන් නැවත ගොඩට පිවිසීමේ අවධානම් තත්ත්වයක් නිර්මාණය වී ඇත. සෑම අවුරුද්දක වාරකන් කාල සීමාව තුළ ධීවර ජීවිත මෙම පිවිසුම් දොරටුවේදී අහිමි වෙයි. එම ස්තානයේ තිබෙන රීප් එක සහ ඊට ඉදිරියෙන් පිහිටා තිබෙන ගල් කිහිපය නිසා රැුල්ල සැරවී බෝට්ටු පෙරෙළන තත්ත්වයක පරිවර්තනය වෙයි. එම ස්තානයේ ගල්වැටියක් දැමීමෙන් මෙම ගැටලූව විස`දාගත හැකි බව ධීවරයේ පවසයි. ඒ පිළිබ`දව දෙහිවල  ඕබන් පෙදෙසේ ධීවරයෙක් වන ලලත් ප‍්‍රනාන්දු මහතා මෙසේ අදහස් දැක්වීය.

”1950 ගණන්වල ඔතන බෝර දාලා කැඩුවා. කඩමත්ත කියන්නේ යන එන දොරටුව. 1950 දී බෝර දාලා කැඩුවට පස්සේ පොඩි පොඩි ගල් ලියලිලා තියෙනවා. ඒකෙන් දැන් දරුනු ඛේදවාචකයක් ඇති වෙලා තියෙනවා. දෙදෙස් අටේ ඉදන් දෙදස් දොළහ වෙනකම් හැම අවුරුද්දකම මරණයක් සිද්ධ වුණා. හැම අවුරුද්දකම ජූනි සහ ජූලි මාස වල තමයි සිද්ධ වුණේ. දෙදහස් දහතුනේදී ජූනි හත් වෙනිදා මරණ පහක් එකවර සිදුවුණා. ඊට පස්සේ පසුගිය දෙවෙනිදාත් බෝට්ටු දෙකක් පෙරළිලා ජීවිත හානි හතරක් සිද්ද වෙන්න ගියා. වාසනාවකට අපිට හතර දෙනා බේරගන්න පුලූවන් වුණා. දැන් ඉතිං ඇමති තුමා කඩමත්ත හදලා දෙන්න පොරොන්දු වෙලා තියෙනවා.”

දෙහිවල කඩමත්තේ පිහිටීම හා එමගින් අනතුරු සිදුවන ආකාරය ධීවරයෙක් වන පද්මසිරි ගෝමිස් මහතා අපට පැහැදිළි කළේ මෙලෙසිනි.  ”මහත්තයා මේ ලොකුවට පේන්න මතුවෙලා තියෙන්නේ බෙල්ලන් ගල. බෙල්ලන්ගල අපේ ඇස් දෙකට පෙනුනට ඊට ඉස්සරහින් තියෙන ගල පේන්නෑ. ඒත් ඒකේ හිටගත්තත් හිටගන්න පුලූවන්. බෙල්ලන් ගලට එහා මුහු`දු පැත්තට තියෙනවා මුඩාව කියලා ගලකුයි ඊට ටිකකක් මෙහායින් ගොඩි මුඩුව හා චමින්ද කියලා තවත් ගල් දෙකක්. දියඹෙන් එන රැුල්ල ඉස්සරහින් තියෙන ගලින් අ`ඩාල ඇවිල්ලා පුපුරනවා. පුපුරපුහම රුල්ල දුවගෙන එනවා ඉස්සරහ රීප් එකටම. එතකොට එතැනින් යන්න බයයි එතැනත් ආයේ මාරියාව පුපුරනවා. ඉතිං දෙක එකට  වැදුනම තමයි බෝ්ට්ටු පෙරෙළෙන්නේ. මේ ගලට තමයි අපි හු`ගක් බය. මෙතන පොඩි රැුල්ලක් නෙවෙයි අ`ඩන්නේ. රැුල්ල අ`ඩපුහාම ඉස්සරහා තියෙන ගලෙන් ඉස්සිලා දුවගෙන එනවා මෙහාටම. බෝට්ටු එලියෙන් හිටවගෙන ඉන්න වෙලාවල් තියෙනවා. රැුල්ල කඩමත්ත හරහා දුවන වෙලාවල්වල එතැන බෝට්ටු කැරකි කැරකි ඉන්නවා. එයා වහල් වුණාම තමයි බෝට්ටුව දාන්නේ. එයා මෙතැන්දි දුවන වෙලාවට තමයි බෝට්ටු පෙරෙළෙන්නේ.”

පද්මසිරි ගෝමිස් මහතා සම`ග කතා කරමින් සිටින විට එම ස්තානයට පැමිණි දෙහිවල ප‍්‍රදේශයේ අත්දැකීම් බහුලම ධීවරයා ලෙස සැලකෙන හ`දුන්වන ආනන්ද හෙවත් එම්.සී. ප‍්‍රනාන්දු මහතා කඩමත්ත ගැටලූව පිළිබ`දව පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කළේය. ”මේක අපිටත් ඉස්සෙල්ල එච් එස් පෙරේරා මහත්තයාගේ කාලේ ඉ`දලාම ඉල්ලලා තියෙනවා මේ කඩමත්තේ ගල් කඩන්න කියලා. ඒත් අහන අහනා පාරට කියන්නේ කඩලා දෙන්න බෑ කියලා. මගේ දැනුමේ හැටියට අවුරුදු තිස්පහකටත් වැඩියි. අපි ප්ලෑනකුත් දීලා තියෙනවා. ඒත් අහන අහන පාරට කියන්නේ බෑ කියලමයි. ඒ කඩමත්ත කැඩුවොත් මුහු`ද ගලනවලූනේ. ඒ හින්දා දැන් අපි ඉල්ලලා තියෙන්නේ ගල් කඩන්න  ඕනි නෑ තියෙන ගල් උඩින් ගල්වැටියක් දාලයි අපි ඉල්ලන්නේ. එතකොට අහිමි වෙන ජීවිත සදහටම බේරෙනවා. හැම අවුරුද්දකම එතැන ධීවරයෝ මැරෙණවා. මේ වෙනකොට එතැන ධීවරයෝ පනහකටත් වැඩිය මැරිලා තියෙනවා. මේ පාරත් හතර දෙනෙක් මැරෙනවා. එයාලගේ වාසනාවකට බේරුනා. ගොඩ පැත්තේ ඉ`දපු බෝට්ටුවල මිනිස්සු දැකලා බේරගත්තා. ජැකට් තිබ්බේ නැත්තම් එයාලා මැරිලා. පංගුවක් මිනිස්සු ජැකට් නැතුවත් යනවා පීනන්න පුලූවන් කියන හයියට. එහෙම උණාම බයානකයි. එදා කඩමත්තේ ආපු බෝට්ටු දෙකම කෑලි කෑලිවලට ගියා. හතර දෙනා බේරුනේ නූලෙන්.”

”කොරලවැල්ල ඉදලා වැල්ලවත්ත යනකම්ම වාරකන් කාලෙට මුහුදුට යන්න එන්න කියලා තියෙන්නෙ දෙහිවල තොටුපල විතරයි. ඒ හින්දා ඔක්කොම එන්නෙ මෙතෙන්ට. දිගටම ගල්පර. මෙතැන විතරයි කඩමත්තක් තියෙන්නේ. කඩමත්තෙන් විතරයි දියඹෙට යන්න එන්න පුලූවන්. අපේ දොරකඩ ඒකයි. පානදුර මෝදර ඉදලා කොළඹ මෝදර වෙනකම් මේ වාරකන් කාල සීමාවේ මුහුදු යන්න පුලූවන් තැනකට තියෙන්නේ මෙතැන විතරයි. වෙන කොහෙන්වත් යන්න බෑ. හැම තැනකින්ම ධීවරයෝ මෙතැන්ට රස්සාව කරන්න එන්නේ ඒ කාරනාව හින්දයි. මෙතැන තියෙන්නේ මීටර් 70ක් සීයක් විතර පොඩි ඉඩසක් විතරයි. එතැනින් බෝට්ටු දෙකක් එකට එන්නත් බෑ. බෝට්ටුවක් ගොඩට ගෙනල්ල කරකව්වයින් පස්සේ තමයි අනිත් බෝට්ටුව බස්සන්නේ.”
කඩමත්ත පිළිබ`ද විස්තර කිරීමෙන් පසු දැනට දෙහිවල ධීවරයන් ක‍්‍රමයෙන් ධීවර කර්මාන්තයෙන් ඈත් වෙමින් සිටින බව එම්.සී. ප‍්‍රනාන්දු මහතා ඉතා කණගාටුවෙන් දේශයට ප‍්‍රකාශ කළේය. ”ඉස්සර ඉදන්ම මෙතැන මැරිච්චි අයගෙන් අපේ ගමේ මිනිස්සු හත් දෙනෙයි. මෙතැන ධීවරයන්ගෙන් සියයට හතලිහක් විතර දැන් අඩුවෙලා. හො`ද ධීවරයෝ දැන් එක එක පැක්ටරිවලට වැඩ කරන්න යනවා පොඩි පඩියකට. ධීවර රස්සාව අතැරලා කුලී වැඩට යන්නේ මැරෙන්න තියෙන බයට. මුහු`ද් කොච්චර කුනාටු තිබ්බත් අපි බය නෑ. අපි ඈත මුහුෙ`ද් මැරෙන්නේ නෑනේ. අපි ඈත මුහුෙ`දන් ලස්සන්ට මාලූ අල්ලන් සන්තෝසෙන් එනවා. මෙතැන මාරියාව දැක්ක ගමන් අපිට බෝට්ටුවේ ඉන්න මාලූ පේන්නෙත් නෑ දරුවන්ව තමයි අපි සිහි කොරගන්නේ දරුවන්ව බලන්න එන්න හම්බෙයිද කියලා. මෙතැන ගිලූනොත් ගොඩට එන්නෙ නෑ දියඹෙටයි යන්නේ. ලංකාවේම මුහු`ද වෙනස් මෙතන විතරයි.  ඕන පිහුනුම් කාරයෙක් මෙතැනින් ගොඩ ආවොත් අපි ඉල්ලන  ඕන දෙයක් දෙනවා. එහෙමයි මෙතැන තියෙන සටන. අපේ දරුවොත් හො`ද ධීවරයෝ. ඒත් අපි මුහු`දු අරින් නෑ. අපිට පුලූවන්ද අපි ඉස්සරහ දරුවෙක් මැරෙනවා බලන් ඉන්න?”

ඉන්පසුව දෙහිවල  ඕබන් පෙදෙස ධීවර සමිතියේ ලේකම් කුමාර ගෝමිස් මහතා ඔවුන් මුහුණ දී ඇති ගැටලූව සම්බන්ධයෙන් හැ`ගීම්බරව කතා කළේය. ”ධීවරයෝ දියඹෙදී මැරුනොත් මිනිය හම්බෙන්නෙත් නැති වෙන්න පුලූවන්. එතකොට අපිට හිත හදාගන්න පුලූවන්. මෙතැන ඇස් පනා පිටම මීටර් දෙසීයක් තුන්සියක් දුරක ඉදලා බෝට්ටුව පෙරෙලෙන කොට අඹුදරුවෝ ඥාතීන් දෙමාපියෝ ඔක්කොම බලාගෙන ඉන්නවා අපේ බෝට්ටු දැන් එනවයි කියලා. තාත්තාව පෙනි පෙනී මරුවත් එක්ක සටන් කරන කොට දරුවන්ට අමමලා තාත්තලාට සහෝදරයන්ට ඇති වෙන හැ`ගීම හිතලා බලන්න. ඒ වෙලාවේ එක්කෝ ඒ ගොල්ලො මුහුෙ`ද් පනින්න  ඕනේ නැත්තම් රේල් පාරට දුවගෙන එන්නෙ  ඕනේ. එදා මුහුෙ`ද් පනින්න බැරිකමට තමයි රේල් පාරට දුවගෙන ආවේ. ධීවරයෝ මාරියා එක්ක පොර බැදල එන මිනිස්සු හින්දා ටිකක් ආවේගශීලී. එදා ධීවර කටයුතු ඇමතිතුමාත් අපේ ධීවර සමිතයත් එක්ක කතා කරලා එක`ගතාවෙකට ආවා ජනවාරි මාසේ වෙනකොට වැඩ පටන් ගන්නම් කියලා. ඉතිං දැන් අපි බලාපොරොත්තු වෙනවා ජනවාරිවල වැඩ පටන් ගනියි අපේ ගැටලූව විසෙ`දයි කියලා.”

මැයි මාසයෙන් පසුව වසර අවසන් වන තුරු වාරකන් කාලයත් සම`ග මුහු`දු රැුල්ල රලූ ස්වභාවයක් දක්නට ලැබේ. එබැවින් එම කාලය තුළ ගල්වැටිය ඉදිකිරීම අපහසුය. නමුත් ජනවාරි මස වන විට එම මුහු`දු රැුලි තරමක අඩුවක් පවතියි. එබැවින් ධීවරයන්ගේ ඉල්ලීම පරිදි අනතුරුදායක ගල් මතින් ගල්වැටියක් ඉ`දිකිරීම 2017 ජනවාරී මස ඇරඹිය හැකිය. එමගින් අකාලේ අහිමිවන ධීවර ජීවිත හානි අඩු කරගත හැකිය. 2013දී දෙහිවල කඩමත්තේදී සිදුවූ අනතුරේදී මරණයට පත්වූ ධීවරයෙක්ගේ බිරි`ද වන පස්දරු බවක් වන තිස් පස් හැවිරිදි කේ.ජී.රේණුක පීරිස් මහත්මිය අප වෙත මෙවන් අදහසක් පැවසුවාය. ”2013 මගේ මහත්තයා නැතිවුණේ. මට ළමයි පස්දෙනෙක් ඉන්නවා. හතර දෙනෙක්ම ඉස්කෝලේ යනවා. මහත්තය මැරුණට පස්සේ මංම තමයි හම්බ කරලා ළමයි ජීවත් කරවන්නේ. මහත්තයා නැතිවුණාම ලක්ෂයක වන්දියක් දුන්නා. ඊට පස්සේ මොකුත් බලන්න කියන්නේ ආවේ නෑ. දැන් මම අන්ත අසරණ වෙලා ඉන්නේ. ළමයිගේ ඉස්කෝලෙ පහසුකම් ගාස්තුවත් ගෙවා ගන්න විදිහක් නෑ. මගේ මහත්තයාට සිදුවුණා වගේ තවත් සිදුවුණොත් ගෙදර ඉන්න ගෑණු අය අසරණ වෙනවා. ඒ මිනිස්සුන්ටත් සහනයක් නැති වෙයි. ඒ හින්දා කඩමත්ත හදලා දෙන්න. නැත්තන් ඒ මිනිස්සුත් මං වගේ අසරණ වෙයි. අදටත් මං බොහෝම අමාරුවෙන් ජීවත් වෙන්නේ. කවුරුත් බලන්න එන්නේ නෑ. කාගෙවත් සහනයක් නෑ. ළමයි බඩගින්නේ ඉස්කෝලේ යනවා. ඉතිං ධීවරයන්ට මේ කඩමත්ත හරියට හදලා දෙන්න.” එබැවින් මෙම ධීවර ගැටලූව කෙරෙහි ආණ්ඩුවේ කඩිනම් විස`දුමක් ලබා දිය යුතු යැයි අප යෝජනා කරමු.

කුණු යට මීතොටමුල්ල රාහුල


මීතොටමුල්ල කුණු කන්ද මායිමේ ශ්‍රී රාහුල විද්‍යාලය පිහිටයි. තවත් පාසල් හතරක්ම ඊට ආසන්න ස්තාතවල පිහිටා තිබේ. හෙට දවසේ රට බාරගන්නා අවිහිසංක පුංචි මල් කැකුළුවන් දුවා දරුවන් අකුරු කරන්නේ මෙම කුණු කන්ද පාමුල අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් වළඳමිනි. එම පාසල්වල සිසු දරු දැරියන් කසල කන්ද හේතුවෙන් ඇදුම, ශ්වසන පද්ධති ආශ්‍රිත රෝග, හෘදයාබාධ, වකුගඩු රෝග හා ඩෙංගු වැනි විවිධ රෝගයන්ට ගොදුරු වෙමින් සිටි. මේ මීතොටමුල්ල ජනතාවගේ පාසැල් දුවාදරුවන්ගේ ‍ඛේදවාචකයේ හරස් කඩයි.

මීතොටමුල්ල කුණු දැමීම ආරම්භය මීට වසර විස්සකට පෙර සිදුවිය. ඒ මහා පරිමාණයෙන්නම් නොවේ. 2009 බ්ලූමැන්ඩල් කුණු කන්ද ගින්නත් සමග අධිකරණ නියෝගයකට අනුව මීතොටමුල්ල අක්කර දෙකක භූමියක කුණු දැමීමේ අනුමැතිය ලැබුණි. එහෙත් අද වෙද්දී එම කුණු කන්ද අඩි තුන්සියයක් උසට අක්කර 18ක් පුර ව්‍යාප්තව ඇත. දිනකට එහි දමන කුණූ ප්‍රමාණය ටොන් 1200ක් පමණ වෙයි. 1918දී පරමවිඥානාර්ත බෞද්ධ සමිතියට අයත් අක්කර හතක භූමියක ආරම්භ කළ රාහුල විද්‍යාලය මීතොටමුල්ල කුණු කන්ද පාමුල පිහිටයි. නැත. 1918 පිහිටවූ පාසල අසල 2009 සිට කුණු දැමීම ආරම්භ විය. 

අවිහිංසාවාදියෙකු මෙන්ම අධිරාජ්‍ය විරෝධියෙකුද අධ්‍යාපනඥයෙකු වූ ආචාර්ය ඊ.ඩබ්ලිව් අධිකාරම් මහතා සිය අධ්‍යාපනය ලැබුවේ ද මීතොටමුල්ල රාහුල විදුහලෙනි. 1960 දී රජයට පවරාගත් මෙම මීතොටමුල්ල රාහුල විදුහල සිසුන් 3000ක් පමණ අධ්‍යාපනය හදාරන මිශ්‍ර පාසලක් විය. එහෙත් අද මීතොටමුලල රාහුල විදුහලේ සම්පූර්ණ සිසුන් ගණන 102කි. විදුහල්පතිනිය සමග ගුරුවරුන් 7කි. එක් පංතියක සිසුවන් 20ක් පමණ වෙති. කලකදී ළමුන් 3000ක් උගත් පාසල අද ළමුන් සියයකට සීමා වී ඇත. ආචාර්ය ඊ.ඩබ්ලිව් අධිකාරම් මහතා වැනි අධ්‍යාපනඥයන් බිහි කළ මෙම පාසලේ අද ප්‍රමාණවත් පහසුකම්ද නැත. ඉගැනීමට සුදුසු පරිසරයක්ද නැත. එම හේතූන් මත ශිෂ්‍යත්ව විභාගයවත් සමත් වන සිසුන් එහි නැති තරම්ය.


පාසලට අඩි කිහිපයක් අද්දරින් පිහිටි කසල කන්දට රැස්වන කාක්කන්, කොක්කු, බල්ලන් පාසැල් භූමියට කුණු ගෙනවිත් කෑමෙන් පසු ඉතිරිවන දෑ පාසැලට බරපතල ප්‍රශ්නයක් වී ඇත. ඇතැම් විට පංතිකාමරවල පවා කුකුල් කකුල්ය. මස් වැදලිය. කාක්කන් කුණු ගැනවිත් ගිල දමන්නේ පංතිකාමරවල පරාල වල සිට හෝ වහල සිටිය. දරුවන්ගේ ඇග මතටද කාක්කන් ගෙන යන කුණු වැටෙයි. කකුල් හතරම හා බඩෙන් භාගයක් පමණ කලු කුණු පැහැ ගැන්වී ඇති කුණු කන්දේ කුණු කන බල්ලන් පාසල පුරා දුවති. පංති කාමරවල ලගිති. ඔව්න්ගේ ශරීරයේ ඇති කුණු විෂභීජ පංතිකාවරවල රැඳෙයි. එය පාසැල් දරුවන්ගේ සෞඛ්‍යයට දැඩි ලෙස බලපානු ලබයි. මෑතකදී කොළඹ විශ්වවිද්‍යාලයෙන් කළ සමීක්ෂණයකට අනුව මීතොටමුල්ල කුණු කන්ද අසල පාසල් ළමුන්ගෙන් 60%කට ඡර්ම රෝග තිබෙන බව අනාවරණය විය. ඒ මේ කුණු කන්ද නිසාම යන්න තර්කයක් නැත.

ගව් ගානක් දුරට කුණු කන්දේ ගඳ පැතිරෙද්දී කුණූ කන්දට අඩි කිහිපයක් අද්දරින් පිහිටි මීතොටමුල්ල් රාහුල විදුහලේ තත්වයේ කෙසේ වෙත්ද? කුණු කන්දට ඈතින් ඇති නිවාසවල පවා ජනයා වෙසෙනුයේ කුණූ ගඳ දරාගත නොහැකිවය. වැසි දිනයන්වල ඉවසාගත නොහැකි දුර්ගන්දයක් හමන බවත් එවැනි දිනයන්වල පාසලේදී කෑම අනුභවයට පවා අප්‍රයතාවක් ඇතිවන බවත් එම පාසලේ සිසුවියක් පැවසුවාය. දුර්ගන්ධය මෙන්ම මැස්සන්ගෙන්ද අනේක දුකක් එම දුරුවන් විඳිති. කුණු කන්දේ වසමින් සිටි මැස්සන් පාසැල් ළමුන්ගේ ශරීයේ ලැගීමෙන් සිදුවන්නේ කුමක්ද? එවැනි තත්වයක් තුළ එම දරුවන්ට ඡර්ම රෝග පමණක් නොව වෙනත් රෝග පවා ඇති විය හැකිය.

මීතොටමුල්ල රාහුල පාසල ආරම්භ කරන විට පාසලට අයත් භූමි ප්‍රමාණය අක්කර 07ක් විය. එහෙත් අද පාසලට, වැටමායිමක් නැති එම භූමියෙන් ඉතිරිව ඇත්තේ අක්කර දෙකක් පමණ කුඩා කොටසකි. මීතොටමුල්ලේ කුණු දැමීමට අධිකරණයෙන් අවසර ලබා දුන්නේ අක්කර දෙකකට පමණි. එහෙත් අද කුණු අක්කර 18ක් පුරා ව්‍යාප්තව ඇත. එනම් කුණු කන්ද විසින් පාසල් භූමිය ආක්‍රමණය වී ඇත. ඊට වගකිව යුත්තෝ කොළඹ මහනගර සභාව හා කොලන්නාව මහනගර සභාවයි.

2012 දී හදිසියේම මීතොටමුල්ල රාහුල විදුහල පාරිසරික ගැටලු යැයි පවසමින් තාවකාලිකව වසා දැමීමට සිදුවිය. පාරිසරික ගැටලුව යැයි පවසා ඇත්තේ කලු පැහැති පණු වර්ගයක් කන්ද දෙසින් පාසල පුරා පැතිර යාමය. ඒ සම්බන්ධයෙන් ජනතා ව්‍යාපාරයේ කීර්ති මහතා පැවසුවේ මෙවන් කතාවකි. මෙහෙම කුණු කන්ද මෙතෙන පිරෙද්දි කුණු කන්ද අයිනෙම තියෙන මීතොටමුල්ල රාහුල විදුහල් භූමියේ පනුවෝ දළඹුවෝ දරුණු ලෙස බෝවෙන්න ගත්තා. ඒ හින්දා පාසල වැහුවා. 5වසර දක්වා හිටපු ළමයි කොළොන්නාව බාලිකා, විද්‍යාවර්ධන, 11 වසර දක්වා ළමුන් ටෙරන්ස් එන් සිල්වා කියන පාසැල් තුනට දැම්මා. පාසලක් වහනවා කියන්නේ හිරගෙයක් අරිනවා වගේ වගේ වැඩක්. 2012දී වසා දැමුනු පාසල නැවත මාස 05ක් පමණ ගතවීමෙන් 2013 අප්‍රේල් මාසයේදී ආරම්භ වන්නේ ප්‍රාථමික පාසලක් ලෙසයි. එතෙක් සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපන කටයුතු සිදුවුණු පාසල පණු ප්‍රශ්නයෙන් පසු ප්‍රාථමිකයක් බවට පත්විය. ගොඩනැගිලි හතරකින් යුත් රාහුල විදුහලේ එක් ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන්ම හිස්ව පවති. අනෙකුත් පාසැල්වල පංතිකාමරවල ළමුන් ගහනය 40 වැන ඉහල සංඛ්‍යාවක් පෙන්වද්දී රාහුලේ තත්වය 20කටත් අඩු බව එම පාසලේ ගුරුවරියක් පවසයි. නුදුරේම පාසල වැසෙන්නට වුවද පුලුවන. ඒ වැසුනොත් වැසෙන්නේ අවට පාසල් දරුවන් නොමැතිකම නිසා නොව කුණු ප්‍රශ්නය නිසාය.

පාසැල් ක්‍රීඩා පිටිය අසලින් ගලන ස්වභාවික ඇල කුණු කන්දෙන් කාන්දු වන අපවිත්‍ර ජලයෙන් සම්පූර්ණයෙන්ම දූෂණය වී දුගද හමන කලුම කලු ජලය ගලන කුනු කානුවක් බවට පත්ව ඇත. නාගරික ඝන අපද්‍රව්‍යවලට අමතරව වැසිකිළි වලෙන් ඉවතට ගන්නා පල්දෝරු ජලයත් මෙම ප්‍රදේශයේම ඉවතලන බැවින් ඒවාද කාන්දුවී පාසල් ගොඩනැගිලවලට මීටර් 30ක් පමණ ඈතින් ගලන ඇල දිගේ ගලා යයි. විවේක වේලාවේ ක්‍රිකට ගසන ළමුන්ගේ පන්දු එම කානුවට වැටුන පසු ඒවා ගන්නවා තියා හිතන්නෙවත් නැති බව සිසුවෙක් අප සමග පැවසුවේය.

මීතොටමුල්ල රාහුල විදුහල මුහුණ පා ඇති කසල අර්බුදය සම්බන්ධයෙන් කොලන්නාව නගර සභාවේ හිටපු උපසභාපති සුරේෂ් කොදාගොඩ මහතා මෙසේ මෙවන් අදසක් දේශයට පළ කළේය. අධීකරණයෙන් නියෝග දීලා තියෙන්නේ අක්කර දෙකක පමණක් කුණු දාන්න. දැන් අක්කර 21ක් වෙනකම් අල්ලගෙන. ඔය කුණු ගොඩට  විසඳුමක් මොන රජෙක් ආවත් විසඳුමක් දෙන් නෑ. ඒත් ලොකෙ නම් ඕනෙ තරම් විසඳුම් තියෙනවා. මෙතන සිද්ද වෙන්නෙ පළාත් සභාව මේක අපිට අයිතිය කියලා එක පැත්තකට අදිනවා. අනිත් පැත්තෙන් මෙගා පොලිස් අපිට අයිතියි කියලා අදිනවා. මීතොටමුල් අහිංසක ජනතාව පාසලවත් බේරගන්නයි අපි ඉල්ලන්නේ. කුණු ගොඩට විසඳුමක් නැත්තම් ඉස්කොලේ පැත්තෙට කුණු තල්ලු කරන එකවත් නවත්තන්න.
මීතොටමුල් රාහුල විදුහල් භූමියේ පාසැල පමණක් නොව මීතොටමුල්ල ශ්‍රී සම්බුද්ධ ශාසනාරක්ෂක දහම් පාසලද පැවැත්වෙයි. එබැවින් අපා දුක් මැද සිප් සතර කරන දරුවන්ගේ අධ්‍යාපනය නිදහසේ කරගෙන යාම සඳහා අවැසි පියවර රජයෙන් ගත යුතුයි. අද වෙද්දී මීතොටමුල්ල කුණු කන්ද ආසන්නයේ ඩෙංගු, මී උණ යන රෝග හේතුවෙන් මිය ගිය ගණන තිහකි. මේ ගැටලුවට වහාම පිළියමක් නොයොදතොත් ඉදිරියේ තවත් ජීවත කිහිපයක් අහිමි වන බව නම් නිසැකය.

සකීෆ් සාම් තන්වීරි.

පෞද්ගලික බසයේ අලුත් සීසන්....



ශ්‍රී ලංකාවේ පෞද්ගලික බස් රථ ප්‍රවාහන සේවය සම්බන්ධයෙන් කාටත් තිබෙන්නේ ඍණාත්මක ආකල්පයක් හා දැඩි විවේචනයකි. දැඩි තරඟකාරීත්වය, අධික තදබදය, මුදල් ගසාකෑම, අනතුරු අධිකවීම පෞද්ගලික බස් රථ ප්‍රවාහන සේවයේ පොදු ලක්ෂණයකි. පෞද්ගලික මෙන්ම රාජ්‍ය ප්‍රවාහන සේවයෙන්ද අපසුතාවයට පත්වීමේ හේතූන් මත පොදු ප්‍රවාහන සේවයෙන් ඉවත්වන මගියා විකල්ප ප්‍රවාහන මාධ්‍යන් කරා යොමුවීම තුළින් අධික මාර්ග තදබදය, ඛණිජ නාස්තිය, වායුදූෂණය ආදි අතුරු විපාක විඳිමට සිදුව තිබේ. එය රටේ ආර්ථිකයට, පරිසරයට, සෞඛ්‍යටද අහිතකර ලෙස බලපායි. මෙම ගැටලුවට විසඳුම් සෙවීම කාලීන අවශතාවයකි. එබැවින් පෞද්ගලික සහ ලංගම බස් සේවාවන් දෙකකම දියුණු කිරීමේ විසඳුමක් අත්‍යවශ්‍යය.
ඉහත ගැටලුවලට විසඳුමක් ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහසර ව්‍යාපෘතිය ආරම්භ කළේ පසුගිය මාසයේය. එතුළින් නව බස්රථ ධාවන ක්‍රමයක්, නව ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. මධ්‍යම පළාත් බස් රූට් පනහක බස් රථ 350ක් ආවරණය වන පරිදි අලුත් බස්රථ ධාවන ක්‍රමයක් මේ මස දෙවනදා සිට ක්‍රියාත්මකයි. මහනුවර දිගන මාර්ගය සහ මහනුවර කඩුගන්නාව මාර්ගයේ මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියත්මක කර තිබේ. එනම් දිගන හෙවත් දුම්බර බස් ලයිනයේ මාර්ග 23ක් හා කඩුගන්නාව මාර්ගයේ මාර්ග 27කි. මාස තුනක කාලයක් අත්හදා බැලීමක් වශයෙන් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය සාර්තක වේනම් පියවරෙන් පියවර ජාතික වශයෙන් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය මධ්‍ය පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරිය, ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධිත උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය, ප්‍රවාහන අමාත්‍යංශය හා මොරටුව විශ්වවිද්‍යාලය එක්ව සිදුකරයි.

සහසර ව්‍යාපෘතියේදී මගී ඉල්ලීම අනුව නිර්මාණය කරන කාලසටහනකට බස්රථ ධාවනය සිදු කරයි. නව තාක්ෂණය අනුව දවසින් දවස පැයෙන් පැය මගීන්ගේ ඉල්ලීම් හඳුනාගනිමින් එම වේලාවන්වලදී බස්රථ ප්‍රමාණය වැඩි කිරීමටත් මගීන් අවම වේලාවන්වලදී සාධාරණ ප්‍රවාහන සේවයක් සැපයීමත් මෙම ව්‍යාපෘතියේදී සිදුවෙයි. එමෙන්ම දවසක් තුළ ධාවනය වූ සියලුම බස්රථ තම තමන් උපයාගත් මුලු ආදායම බස් හිමියා වෙත ඍජුව නොගොස් එක් පොදු ගිණුමකට බැරවෙයි. අනතුරුව එම ආදායම සෑම බස්රථයක් අතරම ඔවුනනොවුන් ධාවනය වූ දුර හා වාරගණන අනුව සාධාරණ අන්දමින් බෙදා දෙනු ලැබේ. එමනිසා බස් රථ එකිනෙකා හා තරඟකර තම බසයට මගීන් නංවා ගැනීමේ අවශ්‍ය නොවේ.

මෙම ව්‍යාපෘතිය යටතේ මගීන් වෙත ඉලෙක්ට්‍රොනික් කාඩ් ක්‍රමයක් හඳුන්වා දී තිබේ. ගමන් ප්‍රවේශපත්‍රය මුදල් වෙනුවට ඉලෙක්ට්‍රෝනික කාඩ් භාවිතයෙන් මුදල් ගෙවිය හැකිය. මෙම පෙරගෙවුම් කාඩ්පත් කොමියුනිකේෂන්වලින් මිලදී ගැනීමේ හැකියාව තිබේ. මෙම ව්‍යාපෘතිය ආරම්භකර සතියක්ගත වීමට මත්තෙන් පෙරගෙවුම් සහසර කාඩ්පත් 10.000කට අධික සංඛ්‍යාවක් අලෙවිවී ඇත. මගියා ප්‍රවාහනය සඳහා ගාස්තු ගෙවීමේදී සහසර කාඩ්පත කොන්දොස්තර මහතාට ලබා දීමෙන් එම පෙරගෙවුම්පතේ වලංගු මුදලින් දුර ප්‍රමාණය අනුව අදාල වටිනාකම අඩුවේ. මගියට තම කාඩ්පත නැවත රීලෝඩ් කර භාවිත කළ හැකිය. කාඩ්පත භාවිතය නිසා ඉතිරි මුදල් ලබා නොදීම වැනි ගැටලු මග හරවා ගත හැකිය. සහසර කාඩ්පතක් නැති මගීන් මුදල් ගෙවා බස් රථයේ කොන්දොස්තර මහතා අතැති සහසර කාඩ්පතින් ගමන් ගාස්තුව ගෙවිය හැකිය. කොන්දොස්තර මහතා දිනය අවසානයේදී තමන් මගීන්ගෙන් ලද මදලින් සහසර කාඩ්පත රීලෝඩ් කරගත හැකිය.

සහසර ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇති සෑම බස්රථයකටම ඉලෙක්ට්‍රෝනික ටිකට් යන්ත්‍රයක් ජී.පී.එස් යන්ත්‍රයක් හා සී.සී.ටී. කැමරාවක්ද ලබා දී තිබේ. මධ්‍යම මෙහෙයුම් මැදිරයක් ස්තාපිත කර ඇති අතර එහි සිට ජී.පී.එස් හා සීසීටීවි. තාක්ෂණය භාවිතයෙන් බස්රථ පාලනය කිරීම හා නිරීක්ෂණ කටයුතු සිදු කරයි. මෙම මෙහෙයුම් මැදිරියෙන් මගියාගේ සෑම අවශ්‍යතාවයක්ම හදුනාගනියි. මගී අවශ්‍යතාවය පරිදි බස්රථ කාලසටහන් යාවත්කාලීන කිරීමද මෙහෙයුම් මැදිරියෙන් සිදුකරයි. මෙම මෙහෙයුම් අංශයෙන් නව ක්‍රමය දියුණු කිරීමට අදාල කටයුතුද සිදු කරයි.

සහසර නියමු ව්‍යාපෘතිය ආරම්භ කර සති දෙකක් ගත වන විට බස් රථ කොටකොටා යාම අඩුවී ගමන් වේගය වැඩිවී තිබෙනවා, පාරේ ඇති අධික තරඟකාරිත්වය අඩුවී තිබෙනවා, බස්රථවලට ගොඩවීමට කෑකෝ ගැසීම අඩුවී තිබෙනවා, මාරු කාසි ප්‍රශ්නය එන්න එන්නම අඩුවී තිබෙනවා, නවීන ක්‍රමානුකූල බස්රථ සේවයකට අවශ්‍ය යටිතල පහසුකම් නිර්මාණය වී තිබෙනවා ඇත්තටම මේක සංකීර්ණ ක්‍රියාදාමයක්. විවිධ පාර්ශවයන් ඒවා විසඳන්න දායක වෙලා තියෙනවා. නමුත් තාමත් හරියට සාර්තක කරගන්න හැකිවෙලා නෑ. ආර්ථිකමය, සමාජමය, රැකීරක්ෂ ගැටලු තියෙනවා. ඒවා ජයගනිමින් අවසාන ඉලක්කය වන්නේ සමස්ථ බස්රථ සේවාවේ ගුණාත්මකභාවය වැඩි කිරීමයි. බස්රථ සේවා ස්වරූපය වෙනස්වීම, මගීන් ආකර්ෂණය කරගැනීම වැනි ප්‍රතිසංස්කරණය අපි මෙතුළින් බලාපොරොත්තු වෙනවා. දැනට තිබෙන ආකෘතිය අවුරුදු 35කට වැඩියි. ඉතිං දැන් ගමනාගමය සේවයත් 21වන ශතවර්ෂයට ගැලපෙන ආකෘතියට දියුණු කළ යුතුයි. යනුවෙන් සහසර ව්‍යාපෘතියේ තාක්ෂණික නිර්මාණ පිළීබඳ මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය අමල් කුමාරගේ මහතා සිය අදහස් දැක්වීය.

මෙම නවක්‍රමය තුළ පදනම් කර ඇති තරගකාරීත්වය නැමැති සාධකය නිවැරදි යැයි කිව නොහැකිය. තරඟකාරීත්වය වෙනුවට මෙම නියමු ව්‍යාපෘතීයේ ගෙවීම් සිදුකරන්නේ බස්රථයක් ධාවනය කරන දුර ප්‍රමාණය අනුව මිසක බසයට නංවාගන්නා මගීන් ප්‍රමාණය අනුව නොවේ. අතීතයේ ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රවාහන සේවයේද තරඟකාරීත්වය නොමැතිකම හේතුවෙන් බස්රථය ආරම්භක ස්ථානය සිට අවසාන නැවතුම දක්වා හිස් බස්රථය මගීන් නොනග්වා ධාවනය වූ ඉතිහාසයක් තිබුණි. එවැනිම දෙයක් මෙම නව ව්‍යාපෘතියෙන්ද සිදුවිය හැකිය. එය මග හරවා ගැනීමට ජී.පී.එස් තාක්ෂණය යොදා තිබුණද එය නිරීක්ෂණය වේ දැයි ස්තීරවම කිව නොහැකිය. ජාතික ප්‍රවාහන කොමිසමේ යොදා ඇති ජී.පී.එස් යන්ත්‍ර 2000 පවා නිරීක්ෂණය සිදු නොවද්දි මෙම නව ක්‍රමයේ ජී.පී.එස් යන්ත්‍ර සාර්ථකව නිරීක්ෂණ කළ හැකිදැයි සැක සහිතය
.
මෙම ව්‍යාපෘතියේ තවත් අංගයක් වන කැමරාව තුළින් වුවද නිරීක්ෂණය කළ හැක්කේ බස්රථයට නගින හා බසින මගීන්ව මිසක මහපාරේ රස්තියාදුවීමට සිදුවන්නව නොවේ. එවගේම මම නියමු ව්‍යාපෘතිය තුළින් බස් හිමියන්ට බස්රථය ධාවනය කරන දුර ප්‍රමාණයට ගෙවීම් කරනා බැවින් මගියාගේ සනීපාරක්ෂා හෝ මගී පහසුකම් ලබා දේ යැයි සිතිය හැකිය. බසය පිරිසිදු කිරීම, ප්‍රතිසංස්කරණය කිරීම, හෝ රේඩියෝ ටී.වී වැන වෙනත් පහසුකම් ලබා දේ දැයි සැක සහිතය. තරඟකාරීත්වයේ තිබෙන මෙම ගැටලු විසඳීමට වෙනත් තාක්ෂණික උපක්‍රම භාවිත කළ හැකිය. එබැවින් තරඟකාරීත්වය ඉවත් කිරීම මගීන් වෙත කරන විශාල අසාධාරණයක්. එබැවින් තරඟකාරීත්වය නිස මතුව ඇති ගැටලු විසඳීමේදී පදනම් කර ඇති තරඟකාරීත්වය ඉවත් කිරීම වෙනුවට වෙනත් පදනමක් භාවිත කිරීම වඩාත් සුදුසුය.

මෙම අලුත් ධාවන හා ගෙවීම් ක්‍රමය තුළින් ගුණාත්මක සේවාවක් මගියාට ලබාදීම, නිසිවේලාවට බස් රථ ධාවනය කිරීම, රථයේ ධාරිතාවට සුදුසු මගීන් ප්‍රමාණයක් පමණක් නංවා ගැනීම, රියදුරු සහයක දෙපල විනීත වීම, අවධානම් සහගත ලෙස රිය ධාවනය නොකිරීම, කෙරෙහි අවධානය යොමුකිරීමට අනිවාර්ය වෙයි. එමෙන්ම ධාවන කලාපයේ බස්රථ අතර සාමුහිකත්වයද අනිවාර්ය වෙයි. කෙසේ වෙතත් ජනතාව පොදු ප්‍රවාහන සේවා වෙත යොමුවීමට නම් දියුණු පහසුකම් සහිත කලට වේලාවට ගමන් කළ හැකි විශ්වසනීය පොදු ප්‍රවාහන සේවක් අවශ්‍යය. මෙම ක්‍රියාවලිය සඳහා නගර සේවා බස්රථ සේවාවක් ආරම්භ කිරීම, දුම්රිය සේවය පුලුල් කිරීමද වැදගත් වෙයි.

සකීෆ් සාම් තන්වීරි.


ලයිට් බිල් නගී!!!!



ඉදිරි කාලය තුළ විදුලි බිල ඉහළ යනු ඇතැයි ආරංචි පහළ වෙමින් තිබේ. මේ වසරේ මුල්කාර්තුවේ ලංකා විදුල බල මණ්ඩලය ලැබූ පාඩුව පියවීම සඳහා විදුලිබිල වැඩි කිරීමට ල.වි.බ.ම. සූදානම් වන බව වෘතීය සංගම් චොදනා කරයි. එනම් විදුලබල මණ්ඩලය පාඩු ලැබීම නැතිනම් බංකලෝත් වීම වළක්වාගැනීමට විදුලිබිල ඉහළ දැමිය යුතුය. නමුත් එය කවරාකාරයේ විදුලිබිල ඉහළ දැමීමක් දැයි තවමත් පැහැදිළි නැත. නමුත් සියයට 10කටත් වඩා අඩු ප්‍රමාණයකින් විදුලිබිල ඉහළ යනු ඇතැයි සිතිය හැකිය. එසේත් නැතිනම් මෙම විදුලිබිල වැඩිවීම සියලු මට්ටම්වල විදුලි පාරිභෝගිකයන් හට බලපාන එකක් නොවිය හැකිය. එසේ වන්නේ නම් අඩු ඒකක ගණනක් පරිභෝජනය කරන සාමාන්‍ය ජනතාව මේ විදුලිබිල වැඩිවීමේමේදී ඉල්කකය බවට පත්වෙයි. එම පාරිභෝගිකයන් අතර ප්‍රධාන වශයෙන් මූලික අවශතා වෙනුවෙන් සීමිත විදුලි ප්‍රමාණයක් පරිභෝජනය කරන්නන්ය. එම පිරිස මෙරට විදුලි පරිභෝජනය කරන්නන් අතුරින් 90%කට ආසන්නය.

මේ වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා විදුලිබල මණ්ඩලය මිලියන 5000ක් පමණ පාඩුවක් ලබා ඇත. එලෙස මණ්ඩලය පාඩු ලැබූවේ මණ්ඩලය තුළ සිදුවූ දූෂණ හා වංචා නිසා බව ලංකා විදුලි සේවක සංගමයේ සභාපති රංජන් ජයලාල් මහතා පවසයි. නමුත් එසේ ලැබූ පාඩුව ජනතාව මත මුදාහැරීමට විදුලිබලමණ්ඩලය සැරසෙන බවද ඒ මහතා චෝදනා කරයි. 2015වසරේ මුල්කාර්තුවේ විදුලිබල මණ්ඩලය මිලියන 1800ක ලාභයක් ලැබුණද එහි ප්‍රතිලාභ ජනතාවට ලබා නොදුන් විදුලිබල මණ්ඩලය පාඩු ලබන අවස්ථාවේ ජනතාවට පැටවීමට උත්සහ කරන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
විදුලි ගාස්තු ඉහළ නැංවීම අප රටේ සෑම ආණ්ඩුවක් විසින්ම අනුගමනය කරන ලද සම්ප්‍රදායකි. 2002 වසරේ වාර්තාගත ලෙස සිදුවූ විදුලි ගාස්තු ඉහළ නැංවීම, ගාස්තු ඉහළ නැංවීමක් නොව ගැලපීමක් පමණක් බව එවකට විෂයභාර ඇමතිවරයාව සිටි කරු ජයසූරිය මහතා පවසා සිටියේය. එදා පවා විදුලි ගාස්තුව ඉහළ නැංවීමට හේතුව ලෙස දක්වා තිබුණ් විදුලිබල මණ්ඩලයේ අධීක වියදමයි. ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ කාලය තුළදීද අවස්ථා කිහිපයකම විදුලිබිල වැඩිකරන ලදී. ඒ සෑම අවස්ථාවකම විදුලිබල මණ්ඩලය පාඩු ලැබීම ප්‍රධාන හේතුව විය. මණ්ඩලය බංකලෝත්වීමෙන් මිදීමට භාවිත කළ උපක්‍රමය විදුලිබිල වැඩි කර ජනතාවට පාඩුව මුදා හැරීමයි.

ඉකුත් සමයේ පැවැති දැඩි වියළි කාලගුණය සමඟ විදුලි නිෂ්පාදනය කිරීමට අධික පිරිවැයක් දැරීමට සිදුවූ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි. නමුත් එහි බර ජනතාව මත පැටවෙන ආකාරයේ විදුලිබිල ඉහළ නැගීමට කිසිඳු සූදානමක් නැති බව හා එවැනි වැඩිකිරීමක් සම්බන්ධ තීරණයක් ගෙන නැතැයිද පවසයි.

අපේ රටේ විදුලි අවශ්‍යතාව සපයා ගැනීම සඳහා ජල විදුලිය ප්‍රමාණවත් නො වේ. මේ නිසා තාප බලාගාරවලින් විදුලිය ලබා ගැනීමට විදුලිබල මණ්‌ඩලයට සිදු වේ. මේවා පෞද්ගලික අංශයේ මෙන්ම රජයේ බලාගාර ද වේ. තාප බලාගාරවලින් විදුලිය ඒකකයක්‌ නිපදවීම සඳහා යන වියදම විදුලි පාරිභෝගිකයන්ට විදුලිය සැපයෙන සාමාන්‍ය මිලට වඩා අධික ය. අවසානයේ දී සිදු වන්නේ විදුලිබල මණ්‌ඩලයට පාඩු සිදු වීම ය. ජල විදුලිය මඟින් විදුලිබල නිෂ්පාදනයට සැපයෙන දායකත්වය අඩු වන කාලවකවානුවල දී මේ පාඩුව ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යයි. මේ වසරේ බොහෝ විදුලි බලාගාරවලට ලැබී ඇත්තේ අඩු වර්ෂාපතනයකි. එබැවින් විශාල පාඩුවක් දැරීමට සිදුව තිබේ.

අපට පෙනෙන පරිදි විදුලි ජනනය සඳහා ඉන්ධන යොදා ගැනීමේදී මෙතෙක් කල් ලබා දුන් සහනය තවදුරටත් ලබදීම රජයේ ආයතන ප්‍රතික්ෂේප කරන බවකි. ඔවුන් බලා සිටිනුයේ විදුලි ගාස්තුව ඉහළ නංවා පාරිභෝගිකයන්ගෙන් එය අය කරගැනීම පිළිබඳවය. ඒ අනුව ලාභදායී විදුලි ජනනය අඩු කාල වකවානුවලදී විදුලි පරිභෝජනය අඩු කිරීමට විකල්ප මාර්ග සෙවීම යෝග්‍ය යැයි අපි සිතමු.
විදුලිබල මණ්ඩලයට ආර්ථික පාඩු සිදුකරන්නේ ජාතික පද්ධතියට 35%-40%ක් අතර තාප විදුලිය සපයා ඒ සඳහා සමස්ථ ආදායමෙන් 70%-80% ලබා ගන්නා පෞද්ගලික තාප විදුලිබලාගාරයි. ඒ සඳහා වගකිව යුත්තේ පසුගිය කාලවකවානුව තුළ අඩුවියදම් විදුලි බලාගාර ඉදිකිරීමට කටයුතු නොකොට පුද්ගලික අංශයෙන් අධික මුදලට තාප විදුලිය ලබා ගැනීමට කටයුතු කළ පාලනයන්ය. එහි ප්‍රතිපලයක් ලෙස වර්ථමාන මණ්ඩලයට පමණක් නොව මහජනතාවට අතුරුවිපාක විඳීමට සිදුව ඇත.


සකීෆ් සාම් තන්වීරි.

පුංචි ඡන්දය ලොකුම ප්‍රශ්නයයි








ශ්‍රී ලංකාවේ පහලම මට්ටමේ දේශපාලන ආයතනය පළාත් පාලන ආයතන වේ. ඈත අතීතයේ සිටම ප්‍රදේශීය පරිපාලනය ගම් සභා, රටසභා, සුලුනගර සභා ආදි විවිධ නම්වලින් සිදුවුවද වර්තමානයේ ශ්‍රී ලංකාවේ සියළුම ගොඩබිම් ප්‍රදේශ කිසියම් පළාත් පාලන ආයතනයකට අයත්ය. 1988 දී එතෙක් පැවැති දිස්ත්‍රික්ක සංවර්ධන සභා ක්‍රමය අහෝසිකර නගර සභා ක්‍රමයක් බිහිවිය. 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනයට අනුව ප්‍රාදේශීය සභා පළාත් සභා යටතට පත්වන අතර මධ්‍යම ආණ්ඩුවේ ඍජු බලයටද යටත් කර තිබේ. මේවන විට මෙරට ක්‍රියත්මක පළාත් පාලන ආයතන වර්ග තුනකි. එනම් මහනගර සභා (23), නගර සභා (41) හා ප්‍රාදේශීය සභා (271) වේ. වසර පහක ධූර කාලයක් සඳහා මහජන නියෝජිතයන් තෝරා පත්කර ගැනීම සඳහා කලින් කල පළාත් පාලන මැතිවරණ පවත්වනු ලැබේ.
2015 මාර්තු 15වන දින පළාත් පාලන ආයතන 234ක නිල කාලය අවසන්වූ අතර යළි මැතිවරණයක් පවත්වන තුරු ඒව විශේෂ කොමසාරිස් හා නිළධාරී පාලනයකට යටත් කර තිබේ. අද වන විට සියලුම පළාත් පාලන ආයතනයන්හි දූර කාලය අවසන්වී සෑම ආයතනයක්ම විසුරුවා ඇත. එහෙත් මැතිවරණයකට යාම සඳහා බාධාවක් වී ඇත්තේ නව මැතිවරණ ක්‍රමයක් අනුව ඡන්දය පැවැත්වීම සඳහා සීමා නිර්ණය කටයුතු අවසන් නොකිරීම නිසාවෙනි. එනමුදු අවස්තා කිහිපයකම කඩිනමින් මැතිවරණය පවත්වන බව විෂයභාර ඇමැතිවරයා පොරොන්දු විය. පොරොන්දුවූ පරිදි මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් සිවිල් සංවිධාන අධිකරණමය ක්‍රයාමාර්ග ගැනීමටද කටයුතු කළේය. මෙලෙස පළාත්පාලන ආයතන මැතිවරණය හෙවත් පුංචි ඡන්දය දිගින් දිගටම කල්යාම සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශව කිහිපයගෙන් දේශය අදහස් විමසීමක් සිදු කළේය.

පළාත් හා පළාත් පාලන ආයතන විෂය භාර අමාත්‍ය - ෆයිසර් මුස්තෆා.
කලින් සීමා නීර්ණ වාර්තාව තනි පුද්ගල වුවමාණවට කළ දෙයක්. නමත් අපේ රජයේ අරමුණ රටට සුභවාදී කොට්ඨාස බෙදීම. සීමා නීර්ණය අවසන් කිරීමට නැවත නැවත කාලය පරක්කු කරන්න සිද්ධ වුණේ කලින් වාර්තාවේ තිබ්බ අඩුපාඩු හන්දයි. කමිටුවට වුවමණා කළා ගමින් ගම යන්න, මිනිස්සු එක්ක කතා කරන්න, සෑම පක්ෂයකම අදහස් ගන්න. ඉතිං මට සදාචාරාත්මක වගකීමක් තිබ්බා ඒ සඳහා අවකාශය දෙන්න. මගේ වගකීම මේ වාර්තාව ඉක්මණින් හදලා මැතවරණ කොමිසමට ඉදිරිපත් කරන්න. නමුත් ප්‍රායෝගික ගැටලු ගණනාවක්ම තියෙනවා ඒ කාර්යය ඉක්මණින් අවසන් කරගැනීමට. මෙතැන්දී මැතිවරණය පරක්කු වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා වරදකරුවෙක් කරන්න බෑ. කලින් ආණ්ඩුවල ඇමතිවරුවන් වගේ සීතල කාමරවල ඉඳලා මම වැඩ කරන්නේ නෑ. මම පක්ෂ සමඟ කතා කළා. මිනිස්සු සමඟ කතා කළා. අපිත් බලන්නේ පුලුවන් ඉක්මණින් මැතිවරණයකට යන්න.
පළාත් පාලන පනතට මැතිවරණ කොමිසම නිර්දේශ කළ සංශෝදන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න වැඩිකාලයක් ගත වෙන එකක් නෑ. ඒක ඉක්මණින් කරගන්න පුලුවන්. මේ වෙනකොට ඒ සඳහා පත්කළ සීමා නීර්ණ කමිටුවේ වැඩකටයුතු බහුතරයක් ඉවරයි. ඔක්තෝම්බර් 30 දක්වා කාලය දීලා තියෙනවා අවසන් වාර්තාව ලබා දෙන්න. මම ලබන මාර්තු මාසෙට කලින් මැතිවරණය තියන්න පුලුවන් කියලා ප්‍රකාශයක් කළා. දැනුත් කියනවා සීමා නීර්ණ කර්තව්‍ය අවසන් වූ වහාම මැතිවරණයකට යනවා. මාර්තු මාසෙට කලින් පුලුවන් ඒකත් කරන්න අපි සූදානම්. සීමා නීර්ණ කමිටුවට උපදෙස් දීලා තියෙන්නේ වැඩකටයතු කඩිනම් කරන්න කියලයි. මෙච්චර පරක්කු වෙන්නේ සීමා නිර්ණය කටයුතුවල සියලු දෙනාට සාධාරණය ඉටු කළ යුතුයි කියන පරමාර්තය හේතුවයි. ඒමසක අපි පරාද වෙයි කියලා බයකට නෙවෙයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව පරාජය කරන්න පුලුවන් වුණ අපට පළාත් පාලන මැතිවරණය ලොකු දෙයක් නෙවෙයි. ඉතිං අපි මොකටද බය වෙන්නේ. අනික කවුරු කොහොම කිව්වත් යෝජිත මැතිවරණ ක්‍රමය වෙනස් කරලා පැරණ ක්‍රමයට අපි යන්නෙ නැහැ. අනික ඊලඟ පළාත් පාලන ආයතනවල 2000ක කාන්තා සභික සංඛ්‍යාවක් පත්කරනවා.


සීමා නීර්ණ කමිටු සභාපති - අශෝක පීරිස්.
සීමා නිර්ණයේදී කොටස් තුනක් තියෙනවා. මූලිකව තියෙන්නේ කොට්ඨාශ ගැලපීම හා කොට්ඨාශ සංශෝදන යෝජන හැදීම. අනතුරුව එම කොට්ඨාශ සඳහා මිනින්දෝරු දෙපාර්තුමේන්තුව මගින් සිතියම් ඇඳීම සහ මායිම් ලකුණු කිරීම. අවසාන පියවරේදී මේ සියල්ල ඉංග්‍රීසි හා දමිළ භාෂාවන්ට පරිවර්තනය කිරීම. මේ වනතුරු සීමා නිර්ණය කමිටුව විසින් නීර්ණ කටයුතු අවසන් කළ සෑම කොට්ඨාශයක්ම මිනින්දෝරු දෙපාර්තුමේන්තුවට ලබා දී තිබෙනවා. ඔවුන් ඒවායේ මායිම් සිතියම් කළ පසු පරිවර්තනයට අපි යොමු කරනවා. මේ කාර්යයන් තුනම සමාන්තරව එකම වෙලාවේ සිදුවෙනවා. තව ඉතිරිවෙලා තියෙනවා අවසන් පරීක්ෂා කිරීම. නැවත වරක් කොට්ඨාස හා මායිම් නිවැරදිව ලකුණු වී තිබෙනවද කියලා සොයා බැලීම ඉතිරිවෙලා තියෙනවා. පහුගිය ගැසට් පත්‍රයෙන් එක් ග්‍රාමසේවා වසමක් අඩුයි. එවැනි අඩුපාඩු ඇති නොවෙන්න සීමා නිර්ණය කටයුතු සියල්ලම අවසන් වූ පසු නැවත පරීක්ෂණයක් සිදුකළ යුතු වෙනවා. අනතුරුව අපි අවසන් වාර්තාව විෂයභාර ඇමතිවරයාට ලබා දෙනවා. ඔක්තොම්බර් මස පහළොස්වෙනිදා අපිට එම අවසන් වාර්තාව ලබා දෙන්න පුලුවන්. සීමා නිර්ණය කටයුතු සියයට අනූවක්ම දැනට ඉවරයි. තිව සීමිත කොටසක් විතරයි ඉතිරිවෙලා තියෙන්නේ.

පෙෆරල් සංවිධානයේ සභාපති - රෝහණ හෙට්ටිආරච්චි.
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ග අපි සෑහෙන කාලයක් නිරීක්ෂණය කළා. නමුත් මැතිවරණය කඩිනමින් පවත්වන්න ආණ්ඩුව සාධාරණ උත්සහයක් ගන්නා බවක් පෙනෙන්න නැහැ. සීමා නීර්ණ ගැටලු තිබෙන බව හැබෑවක්. ඒක නිවරදි කළ යුතුයි. ඒත් ඒ කාර්යය ආණ්ඩුව ඉක්මණින් ඉවර කරන්න උත්සහ කළේ නැහැ. මේ පිළිබඳව අපි ඇමැතිවරයා දැන්වුවා. මැතිවරණ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කළා. මේ සියල්ලම අසාර්තක වුණ හන්දා අපි අධිකරණයට ගියා. හෙට (19) දෙවන නඩුව තියෙනවා. අපි කරුණු තුනක් ඉල්ලා තියෙනවා. මුලින් සීමා නිර්ණය අවසන් කොට්ඨාස ගැසට් පත්‍රයකින් ප්‍රකාශ කළ යුතුයි. දෙවනුව මේ සියලු පළාත් පාලන ආයතනවල සීමා නිර්ණය අවසන් කරන දිනය අධිකරණය දන්වන්න. ජනාධිපතිවරයා, අගමැතිවරයා හා ඇමැතිවරයා අවස්තා කිහිපයක දින කිහිපයක් කිව්වා. ඇමැතිවරයා කියන දිනයන්වල වලංගුභාවය පවා නැතිවෙලා තියෙනවා. ඒ නිසා අධිකරණයට දිනය කීවොත් නිත්‍යානුකූල බැඳීමක් ඇතිවෙනවා කියන දිනයට අවසන් කරන්න. තුන්වනුව මැතිවරණය පවත්වන දිනය නොවුණත් පවත්වන කාලවකවාණුව අධිකාරණයට ඉදිරිපත් කළ යුතුයි.
තවත් ඉල්ලීමක් ලෙස අපි ඉදිරිපත් කළා සීමා නීර්ණ කටයුතු සිදුකරන අතරතුරුම පනතේ ගැටලු සංශෝදනය කරන්න කියලා. නැතිනම් සීමා නිර්ණය අවසන් වූ පසු පනතේ සංශෝදනය කරන්න තවත් කාලයක් ගත කරන්න අමාත්‍යංශය කටයුතු කරන්න පුලුවන්. මැතිවරණ කොමිසම සංශෝදනය නිර්දේශ කළේ 2013 වුණත් අද වනතුරු අවසාන විසඳුමකට එළඹ නැහැ. මේ කාර්යන් සම්බන්ධව අනුකමිටුවක් පත්කර තිබෙනවා. එය පැසසිය යුතු කටයුත්තක්. හැබැයි සීමා නිර්ණය අවසන් වනවාත් සමඟ පනතත් සංශෝදනය කළ යුතුයි. පසුගිය කාලයේ දේශපාලන වුවමණා මත සිදු කළ වරද භාවිත කර මේ ආණ්ඩුවත් නැවත එම වරදම කරනවා නම් බරපතල ගැටලුවක්. පෙෆරල් සංවිධානයේ ස්තාවරය වන්නේ පාලකයාට වුවමණා පරිදි මැතිවරණ දිනය වෙනස් කළ නොහැකි වන සේ ව්‍යවස්ථාවෙන්ම මැතිවරණ කැලන්ඩරයක් රටට අවශ්‍යයි.

දෙහිවල ගල්කිස්ස හිටපු නගරසභා සභාපති - ධනසිරි අමරතුංග
පළාත් පාලන ආයතනය තමයි ජනතාවට ලගින්ම ඉන්න ආයතනය. ජනතාවගේ එදිනෙදා කටයුතුවලට සම්බන්ධ වෙන්නෙත් පළාත්පාලන ආයතන. ඉස්සර පළාත්පාල ආයතන ඡන්දයක් කලින් සභාපතිවරයා නැත්තම් නගරාධිපතිවරයා ඉන්දෙද්දි තමයි පවත්වන්නේ. ඡන්දය දිනුවට පස්සේ ඔහුට කටයුතු භාර දීලා ඉවත්වයාම තමයි සම්ප්‍රදාය. ව්‍යවස්ථාවේ මෙන්ම නගරාසභා ආඥා පනතවල තියෙන්නෙත් පළාත්පාලන ආයතනයක් විසුරුවිය යුත්තේ ඡන්දය තැබීමෙන් පස්සේ කියලයි. නමුත් මෙවර පළාත් පාලන ආයතනය විසුරවලා මාස ගණනාවක් වෙනවා. තාම මැතිවරණයවත් තියලා නෑ. මේක ජනතාවගේ පැත්තෙන් ලොකු අසාධාරණයක්. මොකද මිනිස්සුන්ගේ ප්‍රශ්න අහන්න, මිනිස්සු එක්ක සම්බන්ධ වෙන්න කෙනෙක් නැහැ. දැන් පළාත් පාලන ආයතනවල ඉන්නේ 8-5 රාජකාරී කරන පිරිසක්. මහජන නියෝජිතයෙක් කියන්නේ තමන් නියෝජනය කරන පළාතට වගකියන පුද්ගලයා. ඉතිං මහජනයා ඔහු හරහා තමයි තමන්ගේ ගැටලු වසඳගන්නේ තමන්ගේ කාර්යයන් කරව ගන්නේ. නමුත් අද නිළධාරීන්ගේ ඒ දේවල් කරගන්න බෑ.
දැන් ආයතන මන්දගාමී වෙලා. මහජන නියෝජිතයෙක් සිටිද්දී ඔහුගේ බලතල සමඟ සෑම දෙයක්ම කාර්යක්ෂම කිරීමේ හැකියාව තියෙනවා. ඒකයි දෙගොල්ල අතර වෙනස. දැන් පළාත්පාලන ආයතන හා නගර සභා අතරමං වෙලා. දැන් නගර සභාවල සහ ප්‍රාදේශීය සභාවල කුණු ඇදීම සම්බන්ධ ගැටලු මතුවෙලා තියෙනවා. සැලසුම් ක්‍රියා ප්‍රමාදයි. කොමසාරිස්වරයෙකුට දේශාපලඥයෙකුට තියෙන දේශපාලන පෞර්ෂයක් නොමැතිකම නිසා හැම දෙයක්ම ඇනහිටිලයි තියෙන්නේ. මේ වගේ ප්‍රශ්න ගොඩ ගැහිලා. මේ කිසිම දෙයක් දේශපාලන අධිකාරියේ නායකයෙක් ඉන්දේදි සිද්ධ වෙන්නේ නෑ. ඉතිං දැන් හැකි ඉක්මණින් පළාත් පාලන මැතිවරණය තියන්න ඕනේ කියලයි අපි ඉල්ලන්නේ.

නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් - මොහොමඩ් මහතා.
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් නීතියක් තියෙනවා. ඒ නීතිය අනුව සමානුපාතික සහ කේවල් ක්‍රමය මිශ්‍රවූ ක්‍රමයකට මැතිවරණය පැවැත්විය යුතුයි. ඉතිං කේවල් ක්‍රමයට මැතිවරණ තියන්න නම් කොට්ඨාශ නිර්මාණය කළ යුතුයි. ඒ සඳහා සීමා නීර්ණ කොමිසමක් පත්කරලා තියෙනවා. ඔවුන් සීමා නිර්ණය අවසන් කළ පසු නැවත සමාලෝචනය කිරීමට තවත් කමිටුවක් පත්කළ යුතු බවටත් නීතිය තිබෙනවා. ඒ දේවල් වෙනමම සිද්ධ වෙමින් පවතිනවා. ඒ කිසිම දෙයක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට බලතල නැහැ. පළාත් පාලන මැතවරණ පනතේ සම්බන්ධයෙන් සංශෝදන කරන්නත් අපි නිර්දේශ කළා. ඒ වැඩකටයුතුත් පළාත්පාලන අමාත්‍යංශය හරහා සිදු වෙමින් පවතිනවා. ඉතිං නීතිය අනුව සීමා නීර්ණ වැඩ අවසන් වූ පසු පළාත් පාලන ආයතන විෂය භාර ඇමතිවරයා කොට්ඨාශ ගැසට් කළ යතු වෙනවා. ඉන්පසු අපිට මැතිවරණයක් තියන්න පුලුවන්. නීතියෙන් අපිට තියෙන බලය ඕකයි. ඉතිං පළාත් පාලන ඇමැතවරයාගේ කාර්යයන් අවසන් වූ පසු අපි අපේ රාජකාරිය ආරම්භ කරනවා. පළාත් පාලන අමාත්‍යංශයේ කටයුතු අවසන් වීමෙන් දින අනූවක් ඇතුළත මැතිවරණය පැවැත්වීමේ හැකියාව මැතිවරණ කොමිසමට තියෙනවා.
සකීෆ් සාම් තන්වීරි.


ලයිසන් දෙන්න එපා....




ඉන්දීය ධීවරයන් උතුරු මුහුඳේ මසුන් මැරීමට බලපත් නිකුත් කරන්නැයි ඉදිරපත්වූ යෝජනාවට දැඩි විරෝධතාවක් උතුරු ධීවර සමිතිවලින් එල්ල විය. කිසිම හේතුවක් මත ඉන්දීය ධීවරයන් බලපත් නිකුත් කිරීමට හෝ, සතියකට දින කිහිපයක් හෝ පැය කිහිපයක්වත් උතුරු මුහුඳේ මසුන් මැරීමට අවසර දිය නොහැකි යැයි පොදු ධීවර සමිතියේ සභාපති ආලම් මහතා දේශයට පැවසීය. මෙම යෝජනාව කාලයක් තිස්ස පවතින ඉන්දීය ධීවරයන් හා උතුරු ධීවරයන් අතර පවතින ගැටලුවට රාජතාන්ත්‍රික විසඳුමක් ලෙස රජයෝ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිළධාරියෙ ඇතුලු කණ්ඩායමක් විසින් ඉදිරිපත් කළේය.
එම යෝජනාව සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් කරුණාසේනන හෙට්ටි ආරච්චි මහතාගෙන් පැවසුවේ “ඉන්දීය ධීවරයන් මුහුඳු සීමාවට ඇතුල්වීම ප්‍රශ්නයක්. ඒකට විසඳුමක් විදිහට සීමිත ඉන්දීය ධීවරයන් පිරිසකට උතුරු මුහුඳේ ධීවර කටයුතු කිරීමට යෝජනාවක් ගෙනෙල්ල තියෙනවා. ඒක යෝජනාවක් විතරයි. තවත් යෝජනා තියෙනවා. මේ යෝජනාව සම්මත වෙලත් නෑ. මේ ගැන ඉදිරියේදී සාකච්ඡාවක් තියෙනවා. සාකච්ඡාවෙන් පස්සෙ තමයි ක්‍රියාත්මක කරනවද කියලා තීරණය කරන්නෙ. ඒක තීරණය කරන්නේ දෙරටේ ධීවරයෝ.”
යුද්දයට පෙර ජාතික මත්ස්‍ය නිෂ්පාදනයට 40%ක දායකත්වයක් ලබා දුන්නේ උතුරු ධීවරයන්ය. නමුත් උතුරු ධීවර ප්‍රජාවට දැඩි තර්ජනයක් ගෙන දෙමින් ඉන්දීය ධීවරයෝ මෙරට මුහුඳු සීමාව ආක්‍රමණය කරමින් මසුන් මැරීම ආරම්භ කළේ යුද සමයේදීය. යුද සමයේ ධීවර කටයුතු සිදුකිරීමට උතුරු ධීවරයාට අවස්ථාව හිමි නොවුණ අතර ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් දකුණු ඉන්දීය ධීවරයෝ මෙරට තීරයට ඇතුලුවී මසුන් මැරීමට පුරුදුවී සිටියහ. යුද්ධය අවසන් වුවද ඉන්දීය ධීවරයන් අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුඳු තීරයට ඇතුලුවීම නොනැවතුණි.
ඉන්දීය ධීවර ගැටලුවේ මෑතක ඇතිවූවක් නොවේ. 1975 වසර දී ඉන්දීය රජය කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පවරා දීමෙන් ඇරඹෙන මෙම ගැටලුව තීව්‍ර වූයේ යුද්ධයෙන් පසුවයි. යුද්ධයෙන් පසු උතුරු ධීවරයන් තම සාම්ප්‍රදායික ධීවර වෘතිය ආරම්භ කිරීමට සූදානම් වුවද උතුරු මුහුඳු ආධිපත්‍ය ඉන්දීය ධීවරයන් සතු විය. ඒම තත්ත්වය මැඩලීමට ශ්‍රී ලංකා රජය මෙරට මුහුඳු තීරයට ඇතුලුවී මසුන් මරණ ඉන්දීය ධීවරයන් අත්අඅඩංගුවට ගැනීමට කටයුතු කළේය. යුද්ධයෙන් පසු කාලයේ අත්අඩංගුවට පත්වූ ඉන්දීය ධීවරයන් සංඛ්‍යාව 1500ය ඉක්මවයි.එහෙත් එම අත් අඩංගුවට ගැනීම්වලට එරෙහිව ඉන්දීය ධීවරයන් මෙන්ම දකුණු ඉන්දීය දේශපාලඥයන්ගේද දැඩි බලපෑම් එල්ල විය. මෙම තත්වය ඉන්දීයාව හා ලංකාව අතර රාජතාන්ත්‍රික සම්බන්ධතාවලට බාධා වන හෙයින් අත්අඩංගුවට ගත් ධීවරයන් ඉක්මණින් නිදහස් කිරීමට ලක් රජය කටයුතු කළේය. නමුත් උතුරු මුහුඳුට ඉන්දීය ධීවරයන්ගේ ප්‍රවේශයට විසඳුමක් ලබා දීමට නොහැකිවිය.
උතුරු ධීවර ගැටලුව සම්බන්ධව අදහස් දැක්වූ යාපනය විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය සුසෙයි ආනන්දන් මහතා. “මේ වාතාවරණය යටතේ ඔවුනුත් 500ක් විතර ජීවිතක්‍ෂයට පත්වෙලා තියෙනවා. උතුරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 24ක අධි ආරක්‍ෂිත කලාප පවතිනවා. ඒවායේ ධීවර කටයුතුවල යෙදෙන්න බැහැ. පලාලි, කන්කසන්තුරේ වගේ ධීවර වරායන් තුළ ධීවර කටයුතු කරන්න බැහැ. හමුදාව ඉන්න තැන්වල හැම වරායක්ම තියෙන්නේ හමුදාව යටතේයි. ඒවාට ධීවරයන්ට යන්න අවසර දීලා නැහැ. සමහර තැන්වල (වඩමාරච්චි) ගැඹුරු මුහුදට යන්න අවස්ථාවක් නැහැ. අපේ මේ ධීවරයන්ට ධීවර කටයුතු සඳහා අවශ්‍ය පුහුණුව, සිග්නල් ගැන අවබෝධය නැහැ. ඉන්දියාවත් ලංකාවත් අතර ජාත්‍යන්තර නීතියක් තියෙනවා. අපේ මත්ස්‍ය සම්පත ඔවුන් පැමිණ රැගෙන යනවානම්, තහනම් කළ ධීවර ආම්පන්න යොදා ගන්නවා නම්, ධීවරයින්ගේ ආම්පන්න විනාශ කරනවා නම් මේවා බරපතළ වැරදි වශයෙන් තමයි හඳුන්වන්නේ. ඒ අනුව මේක සාමාන්‍ය ප්‍රශ්නයක් නෙවෙයි, කඩිනමින් විසඳිය යුතු ජාතික ප්‍රශ්නයක්.”

ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුඳු තීරයට අැතුළුවීම පමණක් නොව තහනම් පන්න ක්‍රම භාවිත කිරීමද උතුරු ධීවරයන්ට මෙන්ම සාගරික සම්පත් සඳහාද විශාල තර්ජනයක් වී ඇත. ඇතැම් අවස්ථාවල ඉන්දීය ධීවරයන්ගෙන් ලංකීය ධීවරයන් පහර කෑම්වලට ලක්වීමද සිදුවී ඇත. ඉන්දීය ධීවරයන්ගේ ට්‍රෝලර හේතුවෙන් ලාංකීය ධීවරයන්ගේ දැල් හා අනෙකුත් ආම්පන්න විනාශයට පත්වෙයි. ලාංකීය ධීවර කුඩා බෝට්ටු හා සාම්ප්‍රදායික පන්න ක්‍රම භාවිත කරද්දී ඉන්දීය ධීවරයෝ ට්‍රෝලර්, විශාල යාත්‍රා, ද්විත්ව දැල්, විශාල දැල් ඇතුලු නව තාක්ෂණය භාවිත කරයි. තහනම් පන්න භාවිත නිසා මුහුඳු සම්පත් විශාල වශයෙන් හානියට පත්වෙයි. එමෙන්ම මුහුඳු කූඩැල්ලන් වැනි තහනම් මාලු වර්ගද ඉන්දීය ධීවරයෝ අප මුහුඳෙන් මරණ බවට ද චෝදනා එල්ල වෙයි. එතුළින් ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන්ම මෙන්ම පාරිසරිකවද විශාල පාඩුවක් සිදුවෙයි. ඉන්දීය බහුදින යාත්‍රා හේතුවෙන් උතුරේ ධීවරයන්ට ප්‍රමාණවත් අස්වැන්නක් ද නොලැබෙයි.
දකුණු ඉන්දීය දේශපාලඥයෝ සිය දේශපාලනික වුවමණාව වෙනුවෙන් උතුරු මුහුඳු ධීවර ගැටලුව ද අඛණ්ඩව භාවිත කළහ. එම හේතුවෙන්ම සාර්තක විසඳුමකට යෑමට අපහසු වූවා යැයි පැවසිය හැකිය. විශේෂයෙන් ජයලලිතා අවස්ථා කිහිපයකම මේ ගැටලුව සම්බන්ධයෙන් ඍජු මැදිහත්වීම් කර තිබේ. එමගින් සිදුවූයේ ගැටලුව තවත් සංකීර්ණ වීමයි.
උතුරු ධීවර ගැටලුවට විසඳුමක් වශයෙන් යෝජනා වූ බලපත්‍ර ක්‍රමය සම්බන්ධයෙන් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් විමසූ කළ පැවසුවේ, “කිසිම හේතුවක් මත ඉන්දීය ධීවරයන් අපේ මුහුඳු සීමාව තුළ මසුන් මරන්න ඉඩ තියන්නේ නෑ. බලපත්‍ර යෝජනාවට අපේ රජය සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඉන්දීය ධීවරයෝ මෙරට මුහුඳු සීමාවට ඇතුලු වෙතොත් අත්අඩංගුවට ගැනීම් දිගටම සිදු කරනවා. මේ වෙනකම් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර ආම්පන්න නැවත දීමක් සිදුකරන්නෙත් නෑ. ඒ සියල්ල රාජසන්තකයි. අපි මේ සම්බන්ධයෙන් ඉදිරියේ ස්තීර විසඳුමක් ගන්න ඉන්ධීය ධීවර කටයුතු විෂය භාර කෘෂිකර්ම අමාත්‍ය රාධාර මෝහන් සිං මහතා සමඟ සාකච්ච කිරීමට සැලසුම් කරලා තියෙනවා.”
උතුරු හා දකුණු ඉන්දීය ගැටලුව සම්බන්ධයෙන් අවස්ථා කිහිපයක ඉන්දීය ධීවර සමිති සමඟ මෙන්ම දේශපාලඥයන් සමඟද සාකච්ඡා පැවැත්වුවද සාර්ථක විසඳුමකට එළඹීමට තවමත් නොහැකි විය. හිටපු ජනාධිපතිවරයා මෙන්ම වත්මන් ජනාධිපතිවරයාද ඉන්දීය අගමැතිවරු හමුවී ධීවර අර්බුධය විසඳීමට උත්සහ කළද එම උත්සහයන් ව්‍යර්ථ විය. මාස කිහිපයකට පෙර ධීවර ඇමති මහින්ද අමරවීර මහතා ඉන්දීය ධීවර කටයුතු භාර කෘෂිකර්ම ඇමතිවරයා සමඟත් මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට උත්සහ කළත් එම සාකච්ඡාව සිදුනොවීයය. කසේ වෙතත් ඉදිරි කාලය තුළ ඉන්දීය ධීවර සමිති හා ලාංකීය ධීවර සමිති අතර හමුවක් පැවැත්වීමට නියමිතය. මේ මසදී ඉන්දීය කෘෂිකර්ම ඇමතිවරයා හමුවී ධීර ඇමිති මහින්ද අමරවීර මහතා සාකච්ඡා කිරීමට නියමිතයි.

සකීෆ් සාම් තන්වීරි